Dec 17, 2013

කාලෙකින් බ්ලොග් එකෙ මොකුත් ලියන්න බැරි උණා.... 
මෙහෙම මේක පාලුවට යන්න දීලා හරි යන්නෙ නෑ කියලා හිතුණා....
මහ දුකකුත් දැනුනා හිතට,
ඉස්සර මගෙ බ්ලොග් එක අප්ඩේට් උණ විදියට සාපේක්ෂව දැන් මේක අප්ඩේට් නොවන නිසා...
එකට හේතුවත් මමම තමා....
ඉස්සර වගේ මොනවාම හරි මේකෙ කුරුටු ගානවා.....
ජය වේවා.....

හම්බෙමු !!!

Oct 1, 2013

වැලිකන්දේ පුස්තකාලයට "මනුස්සකමෙන්" සහයෝගයක්




වැලිකන්දේ පුස්තකාලයට "මනුස්සකමෙන්" සහයෝගයක් කියලා වැඩසටහනක් තියෙනවා... ෆේස්බුක් එකෙ ඉන්න අපි එකතු වෙලා ඒ වැඩසටහන සාර්ථක කරගන්න පොත් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා.... 
ඒකට කැමති අයට පොත්පත් ලබා දෙන්න පුලුවන්....
පොත් ලබාදීමට අදහස් කරන අය... 


ගාල්ලේ නම් සිංහ ලේ දියසේන ද
කුරුණෑගල නම් Kirihamilage Pol Saman ද
ගම්පහ නම් Mee Haraka හෝ එම් ආර් දුමියා ද
නුවර නම් චූටි මල්ලී ද
කොලබ හෝ ඒ අවට නම් හිට් මෑන් හෝ හා පැටියා හෝ ස්කූබි ඩූ.
කළුතර අලුත්ගම නම් පොඩි සොනික්
බදුල්ලෙන් Sherlock Homs හෝ charith dilshan 
සම්බන්ද කරගන්නා මෙන් ඉතාකරුනිකව ඉල්ලා සිටිමු.

තවද,
*මෙම පොත් ලබාදීමට නිශ්චිත දිනයක් නොමැති අතර පුස්තකාලයකට සුදුසු ඕනෙම පොතක් ලබාදිය හැකි
*අප අදහස් කරන්නේ නොවැම්බර් 1 වෙනි දින තෙක් පොත් රැස් කිරීමටයි
*නොවැම්බර් 1 වෙනි දින වැලිකන්දේ නොයන අතර පොත් ටික රැගෙන යන්නේ, වැලිකන්ද ප්‍රාදේශීය සබාවෙන් දැනුම් දෙන දිනයටයි.
*එමනිසා වැලිකන්දේ යන දිනය පසුව දැනුම් දෙන අතර ඒ සදහා කැමති ඕනෑම අයෙකුට සහබාගි විය හැකිය.
*නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථම පොත් රැස් කරන්නේ ඒවා කාණ්ඩ වලට වෙන් කිරීමට කවර දැමීමට අවශ්‍ය නිසාය.
*එමනිසා නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථමව ඔබට හැකි ඕනෑම තැනකට පොත් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
*මෙම සතිය තුලදී බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි අපගේ එකතු කරන්නන් යෙදවීමට අප අපේක්ෂා කරමු.

කැමති අය තමා ඉන්න ප්‍රදේශය අනුව ඉහත සදහන් අයට පොත් ලබා දෙන්න....
ඉවෙන්ට් එකත් සමඟ සම්බන්ධවන්න....





Aug 12, 2013

Stand against Racism | වර්ගවාදයට එරෙහිව නැගී සිටින්න.... මෙය ජාතිවාදි හා වර්ගවාදි පෝස්ටුවකි !!!




මං දැන් ඔය පින්තුරෙ දාගෙන ඉන්න මහත්වරුන්ගෙන් අහන්ඩ කැමතියි ඔබතුමාලා වර්ගවාදය කියලා අදහස් කරන්නෙ මොකක්ද කියලා. 


