May 1, 2015

මිනිස් ජීවිතය දුකකි !!

හවස මඟුල ඉවර වෙලා ගොයින් අවේ පොටො අල්ලන්න කියලා කුරුණෑගල වැව රවුම පැත්තට ගියා... ඒ ගියාම ඒ හරියෙ ඉන්න මන්ද මානසික මනුස්සයෙක්. හොඳට ඇඳපැලදගෙන. ඒත් ඒ කෙනා මන්ද මානසික කෙනෙක්. අපිට හැඟුන විදියට කවුරු හරි එක්ක ඇවිල්ලා අතරමන් වෙලා. ඒ කෙනා ආවෙ කොහෙ ඉදන්ද යන්න ඔනේ කොහාටද එයාවත් ඒ දේවල් දන්නෑ. අපි ඇහුවට වැඩකුත් නෑ මොකද උත්තර දෙන්න ඒ මනුස්සයට තේරෙන්නෑ.. ඊට තව ටිකක් එහායින් පොඩි ළමයින් දෙතුන් දෙනෙකුත් එක්ක සාස්තර කියල ගෑණු කට්ටියක් ඉන්නවා. ඒ පොඩි උන් වැරහැලි වගේ ඇදුම් ඇදගෙන බිම බුදි.. අර ගෑණුත් ඔහේ පොඩි උන් දිහා බලාගෙන ඉන්නවා. අපිරිසිදු කම උපරිමයි. ඒත් ඒ පොඩි උන්ට තේරෙනවද මොකුත්. ඔහේ ඉන්නවා. ඒ ගෑණුත් සාස්තරයක් කියලා හම්බෙන කීයෙන් හරි පොඩි එකාට කන්න මොනවා හරි අරන් දෙනවා ඇති. ඒ පොඩි උන්ගෙ අනාගතේ. හරියට කන්න බොන්න නෑ ඉන්න හිටින්න තැනක් නෑ. ඔහේ ඉබාගාතේ ඇවිදිනවා.
ඒ ලඟ අපි එහෙ මෙහෙ දුව දුව පොටො අල්ලනවා. අපිත් කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැටගහගන්න උත්සාහ කරනවා. බැඳපු කපල් එක කසාඳ බැඳලා මාස එක හමාරකින් ඔස්ට්‍රේලියා යනවලු පදිංචියට...
ඒ පරිසරය අවට හිටිය මිනිස්සු කොට්ඨාශ ගැන හිතලා බැලුවා...
කරන කියන දෙයක් තමන්ටවත් නොතේරෙනව මන්ද මානසික කෙනෙක්...
යන්න එන්න තැනක් නැති හෙට ගැන විස්වාසයක් නැති සාස්තර කියන ගෑණු ටිකක් සහ පොඩි ළමයින් ටිකක්...
එදා වේල හොයන්න මහන්සි වෙන මම ඇතුලු අපේ පොටො අල්ලන සෙට් එක...
තරු පහේ මඟුලක් අරගෙන ඉස්සරහය ජීවත් වෙන්න රට යන කපල් එක...
මේ දේවල් දිහා බලපුවාම හිතුණේ. මේ හැමදේම මිනිස්සුන්ට ලැබෙන්නෙ ලබා උපන් හැටියට.. මෙතන හිටිය අපි ඔක්කොම මනුස්සයො.. මූණෙ ස්වරූපෙනුයි හමේ පාටෙනුයි කට හඩිනුයි විතරයි වෙනස.. එහෙම නැත්තක් අපි ඔක්කොමලා සමානායි..
ඒත් ජීවිතේ unsure emoticon...
ඒ දේවල් ගැන හිතපුවාම මනුස්ස ජීවිතේ ගැන මාර විදියට කළකිරීමක් ඇතිවෙනවා....
මනුස්සයෙක් වෙලා ඉපදෙණවා කියන්නෙ පවක් මචං unsure emoticon...
අර පොඩි උන් ටික දැන් කොහෙ මොන විදියට ඇද්ද ?..
අර මන්ද මානසික මනුස්සයා දැන් කොහේ කොයි විදියට ඇද්ද ?...
සමහර විට මේවා මට අදාල දේවල් නොවෙන්න පුලුවන්...
ඒත් ඔය දේවල් කල්පනා වෙනකොට මනුස්ස ජීවිතේ ගැන මාර විදියට කළකිරෙනවා