May 14, 2012

පාසල් ජීවිතය.... උසස් පෙළ කෙලවීමෙන් පසු අවසන් වීම :/

පි කවුරුත් ඉස්කෝලේ යනවා..ඒ කාලේ කොහොමවත් අමතක වෙන්නේ නෑ....මට නම් එහෙමයි, අනිත් අයටත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා.....

මාත් ඉතිං ඔහොම ඉස්කෝලෙ ගියා. ඉස්සෙරලාම ඉස්කෝලෙ යන්න පටං ගත්තේ 1995 අවුරුද්දේ... ගියේ අපේ ටවුමේ තියෙන ප්‍රසිද්ධ මිශ්‍ර පාසලකට (කෙල්ලො කොල්ලො දෙකම ඉන්නවා ඈ :P)..

1 වසරෙ ඉදං උසස් පෙල කෙළවෙනකම්ම ගියේ ඔය ඉස්කෝලෙටම තමා.... ඒත් සමහරු.....අම්මේ..... ඔය අවුරුදු 13ට ඉස්කෝල 100ට විතර යනවා...වෙලාවට මට එහෙම ටොපියක් සැට් උනේ නෑ....

ගෙදර ඉදං ඉස්කෝලෙට විනාඩ් 10යි.... අපි ඉස්කෝලෙ යන්ඩ පටං ගත්තු කාලේ ඉස්කෝලෙ පටං ගත්තේ 8ට.. ගෙදරන් 7.40ට විතර එනවා.... අතුගාන්ඩ තියෙන දවසට ගෙදරින් එන්නේ 7.50ට විතර :D... පස්සෙ තමා මොකක්ද හින්දා ඉස්කෝලෙ 7.30ට පටං ගන්ඩ ගත්තේ....

තව එකක් කියන්ඩ ඔනේ, කමෙන්ට් වලින් අහන්ඩ එපා මම ශිෂ්‍යත්වේ පාස්ද පේල්ද කියලා ඈ.... මොකො කිව්වොත් සිරාවටම මට මතක නෑ මං පාස්ද පේල්ද කියලා...(දැන් උබලා හිතයි අනිවා මංපේල් ඇති කියලා.... ඉතිං හිතා ගනිල්ලා, ඒ හෙන කාලෙකට කලිංනේ... නැතතං දැං ඒක ලිව්වනං අනිවා පාස් හරිද..).. :P.

මුලින්ම කියන්නම් 1 වසරෙං වෙච්චි සීන් එකක්..(පිළිවෙලකට යන්ඩ එපැයෑ නේ)

පොඩිම කාලෙ සීන් නං ගොඩක් මතක නෑ අමතක නොවෙන එක සීන් එකක් තියෙනවා.. එක සැරයක් හෙන වැස්සෙ මායි තව එකෙකුයි අම්භානක තෙමිලා තෙමිලා (ඉන්ටර්වල් එකෙද කොහෙද) ක්ලාස් එකට ගිහිං ක්ලාස් ටීචර්ගෙන් තුවායක් නැද්ද ඇහුවා ඔලූව පිහ ගන්ඩ......:D... එදා තමා ගුටි කණ එක පටං ගත්තේ.....

ඊට පස්සෙ පන්ති වලිනුත් එක එක ටීචර්ලගෙන් අම්භානක ගුටි කෑව කියලනම් මතකයි ඒත් හරියටම මොන වගේ සීන් වලටද කියලා මතක නෑ.. :(

ආ...තව එකක්.... මං කාවදාවත් වාර විභාග වලිං පන්තියෙ පළවෙනියා වෙලා නෑ....මං ඒ ගැන අදටත් හෙන ආඩම්බර වෙනවා...මොකෑ මං එහෙම පලවෙනියා උනානං පව්නෙ අනිත් උන්, උන්ට ප්ලේස් නැති වෙනවනේ..... ඇත්තටම මම එහෙම කලේ අනුන්ගැන හිතලමයි....