සිංහල මනුස්සයා තමන්ට තියෙන එකම රට සහ තමන්ගෙ ආගම රැකගන්න කරන උත්සාහයන් වර්ගවාදය කියලා කියනවනං එහෙම කියන එකා උපන් ගෙයි මෝඩයෙක්.... අනික් දේ තමා ඔහොම වර්ගවාදයට එරෙහිව නැගී සිටින්ට කියලා කෑගහන බයියෝ ඔක්කොම ලංකාවෙ සිංහල තාත්තෙකුට දාව සිංහල අම්මෙකුට ඉපදුණ, උපතින්ම බුදු දහම තමන්ගෙ ආගම කරගෙන උන්.

සිංහලයා ඇරෙන්ඩ කවදාවත් තමන්ගෙ ජාතිය ගැන කතා කරන කෙනෙකුට වල කපන්නෑ වෙන ජාතියක කෙනෙක්...

හොදම උදාහරණය පහුගිය දවසක සිද්ධ උණ ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය.. ගොඩක්ම මේ විදියට වර්ගවාදයට එරෙහිවෙන්ඩ කියලා කට්ටිය කෑගහන්ඩත් හේතුව ඒකනෙ...

බලාගෙන හිටපල්ලා උබලා මේ විදියට වර්ගවාදෙට ජාතිවාදෙට එරෙහි වෙලා තම්බින්ට මේ රට ගියාට පස්සෙ උන් උබලට සලකයි දොහොත් මුදුන් දීලා.....

මේ වගෙ අවජාතක අසමජ්ජාති ගැන ඇත්තටම ලැජ්ජයි තමන් ඉපදුන ජාතියටම කරන කෙනෙහිලිකම් වලට.... වදාපු දෙමව්පියන්ගෙ නම්බුව තියලා... තමන්ගෙ ජාතියට ආගමට වැඩදායි මනුස්සයෙක් වෙන්ඩ බලාපල්ලා මොළයක් කියලා කදුලක්වත් තියෙනං....

බුදු සරණයයි !

ප/ලි - මට මේකට ඔනේ තරම් බැනපල්ලා... මම වර්ගවාදියෙන් වගේම මම ජාතිවාදියෙක්....මොකද මම මගේ සිංහල ජාතිය මගෙ බුදු දහමට වගේම සිංහලට කියලා තියෙන එකම බිම් අඟල වන ලංකාවට මං ආදරේ නිසා !!!


Jul 23, 2013

කේ එස් අපේ ට්‍රිප් එක......

ත්තටම බ්ලොග් එක පාළුවට ගිහින් තිබුණේ මම මොකුත් නොලීව නිසා.. ලියන්ඩ දේවල් ඔලුවට ආවත් කම්මැලිකම නිසාද මන්දා මොකවත් ලීවෙ නෑ.... ඒත් අපි ගිය සතිඅන්තෙ අල්ලලා දවස් හතරක් ගියපු ට්‍රිප් එක ගැනනම් නොලියාම බෑ කියලා හිතුණ නිසා කම්මැලිකම බල්ලට දාලා ලියන්න කියලා හිතුවා...

කථාව මුළ ඉදන්ම කියන්නම්....



ගමන පටන් ගත්තෙ කොත්තු නිහාල් අපේ දිහා ආපු වෙලාවෙ. මම නිකමට ඉන්න ගමන් කොත්තුවට කීවා "මචං අපි සෙට් එක ට්‍රිප් එකක් යමුද ? ඇසළ එක අල්ලලා දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා". ඒ කතාවට අපි දෙන්නම සෙට් උණ නිසා අනික් උන්ගෙනුත් අදහස් අහලා බැලුවා.... හැම එකාම ගමනට එක පයින්. පොඩි පොඩි හේතු නිසා සමහර අය ආවෙ නෑ..

