Dec 5, 2011

මේ පැත්තෙන් බස් යන්නේ නෑ බං

ක දවසක් අපේ සෙට් එක ගියා අපෙ එකෙකුගේ සීයා නැති උනා කියලා ඒ මළගෙදර. එහෙ යන්න බස් තියෙන්නෙ වෙලාවට, ඒ කියන්නේ එක බස් එකක් උදේ 9 තිබුණනම් ආයෙ බස් එක තියෙන්නෙ උදේ 10. ආන්න ඒ වගේ තමා බස් තියෙන්නේ. යන්න ඔනේ දඹුල්ල පාරේ ගිහිල්ලා ආයෙ ඇතුලට හැරිලා.

දැන් ඉතින් ඔන්න අපි සෙට් එක බස් එකකට නැගලා යනවා. ආත භූත නෑ යන පාර නම් මෙලෝ යකෙකුට මතක තියා ගන්න බෑ. ඒතරමට එහෙට මෙහෙට හැරි හැරී යන්න ඔනේ. කොහොමින් කොහොම හරි ඔන්න මළ ගෙදරටම ගියා.

කවුරුත් දන්නවනේ අපිට කොහෙ ගියත් හරි සිහියෙන් ඉන්නෙ ටික වෙලාවයි කියන්න. මෙහෙ ගිහිනුත් එහෙම්ම කරන්න ඔනෙ වෙලා ඔන්න බඩු වගයක් හොයා ගත්තා. අනේ හැබැයි සැර ජාති නම් නෙමෙ. සිංහයගේ රූපෙ ගහලා තියෙන ටින් 10ක් විතර තමා තිබ්බේ.

අපි තුන් දෙනෙක් අර දහයටම වග කිව්වා. ඊට පස්සෙ දෙයියෝ දුන්නා වගෙ එකෙක් ලඟ තිබ්බා රොකට් එකක්. පත්තු කළා එකෙන්ම. එකේන් අපි තුන්දෙනා අභ්‍යාවකාශගත වෙලා ඔන්න දැන් එනවා. මාර සීන් එක කියන්නේ හිනාව නවත්තා ගන්න බෑ.

ඔය අතරේ තමා ගමේ එකා කිව්වෙ මචන් මෙහෙට වෙන පාරකිනුත් එන්න තියෙනව කියලා. එතකොටම මට මීටර් උනා අපි ආපු පාරේ යන්නෙ නැතුව මූ කියපු අනිත් පාරේ යන්න ඔනෙ කියලා.

දැන් මම අහන්න පටන් ගත්තා අනිත් පාර ගැන ප්‍රශ්ණ.
(ගමේ එකා සුහයා ඈ)

මම - මචන්..

සුභයා - ඈ ?

මම - මේ, අර අනිත් පාරෙන් යන්න ඔනේ

සුභයා - හා... යමු...

මම - දැන් අපි ආප් පාරෙන් යන්න බස් තියෙන්නෙ ආයෙ හවස 4 නෙ. දැන් 2යි.

සුභයා - ඉතිං ?

මම - අර පාරෙන් යන්න ඔනෙ ඒකෙන් ගිහින් ටවුන් එකට යන්න පුලුවන් නේද

සුභයා - ආ මං දන්නෑ බං. මං මේ කොහෙද ඉන්නේ
(හෙණ ගහපං කිව්වලු, යකෝ මං දන්නෙත් නෑ)

මම - මට හරියටම මීටර් නෑ බං. ඒ උනාට අනිත් පාරෙන්ම යන්න ඔනේ බං

සුභයා - හරි හරි බං කෙහෙන් හරි යමු. මාත් එනවා උබලා එක්ක යන්න

මම - එහෙනම් මෙතන ඉමුද බස් එක එනකං...

සුභයා - ආ එහෙනං උඹලා හිටහං, මම පටස්ගාලා ගිහිං බෑග් එක අරගෙන එන්නම්..

මම - ආ.. එල ඉක්මණට වරෙං, බස් එක ආවොත් එහෙම

සුභයා ගියා බෑග් එක අරගෙන එන්න. විනාඩි 10න් ඌ ආවා. කොහොම හරි අපි සෙට් එක පැයක් විතර පාරේ හිටගෙන ඉන්නවා ආපු පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් යන්න. ඔය අතරේ අපි ආපු පැත්තෙ පැත්තෙන් ටවුන් එකට යන අන්තිම බස් එකත් ගියා. අපිට ගානක් නෑ අනිත් පැත්තෙ බස් එකෙ එනවනෙ කියලා පාර අයිනෙ පාවී පාවී හිටියා.

මම - ඒ සුභේ ? කෝ බං බස් එක තවත් නෑනේ බං....

සුභයා - මේ පැත්තෙන් බස් යන්නෑ බං. අර බස් එකෙ විතරයි යන්න පුලුවන්....

හතිලව්වට ගහපු කලාබරේ කිව්වලු. යකෝ මේකා දැන්නේ කියන්නේ අපි යන්න හිටපු පාරේ බස් යන්නේ නෑලු. නෙද්දකින් මේකා. අපි දෙන්නම එක ඉත්තෙ බඩු. ඌත් හඳේ මාත් හඳේ.. ඌට ඒ පාරේ බස් යනවා කියලා කියන්න අමතක වෙලා. ඌ වෙන කල්පනාවක ඉන්න අතරේ මට හරි මේ පාරෙන් යමං කියලා......

දැන් මොකො කරන්නේ පාරේ යන බයික් කටු දෙකක එල්ලිලා ආවා බස් යන පාරක් ලඟට. ඇවිත් තමා යාන්තං ගෙදර ආවෙ....

කොහොමද රොකට් එකේ බලේ. ගමේ ඉන්න එකාට ඌ ඉන්නේ කොහෙද කියලා මතක නෑ. බස් යන්නෙ මොන පාරෙන්ද යන්නෙ නැත්තෙ මොන පාරෙන්ද කියලා මතකත් නෑ........

ප.ලි - රොකට් එකට ජය වේවා !!

ප.ප.ලි - මෙතුවක් කාලෙකට රොකට් වල නොගිය අය රොකට් වල යෑමට උත්සාහ දැරීමෙන් වලකින්න......

Oct 23, 2011

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ


ශ්‍රී ලංකාව අවුරුදු 30 පුරාවට තිබුණු යුද්ධය නිදහස් කරලා අපේ රටේ අහින්සක මිනිස්සුන්ගේ ජීවිත ලොකු අවදානමකින් නිදහස් කරගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කර ගත්තා... ඒක තමා ලෝක බලවතා කියලා තමා විසින්ම කියා ගන්නා ඇමරිකාවට සහ ඇමරිකානු පාලකයන්ට තමන්ගේ පශ්චාත් ප්‍රදේශය බදු දීලා තියෙන එක්සත් ජාතින්ගේ මණ්ඩලෙයේ මහ ලේකම්ට අනුව මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් වෙන්නේ...

මුවම්මර් ගඩාෆි, සදාම් හුසේන් වගේ ලෝක නායකයින් මරා දමමින්, ඇෆ්ගනිස්තානය වගේ රටවල සිවිල් මිනිස්සුන්ට ගුවන් ප්‍රහාර එල්ල කරමින් අමු අමුවෙ මරා දාන එක මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් නෙමෙ.

ලෝකයෙ ඛණිජ තෙල් ආධිපත්‍ය අරගන්න ඇමරිකාවට තමන්ට ඔනෑ විදියට ඔනෑ දෙයක් කරන්න හැකියාව තියෙනවා. අපිට මිනිවරුවන්ගෙන් බේරෙන්න පොඩි දෙයක් කලත් ඒ ඈයොන්ට හරිම අමාරුයි....

මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ අපේ රටේ මිනිස්සු නෙමෙ පර සුද්දො, ඇමරිකන්කාරයෝ....මේවා මෙහෙම බ්ලොග් එකක ලිව්වා කියලා අපිට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒත් මෙහෙම මේ දේ ලිව්වෙ හිතේ අමාරුවට..

මෙව්වට තමා කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා.........

මේ කරන අපරාධ වලට මුන්ට ගහන්නේ වැහි නැති හෙණ...

ඒත් මෙව්වට අපිට කරන්න දෙයක් නෑ.... බලාගෙන ඉමු ඉස්සරහට මොකද වෙන්න කියලා....

Oct 9, 2011

අනේ අපොයි



අනෙ අපොයි මගෙ බ්ලොග් එකට උණ දෙයක් කිව්වලු...කියන්න තිබුණ හැම මඟුලම එක දිගට කියාගෙන කියාගෙන ගියා..දැන් කියන්න කිසිම දෙයක් නෑ. අනෙ වෙරි වෙන්ඩ සොරි වෙන්ඩ ඔනෑ....... මං ආයෙ ලඟදිම පට්ට ස්ටෝරි දෙක තුනක් පෝස්ට් කරන්නං ඈ.. එතකන් මට සමාව භාජනය කරන්ඩ ඈ.....

Aug 30, 2011

ඒ මං අරන් දුන්න මිදි බං..........

ටික දවසකින් මොනවත් ලියන්නත් බැරි උණා. ඒක නිසා මොකක් හරි කුරුටු ගාලා යන්න ඔනේ කියලා හිතුණා..... :D

අද මම කියන්න යන්නෙ පොඩි කථාවක්, ඒක උනේ අපේ පන්තියෙ එකෙකුට.....හැබැයි මොනවා උනත් හෙණ නෝණ්ඩි සීන් එක.......

මම කියන්න යන මිනිහට අපි "ඉසුරු" කියමුකො.....

ඔය ඉසුරු කියන චරිතේ ඉන්නේ අපේ ක්ලාසේ එකේ.... මිනිහා අපේ ක්ලාස් එකේ ඉන්න කෙල්ලෙක්ට හෙනම ලයින්, ලයින් නෙමෙ මූ ඒකිට ලව්...... කෙල්ල හෙන චාටර් ඩයල් එකක්... කොටින්ම කිව්වොත් ඒකි බඩ්ඩක්... හරිය............

අනේ ඉතිං අර ඔටුවා (ඔටුවා කිවෙ ඉසුරුට ඈ..) මේකිගෙන් යාලු වෙන්න අහලා මේකි බෑ කිව්වාම අම්භානක අඩපු බොහෝම ලාමක. ඔක්කොම අපේ ක්ලාස් එකට නෝන්ඩි කරගෙන චාටර් උන චරිතයක්..අපි දවසක් දැදුරු ඔයේ සෙට් උන දවසෙත් උගේ නපුසක කම පෙන්නලා දීලා කොල්ලෙක් වගෙ හිටපන් කියලා, දෙන්න පුළුවන් උපදේස එහෙමත් ඔක්කෝම දුන්නා..... මූත් "ඕව් බං මට තේරෙනවා ඒකි හෙන බඩුවක් බං, මම ඒකිට රැවටුනා...ඕකිට හොදක් වෙන්නෙ නෑ" වගේ අනං මනං කථා ගොඩාක් කියලා අපිත් එක්ක හෙනටම ටෝක්ස්  දුන්නා (සමහරවිට බීලා හින්ඳද දන්නෑ :P)......

කොහොම හරි ඔය සිද්ධිය වෙලා සතියක් 2ක් 3ක් ගතවුණා... මූ අරකිගේ මූණවත් බලන්නෑ....අපි හිතිවෙ "ආ හරි මිනිහා දැන්නම් හැදිලා" කියලා....

ඔය අතරේ දවසක්............

අර කෙල්ල ක්ලාස් ආවෙ නෑ, අපේ ඉසුරවා ක්ලාස් එකේ ඉන්නව... එදා උදේ වරුවෙ මොකුත් ඉගැන්නුවෙත් නෑ....ඔය අතරේ අපේ එකෙක් එදා ටිකක් පරක්කු වෙලා ආවා...... මූ හෙන මිදි ගොඩාක් ගෙනල්ලා මුළු පන්තියටම බෙදුවා, ඉසුරුවටත් ගෙඩියක් දෙකක් දුන්නා......

ඉසුරුවා බැලුවා මිදි ගෙඩි ටික දිහා..... අර මිදි දුන්න එකාගෙන් ඇහුවා

ඉසුරු - ඒ උඹට කොහෙන්ද බං මේ මිදි ?

මිදි දුන්න එකා - මට මයුරි (කෙල්ලගෙ නම) බං දුන්නේ.....

ඉසුරු - අඩෝ......... ඒ මං අද උදේ ඒකිට කන්න අරං දුන්න මිදි බං.......

හිකිස් :D :D....අරූට අරකී දීලා අපි මේ කන්නේ අපේ ඉසුරුවා මයුරිට කන්න අරං දුන්න මිදී..... අනෙ අනිච්චං.....අරූ සල්ලි වියදම් කරලා අරකිට අරං දුන්න මිදි ටික අන්තිමට කෑවෙ අපි...හික්ස්........

තව ඉසුරුවා ඒකිට අරං දුන්න කීයක් නම් දේවල් මේකි ඔහොම විසික් කරන්න ඇද්ද ? ..... අරූ විහිං බයිට් වෙනවා......හික්ම තමා... :D

ප.ලි - වෙලාවට මිදි ටික පන්තියෙ එකෙකුටම දුන්නේ........ නැත්තං විසික් කරනවනේ. ඒතකොට කාටවත් නෑ...... ඒක නම් වෙලාව නේ... :D

Aug 27, 2011

ඇතුගල්පුරවරය නොහොත් කුරුණෑගල෴


ද මම කියන්න කල්පනා කලේ මම ජීවත් වෙන නගරය ගැන පොඩි පොඩි විස්තර ටිකක්..........අවුලක් නෑනේ :D.............