අනෙ අර ගුටි කාපු සීන් එකෙන් පස්සෙ එහෙම ලොකුවට චාටර් උන සීන් එකක්වත් මට හරියටම මතක නෑ....

එක සැරයක් ඔපිස් එක ඉස්සරහ උදේ ඉදන් ඉස්කෝලෙ ඇරෙනකම්ම දණ ගහගෙන හිටියනම් මතකයි, ඒත් සීන් එක මොකක්ද කියලා හරියටම මතක නෑ...සිස්....

කොහොම හරි කාලෙ ගෙවිලා (අ)සාමන්‍ය පෙළ කරන කාලෙත් ආවා....හරියටම කියනවනං 2005 අවුරුද්දෙ තමා ඒකට සැට් උනේ.......(ආ දැං උබලා හිතනවා ඇති ඒකත් කෙලෝ ගත්තා කියලා..... රෙද්ද තමා හූ ඈ...)...

බොරු කියන්ඩ ඔනේ නෑනේ මට සුවර් එකක් තිබ්බෙත් නෑ විභාගෙ ගැන, ඒ කාලේ තමා ගහපු තරමක් ක්‍රිකට් ගැහුවෙ.... රිසාල්ට් දැගත්තෙත් අම්මගෙ මාර්ගෙන්.. ඒකාලේ ගෙවල් වල ඉන්ටර්නැට් තිබුනෙත් නෑ....අතේ පෝන් තිබුනෙත් නෑනේ....අම්මලගෙ ඔපිස් එකෙ ඉන්ටර්නැට් වලින් බලලා තමා මට කෝල් කරලා කීවෙ....
" ආ....උබ විභාගේ පාස් ඈ" කියලා.... සිරාවට අදටත් මට සුවර් නෑ ඕයි ඒක..... වැඩ 10ම සම්මානනේ... A-4, B-3, C-3....

හැබැයි මට කෙල උනෙත් ඔය විදියට සා.පේ හරියට පාස් උන එක තමා.... එහෙම පාස් උනේ නැත්තං මං උසස් පෙළට මැත්ස් තෝරා ගන්න එකක් නෑනේ..... ආට් කලානං අනිවා පාස් වෙනවා.....

අනික උබලට කියන්ඩ.. අපිට කෙල වෙන්න අනික් හේතුව තමා අපේ සා.පේ රිසාල්ට් එන්ඩ මාස 6ට වැඩිය ගියා (2005 සා.පේ කරපු උන්ට මතක ඇති).. ඒ කාලේ බුල කෙලින්ඩ සෙට් උන එකෙන් තමා ඉගෙන ගන්න තිබ්බ ආසාව නැත්තටම නැති වෙලා ගියේ.....

කොහොම හරි මැත්ස් කරන්ඩ තෝරගෙන ක්ලාසුත් ගියා (මුල් කාලේ :P) ඉස්කෝලෙ පටං ගන්නකං......

වෙන්ඩ තිබුණ විදියද දන්නෑ, වල බැස්ස තරමක් වල බැස්සෙ උසස් පෙළ කරන කාලේ...

ඒ කාලේ 7.30 වෙද්දි ඉස්කෝලෙට යනවා, ගිහින් 8.30 වෙද්දි ඉස්කෝලෙන් පයිනවා.... පැනලා මොකෙක්ගෙ හරි ගෙදර ගිහින් ෆිල්ම් බලනවා....බලලා ගෙදර යනවා..... සමහර දාට එහෙමත් නෑ කෙලින්ම ගෙදර එනවා..........අපේ ගෙදර දවල්ට කවුරුද් නෑ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා, ඒ දෙන්නම එන්නේ 5ට විතර... හැබැයි ඒත් ගෙදරට එන්න කලින් දැන ගන්නවා මං කලින් ආවා කියලා....(කට කැඩිච්ච ගෑණු ඉන්නවනෙ)....