අපේ ගමනට ඔක්කොම 14ක් හිටියා (කොල්ලො විතරයි ඈ :D ) අපේ සෙට් එක උනේ.. මරදානෙ කාන්ති , වැලි ශෙල්ටන් , කාන්තාරෙ සිවලා , බැරැක් ඔබාමා , හිට් මෑන් , චූටි මල්ලි , සැනා , එමියා , ඩිලා සහා චූටියගෙ මල්ලි සහ උගෙ යාලුවෙක් (බන්දු).. අපේ චොප්පෙ අපි එක්ක සෙට් උනෙ අපි බණ්ඩාරවෙලට ගියාට පස්සෙ.....

අපි ගමන පටන් ගත්තේ සිකුරාදා රෑ. සිකුරාදා රෑ 8 කොටුවෙන් තිබ්බ තැපන් දුම්රියෙ තමා අපි ගියෙ. කොළඹින් අටට ආව කෝච්චියට මම සැනා සහ එමියා සෙට් උණේ පොල්ගහවෙලින්. ඒ වෙනකොට වෙලාව රෑ 9.45ට විතර ඇති. බැරැක්කයා, චූටියා සහ උගෙ මලයලා ටික සෙට් උනේ පේරාදෙණියෙන් ඒ වෙනකොට වෙලාව 11ට කිට්ටු ඇති හරියටම සුවර් නෑ :D....

කෝච්චියෙ කට කපලා සෙනඟ, අපේ අය එකෙකුටවත් ඉදගන්ඩ ලැබුන්නෑ. කට්ටියම දොර ලඟ සෙට් වෙලා ආතල් එකෙ සින්දුවක් කිය කිය ගියා.. සෙනඟ හිටියා කියලා පිට ගාණක් තිබ්බෙ නෑ.... කොහොම කොහොම හරි කෝච්චිය නාවලපිටියට ආවට පස්සෙ මුළු කෝච්චියම අපේ වගෙ උණා, මොකද නාවලපිටියෙ ඉදන් බදුල්ලට කෝච්චියෙ ඩ්‍රයිවර් උණේ අපේ ඩිලාගෙ මාමා. එයා අපිට පාඩුවෙ ඔනෙ දෙයක් කරගෙන යන්ඩ ගාඩ් රූම් එක සෙට් කරලා දුන්නා... ඒක ලොවෙත් මාරම ෆන් එකක් හරියට කාමරයක් ගත්තා වගෙ, නැරඹුම් මැදිරිය බුක් කරා වගෙ ආතල් එකෙ ආවා.... ආයි එයා කතා කරලා කීවා හපුතලෙන් එන්ජින් එකෙ යනව නං එන්ඩ කියලා.... අපේ කාන්තියයි ශෙල්ටයි ඇරෙන්ඩ අපි සෙට් එකම එන්ජින් එකෙ ගියා.... ඒකත් මාරම අත්දැකීමක්.....

කොහොම හරි අපි බණ්ඩාරවෙලට එනකොට උදෙ 7ට කිට්ටු වෙලා... බණ්ඩාරවෙලින් බැහැපු අපි කෙලින්ම ගියෙ ඩිලාලගෙ ලොකු අම්මලාගෙ ගෙදර. ඒ ගෙදර අය බොහොම ආදරෙන් අපිව පිළිගත්තා.. එහෙන් උදේට නාලා කාලා පොඩ්ඩක් වෙලා ඉදලා අපි නුවර එළියෙ පැත්තෙ පොඩි රවුමක් දාලා ආවා... ටිකක් හවස් වෙලා ඔයකට ගියා නාගන්ඩ.. එතන පට්ට ප්ලේස් එක.... අයිස් වගෙ වතුර ටික... :D .... එහෙම නාගෙන කරගෙන ඇවිත් ඒ පැත්තෙ පිට්ටනියකට ගියා ක්‍රිකට් අතක් ගහන්ඩ.... ගමෙ කොල්ලෙ සෙට් එකක් එක්ක මැච් දෙකක් ගහලා පොඩි ආතල් එකක් අරං රෑ වෙන්ඩ කලින් ගෙදර ආවා.... ඇවිත් බයිට් හදන වැඩෙ පටං ගත්තා කාන්තියයි ශෙල්ටයි දෙන්නා..... ඩිලයි බැරායි දෙන්නා ගිනි මැලයක් ගහන්ඩ දර ගොඩ ගැහුවා..... ඒ වෙනකොට අපේ චොප්පෙ බස් එකෙ එනගමන් බණ්ඩාරවෙලට කිට්ටු කරලා.... පොර එන කං අපි ඉන්න ටිකෙ ආතල් එකටත් එක්ක සීතලේ පොඩි වාද බයිලා පාරක් දැම්මා.... වචන වලින් අම්භානක ගහගත්තා :D..