මම ජීවත් වෙන්නේ කුරුණෑගල...... කුරුණෑගල කියන්නේ වයඹ පළාතේ අගනගරය. වයඹ පළාතේ අනිත් නගරය වෙන්නේ පුත්තලම......ඔය නගර දෙක අතර 90KM විතර දුර පරතරයක් තියෙනවා.......

කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවෙ ප්‍රධානම ගමන් සංධිස්ථානයක්.... ඒ A10 හා A6 මහා මාර්ග දෙකක් එකිනෙකට මාරු වෙන සිථානයක් වීම නිසා......කුරුණෑගල නගරයේ සිට ප්‍රධාන නගරයක් ගමනාන්තය වන මාර්ග පිහිටා තිනෙබවා (ඒ කියන්නේ එක බස් එකේ ගමන).........

ඒ නගර වෙන්නේ......
  • කොළඹ
  • මහනුවර
  • දඹුල්ල, ත්‍රිකුණාමලය
  • මීගමුව
  • පුත්තලම
  • අනුරාධපුර
කුරුණෑගල නගරයේ වැදගත්කම ගැන කථා කළොත්........

කුරුණගල නගරය ගොඩාක් ප්‍රසිද්ධ ඇතුගල නිසා....... ඇතුගල කිව්වොත් රටේ කොහෙ කෙනෙක් උනත් දන්න තරමට ඒක ප්‍රසිද්ධයි....... කුරුණෑගල තමා ශ්‍රී ලංකාවෙ ලොකුම පොල් නිශ්පාදකයා වෙන්නේ...... පොල් ත්‍රිකෝණයට අයත් වන හලාවත, කොළඹ, කුරුණෑගල නගර තුනෙන් වැඩියෙන්ම පොල් නිශ්පාදනය සිද්ධ වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ.......

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතීතය ඉතාමත් ඈතට දිවයන්නක්. පඩුවස්නුවර, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල යන අතීත ශ්‍රි ලංකාවෙ ප්‍රධානතම රාජධානි පිහිටීම මගින් පැහැදිලි වනවා......

කුරුණෑගල ක්‍රීඩා සම්බන්ධව......

කුරුණෑගල නගරයේ ඇති ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන්නේ වෙලගෙදර ක්‍රීඩාංගනයයි.......
ඊට අමතරව අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පිට පිට තුන් වතාවක් ජයග්‍රහණය කල කණ්ඩායම වන්ණේද කුරුණෑගල ප්‍රමුඛ Wayamba Wolves කණ්ඩායමයි.........

අධ්‍යාපනය.....

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම අධ්‍යාපන ආයතනය වන්නේ වයඹ විශ්වවිද්‍යාලයයි......

Aug 26, 2011

යොවුන් ආදරය හා යොවුන් කන්තා මානසිකත්වය


මාතෘකාව දැක්ක ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අද කියන්න යන්නෙ මනෝ විද්‍යාව ගැන කියලා........ඇත්තටම මම නම් මනෝ විද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නෑ......ඒ කියන්නේ මම කියන්න යන්නේ මනෝ විද්‍යාව ගැන නෙමේයි.

ඒත් මම කියන්න යන දේ සමහරක් විට මනෝ විද්‍යාවට පොඩි හරි සම්බන්ධකමක් දකවනවා වෙන්නත් පුළුවන්.........ඒ කියන්නේ මාතෘකාවට අදාල කෙල්ලොන්ගේ මානසිකත්වය....

ඇත්තටම මම අද කියන්න බලාපොරොත්තු වෙන්නේ යොවුන් වයසේ යෞවන යෞවනියන් අතර ඇති වන අඳරය ගැන මට හිතෙන දේ.......... ගෑණූ ළමයෙකුට ඇත්තටම ආදරය කරන පිරිමි ළමයින්ගේ ජීවිතය සෙල්ලමකට ගන්න කුප්ප කියා හදුන්වන්න පුලුවන් කෙල්ලො ගැන.....ඒ කෙල්ලො නිසා විනාශ වන කොල්ලන්ගෙ ජීවිත ගැන.......

සාමන්‍යයෙන් වයස අවුරුදු 16දී විතර හරි ඊට කළින් හරි කොල්ලෙක් කොහෙන් හරි කෙල්ලෙක්ව දැකලා ඒ කොල්ලට ඒ කෙල්ල ගැන ආදරය හිතේ ඇති වෙනවා...... ඊට පස්සෙ ඒ කොල්ලා ඒ කෙල්ල ගැන හොයන්න පෙළබෙනවා.....සෑහෙන කට්ටක් කාලා කොහොම හරි කෙල්ල ගැන විස්තරයක් කොල්ලා හොයා ගන්නවා......ඔය අත්දැකීමට බහුතරයක් පිරිම ලමයි මුහුණ දෙනවා....

දැන් විස්තර එහෙම ඔක්කොම හොයා ගත්තට පස්සෙ තියෙන ලොකුම ප්‍රශ්ණේ කෙල්ලෙගෙන් අහන එක...... ඒ කාලෙට අපේ හිත්වල තියෙන ගැස්ම ගැන කියන්න ඔනේ නෑ නේ........

ඔය විදියට හෙනම කට්ටක් කාලා කොල්ලා කෙල්ලගෙන් කැමැත්ත අකමැත්ත අහනවා........ ඒ උණාට කෙල්ලො දන්නේ නෑ කොල්ලො ඔය විදියට සෑහෙන කැටු කන්නේ ඇයි කියලා..... ඒ වෙන මොකටවත් නෙමෙ කොල්ලා බොක්කෙන්ම ඒ කෙල්ලට ආදරය කරන නිසා...........

ඔක්කොටොම නෙමෙ බහුතරයක් කෙල්ලෙන්ට ඕක හෙනම හෙන ෆන් එකක්, ජෝක් එකක්...... කොල්ලෙක් පස්සෙන් ඇවිල්ලා ඒ කෙල්ලගෙන් අහනවා කියන එක උන්ට හෙන ආතල් එකක්.....ඒක නිසා හිතට එකඟව හරි එකඟ නැතුව හරි කෙල්ල කොල්ලට කැමත්ත ප්‍රකාශ කරනවා......

ඒ කෙල්ල ඒවෙලේ ඒ කොල්ලට කැමැත්ත දෙන්නෙ හිතට එකඟවද...... නෑ........ ඒ කෙල්ල ඒ වෙලේ හිතනවද මම මේ සෙල්ලම් කරන්න හදන්නෙ තවත් මම වගේම මනුස්ස ජීවිතයක් එක්ක කියලා...... නෑ....උන් එහෙම හිතන්නෙ නෑ..... උන්ට ඔනේ කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක් ගන්න.......

සමහරවිට ඒක ඒ කොල්ලො කෙල්ලෙකුගෙන් ආදරය ඉල්ලපු පළවෙනිවතාව වෙන්න පුලුවන්.... ඒත් කෙල්ලගෙ එහෙමද........ ඒ කෙල්ල ඒ වෙනකොට කොල්ලෙක්ට හා කියපු 10වෙනි වතාව වෙන්න බැරි නෑ..............

ඊට පස්සෙ කරන්නෙ අර අහිංසක අසරන කොල්ලව "බයිට්" කරන එක.....

ඔන්න ඕකයි අද සමාජයේ බහුලව දකින්න ලැබෙන තත්වය...... ගොඩාක් කොල්ලො අසරණ වෙලා තියෙන්නෙ ඔය කියන කුපාඩි ගති පැවතුම් තියෙන ගස්තර කෙල්ලො නිසා.......

ඔය විදියට මනුස්ස ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ අවජාතක කෙල්ලො මිසක් හොද දෙමාපියන්ට දාව උපන් හොද හැදිච්ච ගෑණූ ලමයි නෙමෙ........

මම මේක ලියන්න හිතුවෙ මාත් ඔය අත්දැකීමට මුහුණ දුන් කෙනෙක් නිසා..... එහෙම උණාම හිතට දැනෙන අසරනකම දන්න නිසා......

ඔහොම කරන කෙල්ලොන්ට ජාති ජාතිත් හරි යන්නේ නෑ....... මැරෙන්න තප්පරේකට හරි කළින් හෙන ගහනවා........

ප.ලි - ඉහත සදහන් කර ඇත්තෙ අද සමාජයේ 95% කෙල්ලො ගැන පමණී. 5% හොද අයද නැතුවා නොවේ...........

Aug 25, 2011

අපේ රටේ දේශපාලනය නොහොත් ඒකාධිපති පවුල් වාදය.....

හප්පා.......සෑහෙන කාලෙකින් මොනවත්ම ලියන්න බැරිඋනානේ :/....... අද මම ලියන්න යන්නෙ ටිකක් විතර ට්‍රැක් එකෙන් පිට සබ්ජෙක්ට් එකක් ගැන. ඒ ගැන නොකියම බැරි නිසා ලියන්න ඔනේ කියලා හිතුණා......

අද මම ලියන්න යන්නෙ ටිකක් විතර...... නෑ නෑ ගොඩක් විතර අපේ රටේ දේශපාලණයට සම්බන්ධව.........

ඉස්සෙරලාම කියන්න ඔනේ දෙයක් තියෙනවා, මම කිසිම පක්ශයකය සහයෝගයට නෙමෙ මේවගෙ එකක් ලියන්නේ. මම මේක ලියන්නෙ රටට ආදරය කරන ස්වාධීනව මතයක ඉන්න දේශපාලන අසාධාරණයන්ට ලක්වුන සාමාන්‍ය මනුස්සයෙක් විදියට කියන එක.........

ඇත්තටම දැන් අපේ රටේ දේශපාලනයක් තියෙනවද ?

ඔය ප්‍රශ්ණේට හරිම උත්තෙරේ නෑ කියන එක. මොකද අද අපේ රටේ තියෙන්නෙ දේශපාලනයක් නෙමෙ, අඩු තරමේ ඒ වගේ එකක්වත් නෙමෙ. අද තනිකරම තියෙන්නේ පවුල්වාදයක්, ඒකාධිපතිවාදයක්.......... අනිවාර්යයෙන්ම එහෙම කිව්වම මළ පනින කොටසක් ඉන්නවා.....එක මම හොඳාකාරවම දන්නවා (කඩේට.... නෑ නෑ සුපර් මාකට් එකට යන අයට මල පනිවී) . ඒත් ඇත්ත එකයි...........

ඒත් කියන්න ඔනේ දෙයක් තියෙනවා..... ඇත්තටම වර්ථමාන ජනාධිපතිතුමා හොඳයි. එතුමා L.T.T.E ය විනාශ කරන්න මූලික වෙලා කටයුතු කළා....ඇත්තටම ඒක එතුමව අඳහන්න ඔනෙ කාර්යයක්....... එත් ඒක එකම එක තුරුම්පුව කරගෙන ඒ පුද්ගලයාගෙ ඇතිවුණ වෙනස් වීම, ඇතිකර ගත්ත දේශපාලන කුහකත්වය කොහොමටවත් පිලිගන්න පුළුවන් එකක් නෙමෙ........

මුලින් කිව්ව විදියට ජනාධිපතිතුමා නායකත්වයෙන් L.T.T.E ය විනාශ කරන්න මූලික වෙලා යුධ පිටියට බැහැලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා සටන් කලේ ත්‍රිවිධ හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුඳාපතිවරු........ විශේෂයෙන්ම යුධ හමුධාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා.......... ඇත්තටම එතුමා අනිත් දේශපාලකයින්ගෙ ලණුව ගිලලා දේශපාලනයට ඇවිත් තමන්ගේම හමුදාවට බොරු චෝදනා කරලා කලේ ලොකු වැරැද්දක් තමා ඒත්.....................
කේ.පීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට සාපේක්ශව සරත් ෆොන්සේකා මහත්තයා කලේ වැරැද්දක්ද ???????

එතුමා ඒ කල වැරැද්දට මේ දෙන අමානුශික දඩුවම් වලට සාපෙක්ශප කේ.පීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට දෙන්න ඔනේ මොන වගේ දඩුවම්ද ???

ඒත් අපේ ජනාධිපතිතුමා ඒ අයට සුර සැප දෙනවා... ඒ ඇයි ????

ඒ අය කලේ වැරැද්දක් නෙමේද ???

අරන්තාලාමේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, කුඩා ළමුන් අමු අමුවේ ඝාතනය කිරීම සරත් ෆොන්සේකා මහත්තයා කල වැරද්දට සාපේක්ශප ඉතා සුළු වැරදිද ?????

මේ තියෙන්නේ ඒ මිනිමරු කොටින්ට අපේ ආණ්ඩුවෙන් දෙන තෑගී....

මේවා හරිම සාධාරන දේවල් නේද ???????............

ඒ කොටින්ට හා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට සලකණ හැටි......

ලඟට පවුල්වාදය......

ජනාධිපති රාජපක්ෂ, කථානායක රාජපක්ෂ, ආරක්ශක ලේකම් රාජපක්ෂ, කැබිනට් ඇමතිවරු පවා සර් කියා ආමන්ත්‍රණය කරන මන්ත්‍රී රාජපක්ෂ...... මේ ඔක්කොම පවුල්වාදයේ මූලික අඩිතාලම නෙමේද ????

ජනාධිපති පුතා ජාතික සම්පතක්වන සිංහරාජය දෙකට කරන්න යන එක කරන්න ලැබුණේ කාගෙ හයියකටද ?

තමන්ගේ තාත්තා ජනාධිපති කියලා පුතාලාට තමන්ට ඔනේ විදියට රටේ සම්පත් විනාශ කරන්න හැකියාව ලැබුණේ කවදා ඉදලද ? මේවා පවුල්වාදය නෙමේද ??

ඒ බොහොම පොඩි දේවල් ටිකක්......

ලඟට රටේ සංවර්ධනය............

අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මාතලේ, මහනුවර, නුවරඑලිය....etc. කියන්නෙත් අපේ රටේම නගර දිස්ත්‍රික්ක, ඒවට ලැබුනේ මොනවගේ සංවර්ධන ව්‍යාපෘතිද ? ඒ එක්ක බලනකොට හම්බන්තොටට ලැබුණේ මොන වගේ සංවර්ධන ව්‍යාපෘතිද ? ....... 

සියල්ලම ලැබුණේ හම්බන්තොටට නෙමේද ?

හැම කෙනාව තමන්ගෙ ගමට මූලිකත්වය දෙන එක සාධාරණයි, නමුත් ගමට කරන ගමන් රටේ අනෙකුත් පලාත් වලටත් කරන එක නේද යුතුකම. මේ ශ්‍රී ලංකාවෙ දිස්ත්‍රික්ක 25ක් තියෙන වග වර්තමාන ආණ්ඩුවට අමතක වෙලා. ඒ අයට අනුව අපේ රටේ තියෙන්නෙ හම්බන්තොට කියලා එකම එක දිස්ත්‍රික්කයක් විතරයි........

ටිකක් හිතලා බලන්න මේ ඔක්කොම ඒකාධිපති/පවුල් වාදය නෙමේද ?..........

අපේ රටේ අනාගතය කොයිබටඳ ?

ඒකාධිපතිවාදයට විරෝධී අය ඉන්නවනම් මෙතන click කරන්න....

ප.ලි :- මෙය මාගෙ පෞද්ගලිකමතය බව කරුණාවෙන් සලකන්න.......



Aug 24, 2011

ගොඩාක් තැන්ක්ස් වේවා!!!



මම මේ blog කෙරුවාව පටන් ගත්තේ බොහොම ආසාවෙන්. ඒක නිසා මම එක දිගට ලිව්වා, මට මේ වෙනකන් උන හැම දියක් ගැනම ලිව්වා, මේ වෙනකන් කෙලපු හැම පිස්සුවක් ගැනම ලිව්වා......

ඒ හැම post එකකටම වාගේ සෑහෙන්න හොද ප්‍රතිචාර තිබුණා.

ඒවගේම කියන්න ඔනෙ දෙයක් තමා ඊයෙ මගෙ blog එකේ followersලා 50 පැන්නා....... ඒ වගෙම hits 2600ත් පැන්නා........

ඒ ඔක්කෝමලාටම ගොඩාරියක් තෑන්ක්ස් වේවා !!!!!!!

තව ඉස්සරහට හොඳ හොඳ කථා ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.......

මීට මම......

Aug 19, 2011

තවත් එක් බීමක්....


කලින් ක‍තා දෙකේම මම කිව්වෙ කිං හන්තර්ර් බලන්න ගිහින් උන හුටස්පරනේ... නැද්ද... මොනා උනත් මේ අපේ උන එක්ක ඉන්නකොට කියන්න තරම් වෙන සිද්ධි නම් අනන්තයි අප්‍රමාණයි......

අදත් කියන්න යන්නෙ උන් එක්කම කරපු තවත් එක්තාරා විදියක අමන (අමන නෑ හරී) ක්‍රියාවක් ගැන විස්තරයක්.....මොනවා උනත් නියම ෆන් එක. කලින් කථාවක මම කිව්වනේ අපේ සෙට් එකත් එක්ක ගිය ගමන් ගැන කථාවක්, මේකත් අපි ගිය ගමනක් ගැන කථාවක් ඈ....ඇත්තටම කිව්වොත් අනිතමට ගිය ගමනට කලින් ගමන ඈ......

ඔයාලට මතක ඇතිනේ අපේ සුභයා..............ආන්න හරි අර ෆිල්ම එක අනිත් පැත්තට ඉදගෙන බැලුවෙ, ආන්න ඌ තමා මේ ගමන සෙට් කලේ........... මගෙ අර කලින් අපෙ සෙට් එකත් එක්ක ගිය ගමන් කථාව කියවපු අර දන්නවා ඇතිනෙ අපේ කස්ටියට අඩුම ගානේ මාසෙකට එක සැරයක්වත් සෙට් වෙන්න ඔනෙ කියලා.....ඔහොම ඉන්න කොට තමා සුභයා යෝජනාව ගෙනවෙ යමු "දැදුරු ඔයට" කියලා.....(අපෙ සුභයා ඉන්නෙ දැදුරු ඔයට ටිකාක් එහා)....

මුලින්ම යෝජනාව දාලා තිබුණේ සුභයගෙ යාළුවෙකුගෙ ගෙදර ගිහින් සෙට් වෙලා නා ගන්න ඔයට එමුය කියලා. ඒත් ඒ ගෙදර කොල්ලගෙ අම්මා එදා ගෙදර කියලා එහෙ යන්න උණේ නෑ....... කොහොම හරී තීරනය කලා ඔයටම ගිහින් සෙට් වෙන්න.....

හ්ම්ම්ම්.....මට අපි ගියපු දවසනම් හරියටම මීටර් නෑ කොහොම හරි නිවාඩු දවසක වෙන්න ඔනේ ගියේ. මුලින්ම යන්න හිටිටියේ අපේ තඩ්ඩායි (අර ජොයින්ට් ගුණේ ඈ), සුභයයි, මායි, රසිකයි විතරයි. පස්සෙ කොහොම හරි ඉසුරුවයි, රාජයි, දිය ලබ්බයි, පොඩි මාමයි ආවා කන බොන උන් විදියට. කන ඒත් නොබොන උන් විදියට අපේ අසංකයයි, නිශාන්ත අයියයි, ලොකු මාමයි, කසුනයිත් ආවා....... කොහොම හරි දැන් ඔකොම 12ක් නැත්තං 13ක් ඉන්නවා......

෴මේ බණ්ඩාරවෙලින් ගත්ත එකක් ඈ෴
කට්ටිය උදේම ආවා බස් ස්ටෑන්ඩ් එකට (කෝල පාට පඩිපෙල කියපුවාම මුළු කුරුණෑගලම දන්නවා.....හික්...අන්න එතෙන්ට තමා අපිත් සෙට් උනේ...). කොහොම හරි අපෙ අසංකයා එන්න පරක්කු නිසා, මායි තඩ්ඩයි සුභයයි ගිහින් අවශ්‍ය කරන කලමණා කාරිය අරගෙන ආවා (Black Opel 2 1/2, වඩේ 50 මුරුක්කු පැකට් 2යි, ප්ලාස්ටික් කෝප්පා ටිකයි).... ඒ එනකොට අරුත් ඇවිත් නිසා 10ට නැත්නං 10.30 අපි ඕං යනවා ඈ.......

ඔය ලඟින් බැහැලා ගියා ටිකක් ඇතුලට වෙන්න, මොක්ද නැත්තං අපිව පේන්වා, නැතත් සුභයට අවුල්නේ ගමේ මොකෙක් හරි දැක්කොතින්...ඒක නිසා සෑහෙන්න ඈතට ගියා.....

ඊට පස්සේ ඕං නමෝ විත්තියෙන් වැඩ ආරම්භකලා....."වෙරි වෙත්වා" කියලා පළ්වෙනි ශොට් එක නමා ගත්තා.... අපේ තඩ්ඩා සිප්‍රයිට් එක කඩපුවාම එන පෙන ටික බෝතලේට දැම්මා....අඩේ තිත්ත ගතිය අඩු වෙලා ගියා ඕයි.. ඒක නිසා අප්පිරියාවක් නැතිව කෝප්පෙන් එකක් එකපාරම නමා ගත්තා......

ඔය අයිනේ හින්දද කොහෙද අම්භානක හුළඟ.....ටිං ගානකොට වදිනවා......අප්පා......සැප කණේ...... මට ශොට් 4 දානකොට නස්පෙට වැදිලා.....

හොදම ෆන් එක දුන්නෙ අපේ දිය ලබ්බා....ඌ හෙන උසයි අඩි 6 වැඩිද මන්දා...... ඌ හෙන පොඩි ශෝටක්  ගහගෙන ඉදගන්න බැරිව එහෙට මෙහෙට වැනෙනවා පොල් ගහක් වගේ, බලාගෙන ඉන්නකොට හිනා යනවා........හික් හික් :D...... මම කලින් කිව්වනේ බෝතල් 2 1/2ක් ගත්තා කියලා, ආයි බොරු කියන්න මොකටද භාගේ බෝතලේ කඩනවවත් මම දන්නෑ ඈ :D :D........(කබරය ටිකකුත් ගියා ඈ)........

දැන් කට්ටියන්ටම උපරිමයි.....සැප කණේන් බේරෙනවා පේනව....... අන්තිමට දැන් නෑම.....මාර සීන් එක එකෙකුටවත් ඔයට බැහැ ගන්න බෑ.....දෙයියෝ බලලා වගේ අර නොබොන උන් ටික එක්කං ආවෙ. මායි දිය  ලබ්බයි අපේ ලොකු මාමත් එක්ක ඔයට බහින්ඩ යනවා.......අරූ නිකං යන්නේ කැලෑ එලිපෙහෙලි කරගෙන.... :D... ඒ අස්සෙ පොඩි මාමා ලොකු මාමාට බයිනවා " අඩෝ උබ මුන් දෙන්නව පරිස්සමට එක්කං පලයං නැත්තං තොට හු**වා කියලා :D)......

කොහොමින් කොහොම හරි ඔක්කෝමලා දැන් ඔයට බැහැලා නානවා....ඒ අස්සෙ අර දිය ලබ්බා ඔළුව ගලක වද්දගෙන කියලා ආරංචියක් ආවා ඌව බලන්නවත් අපිට හැකියාව තිබුනේ නෑ. තව කට්ටියක් මම ඇතුලුව වැලි නානවා......වැලි එහෙම නාලා අහවර වෙලා කොහොම හරි ඒ අස්සෙ අපි ටික දෙනෙක් ඔයේ උඩහට ගියා, අනිත් උන් ටික පල්ලෙහා.......

අපේ රාජා ගලක් බදාගෙන ඒක ඉබිනවා උම්මා උම්මා කිය කියා :D..... "ඒ රාජෝ ඔය ගලක් බං ඕක ඉබින්ඩ එපා යකෝ, ඔය උබේ කෑල්ල නේමේ....හික් හික්.."

සුභයා වතුරෙ නිදි....එක පාරට ඇහැරිලා අපි දිහා බලාගෙන රවාගෙන ඉන්නවා...එක පාරට ආයි නිදි.....ආතල් කෝටියයි.... :D......

ඒ අස්සෙ තඩ්ඩා අසංකයත් එක්ක එක්කහු වෙලා ගහගෙන ආපු පොලයක් ලෙලි ගහනවා.......(අනෙ උන් ලෙලු ගහන පොල් :D).....

අන්තිමට වතුරේ නිදාන හිටපු එවුනුයි, කෑල්ල කියලා හිතලා බදාගෙන ගල් ඉබපු එවුනුයි පොල් ලෙලි ගහපු එවුනුයි ඔක්කොමලාවම ඇද ගෙන ආවා ගොඩට....අපි එනකොට පොඩි මාමට හොදටම වැඩි වෙලා කියලා කසුනා ඌවත් ඇදගෙන යන්න ගිහින්......

ඒ අස්සෙ දිය ලබ්බා ගහකට හේත්තු වෙලා මොනවද කනවා...

තඩ්ඩා - ඒ....මොනවද බං උඹ ඔය කන්නේ.....

දිය ලබ්බා - මුරුක්කු බං මුරුක්කු..

තඩ්ඩා - කොහෙද බං තිබුනේ ඈ ??

දිය ලබ්බා - වමනේ ගොඩක් උඩ යකෝ....

සංසාරගතයි ඕයි.... අරූ වෙරි මතේට වමනෙ ගොඩක් උඩ තිබුණ මුරුක්කු පැකට් එක අරගෙන කනවා :D :D......

අන්තිමේට ගෙනාපු බතුත් පුළුපුළුවන් විදියට කාලා 3ට නැත්තං 3.30 එන්න ආවා....එනකං කට්ටිය බස් එකේ නිදී.....

මාත් ඒ ගෙදර ආපු පිම්ම ආයි නාගෙන නිඳා ගත්තා...නැගිට්ටේ පහුවදා උදේම තමා....


ප.ලි - මේ කථාවෙ ඉන්න එකෙක්වත් බේබද්දෝ නෙමෙ. කොල්ලො විදියට පොඩ්ඩක් ෆන් එක ගන්න ඉදලා හිටලා සෙට් වෙනෆන් කොල්ලො සෙට් එකක් විතරයි....


Aug 18, 2011

අඩේ මචන්.... ඒ මගේ කෑල්ල බං...


මම මේ කියන්න යන කථාව උනෙත් අර කලින් කියපු කථාව උනා වගේම කිං හන්තර්ර් බලන්න ගිය දවසේම තමා. හැබැයි මේක උනේ ෆිල්ම් එක බලන්න කලින්, හෝල් එක ලඟින්.....

මම කළින් කථාවේ කිව්වා වගේම අපේ ක්ලාස් එකේ කොල්ලො 3/4ම වගේ ගියානෙ මේ ෆිල්ම් එක බලන්න.....

ෆිල්ම් එක පටන් ගන්නෙ දෙකට හරි දෙක හමාරට හරි, හරියටම මතක නෑ. අපි කියමුකෝ 2.30 කියලා ඈ....
කොහොම හරි අපි කට්ටිය ටිකක් කලින්ම ආවා ෆිල්ම් හෝල් එක ලඟට. ඒ කියන්න කලින් 10.30 එක ඉවර වෙන්න කලින් වගේ....ඒ කියන්නෙ 1.30ට විතර ඈ......

