Oct 1, 2013

වැලිකන්දේ පුස්තකාලයට "මනුස්සකමෙන්" සහයෝගයක්




වැලිකන්දේ පුස්තකාලයට "මනුස්සකමෙන්" සහයෝගයක් කියලා වැඩසටහනක් තියෙනවා... ෆේස්බුක් එකෙ ඉන්න අපි එකතු වෙලා ඒ වැඩසටහන සාර්ථක කරගන්න පොත් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා.... 
ඒකට කැමති අයට පොත්පත් ලබා දෙන්න පුලුවන්....
පොත් ලබාදීමට අදහස් කරන අය... 


ගාල්ලේ නම් සිංහ ලේ දියසේන ද
කුරුණෑගල නම් Kirihamilage Pol Saman ද
ගම්පහ නම් Mee Haraka හෝ එම් ආර් දුමියා ද
නුවර නම් චූටි මල්ලී ද
කොලබ හෝ ඒ අවට නම් හිට් මෑන් හෝ හා පැටියා හෝ ස්කූබි ඩූ.
කළුතර අලුත්ගම නම් පොඩි සොනික්
බදුල්ලෙන් Sherlock Homs හෝ charith dilshan 
සම්බන්ද කරගන්නා මෙන් ඉතාකරුනිකව ඉල්ලා සිටිමු.

තවද,
*මෙම පොත් ලබාදීමට නිශ්චිත දිනයක් නොමැති අතර පුස්තකාලයකට සුදුසු ඕනෙම පොතක් ලබාදිය හැකි
*අප අදහස් කරන්නේ නොවැම්බර් 1 වෙනි දින තෙක් පොත් රැස් කිරීමටයි
*නොවැම්බර් 1 වෙනි දින වැලිකන්දේ නොයන අතර පොත් ටික රැගෙන යන්නේ, වැලිකන්ද ප්‍රාදේශීය සබාවෙන් දැනුම් දෙන දිනයටයි.
*එමනිසා වැලිකන්දේ යන දිනය පසුව දැනුම් දෙන අතර ඒ සදහා කැමති ඕනෑම අයෙකුට සහබාගි විය හැකිය.
*නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථම පොත් රැස් කරන්නේ ඒවා කාණ්ඩ වලට වෙන් කිරීමට කවර දැමීමට අවශ්‍ය නිසාය.
*එමනිසා නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථමව ඔබට හැකි ඕනෑම තැනකට පොත් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
*මෙම සතිය තුලදී බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි අපගේ එකතු කරන්නන් යෙදවීමට අප අපේක්ෂා කරමු.

කැමති අය තමා ඉන්න ප්‍රදේශය අනුව ඉහත සදහන් අයට පොත් ලබා දෙන්න....
ඉවෙන්ට් එකත් සමඟ සම්බන්ධවන්න....