හත හමාර විතර වෙනකොට චොප්පෙත් ආවා... දැන් සියලු දෙනාම සම්පූර්නයි. ගිනි මැලේ ගහලා අපි පොඩි ඩ්‍රින්ක් එකක් දාන්ඩ පටන් ගත්තා... පොඩි කීවට පොඩි නෑ ඈ.... පාන්දර 3 විතර වෙනකං ඒ වැඩෙ ගියා....


ඔය අතරෙ කණ සාක්කුවෙ අය නිදි, සෙට් එකක් සින්දු කියනවා එලියෙ.... උන් ටික කඩා පාත් වෙලා අර නිදං උන්න එක එකාව එලියට ඇදැං ඇවිත් අර කට්ට සීතල වතුරෙන් නෑව්වා.... නාපු උන් අතරට බැරා, හිවලා, ශෙල්ටා චූටියගෙ මලයා, බන්දුවා.. ඔයට ටික අයිත්.... :D

පස්සෙ නාපු උනුත් නිදාගන්නෙ නැතුව ආයි සින්දු කියන්ඩ ගත්තා... කොහොම හරි පාන්දර තුන්ට විතර රෑට කාල නිදාගත්තා කට්ටියම, සමහරු නං කොට ඉරුවලු හැබැයි මට නං ඕවා මොකුත් ඇහුන්නෑ කන පැළෙන්ඩ නින්ද ගියා.....


පහුවදා උදෙ අපි ඩිලාලගෙ ලොකු අම්මලාගෙ ගෙදර අයට සමු දීලා බදුලු එන්ඩ පිටත් උණා... බදුල්ලට ආවෙ බස් එකෙ.... බස් එකත් නිකං අපේ වගෙ තමා :D. පස්සෙ බදුල්ලට එනකොට ඩිලාගෙ මස්සිනා ඇවිත් හිටියා අපිව එයාලගෙ ගෙදර එක්කං යන්ඩ.... එදා ඒ ගෙදර උඩ තට්ටුවම අපේ... අපි එහෙට ගිහින් තේ එකක් එහෙම බීලා දුන්හිද ගියා... ගිහින් ඇවිත් තවත් ඔයකට ගියා නාන්ඩ... ඒකත් සුපිරිම පොට් එකක්.... එතනත් මාරම ෆන් එකක් ගත්තෙ... ඒ වෙලාවෙ බයිට් එක උනෙ හිවලා... සෙට් එක එකතු වෙලා උගෙ ජංගිය ඔයේ පා කරා.. ඌ හෙලුවෙන් නිකං ඌ නෙමෙ වගෙ ගොඩට ඇවිත් කලිසමෙන් ඉස්සරහ විතරක් වහෙගෙන අපි එක්ක කතාව.... පිටි පස්සෙ මිනිස්සු ඉන්නවා කියලා දන්නෑ ඌ එක පුලියෙ දාං ඉන්නවා :D ...

එදාත් හවස් වෙනකං ඔය ලඟ පිස්සු කෙලල රෑ වෙන්ඩ ඇරලා නවතින ගෙදරට ආවා... ගේ ඇතුලෙ කාටියක් කැරම් ගහනවා කට්ටියක් ඕමි ගහනවා... එකම ආතල් එකක්..... ගමන පටන් ගත්ත වෙනෙ ඉදන් සෙට එක හැම වෙලේම හිටියෙ හඳේ :P ....