දැන් ඉතින් ආයි වෙන කොහෙවත් ගිහින් එන්නත් වෙලා නැති එකේ අපි හෝල් එක ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ හෝල් එකේ ගේට්ටුව ඉස්සරහට වගේ වෙන්න කට්ටිය පොඩි චැට් පාරක් දාගෙන ඔහෙ ඉන්න කොට කලින් එක ඉවර වෙලා කට්ටිය එලියට එනවා.....එකපාරටම අපේ දශ්ඨයා.... "ඒ බලපල්ලකෝ බං අර කොල්ලත් එක්ක එන කෑල්ල...මොකක්ද දන්නෑ අතේ අර ඔත ඔතා එන්නේ" කියලා කියපි.......ඒත් එක්ක අපි ඔක්කොම ඒ දිහා බැලුවා........

ඒත් එක්කම අපේ රසික මලයා...."
අඩේ මචන්..... ඒ එන්නේ මගේ කෑල්ල බං'" කිව්වා......... මලලසේකර, මාර කේස් එක ඕයි.....අපි ඔක්කෝමලාටම අස්පට් උන සීන් එකට. රසිකයට දැන් ඇඩිලා. කෙල්ල මූව දැක්කේ නෑ වගේ සත 5 ගණන් නොගෙන ගියා. ඒ කොල්ලාත් මූ දිහා බලලා නක්කලේට වගේ හිනා වෙලා යන්න ගියා...... අපේ උන්ට දැන් අම්බ මල.. අරූට දෙකක් අනින්නමයි හිත......

ඒ අස්සේ අරූ අඩනවා....(පව් යකෝ ඇඩුවට ඌ එහෙම එකෙක් නෙමේ).... ඌ බොක්කොන්ම ලව් කරපු කෙල්ල.....ඒ අස්සෙ ඌ ඒකට කෝල් කරනවා, ඒකි ෆෝන් එකත් ඕක් කරලා..... ඊට පස්සෙ අපේ රසිකයා අසන්කයවත් ඇදගෙන අරුන් දෙන්නා පස්සෙන් ගිහින් අරකිට කථා කරන්න හැදුවා.....ඒත් එතකොට උන් ගිහින්.......

පස්සේ අපි ෆිල්ම් හෝල් එක ඇතුලට ගියා. මට පේනවා අරූ කෝල් එකක් අරගෙන වගේ අරකිත් එක්කද කොහෙද කථාව.....(මට මළ පැනලා හිටියේ ඔය වගේ ජරා කෙල්ලෙක් එක්ක තව මොනවා කථා කරනවද කියලා).....

පස්සෙ ෆිල්ම් එකේ ඉන්ටර්වල් එක වෙලේ මම ඇහුවා රසිකයගෙන් "මොකෝ බං අරකි කිව්වෙ" කියලා.... ඒකි කිව්වලු හම්බවෙලා පොඩ්ඩක් කථා කරන්නයි ගියේ කියලා..........

අනේ නෙදකින්...මෙච්චර විසාල නගරේ මුන් දෙන්නට නිවාඩු පාඩුවෙ කථා කරන්න තිබුනේ ඔය ෆිල්ම් හෝල් එක විතරනේ.......මූට ලව් කර කර වෙන එකෙක් එක්ක ෆිල්ම් හෝල් ගානේ රිංගන කෙල්ල. එකෙන්ම බඩුවක් කියලා ඔනෙ එකෙකුට තේරෙනවානේ.....අපි ඕක රසිකයට 1000 වතාවකට වඩා කිව්වා. ඒත් ඌ තේරුම් ගන්නෑ.....ඌ අඩනවා.....පව් කියලත් හිතෙනවා.......

පස්සෙ ආයි සතියක් විතර යනකොට ඌ ඒකිව සෑහෙන්න දුරට අමතක කරලා තිබුණා....ඒක ලොකු දෙයක් මොනවා උනත්.......

ඒත් මම මේ කථාවෙන් තේරුම් ගත්ත දෙයක් තමා මට උන දේවලුත් එක්ක බලන කොට කෙල්ලො කියන්නෙ කොහොමත් මහ විලිසංගේ නැති සත 5 විශ්වාස කරන්න බැරි අමන කුප්ප පජාති ජාතියක්........


කෙල්ලනේ.....යකෝ තමුන්ට බොක්කෙන් ලව් කරන අහින්සක කොල්ලන්ව සෙල්ලමකට ගන්න එපා.....උන්ව රවට්ටන්න එපා......තොපිට ඔව්ව මේ ආත්මෙදිම පඩිසන් දෙනවා.......හෙන ගහනවා යකෝ.....

Aug 16, 2011

මචන් ෆිල්ම් එක පේන්නේ අර පැත්තෙන්.....

ආහා.....කට්ටිය කොහොමද ?

මේ ටිකේම බ්ලොග් එකේ අනංමනං ලිව්ව නිසා ලියන්න කියලා දෙයක් ඔළුවට එන්නේ නෑ අප්පා.........මතක් කරගෙන යනකොට පොඩි සිද්ධියක් මතක් උනා, ඒක කියන්නයි සූදානම........

මගෙ කලින් කථාවක මම කිව්වෙ අපේ ක්ලාස් එකෙ ඉන්න සුභේ කියලා එකෙක් ගැන, මේ ඌගෙ සීන් එකක් ඈ........

දවසක් අපිට හවස පීරියඩ් එකේ මොකවත් තිබුනේ නෑ. ඉතින් පන්තියේ කොල්ලේ සෙට් එක කථා උණා කිං හන්තර්ර්ර්ර් බලන්න යමු කියලා..... එත් දන්නෙ නැද්ද එක එකා පස්ස ගහනවා....කොහොම හරි පන්තියෙන් 3/4ම ඇදගෙන කට්ටිය ෆිල්ම් එක බලන්න ගියා......

අපේ සුභයට කෑල්ලක් ඉන්නවා. එත් ඉදා ඉතින් මේකා ගියෙ අපිත් එක්කනෙ ඒක නිසා කෑල්ල නෑ...මූ දැන් ආයි මොකුත් නෑ 1948 නිදහස ලැබුණා වගෙ එහෙටෙ මෙහෙට හැරී හැරී ටිකට් පොළිමේ ඉන්න කෑලි දිහා බලනවා.........

ඔය අතරේ කියනවා අපරාදේ බං මටත් කෑල්ල එක්ක එන්න තිබුනේ කියලා........ (හිකිස්ස්ස් අපිට ඉතින් එහෙම කියන්න තියා හිතන්නවත් කෑල්ලක් ඉන්න එකක්යැ).....

සුභයට දැන් ඉන්න බෑ කෙල්ලො දිහායි කපල් දිහායි බලනවා ඇරෙන්නෙ......කොහොම හරි ටිකට් අරගෙන හෝල් එක ඇතුලටත් ගියා......ඒ තරම් සෙනඟක් නෑ. අපි සෙට් එක පිටි පස්සෙම පොළිම් 3 ඉද ගත්තා.....මායි තඩ්ඩයි, සුභයයි පිටී පස්සෙම පෝලිමේ ( තව අපේ දශ්ඨේ එහෙමත් හිටියා).......

කොහොම හරි දැන් ෆිල්ම් එක පටන් ගත්තා......ඒත් යකෝ මෙන්න සුභයා අනිත් පැත්ත හැරිලා.....මාර කේස් එක......මම කථා කළා...

මම - ඒ සුභේ.....

සුභයා - ඈ....ඇයි බං ??

මම - මොකෝ බං ඔය.......ෆිල්ම් එක පේන්නෙ අර පැත්තෙන්නෙ බං.....

සුභයා - චැහ්..ඕවත් ෆිල්මද බං මේවනෙ ෆිල්ම්....හොදට බලං හිටපංකෝ මේ බොක්ස් එක දිහා ඒක හෙල වෙනවා බං...ඇතුලේ ඉන්න උන් දෙන්න නියම ගේමක් ගහනවා ආසාවේ බෑ බං......

කියලා කියපි මේකා..... මට දැන්නේ වැඩේ මීටර් උනේ. මූ බොක්ස් එකකට ඔලූව දාගෙන ඒක ඇතුලේ ඉන්න කපල් එක කරන දේවල් දිහානෙ බලාන ඉන්නේ......මටත් මොකෑ මාත් හැරිලා ඒක දිහා බලාගෙන හිටියා.......(එහෙමටක කියලා දෙයක් නම් දැක්කේ නෑ බොක්ස් එක හෙළවෙනවා දැක්කා දඩස් බඩස් ගාලා සද්ද ටිකක් ඇහුණා....මොනා උනත් ආතල් වැඩේ...හිකිස්)

ඔන්න ඔහොමයි අපි කට්ටිය ෆිල්ම් හෝල්ස් වල ෆිල්ම් බලන්නේ :D

Aug 14, 2011

අතීතය සිහිනයක් පමණයි....

"අතීතය සිහිනයක් පමණයි සැබැ සුවඳක් නෑ"

ඒ.... කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සින්දුව......ඇත්තටම ඒක 1000% හරි.....අපි මොන තරම් නම් අතීතයේ සිද්දවුණ දේවල් ගැන හිත හිතා ලත වෙනවද......

මමත් එහෙම කාළකන්ණියෙක් තමා....ඒත් දැන් නෙමෙ මීට කාලයකට ඉස්සර.........මමත් මට වැරදුන තැන්, ඇත්තටම මම විසින්ම වරද්දවා ගත්ත තැන්, දේවල් ගැන හිත හිතා ගොඩාක් දුක් උණ කෙනෙක්......

ඒත් මම පස්සෙ තේරුණා මම ඇයි සිද්ධවුණු දේවල් ගැන හිත හිතා ලතවෙන්නේ, හැමදේම වෙන්නෙ මනුස්සයට, වරදින්නෙත් මසුන්න්සයට හරි යන්නෙත් මනුස්සයට.... ඒක ලෝක ස්භාවය....... ඒක නිසා සුද්ධවුණු දේවල් ගැන හිත හිතා අපි අපේ අනාගතේ නැති කරගන්න උවමනා නෑ....කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා....අපිට දෙයක් වැරදුනාට කවදා හරි හරි යනවා....... වැරදි වැරදි ඉගෙන ගත්තොත් තමා කවදා හරි ඒ දේ 100%ක් හරියට කරන්න පුළුවන්....

ඒක නිසා වැරදුනු දේ ගැන නැති උණ දේ ගැන හිත හිතා කම්පා නෙවී, අනාගතේ ගැන හිතලා කටයුතු කරන එක තමා සාර්ථක මනුස්සයෙක් වෙන්න නම් අපි අනිවාරයයෙන්ම කරන්න ඔනේ.........

මම මේ දේවල් කිව්වෙ. මේ විදියට දුක් විදින අය ඉන්න නිසා...මම ඔය දේ කිව්වෙ නිකම්ම නෙමෙ අත්දැකීමෙන්....එහෙමයි කියලා මම කියන්නෑ මම සාර්ථක මිනිහෙක් කියලා......ඒත් පහුගිය දේවල් ගැන හිත හිතා කම්පා නොවී ඉන්න නිසා මගෙ හිතේ විශ්වාසයක් තියෙනවා මට කවදාහරි සාර්ථක මිනිහෙක් වෙන්න පුළුවන් කියලා......

මේක කියවන කෙනා කවුරු උණත් එයා මම කිව්ව දෙයින් මොකක් හරි වටිනා දෙයක් ඔළුවට දා ගත්තනම් මට ඇති....මම මනුස්සයෙක්..මම කැමතියි තව මනුස්සයෙක් ලස්සනට ජීවත් වෙනවා බලන්න........

කෙනෙකුට මේ post එක කිසි වැදගැම්මකට නැති දෙයක් වෙන්න පුළුවන්........ මම ලිව්වෙ මට හිතුණදේ කෙනෙකුට යහපතක් වෙයි කියලා හිතුණදේ.......

Boring උණානම් සමාවෙන්න ඔනේ..........

Aug 12, 2011

෴ජීවිතය෴

මට හිතෙන විදියට ජීවීතය යනූ............

ඇත්තටම ජීවිතය කියන්නෙ මොකක්ද ? මම දන්න විදියට නම් ඒක සැහෙන දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්ණයක්......මොකක්ද මේ ජීවිතය කියන්නේ......??

Martin H. Fischer ට අනුව ජීවීතය කියන්නේ "Life is a ticket to the greatest show on earth". ඒත් ඒක එහෙමමද ?

සමහර අයට එය එහෙම වෙන්න පුළුවන්....ඒත් සමහර අයට ජීවිතය කියන ඒක ඔය කියන විදියට පෘතිවිය මත තියෙන ශ්‍රේෂ්ඨතම සංදර්ශණයට යන්න ලැබුන ටිකට් පතක් නොවෙන්න පුළුවන්...ඒක සමාජ යථාර්තය....

අපි කවුරුත් දන්න කියමනක් තමා "ජීවීතය කියන්නෙ විඳින්න තියෙන දෙයක් මිස විඳවන්න තියෙන දෙයක් නෙමේ" කියන එක.......

ඒත් ඒක එහෙමමද ?.................ටිකකට තමන් ගැන හිතලා බලන්න ? ඔයා ජීවිතය වින්ඳද? විඳෙව්වද?.......

සමහර විට ඔබ ජීවිතය වින්ඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක එහෙම උනානම් ඇත්තටම සතුටුයි, ඇත්තටම ඔබ වාසනාවන්තයේක්.......මෙතනදී මම ආත්මාර්ථකාමී වෙනවා වෙන්න පුලුවන්. මොකද මම ජීවීතය විඳවපු කෙනෙක්....

මම මගේ ජීවිතෙන් තවම මහ කාලයක් ජීවත් වෙලා නෑ. මම මේ ජීවිතෙන් 1/4 විතරයි ගත කරලා තියෙන්නෙ.
සමහර විට මේක කියවන කෙනෙක් හිතයි ඇයි මම මෙහෙම කියන්නේ මට අම්මා තාත්තා නැද්ද කියලා...ඇත්තටම මට ඒ දෙන්නම ඉන්නවා, ඒ දෙන්නා නිසා තමා මම සැනසීමක් ලබන්නේ.....