අපිට ඒ කාලේ ගොඩක් වෙලාවට උදේම පීරියඩ් එකෙ තිබුනේ කම්බයින්ඩ් මැත්ස්..... උදේම ඉස්කෝලෙට ඇවිත් ගාථා කියලා ඉවර උන ගමන් බත් එකක් හරි දෙකක් හරි කනවා..එහෙම කනකොට සර් එනවා.... ඒ සර් හරි පව්.එයා කියනවා අදවත් පන්තියෙ ඉදලා මේ පීරියඩ් එකෙන් පස්සෙ ගෙදර පලයල්ලා කියලා.... සර් පව් හින්දා ඉන්නවා නැත්තං ඉන්නෑ.....

අපි ඒ කාලේ ඉස්කෝලෙන් පැන්නේ අපේ ක්ලාස් එකට එහා පැත්තෙන් තිබ්බ තාප්පෙන්.... එක සැරයක් නිවාඩු කාලෙ ඉවර වෙලා ඉස්කෝලෙ එනකොට ඒ තාප්පේ අඩි3ක් විතර අලුතෙන් උස ගිහින්....හෑ.. පයින්ඩම බෑ.....

අපි ට්‍රයි එක අත ඇරියේ නෑ.... උඹලා දනන්වනෙ ඉස්කෝල වල කුණු දාන තැන..අර තාප්පෙටම සැට් කරලා එලියෙන් ඇවිත් කුණු එකතු කර ගන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ..... අපි අන්තිමට අන්න එතනින් පයින්ඩ ගත්තා..... එතනින් පනින දාට බස් වලට අපිව ගන්නෑ......( ඒතරමට අපි ලග සුවද :P)

ඔය විදියට තමා ඉස්කෝලෙ කාලේ ගෙවුනේ....හෙණ පන්..මට උසස් පෙළට කෙල උණා බොරු කියන්ඩ ඔනෙ නෑනේ......උපරිමේටම කෙල උණා.....දුකක් නැතුව නෙමෙ.....(යකෝ මැත්ස් හෙන අමාරුයි...නැතත් මට සෙට් උනේම හෙන අමාරු පේපර් සැට් එකක්.....)

ප.ලි - කථාව බෝරිං උණානම් සමාව භාජනයකට දාන ලෙස ඉල්ලා සිටිනවා.....

මේ....අක්කේ, මගේ මේකව දැක්කද ??

මුලින්ම කියන්න ඔනේ මේක අසභ්‍ය කතාවක් නෙමේ, සමහරු මේ කතාව දන්නවත් ඇති. නොදන්න අයට දැන ගන්නයි කියන්නේ ඈ....

ආ... තව දෙයක්... මේක මට සිද්ද උණ දේකුත් නෙමෙයි ඈ :P....

මෙන්න මේකයි ඉස්ටෝරිය....

එක ගමක හිටියලු මිනිහෙක්, පොර ජීවත් උනේ තනියම. මොකද බුවා කසාද බැදලා නෑ, හැබැයි බුවාට හිටියා කසාද බැන්දත් ගෑණිට වඩා ශුවර් කරන්ඩ පුළුවන් බලු තඩියෙක්. ආයේ ඉතින් දෙන්නා ගජම ගජ යාලුවෝ.... බල්ලට දාලා තිබුණ නම තමා "මේකා"...

මං කිව්වනෙ මිනිහයි බල්ලයි හෙන ගජ යාලුවො කියලා. කොහෙ ගියත් දෙන්නා එකට. බල්ලා ඉන්න නිසා මිනිහත් කොහෙවත් යන්න බය නෑ....

දවසක් දෙන්නා ගියා ගමට කිට්ටුව තියෙන ටිකක් විතර විශාල කැලයක් තියෙනවා ඒකේ ඇවිදින්න (පොඩි පන් එකක් ගන්න හිතාගෙන වෙන්න ඇති)....