එදා රෑත් ලාවට සෙට් වෙලා රෑ 1ට 2ට විතර නිදාගත්තා.... පහුවදා උදේ අට හමාරට බදුල්ලෙන් කෝච්චිය ඒක නිසා පන්දර ආයි නැගිටලා ලෑස්ති වෙලා ගෙදර අයට කතා කරලා අපි ස්ටේශන් එකට ආවා...

බදුල්ලෙන් ඒ තරම් සෙනඟක් හිටියෙ නෑ. ඒ නිසා අපි පාඩුවෙ ඉදගෙන ආතල් එකෙ සින්දු, වාද බයිලා කිය කිය ආවා. වෙලාව යනවා දැනුන්නෑ.... දවල්ට කන්ඩ පාං ගත්තා. එනගමන් ඒවා කාලා.... පාවි පාවි ආවා....


නුවර සෙට් එක නුවරින් බැස්සා, ඒ වෙනකොට වෙලාව පහ හමාරට විතර ඇති.. ඊට මායි සැනයි එමියයි අපේ කොළඹ සෙට් එකට සමු දීලා පොල්ගහවෙලින් බැස්සා හය හමාරට විතර. ඒ වෙලාවෙනම් හිතට මාරම අවුල්... දවස් තුන හමාරක් හතරක් තිස්සෙ ගත්ත ෆන් එක මතක් වෙනවා :'(

ඒත් ඉතින් දුක හිතෙ තියාන ගෙදර ආවා.. මම ගෙදර එනකොට රෑ 7ට විතර ඇති...

මං මගෙ ජීවිතේ ගිය ට්‍රිප් වලින් ෆන් එක උපරීමෙටම ගත්තෙ මේ ට්‍රිප් එකෙ... ඒ ගත්ත ෆන් එක වචන වලින් කියන්ඩ මට තේරෙන්නෑ.... අපේ ගමන ගැන මම මේ ටික ලීවෙ මට පුලුවන් විදියට...


ආයිත් කියන්නෙ ෆන් එක උපරිමෙන්ම ගත්තු ට්‍රිප් එකක් කියලයි :D


May 9, 2013

සෑහෙන කාලෙකට පස්සෙ..... ආප්ටර් ලෝන්ග් ටයිම් !!


2012 නොවැම්බර් වලින් පස්සෙ කිසිම පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.. ඒකට තියෙන්නෙ පැහැදිලි එක හේතුවයි, වෙන මොකුත් නෙමෙ මට තියෙනෙ කම්මැලිකම :D. ඒත් මොකෑ දන්නෑ අද උදේ නැගිට්ටට පස්සෙ හිතුහ්නා බ්ලොග් එකෙ මොනවා හරි කුරුටු ගෑවොත් හොදයි කියලා. ඒත් ඉතිං අහවල් කජු මදේද ලියන්නෙ :/ . ඇත්තම කතා කරොත්නං ලියන්ඩ දේවල් අම්භානක තියෙනවා. කරුමෙ කියන්නෙ කොච්චර තිබ්බත් ඒවා ලියන්ඩ හරියට වචන ගලපා ගන්ඩ බෑනෙ... ඒක නිසා උබෙ කෙහෙල් ගෙඩියක් වෙන්ඩ කියලා පහු ගිය ටිකෙ උන දේවල් ව්අල කෑලි කෑලි එක්කහු කරලා ප්‍රවෘත්ති සාරාංශෙ වගෙ ලියනවා :P

ඇත්තටම පහු ගිය ටික කාලෙ මහා ගොඩක් ජාති උනෙ නෑ. විශේෂෙන්ම කියලා දේකට සිද්ධ උණෙ අපේ තාත්තගෙ අවුරුද්දේ දානෙ දුන්නා. වැඩේ කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට කරගන්න පුලුවන් උන එක ගැන නම් අම්මටයි මටයි ඇත්තටම සන්තෝශයි...