ඒ දෙන්නා මට ජීවිතේ ලබා දුන්නා....අදටත් මට කන්න බොන්න දීලා මාව ජීවත් කරවනවා.... ඒහෙනම් කවුද මට ජීවිතය එපා කෙරෙව්වේ ?....

ඒත් තව මනුස්ස පරාණයක්ම තමා.....අපි ඔක්කොම මිනිස්සු......ඇයි තව මනුස්සයෙක් තවත් මනුස්සයෙකුගේ ජීවීතය සෙල්ලමකට ගන්නේ ? ඇයි තව කෙනෙකුගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්නේ ?

මේකට පිළිතුරක් හොයාගෙන ඒක මේ ලෝකේ ඉන්න හැම කෙනාම ඒ පිළිතුර දැන ගත්ත දාට මේ ඔක්කොම නැතිවෙයි......ඒත් එහෙම වෙයිද ?

මේක තමා සමාජ යථාර්තය කියලා සද්ද නැතුව ඉන්න අයත් ඔනේ තරම් ඇති... ඒත් එහෙම සද්ද නැතුව හිටියාම තව අහින්සකයන් කී දෙනෙකුගේ ජීවිත නැති වෙයිද ?

මිනිස්සු ඇයි මිනිස්සුන්ටම මෙහෙම කරන්නේ ????

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ" කියලා මොහිදීන් බෙග් මහත්තයගෙ සින්දුවකත් තියෙනවනේ....

සමහර විට අපි ඔක්කොම මිනිස්සු එක වෙන්න ඇති හේතුව......

මම මේ කියපු දේ කාට හරි කෙනෙකුට කිසි තේරුමක් නැති දෙයක් වෙන්න පුළුවන්....ඒත් මම මෙහෙම දෙයක් ලියන්න හිතුවෙ මම ජීවීතය විඳවපු කෙනෙක් නිසා....

මම කැමති නෑ වෙන කිසි කෙනෙකුට එහෙම වෙනවට.......

මම අන්තිමට කියන්නෙ.......හිතන්න තමන්ගේ ජීවිතය ගැන.......ඒ වගේම අනුන්ගෙ ජීවිතය ගැනත් හිතන්න........

දකින්න තමාගෙ විතරක් නෙමෙ අනුන්ගෙ ජීවිතයත්.......එතකොට හැමෝටම ජීවිතය විඳවන්න නෙමෙ විඳින්න පුළුවන් වෙයි !!!

Aug 11, 2011

ඇත්තටම මම කවුද ??

ත්තටම මම කවුද ?

 

ඇත්තටම මම පොඩි කොල්ලෙක්, වැඩි වයසක් නෑ අවුරුදු 22ක් විතර. මගෙ උපන් ගම කුරුණෑගල, මම දැනට ජීවත් වෙන්නත් කුරුණෑගලම තමා.....

මට පොඩි කාලෙ ඉදන්ම තිබුන දෙයක් තමා කොයි වෙලාවකවත් හිනා නොවී ඉන්න බෑ. හැම වෙලෙම කාලේ ගත කරන්නෙ විහිළුවෙන්.... ඒ කලේ ඉස්කෝලේ ටීචස්ලා උනත් කිව්වෙ "මේ ළමයගෙ කට නං වැඩීයි" කියලා. මොකද මම හැම වෙලේම මොනවා හරි කියවනවා..ඒ මම හැම වෙලේම ජීවීතෙ හරිම සැහැල්ලුවෙන් ගත කරන්න ආස කරන කෙනෙක් නිසා.....

මට ජීවිතේ ගැන බරක් පතලක් තේරුන්නෑ, මොකද අපේ  පවුලේ ඉන්නේ මං විතරක් නිසා. මගෙ අම්මයි තාත්තයි මට හැම දෙයක්ම දුන්නා ඒ දෙන්නට පුළුවන් හැටියට. මම එහෙම ඒ දෙන්නට පුළුවන් හැටියට කියල කිව්වෙ මගෙ අම්මයයි තාත්තයි ලොකු සල්ලි කාරයේ නෙමේ සාම‍න්‍ය රජයේ සේවකයෝ දෙන්නෙක්...

මම මුලින්ම කිව්ව විදියට ඇත්තටම මම ජිවීතේ ගැන වැඩිය බරපතල විදියට හිතන්න ගියේ නෑ, මගේ අනාගතේ මොන වගේ වෙයිද කියලා හිතුවෙ නෑ. සමහර විට ඒක නිසා වෙන්නත් ඇති මට A/L හොදින් කර ගන්න බැරි උනේ...ඒත් මම ඒ ගැන හිත හිත දුක් වෙන්නේ නෑ...ඒ අපිට ජිවිතේ ගොඩ යන්න තියෙන්නෙ එක පාරක් නෙමෙ නිසා.....

ඊලඟට මම කථා කරන්න අකමැතිම මාතෘකාව තමා ආදරය....මම ආදරයට යම්තාක් දුරකට වෛර කරන කෙනෙක්, ඒ මට මගේ ආදරය වැරදුන නිසා වෙන්න ඇති......එත් මම මට ඒ වැරදුන ආදරය නිසා ජීවිතය කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා හොදට ඉගෙන ගත්තා..මේ සමාජයේ මොන වගේ චරිතද ඉන්නෙ කියලා ඉගෙන ගත්තා....ඒකයි මම මට ආදරේ වරද්දපු අයට වෛර නොකරන්නේ.....

මට මොනදේ නැති උණත් මට එක දෙයක් ලැබුණා,  යාළුවෝ.... මට හොද යාළුවො ටිකක් ඉන්නවා. මට උසස් පෙළ කරන කාලේ තමයි මේ අයගෙන් වැඩි දෙනෙක් හම්බඋනේ...මට මගේම කියලා සහෝදර සහෝදරියො නෑ..මට ඉන්න එකම සහෝදරයෝ ටික තමා මුන් ටික. :D .

ආ....මට එක දෙයක් කියන්න අමතක උනා...මම සංගීතයට බොහොම ලැදි කෙනෙක්.. ඒකයි මායි මාගෙ යාලුවොයි එකතුවෙලා පොඩි සංගීත කණ්ඩායමක් කරගෙන යන්නේ..මම එකේ සින්දු කියන එකතමා කරන්නේ  මේ අපේ web site එක. 


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.. මම ෆන් එකේ ඉන්න කොල්ලෙක්. ඒ ෆන් එක නිසාම වෙන්න ඇති විභාගෙත් කෙලවා ගත්තේ :D...ආදරේ කරන්න ගිහිනුත් කෙලවා ගත්තා...හැබැයි ඒ කෙලවගත්ත ඒවා නිසා ජිවිතේ කියන්නෙ මොකක්ද කියලා හොදට ඉගෙන ගත්ත...

අනිතිමට මට කියන්න තියෙන්නෙ........ මම පහු ගිය දේවල් ගැන හිත හිතා පසුතැවෙන්නෙ නැති...බොහොම සරල හැම වෙලේම හිනාවෙලා තමන්ගේ පාඩුවෙ ඉන්න කැමති බොහොම අහින්සක කොල්ලෙක්........

Aug 10, 2011

අපේ සෙට් එකත් එක්ක ගිය ගමන්

මේ ටිකේම මම ලිව්වෙ ආදර හුටපට ගැන දේවල්මනේ, ඒක නිසා මට හිතුනා ඒ මාතෘකාවෙන් එහාට ගිහින් වෙන දෙයක් ගැන කියන්න ඕනේ කියලා.....

මං අද කියන්න ලෑස්තිය අපේ ෆන් පන්තිය සෙට් එකත් එක්ක ගිය ෆන් ගමන් ගැන විස්තර ටිකක්

මේ පන්තියෙ සැහෙන්න ෆිට් උන සැට් එකක් ඉන්නවා ඒ මායි, සුභයයි, රසිකයයි, අසංකයයි, තඩ්ඩයි තමා 

මොන මගුලේ ගියත් ඔය සැට් එක එකටම තමා......

අපි කට්ටිය, කට්ටිය කිව්වට මුළු පන්තියම වගෙ ඉස්සෙරලාම ගියේ දඹුල්ලේ....මේක ගියෙ අපි අනිත් අයට හොරෙන් පන්තිය පිටින් ක්ලාස් එක කට් කරලා...

මේ දඹුල්ලේ ගමනට අපේ මුළු පන්තියම වගේ සහභාගී උණා. පන්තියෙම කොල්ලෙකුගෙ අයියා කෙනෙක්ගෙ බස් එකක් කථා කරගෙන තමා ගමන ගියේ.....දඹුල්ලේ ගිහින් දඹුල්ල පන්සලටත් ගිහින් එහෙම අහවර වෙලා කට්ටිය ගියේ කන්ඩලම වැවට. වැඩිය කොහෙවත් ඇවිදින්න විදියක් නෑ හවස් වෙන්න කලින් ගෙවල් වලට යන්න ඕනේ කියලා කෙල්ලො බර බරේ දානවා...නැතත් අපි කට්ටියට සප්පායං වෙන්ඩ වෙලාව තියෙන්නත් එපායැ....


කොහොම හරි කන්ඩලම වැව ලඟ කට්ටිය සෙට් වෙලා හවස් වෙන්න කලියෙන් ගෙවල් දොරවල් වලට ආවා...කිව්වාට මොකො ඒ ගමන ඒ හැටි සාර්ථක උනේ නෑ....චාටර්ර් ගමනක්.....

කොහොමින් කොහොම හරි ඔය ගමනෙන් එහෙම පස්සෙ තමා කස්ටිය සෑහෙන්න ෆිට් උනේ...

පස්සෙ ඔක්කොම නැතුව අපේ කන බොන කොල්ලො සැට් එක ඉන්නේ (අර කියපු අපි හතර පස් දෙනා තමා).

අපි ටික කථා වෙලා ආයෙ ටිකක් සෙට් වෙන්න කියලා හිතාගෙන මේ පැත්තෙ තියෙනවා "ඉදුල්ගොඩ කන්ද" කියලා කන්දක්, ඕකට නැග්ගා...ඒ අපේ දෙවැනි ගමන.

ඉට පස්සෙ අපිට යන්න උනේ අපෙ "Field Trip" එක. එක යන්න යොදා ගෙන තිබුනේ පුත්තලමෙ සිමෙන්ති ෆැක්ට්‍රි එක බලන්න. මේක නං මෙලෝ රහක් නැති ට්‍රිප් එකක් කියලා මුලුන්ම දැන ගෙන හිටියා. මොකද අපිට උගන්නන මිස්ලත් යනවා...කිසි දෙයක් කරන්න විදියක් නෑ...

ඒත් මායි තඩ්ඩයි, සුභයයි ගේම අත ඇරියේ නෑ. කරපු දේ කියන්න ඔනේ නෑ කියලා හිතෙනවා, ඒක නිසා කියන්නෑ...

ඊට පස්සෙ තමා මං ගියපු ආතල්ම ගමන ගියේ ඒ අපේ බණ්ඩාරවෙල ට්‍රිප් එක. ඒක මගෙ ජීවීතේටම අමතක වෙන්නෙ නැති නියම ගමනක්. ගත්තු ෆන් අනන්තයි අප්‍රමාණයි..
අවසානෙට අපි ගියෙ තඩ්ඩලාගෙ ගෙදර. ඒ ගිහිනුත් හොදට සප්පායම් වෙලා තඩ්ඩලාගෙ ගෙදගරින් හොදට කාලා. හවස් යාමෙ හොද ලමයි වගෙ ගෙදර ආවා....


ඊලඟට දැන් යන්න ඉන්නේ "ත්‍රිකුණාමලේ". ඒකට ඔක්තෝබර් වෙනකන් ඉන්න ඕනේ..


සමහර විට මේක කියවන කෙනෙක් හිතන්න පුළුවන් මුං කරලා තියෙන්නෙ එහෙ මෙහෙ ගිහින් බීපු එක විතරයි කියලා.. ඇත්තටම අපි කරේ ඒච්චරයි තමා (ඉන්න ටිකේ ඉමුකෝ සුදෝ ජොලිය දමලා කියනවනේ)...
මොනා උනත් මේ අත්දැකීම් හරිම සුන්දරයි....මතක් වෙනකොට හිතට දුකයි.. මේක කියවන කොට boring උණා නම් සමාවෙන්න ඔනේ.....


ත්‍රිකුණාමලේ ගමනේ විස්තර ගිහින් ඇවිල්ලම කියන්නම්.......

Aug 9, 2011

෴මගේ ආදරේ෴

මම උසස් පෙළ කරන කාලේ කෙනෙකුට ආදරේ කළා, ඒත් මට එයාගේ ආදරේ ලබා ගන්න බැරි උනා. පස්සේ මට කෙනෙක් ආදරේ කරන්න පටන් ගත්තා, ඒත් මම පස්සෙයි දැන ගත්තේ ඒ ආදරය බොරුවක් මම රැවටිලා කියලා...

මම දුක් උනා......ගොඩාක් දුක් උනා...මම කෙල්ලන්ට වෛර කලා.....එත් මගේ හිත හැදුවෙ කෙල්ලෙක් නිසා මගේ හිතේ ඒ තිබුණ වෛරය නැති වෙලා ගියා....

පස්සෙ මම ඒ මගේ හිත හදපු එයාට ආදරේ කරන්න ගත්තා..එයා මගේ හොදම යෙහෙළිය..ඒත් මම එයාට ගොඩාක් ආදරේ කලා, ඒ යාළුවෙක් විදියට නෙමෙ....මම එයාගෙන් ආදරේ ඉල්ලුවා එක වතාවක් නෙමෙ දෙවතාවක් නෙමෙ තුන් වතාවක් මම එයාගෙන් ආදරේ ඉල්ලුවා......