ඔහොම ටික දුරක් ඇවිදගෙන කැලේ මැද්දටම වගේ ආවා. මිනිහා දැක්කා ලස්සන වැවක් තියෙනවා. මහන්සියත් එක්ක නිසා ටිකක් නාගත්තොත් හොදයි කියලා හිතලා ඇදුම් ටිකක් ගලවලා දාලා බැස්සා වතුරට..... කැලේ හින්දා කවුරුකුත් නැති නිසා ෆුල් නේකඩ් එකේ තමා බුවා වතුරට බැස්සේ... දැන් ඇදුම් ටික ගොඩ, ඇදුම් මුර කරන්නේ බල්ලා (මේකා)....

පැයක් එකහමාරක් විතර නාලා ඩයල් එක ගොඩ ආවා..... මල හුට්ටප්පරයයි :O..... බල්ලත් නෑ ඇදුම් ටිකත් නෑ...... දැන් මොකො කරන්නේ ඇදුම් නෑනේ....බුවා හෙළුවෙන් :D.... වෙන කරන්න දෙයක් නෑ කියලා හිතාගෙන කැලේ ඇතිලෙන් දැන් අදුම් නැතුව උපන් ඇදුමෙන්ම මිනිහා යනවා බල්ලව හොයන්න.... කොහෙ කියලා හොයන්නද හෙණ කැලේනේ....

ඔහොම ටික දුරක් බල්ලව හොයාගෙන යනකොට කැලේ මැද්දෙ තියෙන අතඇරලා දාපු වගේ ගෙයක් හම්බුණා.... අඑතුලට ගිහින් බැලුවෙ ඒකෙවත් මේකා ඉන්නවද කියලා....නෑ...... ටිකක් වට පිට බලනකොට රාමු කරපු කණ්නාඩියක් (මූණ බලන එකක්) හම්බුනා.... ඇදුම් ටිකත් නැති එකේ ඒකෙන්වත් ප්‍රයෝජනයක් ගන්නවා කියලා හිතාන කණ්නාඩියෙන් මිනිහගෙ අහවල් තැන වහගෙන ටික ටික ගම පැත්තට එන්න ගත්තා....

ඒත් මිනිහා දන්නෑ මේ අල්ලගෙන යන එකේ තියෙන්නේ රාමුව විතරයි කණ්නාඩිය නෑ කියලා :D ( ඒ කියන්නේ තාමත් බඩු එලියේ).... ඔහොම වහගෙන කියලා හිතාගෙන රාමුවත් අල්ලගෙන ගම කිට්ටුවට එනකොට දර ඇහිදින්න යන ගමේ ගෑණු කෙනෙක් හම්බුණා ඉස්සරහට :O :O..... අනේ ඉතින් මිනිහා දන්නෙ නෑනේ කණ්නාඩියෙ තියෙන්නෙ රාමුව විතරයි කියලා.. මූ ඔක්කොම වැහිලා කියලා හිතාගෙන ගෑනි ඉස්සරහට ගියා......(අයියෝ සල්ලි) :P...

ගෑණි ඉස්සරහට ගිහින් මු අහපි.... " මේ....අක්කේ...මගේ මේවක්ව දැක්කද ?".... කියලා....

ගෑණි නිකං තෘශ්ණිම්භූත වෙලා වාගෙ මිනිහගෙ ඔලුවෙ ඉදං කකුල් දෙකටම බැලුවා... බලලා ඉවර වෙලා කියපි.......

"හෑ...මල්ලියේ...මම මේකව නං දැකලා තියෙනවා..ඒත් මේ රාමු කරපු එකෙක් දැක්කමයි" කියලා..... :O :O

විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ..... මිනිහා මේකෙක් ඔනේත් නෑ රාමුව ඔනෙත් නෑ කියලා කැලෙන් පැනලා ගෙදර දිව්වා..... හිකිස්..ගෙදර යනකොට මෙකයි ඇදුම් ටිකයි ඔක්කොම ගෙදර....බල්ලා ඇදුම් ටික ගෙදර ගෙනත්.....

කීකරු බල්ලෙක් නේ :P.....