Feb 27, 2014

මගේ තියරිය !!

මේක පට්ට ආතල් ලෝකයක් බන්...
ඒත් අපි ඒ ආතල් එක ගන්ඩ දන්නෑ....
ප්‍රශ්න ගැනම හිත හිත හැමදාම මූණ එල්ලං ඉන්නවා...
ප්‍රශ්ණ කියන දේ කාටත් තියෙනවා..
ඒ ප්‍රශ්ණ වලට විසදුම් හොයනගමන්
ජීවිතේ විඳින්න ඔනේ....
අද කාලා හෙට වතුර ටිකකින් ජීවත් වෙනවා..
ජීවත් වෙන පොඩි කාලේ ආතල් එකේ ඉන්ඩ ඔනේ...
ඒකයි මචන් මගේ #තියරි එක....

Feb 18, 2014

ප්‍රශ්ණ සහ ජීවිතය



කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ....
ජීවිතේදි එන කොයි ප්‍රශ්ණෙටත් විසදුමක් තියෙනවා...
විසදුමක් නැත්තම් ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනෙ...
අනිත් දේ තමා මනුස්සයෙක්ව ජීවත් කරවන්නේ 
අත්දැකීම් සහ ප්‍රශ්ණ කියන දෙක..
ඒක නිසා මොන ප්‍රශ්ණයක් ආවත් ඒ ප්‍රශ්ණ වලින් 
පැනලා යන්න හොද නෑ...
හැම දේකටම විසදුමක් තියෙන නිසා
අපි අපිට එන හැම ප්‍රශ්ණයකටම විසදුම් හොයන්න ඔනේ...
ඒ අතරවාරයේ විවිධාකාර දේවල් වලට මුහුන දෙන්න වෙයි
ඒවත් අභියෝග හැටියට භාරගෙන ප්‍රශ්ණ වලට මුහුන දීලා
සාර්ථකව ප්‍රශ්ණ විසදාගන්න එක තමා
මම හිතන විදියට #සාර්ථක_ජීවිතයක් කියන්නේ...
එහෙම නැතුව අපිට මුහුන දෙන්න වෙන ප්‍රශ්න නිසා
අඩා වැලපිලා, ජීවිතේ හානි කරගන්නවා කියන එක නෙමෙ
ජීවිතය කියන්නේ.....
කලින් කිවා වගේ හැම ප්‍රශ්ණයක්ම එන්නෙ මනුස්සයට
ඒ වගේම සියලු දේ අනිත්‍යයි...
නැති උණ දේ ගැන කම්පා නොවී
ලද දෙයින් සතුටු වෙලා ප්‍රශ්ණ වලට මුහුණ දිලා
සාර්ථකව හැම කෙනෙකුට ජීවත් වෙන්න ලැබේවා !!

ජය වේවා !!

Feb 15, 2014

සිගරට් හොදයි, ගංජා නරකයි... නෑ මචන් ඔය දෙකම නරකයි !!!



තහනම් කලා හෝ නොකළා 
ඔය කොයි මත්ද්‍රව්‍යත් ශරීරයට අහිතකරයි...
අරක්කු සිගරට් නීති ගත උණා කියලවත්
ගංජා නීතියෙන් තහනම් උණා කියලවත් වෙනසක් නෑ
නිකං නීතියෙන් තහනම් උණ දේ ගැන විතරක් කෑගහලා වැඩක් නෑ...
සිගරට් බීවත් එකයි ගංජා ගැහුවත් එකයි
ගංජා බෙහෙත් වලටත් අරං තියෙනවා..
ඒත් සිගරට් හදන දුම්කොළ බෙහෙත්ද ? නෑනේ..
ලෝකෙටෙ පේන්ඩ බොරු පුරාජේරු අවශ්‍ය නෑ

කවුරු කවුරුත් පුලුවන් තරම් මේ දේවල් වලින් ඈත් වෙන්නයි ඔනේ...
මේ දේවල් පාවිච්චි කරන කෙනෙකුට නම් ටිකක් අමාරු වේවි
ඒත් උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ...