ඒත්........එයාගේ හිතේ මට ඉඩ තිබුණේ නෑ, ඉඩ නොතිබුණා නෙමෙ. ඒ ඉඩ තිබුණේ එයාගෙ හොදම යාළුවා විදියට විතරයි...........ඒත් මම එයා ගැන යාළුවකුට වඩා එහායින් හිතුවා..එයා මා ලඟ හිටිය හැම තප්පරේකම මට දැනුනේ මගේ ජීවිතේ.... මගේ අනාගතේ මගේ ලඟ ඉන්නවා කියලා.....ඒත් මට මගේ ජීවීතේ මට මගේ ආනගතේ ලැබුනේ නෑ.........ඒ ඇයි ??
මම ඒ තරමටම පව්කාරද ? අවාසනාවන්තද ?


මට තේරෙන්නෑ ඇයි මට මෙහෙම උණේ කියලා.......අවංක ආදරේට ඇයි මෙහෙම වෙන්නේ ?..........




Aug 7, 2011

මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග..

ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඕබ...
සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර සිත...
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග....
සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම විට...

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්....
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්....
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්...
බලා හිදී ඔබේ සිතේ දෙන්න මට ඉඩක්....

ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඕබ........

මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්....
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්...
කඳුළු පිරුණු තනිකඩ වූ පාළු හදවතක්....
බලා හිදී ඔබේ සිතේ දෙන්න මට ඉඩක්....

ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ........

~~ගායනය :- චාමර වීරසිංහ~~

Aug 5, 2011

යෙහෙළියට පෙම් බැන්ඳා

කට්ටිය ඉතින් කොහොමද....මගෙ කලින් කථාවට..ඔව් ඔව් අර බූට් කථාව තමා...ඒකට සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා. ඒක කියවපු අය මම ගැන එක එක විදියට හිතන්න ඇති, ඒක සාධාරණයයි....

මම අද කියන්න යන්නෙ ඒ කළින් කථාවෙ අන්තිමට කියලා තියෙන ශෙරීන් ගැන.......අම්මෝ මට මේක නම් මතක් වෙනකොටත් සෑහෙන්න දුකයි......

කමක් නෑ මෙන්න ස්ටෝරි එක....කියවලම බලන්න....

මට මේ සිද්ධිය උනෙත් අර කලින් සිද්ධිය උන තැනදිම තමා. ඒ කථාවෙ කථා නායිකාව ඒ කියන්නෙ ශෙරීන්, එයා හිටියෙ අපේ පන්තියෙ. අපේ පන්තියෙන් හිටියෙ ළමයි 25ක් විතර එතනින් කොල්ලෝ 4යි. මායි නුවනයි, මහේශ්ලා දෙන්නයි (නිකං මහේශ්, මාළු මහේශ්....හික්..).

ඔය ශෙරීන් කියන්නෙ ඒ හිටපු ගෑණූ ළමයි අතරේ මගෙ හොදම යාළුවා. මගෙ අර කළින් හුටපටේදී මගෙ ළඟින්ම ඉදගෙන මට ලොකූ අස්වැසිල්ලක් උනෙ මෙයා. මට ශෙරීන් ගැන ඒ දවස්වලත් හිතේ ආදරයක් නොතිබුණා නෙමෙ, ඒත් ඒ ආදරයට වඩා යාළුකම දැනෙන්න අරන් තිබුනේ..

ඔය අතරෙ තමයි ශෙරීන්ගෙන් එයාට නෑදෑවෙන අයියා කෙනෙක් යාළු වෙන්න ඇහැව්වෙ. ඒ හැමඳේකටමත් උදව් කලෙත් මම. කොටින්ම කිව්වොත් එයා ඒ කොල්ලව ඉස්සෙරලාම හම්බවෙන්න ගියෙත් මාත් එක්ක....එයා මට ෆුල් සප් එක මම එයාට ෆුල් සප් එක. ඔන්න ඔහොම තමා ඒ දවස්වල කාලය ගෙවිලා ගියේ...

කොහොමින් කොහොම හරි මගෙ අර හුටපටේ නැත්තටම නැති උණා. ඒ අතරේ ශෙරීන්ගෙ හුටපටෙත් අහවර වෙලා. එයාම තමා මට කිව්වෙ ඒ ඔක්කොම ඉවරයි කියලා. ඔය අතරේ අපි කර කර හිටිය කෝස් එකේ කාලේ ඉවර උණා. ඊට පස්සෙ තිබුනේ කොහෙ හරි තැනක මාස 6ක කාර්යස්ථ පුහුණුවක්. අපි කට්ටියම ඒකට තෝරා ගත්තේ කුලියාපිටියෙ තියෙන වයඹ විශ්වවිද්‍යාලය. ශෙරීන් ගියෙ කුලියාපිටියේ විදුලිබල මණ්ඩලේට.

ඔහොම මාස 2ක් 3ක් ගතවෙලා ගියා. මේ වෙනකොට මමත් තනිකඩයා ශෙරීනුත් තනිකඩයි. මගෙ හිතේ දැන් ශෙරීන් ගැන ලොකූ ආදරයක් ඇති වෙලා තිබුනේ. ඒත් මට ඒක එයාට කියන්න ගැලපෙන වෙලාවක් ලැබුනේ නෑ..මම ඔය ගැන අපේ කාටවත් කියලා තිබුනේත් නෑ, අඩු තරමෙ නුවන්ටවත් මම මේ ගැන කිව්වෙ නෑ..

එත් එක දවසක් අපි උදේ බස් එකෙ එනකොට..(එදා හිටියෙ මායි සචිනි අක්කයි විතරයි). සචිනි අක්කා මගෙන් එකපාරටම ඇහුවා "මලීලී ඔයාගෙ හිතේ ශෙරීන් ගැන මොකක් හරි දෙයලක් තියෙනවා නේද ?" කියලා. මට එක පාරටම හිතා ගන්න බැරි උණා මෙයා කොහොමද මේක දැන ගත්තෙ කියලා. මම ඇහුවා කොහොමද ඇයි එහෙම කියන්නෙ කියලා. එයා කිව්වෙ "නෑ බං ඒක උබේ හැසිරීමෙන් මට කියන්න පුළුවන්" කියලා. මමත් බොරු කිව්වෙ නෑ...මාත් කිව්වා "ඔව් අක්කෙ එහෙම දෙයක් මගේ හිතේ තියෙනවා ඒත් මට ඒක එයාට කියා ගන්න බැරුවයි ඉන්නේ" කියලා.

එයා කිව්වා "කමක් නෑ ටිකක් ඉවසලා ඉන්න මමත් එයාට මේ ගැන කියන්නම්" කියලා....

දවසක් සචිනි අක්කා මම නැති වෙලාවක ශෙරීන්ට මම ගැන කියලා තියෙනවා. මම ඒක දන්නේ පස්සේ. ඒත් එදා ශෙරීන් ඒ ගැන කිසි දෙයක් කියලා නෑ. පස්සෙ දවසක අපිට කලින් එන්න චාන්ස් එක ලැබුනා. ඊට අපි ශෙරීන්ටත් කෝල් එකක් දීලා එන්න කියලා කට්ටියම කුලියාපිටියෙන් බස් එකට නැග්ගා. එදා මම ශෙරීන්ට මගෙ හිතේ තිබුණූ ඔක්කෝම දෙවල් එකක් නෑර කිව්වා. මම කුලියාපිටියෙ ඉදන් කුරූණෑගලටම එනකන් 40KM කථා කලා..එයා එ දේවල් ඔක්කෝම අහගෙන හිටියා මම අන්තිමට බස් එකෙන් බහින්න ලෑස්ති වෙලා ඇහුවා ඔයා මොකක්ද මේ ගැන කියන්නෙ කියලා. එයා කිව්වෙ "මට මේකට මෙහෙම උත්තරයක් දෙන්න බෑ, හොදට හිතලා බලන්න ඕනේ" කියලා විතරයි..

ඔය විදියට කාලේ ගෙවිල ගියා මට ශෙරීන්ගෙන් මේ ඒ වෙනකොටත් උත්තරයක් ලැබුණේ නෑ. හැමදාම හවසට හම්බෙනවා. ඒත් එයා වෙනදා වගේ හිනා වෙලා කෑ ගගහා නෙමෙ හිටියෙ. බොහෝම අහින්සක විදියට පැත්තට වෙලා කල්පනා කර කර තමා හිට්යේ. දවසක් මම හවස බස් එකෙ එනකොට එයා ලඟට ගිහින් ඇහුවා "ඔයා මොකද මම අහපුදේට කියන්නේ" කියලා... මගෙ මූණ දිහා ටිකක් වෙලා බලන ඉදලා කිව්වා "මට එහෙම සම්බන්ධයක් පටන් ගන්න බෑ..ඔයා මගේ හොදම යාළුවා මම කොහොමද ඔයා දිහා මගේ boy friend විදියට බලන්නේ, මට ඒක කරන්න බෑ කියලා".

ඊට පස්සෙ උනේ මොනවද කියලවත් බස් එක කුරූණෑගලට එනවවත් මට මතක නෑ. මම ගොඩාක් ලොකු දුකක් දැනුනේ..

ඊට පස්සෙ කාලයක් මම ශෙරීන් ඒ හවසට යන බස් එකෙ ගියේ නෑ. මම ගියේ ඊට පස්සෙ යන බස් එකේ. මම තනියම නිසා නුවනත් මාත් එක්කම ආව හැමදාම. පස්සෙ මට සචිනි අක්කා කීවා මට එයාලත් එක්ක ඒ බස් එකේ යන්න එන්න කියලා, මම ඇයි එහෙම කියන්නෙ කියලා අහපුවාම එයා කිව්වෙ "නෑ මල්ලී ශෙරින් හැමදාම බස් එකට නැගපු ගමන් අහන්නේ කෝ ඔයා කියලා" එයත් ඉන්නෙ හරිම අප්සට් එකෙ කියලා. මම ඒක නිසාම ඒ බස් එකෙ යන්න ගත්තා. ඒත් වෙනදා වගේ කට්ටියත් එක්ක විහිලුවෙන් නෙමෙ. මම බස් එකට නැගලා ඉස්සරහටම ගිහින් වාඩි වෙලා යනවා. මේ කට්ටිය ඔක්කොම යන්නේ පිටිපස්සෙ සීට් එකේ..

මම හැම වෙලේම කල්පනා කලේ මට උනේ අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ වගේ වැඩක්ද කියලා. මට හිටිය හොදම යාලූවත් නෑ එයාගෙ ආදරයත් නෑ...ඒත් එහෙම උනේ නෑ දවසක් ශෙරීන් මගෙ ලගට ඇවිත් කිව්වා. මම ඔයාට බෑ කිව්වට ඔයා හැමදාමත් මගේ හොදම යාළුවා තමා කියලා.. ඒ වචනෙ නිසා මට මගේ හිත ටිකාක් හරි හදා ගන්න පුළුවන් උනා...

ඔය විදියට කාලය ගත වෙලා ගියා අපී එකට හිටිය මාස 6 ගතවෙලා ඉවර උනා. මට ඊට පස්සෙ එකම එක දවසක් ශෙරීන්ව හම්බ උණා. එයා එතකොටත් කා එක්කවත් යාලූවෙලා නෑ. ඒත් හිටියට වඩා ගොඩාක් ලස්සන වෙලා...

ඒ හම්බුනට පස්සෙ මම හදාගෙන හිටිය හිත ආයෙ කැඩුනා. මට ඇයි ශෙරීන්ගෙ ආදරය ලබා ගන්න බැරි කියලා. මම ආයෙ එක වතාවක් එයාගෙන් කලින්දේම ඇහුවා..ඒත් මට ලැබුනේ පරණ උත්තරයමයි...මොනව කරන්නද මේක මගේ ලැබීම වෙන්න ඇති.................

හරියමට මම මේ කථාව ලියන්න සතියකට දෙකකට විතර කළින් සචිනි අක්කා මට කෝල් කරලා කිව්වා "මල්ලී ශෙරීන් බදින්නලු යන්නෙ" කියලා....

අම්මෝ මට ඇත්තටම ඇඩෙන්න ආවා. ඇයි මටම මේ වගේ දේවල් වෙන්නේ. මම මේ තරමටම ඇයි පව්කාර කියලා ඒත් කරන්න දෙයක් නෑ මේ මගේ ලැබීම..

මම මගේ හොදම යාලුවට ආදරේ කලා. ඒත් එයාගෙන් මට ආදරේ ලබා ගන්න බැරි උනා, එයා දැන් කසාද බදින්නලු යන්නේ..කමක් නෑ ශෙරීන් ඔයාට හොදක් වෙනවනෙ කියලා හරි හිතලා හිත හදාගන්න මම උත්සාහ කරන්නම්. ඒත් තවමත් මගෙ හිතේ ඉන්නේ ඔයා විතරයි. ඒත් ඔයානම් ඒ ගැන දන්නෙ නැතුව ඇති. දැන ගත්තත් දැන් ඒකට පරක්කු වැඩියි....

කමක් නෑ මොනවා කරන්නද මේක තමා ජීවීතේ කියන්නේ දුක සැප, ලැබීම් නොලෑබීම් දෙකම තියෙනවා. මේක මගේ නොලෑබීම..

ඔයා සතුටින් ඉදී කියලා මම විශ්වාස කරනවා..මට ඕනේත් එච්චරම තමා...

මට ආයේ මේ ගැන කියන්න දෙයයක් නෑ. මේ කථාව කියවපු ඔයගොල්ලොන්ට මොනවා හිත්නද මම දන්නෑ. ඔයගොල්ලන්ට හිතෙන දේ කමෙන්ට් එකක් විදියට දාලා යන්න....ඒකත් සමහර විට මට හිත හදාගන්න ලොකූ උදව්වක් වෙන්න පුළුවන්.......