ම්ම්ම්ම් ඊට අමතරව කියනවනං අපේ K.S සෙට් එක අපේ ගෙදර ආවා. ව්ක වතාවක් අර අපි නුවරදි සංවිධානය කරපු හලාල් විරෝදී හමුවෙන් පස්සෙ සෙට් එකම අපේ දිහා ආවා. අනික් වතාව අපේ තාත්තගෙ දානෙ ගෙදරට....

මුල් වතාවෙ ආවෙ තක්කාලි චොප්පෙයි, ලැම්බට් අප්පුයි, ස්කුබියයි, දියසේනයයි, තඩියයි තමා. සැනාඇවිත් ගියා :D. දෙවැනි වතාවට ඔතනට වැඩි උනෙ කිනා විතරයි... ඒ දවස් ටික නං ආයි කතා කරලා වැඩක් නෑ සුපිරිම ආතල් ටිකක් ගත්තෙ ඈ :D.


ඊට පස්සෙ අපි සෙට් එක දවස් දෙකක් විතර මැක්කලාගෙ බෝඩිමෙ සෙට් වෙලා උගෙ පොකට් එකට විද්දා..... සෑ :D ඒ දවස් දෙකනෙ දවස් දෙක ඈ. කොත්තුවයි කෙනටයිත් කාන්තියයිත් හම්බුණා..... පට්ටා පන් ඈ බීච් එකට එහෙම ගිහිල්ලා මාර පන් තමා ඈ... ඒ ගැන වෙනම පෝස්ට් එහෙකින් දාන්නං. මෙතන ඒවා දැම්මොත් මෙගා නාට්ටියක් වගෙ වෙනවා පෝස්ට් එක :D.


ඔය වගේ දේවල් තමා පහුගිය ටිකෙ සිද්ධ උනෙ ඉතිං. තව ඉතිං වෙනදා වගෙ ආතල් එකට කරන වැඩෙ, වෙඩින් පොටො ගැනිල්ලට රට වටෙ ගියා.... සුරාමේරය කරා :D ඕවා තමා..

ආ අමතක උණානෙ අපේ ගමෙ අපි ඔය හත් අට දෙනෙක් එකතු වෙලා අවුරුදු උත්සවයක් කලා. ඒ වැඩෙත් 100%ක්ම සර්ථක විදියට ඉවර කරගන්න ලැබුණා. ගොඩක් අය ඒ ගැන හොඳ කීවා. සුපුරුදු විදියටම කාළකන්ණි කීප දෙනෙක් ඇද කීවා... ඒවා ඉතිං කොහොමත් එහෙමනෙ කොච්චර හොදට වැඩක් කලත් කවුරු හරු මොකුත් කීවෙ නැත්තං නිකං හරි නෑ වගෙනෙ :D. ඒ නිසා ඒවා අපි ගණං ගන්නෑ. අපි අපේ වැඩෙ කිසි අඩු පාඩුවක් නැතුව, හොරයක් බොරුවක් වංචාවක් නැතුව කරා, ඒ ගැන අපිට සංතෝශයි !!..



ඉතිං ඕවා තමා විස්තර. තව කියන්ඩ දේවල් ඇති. ඒත් මේ වෙලාවෙ ඔලුවට වැටෙන්නෙ නෑ. මතක් උනොත් වෙනම පෝස්ට් එකක් දාන්නම්. කොහොමත් ඉස්සර වගේ ආයි එක දිගට බ්ලොග් එකට  පෝස්ට් දාන්ඩ ඔනෙ. ගොඩක් අය ඇහුවා මචං දැන් උබෙ බ්ලොග් එක ලියන්නෙ නැද්ද කියලා....

K.S සෙට් එක එක්වෙලා ගත්ත පන් ටික වෙනමම ලියන්නං....



හුටා අමතක උණා මේ කාලෙ මට සබරගමුවෙයි බුකියෙයි මහ ඇමති පට්ටම හම්බුණා ඈ :D

එහෙනං පස්සෙ සෙට් වෙමු ඈ ! කට්ටියටම බුදු සරණයි !!!

-ජය වේවා-