Aug 3, 2011

මෙන්න බූට් නම් බූට්........මේස් 2ත් එක්ක........ :D

 ම මේ කියන්න හදන්නේ මට වුණ සිද්ධියක් ගැන. ඇත්තටම කිව්වොත් එක මහා එපා කරපු දෙයක්. ඒ කාලේ මම මේ ගැන හිතන්න තියා හිතෙනවටවත් කැමති උනේ නෑ. මොකද මේ සිද්ධිය ඒ දවස්වල මට ඒ තරමටම මට හිතට වද දුන්නා. ඒත් දැන් මට ඒ දේවල් මතක් වෙනකොටත් හිනා යනවා බකස් ගාලා.....හරි හරි කථා ඇති මෙන්න සීන් කෝන් එක....

මං මුකුත් නොකර නිකං ගෙදෙට්ට වෙලා ඉන්න කාලේ ( ඒ කාලේ මං හෙන පොඩි එකා හරී අහින්සකයි. බොරු නම් අපේ අම්මගෙන් අහලා බලන්නකෝ...හික්..)අම්මා කෑ ගහනවා "නිකමෙක් වගේ ගෙදරට වෙලා කකා බීබී ඉන්නෙ මොකක් හරි කෝස් එකක්වත් කොරලා රස්සාවක් හොය ගනින්" කියලා..අම්බෝ අපෙ අම්මගෙ කට 'බේං සයිස්'..

ඔනේ බම්බුවක්. මටත් බැනුම් අහන්න බැරි කමට ගියා කොම්පුටර් කෝස් එකක් කරන්න අපේ ටවුමේ තැනකට..මේක හෙන ලොකු ඉස්පොට් එකක්. කෝස් එක මාස 6යි. උදේ 8.00 හවස 4.00. දැන් ඉතින් අදිනවා. එපා වෙනවා. මං මේ ඇත්තමයි කියන්නේ ඔය කාලෙ වෙනකොට මට කෑල්ලක් හිටියෙ නෑ. උ.පේ කරන කාලෙ එකක් ටෝක් කලා, හිකිස්....ඒක ටෝක්ම විතරයි... :D.

කොහොමින් කොහොම හරි මම දැන් ක්ලාස් යනවා. ඔය ක්ලාස් එකේදි මට සෙට් උනා චරිතේ ඌ තමා මගේ අතීජාත මිත්තරයා අදටත්... ඌ නුවන්. මේකා මට වැඩිය අවුරුදු 2ක්ම වැඩිමල්. ඒත් මේ වෙනකං ම්ං මේකට අයියෙ කියලා නෑ...මීට පස්සෙ මම කියන මට උන හැම දේකටම මට සහෝදරයෙක් වගේ හිටියෙ මූ තමා..

වැල්වටාරම්ම තමා කීවෙනේ..මෙන්න ඉස්ටෝරිය...

මම දැන් ඔය කොම්පියුටර් ක්ලාස් යන කාලේ මම යන තැන තිබ්බෙ අපේ ක්ලාස් එක විතරක් නෙමේ. එතන තව තිබ්බා පුද්ගලික ලේකම් කියල කෝස් එකක්...හික්.. මේකේ තමා බූට් දුන්න එක්කෙනා හිටියේ :D, එයාට අපි නයෝමි කියමුකෝ (ඇත්ත නමත් ඒකම තමා...හික්..). ඒ ක්ලාස් එකත් පටන් ගත්තේ අපේ ක්ලාස් එක පටන් ගන්නකොටමයි. මමත් නයෝමිව ආපු පලවෙනි දවසෙම දැක්කා. බොරු කියන්න ඕනේ නෑ නෑ. සුපිරි කෙල්ල පට්ටා ලස්සනයි. මගේ හිතේ නයෝමිව දැක්ක දවසෙම පොඩි මෙව්වා එකක් ඇති උනා.මං නුවනටත් පෙන්නුවා 'ආං බලපන්කෝ බං කෑල්ල සුපිරි නේද' කියලා. ඌත් ගොනා වගේ ඔළුව වැනුවා.

අපේ ක්ලාස් එකට එහා පැත්තෙ තියෙන්නේ තරුණ සේවා සභාව, දවසක් ඕකේ දවල් වෙලාවෙ තිබුනා සංගීත සංදර්ශණයක්. අපේ කට්ටියන්ට ඒක යන්න චාන්ස් එකත් ලැබුනා. අපිත් ගියා නයෝමිලාගෙ ක්ලාස් එකත් ඇවිත් හිටියා. මං නයෝමි ඉන්නවා දැක්කා ටිකක් ඉස්සරහට වෙන්න. මං දිගට ඇහැ දාගෙනමයි හිටියේ.. කොහොම හරි සංගීත මෙව්වා එක ඉවර වෙනකොට 4ට විතර ඇති. එදා අපිට කලින් යන්න චාන්ස් එක. එදා තමා දවස. මායි නුවනයි ගේමට එන්ට්‍ර් උණා. අපි දැම්මා ෆලෝව් එක, අපිට දුන්නා ලයින් එක..අම්මේ දා ඉතින් වෙන මොකවත් ඔන්නෑ..කෑවෙත් නැද්ද මන්දා...

ඔහොම දවස් 3ක් 4ක් ඉවර උනා. මාත් ගානට ලයින් කරලා අහන්න ඔනෙ එක ඇහුවා. අද වගේ මතකයි ඇහුවෙ සිකුරාදා දවසක ටවුන් එකේ උමගෙදි :/ . මට කිව්වා එහෙම එක පාරට ඔය වගේ දෙයකට උත්තරයක් දෙන්න බෑ ටික දවසක් කල් දෙන්න කියලා. මම කිව්වා ටික දවසක් ඉන්න බෑ මට ලබන සදුදා උත්තරයක් දෙන්න කියලා. එහෙම කියලා මගෙ නම්බර් එකත් දීලා මාත් නම්බර් එක ඉල්ලා ගත්තා....හිකිස්..

කථා බහ කරපු විලාසෙට නම් මට එකෙන්ම තේරුණා කොල්ලා ගොඩ කියලා. ඔය අතරේ සෙනසුරාදා ඉරිදා මං SMS කර කර හිටියා. ගහන පමාව විතරයි ක්ශණික reply.

සදුදත් උනාය කියමුකෝ..පපුව නිකං කෝච්චියක් වගේ ගැහෙනවා එකෙන්ම. කොහොම හරි මට උදෙ නයෝමිව හම්බ උනත් මට කිසි දෙයක් අහ ගන්න උනේ නෑ, ඒත් හවස මට "මම ඔයාට කැමතියි" කියන දේ අහන්න ලැබුනා හික්... කවුද යකෝ දන්නේ මේ නොකියා කිව්වෙ "දෙන්නම් තොට හෙන පත බූට් එකක්" කියලා. :D

කොහොමින් කොහොම හරි ඉතින් දැන් ලව් එක නැගලා යනවා. හම්බවෙන්න නම් එහෙමටමයි කියලා චන්න්ස් එකක් නෑ උදෙටයි හවසටයි විතරයි... මුල් කාලෙනම් පැය 4, 5 එක දිගට ෆෝන් එකෙන් මල කඩනවා (ඒ කාලේ මල් ගැහුවෙ නෑ :D කැඩුවා විතරයි).

කොහොම හරි කාලයක් ගෙවිලා ගියා එන්න එන්න මගේ කෝල්ස් වලට ආන්සර් කරන එක අවු උනා. ආන්සර් කළත් පොඩි වැඩක්, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා වගේ එක එක කථන්දර කියලා කෝල් එක කට් කරනවා. අයියෝ මට ඇඩෙන්නෙ තනි ඇහැට ඒ දවස් වල.

ඔය විදියට මම කථා කරන්න ට්‍රිඑක දෙන කොට එක දවසක් මට වෙන නම්බර් එකකින් කෝල් එකක් ආවා.

මම - හෙලෝ

එහෙන් - ආ හෙලා මේ..මේ නම්බර් එකෙන් මෙන්න මේ 071________ නම්බර් එකට සෑහෙන්න කෝල්ස් අරන් තියෙනවා.

මම - ආ එහෙමද ?? (මම නිකන් දන්නෑ වගේ ඇහුවා)

එහෙන් - එහෙම තමා මම මේ නම්බර් එක මගේ නම්බර් එකට divert කරලා තියෙන්නෙ. ඔයා කවුද ආයෙ මේ නම්බර් එකට කෝල් අරන් තිබුනොත් බලා ගත්ත හැකියි.

අම්බෝ ඇස් දෙකටම ඇඩෙන්නෙ නැද්ද මේ උන දේට. මොකද උනේ කියලා හිතා ගන්න බෑ. මම නුවනටත් ඒ ක්ශණික කෝල් එකක් අරන් උන සිද්ධිය කිව්වා. ඌ කිව්වා 'මචන් කලබල නොවී හිටපන්කෝ, වෙන්නෙ මොක්ද කියලා බලමුකෝ ' කියලා.

ඔහොම ටික දවසක් ගියා කිසි වෙනසක් උනේ නෑ...පස්සෙ දවසක ක්ලාස් ඇරිලා යන කොට මට අර කොල්ලගෙ නම්බර් එකෙන් කෝල් එකක් ආවා (උගෙ නම තරිදු, ඌ හරි හොද එකා පස්සෙ මගෙත් එක්ක හොදටම ෆිට් උණා)
'මචන් උබ දැන්ම **** ලඟට වරෙන් මම නයෝමිත් එක්ක ඉන්නවා' කියලා. මමත් නුවනවත් ඇද ගෙන ගියා. ඇත්ත නේන්නම් මේ ඉන්නේ දෙන්නම්..හික්.. ඒ උනාට කෙල්ල යන්න හදනවා අරූට බනිනවා. මං ඇහුවා මොකක්ද සින් එක, මොකක්ද මෙතන වෙන්නේ කියලා. තරිදුවා කීවා මචන් මේ නයෝමි මහෙ කෑල්ල, මේකි උබට මේ කරන්නේ බොරුවක්ය කියලා. මට ඇඩුනා ඕයි සිරාවටම :D මං නයෝමිගෙන් ඇහුවා ඇත්තද මේ කියන්නෙ කියලා.
'මේ මෙයගෙ බොරු එහෙම දෙයක් නෑ' කියලා මේකි ගත් කටටම කියපි. ඊට පස්සෙ මං ඇහුවා එහෙනම් කියන්න අපි දෙන්නගෙන් කවුද ඔයා ඇත්තටම ආදරේ කරන්නේ කියන්න කියලා. ඒකී 'මට ඔය දෙන්නවම එපා' කියලා පාර පැනලා බස් එකේ නැගලා යන්න ගියා....

පස්සෙ තරිදුවා මට ඔක්කොම විතරේ කිව්වා...

ඌ කියපු විදියට ඌ ඒකිව බදින්න ඉන්නේ. ඒත් මේකි උට කැමති නෑ ඒ වගේම ඌ කිව්වා ඌ ඒකිගෙ 22 කොල්ලා කියලා ( ඒ කියන්නෙ මම 23...ආසයි නේ). කියලා උගෙ කථාව මට ඔක්කොම කියලා ඌ යන්න ගියා ඌ ඇත්තටම හිත හොද කොල්ලේක්...

මම පස්සෙ මේ හැම දෙයක්ම හිතින් අමතක කරන්න හිතුවා ඒත් ඒක කරන්න බෑ. මම මගේ ෆෝන් එකත් විකුනලා දැම්මා මේ දෙවල් අමතක කරන්න ඔනෙ නිසාම. කොහෙද මට ඒ නම්බර් එක කට පාඩම්..සිස්....

ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා. ඔය අතරෙ මගෙත් එක්ක සම්බන්දෙත් ටික ටික තිබුනා. දවසක් තරිදුවා මට කෝල් එකක් දීලා කිව්වා 'මචන් පුලුවන්නම් ටවුන් එකට වරෙන් එකෙක් මගෙන් ගේම ඉල්ලනවා' කියලා. මට ඒ වෙලේ යන්න ක්‍රමයක් තිබුනේ නෑ. පස්සෙ තරිදුවා ආයේ රෑ අපේ ගෙදරට කෝල් කරලා කිව්වා මචන් හෙට උදේ ටවුමට වරෙන් මට උඹට කියන්න ගොඩාක් දෙවල් තියෙනවාය කියලා.

මම පහුවදා උදේ ටවුන් එකට ගියා. මූ මට ඔක්කොම විස්තරේ කිව්වා..

නයෝමි කියන්නේ කර ගන්න පුලුවන් හැම දෙයක්ම කර ගත්තු කෙල්ලෙක් (මම නම් මොකුත් කලේ නෑ). තරිදුවත් කීව වතාවවක්ම එක එක තැන් වලට ඇද්දලු. ඒත් ඌ ඒකිට ලව් කරලා තියෙන්නෙ බදින්නමලු. ඒත් ඒකිගේ කරුමේ මේකි උටත් බූට් එක තියලා දැන් 24 වෙනි කොල්ලත් එක්ක රූම්ස් ගානෙ යනවලූ.....

මම නයෝමී එක්ක තරහක් නෑ, මොකද මට ජීවිතෙටම අමතක වෙන්නෙ නැති පාඩමක් කියලා දුන්නා.. ජීවිතේට මුහූන දෙන්නෙ කොහොමද කියලා කියලා දුන්නා. ආයෙ මම මේ වගේ මිනිස්සුන්ට අහුවෙන්නේ නෑ මීට පස්සෙ.

මට මේ උන හැම ප්‍රස්ණ්යකදිම නුවන් මගේම සහෝදරයෙක් වගේ මගේ ලගින්ම හිටියා.."මචන් උබට ගොඩාක් ස්තූතියි කරපු උදව් වලට"

ඒ වගේම මම මානසිකව වැටිලා හිටිය වෙලේ මාව ඒ තත්වයෙන් ගොඩ ගන්න ලොකූ ශක්තියක් උනු සචිනි අක්ක, ශෙරීන් දෙන්නාට ගොඩාක් පින්....(ශෙරීන් එක්කත් මගෙ හුටපටේ පස්සෙ දවසක කියන්නම්...;) )

මම හැමෝටම කියන්නේ. දෙයක් කරන්න කියන්න කලින් මිනිස්සු මොන වගේ අයද කියලා අදුනා ගන්න. තමන්ගෙ අම්මා ඇරෙන්න වෙන කිසිම ගෑණියෙක් 100% විශ්වාස කරන්න එපා.....

Jul 21, 2011

අළුත්ම කසාදේ

කස්ටිය දන්නවද අළුත්ම කෆල් එක කවුද කියලා. ඇත්තටම කවුද කියලා අහන්න බෑ, අහන්න වෙන්නෙ අළුත්ම කෆල් එක මොකක්ද කියලා. ඇනේ ඇත්තට බැන්දේ උන් කෙලඋනෙ අෆිට අෆේ මේ මුහුණුෆොතයි අෆි හොදට අදුනන ස්කයිෆ් (Skype) එකයි තමා කසාද බැදෆු අළුත්ම කෆල් එක.

අනේ ඉතින් මුං කසාද බැන්දා කියලා අෆිට කිසි ෆ්‍රස්නයක් නෑ ඒත් ඉවසන්න බැරි යස අගේට තිබ්බ චැට් සිස්ටම් එකට කෙලවෆු එක තමා. ෆව් අර මාක් කාරයගේ අසරණ අම්මා, කී දෙනෙක්නං උන්දැව මතක් කොරනවද දන්නෑ.

බැන්දේ දෙන්නෙක් බැනුම් අහන්නෙ තව කෙනෙක්, කෙලඋනේ අෆිට. දුක තමා, අෆි කියා ඉතිං මක් කොරන්නද හැබෑටම....

ලියන්ඩ දෙයක් තිබ්බෙම නැති නිසා ලිව්වෙ. බොරීං උනාද දන්නෑ ඈ
මං ගියා එහෙනං......

Jul 9, 2011

බණ්ඩාරවෙල ට්‍රිෆ....

මං මේ කියන්ඩ හදන්නේ මං අන්තිමේටම ගිය ට්‍රිෆ් එක ගැන.
ඇත්තටම මේක තමා මං ගිය ආතල්ම ට්‍රිෆ් එක. හරි හරි එහෙනං ඕං මං කථාව මුල ඉදන්ම කියනවා (බෝරිං වෙයිද දන්නෑ ඈ)

ඔය අෆේ කැලෑසියෙ (ඔය class එක කියන්නේ) ඉන්නවා අනේ අම්මේ ට්‍රිෆ් යන්ඩම උෆන් සැට් එකක්. උන්ගෙ වැඩේ ට්‍රිෆ් යන එකම තමා. කොහොමින් කොහොම හරි අපි කස්ටිය කථා උනා බණ්ඩාරවෙල යන්න. අෆේ එකෙක්ගේ, අෆි උට තඩ්ඩා කියමුකෝ ඈ. මේ අෆේ තඩ්ඩගේ අදුනන අක්ක කෙනෙක් ඉන්නවාය එයාට කියලා නවතින්ඩ තැනක් සැට් කරගන්න ෆුලුවන් කමක් තියෙන නිසාම ගමන ඕං ලෑස්ති කර ගත්තා සති 3ට විතර කලියෙං. යන්ඩ සෙට් උනේ මායි අෆේ තඩ්ඩයි, සුභයයි, රසිකයයි, අසංක ලොකු අයියයි තමා මුලුන්ම. ෆස්සෙ තඩ්ඩගෙ ගමේ යළුවෙක් සැට් කොර ගත්තා අෆි උට කුම්භා කියමුකෝ. තව අෆේ රසික මලයගේ මස්සිනා කාරයයි උගේ ෆ්‍රෙඩෙකුයි ඌ උදා.

අම්මේ ඉතිං දැන් තව හෙනට දවස් තියෙනවා මේක යන්ඩ ඒත් දැන් ඉදන්ම කස්ටිය ඉන්නෙ බණ්ඩාරවෙල. කොහොමින් කොහොම හරි යන දවසට කලින් දවස ආවා. දැන් හෙන ෆ්‍රරස්නේ උදේ 7.20 කෝච්චිය තියෙන්නෙ මං හිතන විදියට ෆොඩි මැණිකේ අක්කා තමා එන්ඩ ඉන්නේ. මේ ෆ්‍රස්නේ කියන්නේ මේ අෆේ සුභයටයි තඩ්ඩටයි උගේ යාළුවටයි එන්ඩ ක්‍ර්මයක් නැති එක. ෆස්සෙ කස්ටිය කතා වෙලා තඩ්ඩා හවස්වෙලා යනවා කීවා අෆේ අසංක ලොකු අයියගේ ගෙදර (ලොකු අයියා කියන්නෙ ඌ හෙන සයිස් ඒකයි). සුභයා එනවා කීවා අෆේ ගෙදර. මොකෑ අෆේ ගෙවල් ව්අල ඉදං ස්ටේසමට යන්ඩ ලේස්යි ඒකයි. කොහොම හරි දැං තඩ්ඩා අහරේ ගියා. සුභයා අෆේ ගෙදර ආවා. ආවා කියන්නෙ අෆි දෙන්නම හවස එකටමයි ආවේ. එනකොට දන්නැදද ඔය ෆොඩි ටින් කෑලි 2කුත් උස්සං තමා ආවෙ. ෆස්සෙ ඉතිං අෆි දෙන්නා හිමිං සීරුවෙ ඒකටත් වග කියලා ෆහුවදා උදේ ෆිටත් උනා ඕං යන්ඩ.

අෆි යනකොට අනිත් අය ඔක්කොම ඉස්ටේසමේ ඔඔකොම 9යි.

මායි, තඩ්ඩයි, අසංක ලොකු අයියයි, සුභයයි, රසික මලයයි, උගෙ මස්සිනයි උගේ යාකුවයි, කුභයි අෆේ කොට නිසාන්ත අයියත් ඇවිත් හිටියා.
කොහොම හරි ටිකට් ගන්ඩ ගිහිනුත් මාර වැඩක් උනා. හිකි හිකි :D. අෆි ගත්තේ 2nd class ටිකට් අෆි ඔක්කොම
ගත්ත නිසා ටිකට් දෙන එකා අෆේ කුම්භගෙන් අහලා මල්ලි class එක මොකක්ද කියලා. මේකා ගත් කටටම කියෆි ආ අයියෙ මං ටෙක් එකෙ කියලා. විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ. ෆස්සෙ තඩ්ඩ ගිහිං උටත් ටිකක් එකක් අරන් දුන්නා. ජාමේ බේරං එතනින් මාරු.

ඕං දං ඕක්කෝම සැට්. අෆි ඉන්නවා. 7.20 එන්ඩ හිටෆ්ය් ෆොඩි මැණිකේ අක්කා ඕං එනවා 7.30 විතර (ලංකාවෙ කෝච්චෙනේ). කොහොම හරි ගොඩ උනා කියමුකෝ ඒකටත්. ෆුල් හවුස් නෝ සීට්ස්. හිටගෙනම යමං කියලා කස්ටියම ගියා දොර ලගට. ෆටං ගත්තා මියුසිකල් සෝ එක. අෆේ අසංකයටයි තඩ්ඩටයි එලට බොංගෝ ගහන්ඩ ෆුලුවන්. මමත් රුෆියල් 2ක් අරං කෙලුනවා කෝච්ච්යට. ඔහොම එනකොට දැං බඩත්ගිනියි. කන්ඩ ක්‍රමේකුත් නෑ කරන්ඩ දෙයක් නෑනේ කියලා කෝච්චියෙ බිම එලාගෙන කෑවා ෆාං. කාලා ආයේ අර රාජ කාරියම ෆටං ගත්තා. දෙයියො බලලා වගේ හැටන් හරියෙං සීට් 2ක් ලැබුනා. ඔය එන කොට M.S ප්‍රනාන්දුගේ වොයිස් තියෙන අංකල් කෙනෙක්ත් සැට් උණා සංගීතෙට. හිමින් හිමින් අෆි දැං යනවා. 3 වෙනකොට අෆි කිට්ටු උනා අෆේ ඉෆොට් එකට. අෆි හිටෆු හරියෙ හිටිය සැට් එකටම කියලා අෆි බැස්සා. අනේ වාසනාවං කියන්නෙ අෆි බහිනකොටම රෝද 3 ඒවා 2ක් එවලා තිබුනා නවතින තැනට යන්ඩ. කරුමෙක මහත කියන්නේ අර තඩ්ඩයි අසංකයි නැග්ගා විතරයි එක රෝද 3ක් ෆුල්. මොනා කරන්ඩද මායි නිසාන්තයයි නැග්ගා උන්ගෙ ඔඩොක්කු වලට. අෆි 4දෙනා එකක අනිත් උන් 5දෙනාම අනිකේ. අෆේ කුම්භ්ගේ කකුලෙ අඩියයි ඔලු කට්ටයි විතරයි ඇතුලේ අනිත් ටික ඔක්කොම එලියේ. ෆොලීසියෙන් දැක්කනං එහෙම 60 ෆාරක්වත් ලියනවා.

එතනත් හෙන කට්ටක් කලා අවා නවතින ඉස්ෆොට් එකට. නරකම නෑ තැන, කාමර 3යි එක කාමරේක ඇදන් 3යි අෆි ඔක්කොම 9යි එකාට එක ඇද ගානේ තියෙනවා. මේක ඉහටත් උඩින්. ෆස්සෙ කස්ටිය නාලා කරලා එහෙම ලෑස්ති උනා බණ්ඩාරවෙල ටවුන් එක ෆැත්තෙ ගිහින් ඔය කන බොන දෙවල් අරං එන්ඩ (කන්ඩ නං නැත්ත කමක් නෑ බොන්ඩ තියෙනවනං). ගියා ෆුඩ් සිටියට ගත්තා black Opel 3ක් අෆේ බොන්නෙ 7යි. අසංකයයි නිසාන්තයිය මත්ෆැනට නෑ. අනිත් අඩුමු කුඩුම ටිකත් අරං අවා අෆේ ඉස්ෆොට් එකට.

අම්මේ.......ඒ සුභ මොහොත උදාඋනා. හාහා ෆුරා කියලා ගත්තා ෆස්ට් සොට් එක. ආසාවෙ බෑ. මායි සුභයයි කතාවෙලාම ආවෙ වැටෙන්ඩම ගහනවා කියලා. ඔය බොන අතරෙ උන සිද්දිනං කෝටියයි ඒවා වෙන වෙලාවක කියන්නම්. කොහොමහරි දැන් ඇති 10.30 විතර අන්තිම සොට් අෆි ෆ්‍රෙන්ඩ්ශිෆ් ගැහුවෙ. මට සුභයා දුන්නා 1/2ක් මම්ත් තියෙන ෆෙරේත කමට කෙලලා ඇරියා. අෆ්ෆෝ සැන්ටිං නෑ......

කිලෝ මීටරයි විතර දිගයි මගේ කබරයා. මට එච්චරයි මං ශට් ඩවුන්. යකෝ ෆුදුමේ කියන්නේ මේ අම්බානහ කෙලින තඩ්ඩත් ශට් ඩවුන්නේ කලින්ම. (අෆි දෙන්නා වැටුනට ෆස්සෙ තමා කස්ටිය ෆන් එක අරන් තියෙන්නෙ). කොහොම හරි අමාරුවෙන් ඇදට බඩ ගාගෙන ගිහින් නිදා ගන්ඩ ට්‍රයි කලා. ඒත් බෑ ඇද භ්‍රමණය වෙනවා. ෆස්සෙ උදේ ඇහැරලා බලද්දි තමා දන්නේ මට නිද ගිහින් කියලා. තඩ්ඩයි සිභයයි නං හෙන කොට ටිකක් ඉරුවා.

අම්මේ මගේ ජීවිතේ ෆට්ටම නයිට් එකක් ඒක. ඒක ගැන හිත හිත ෆහුවදා බදුලු ගිහින් දුන්හිදත් බලාගෙන නයිට් මේල් එකට නගින්ඩ කියලා හිතාන බදුලු ඔයෙන් නාගෙනම ආවා ස්ටේසමට. දුමක් කාරිය අරගෙන බදුල්ලෙන් හවස 5.55 කෝච්චියෙ ඉද ගත්තා ගම රටා බලා එන්ඩ. එනකොට සම්බද විතරයි ෆිහිටට. ඔතනවා ගහනවා ඔතනවා ගහනවා.....කොහොම හරි ෆාන්දර 4 වෙද්දි අෆි බැස්සා. 6 වෙද්දි මං ගෙදර.

ආයෙ සැෆ්තැම්බර් වෙනක ඉන්න ඕනෙ ඒ වගේ ෆන් එකක් ගන්න. ම්ං මේක ලියන්න හිතුවෙම මට මේක ජීවිතේට අමතක නොවෙන ට්‍රිෆ් එකක් නිසා......දිග වැඩියි මගේනම් වෙරි වෙන්ඩ සොරි ව්එන්ඩ ඕනෙ ඈ....

මුල ෆිරුම

ආයුබෝවන්ඩ කීවා !!!!
අම්මේ ඉතින් මාත් හා හා ෆුරා කියලා බ්ලොග් එකක් ලියන්ඩ ෆටං ගත්තා ඕං. ෆස්සෙ සැට් වෙමු මගෙ ලයිෆ් ඉස්ටෝර් ටික්කුත් එක්ක..
එහෙනං කස්ටියටම ජය ස්‍රී !!!