අනිත් දේ තමා.

අද සමාජය හැඩ ගැහිලා තියෙන්නෙ
නීතියෙන් අවසරය තියෙන දේ හොදයි කියන විදියට හිතන්න..
ඒකයි සිගරට් බොන කෙනාට මොකුත් නොකියා
ගංජා උගුරක් අදින එකාව හංවඩු ගහන්නෙ...
මම නම් කියන්නේ එහෙම කියන අය සෑහෙන්න මෝඩයි...
තරහ උණත් කරන්න දෙයක් නෑ..
ගංජා ගැහුවත් එකයි බීඩියක් සිගරට් එකක් ගැහුවත් එකයි....
ඒත් බීඩි සිගරට් බොන කෙනාට කවුරුත්  මොනවත් කියන්නෑ
මොකද ඒ දේවල් නිතිගත නිසා....
සමාජ විශමතාවය තමා...

තව දෙයක් කියන්න ඔනේ...

මම මේ පොස්ට් එක දැම්මෙ ගංජා ගහන අයව සුද්ධ කරන්න නෙමෙ
කෝකත් වැරදියි...
ඒ වගේම කිසි කෙනෙක් මේකට පොළබවා ගන්නත් නෙමෙයි...
ඒකයි මුලින්ම කිවෙ කරන අය උනත් උත්සාහ කලොත් මේ දේවල් 

පාවිච්චි කරන එක අතහරින්න පුලුවන් වේවි කියලා....

අදහසක් මට හිතුණ දෙයක් පමණි. බුද්ධියෙන් විමසා දරා ගැනීම ඔබ සතුයි !!

ස්තූතියි !!

Feb 14, 2014

#වැලන්ටයින්....



අද ගොඩක් දෙනක් වැලන්ටයින් කියලා සමරන්නෙ මොකක්ද ?
තමන්ගේ #කාම_ආශාවන්  සංසිදුවා ගැනීම නෙමෙයිද ?
සෑබෑ ආදරය සහ කාමය කියන දෙක අද ගොඩ දෙනක් පටලවගෙන තියෙන්නෙ...
මේ කතාව පිරිමි පාර්ශ්වයට විතරක් නෙමෙ ගැහැණු පාර්ශවයටත් අදාළයි....
" කාමය / රාගය " කියන දේ ආදරයෙම කොටසක්...
ඒත් අදකාලේ ආදරය වෙලා තියෙන්නෙ කාමය කියන එක විතරයි...
වරද කොතැනද කියන්න මම හරියටම දන්නෑ...
ඒත් වරද උණ තැන ගැන හොය හොයා ඉන්නෙ නැතුව...
කා අතින් කවදා හෝ උණ මේ වැරද්ද නිවැරදි කරගෙන
ඉස්සරහට යන්න පුළුවන් කියන එකයි මගේ මතය....
මගේ මතය පිළිගැනීම හෝ නොගැනීම ඔබතමුන්නාසේලාට බාරයි !!

සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා !!!

මෙතනින් කලින් ආදරය හා කාමය  ගැන මම ලියපු දෙයක් කියවන්න.. !!

Feb 11, 2014

එල්ලිලා මැරුණ නංගිගේ සීන් එක මම දකින විදියට...

කුරුණෑගල කොතලාවල ඉස්කෝලේ
ගෑල්ලමෙක් බෙල්ලෙ වැල ( සාරියක් ) දාගෙන මැරිලා....
මැරෙන්ඩ හේතුව ප්‍රින්සිපල් කාරයා හෙණ කට්ටියක් ඉස්සරහා
ඒ කෙල්ලට #වේසි කියලා කීව එකලු....
හරි ප්‍රින්සිපල් ඒ කෙල්ලට එහෙම බැන්නා කියමුකෝ...
ඔය කොතලාවලේ මිශ්‍ර පාසලක්...
ඔකේ තව ඔනෙ තරං කෙල්ලො ඉන්නවා....
ඉතිං ඇයි ඒ ප්‍රින්සිපල් ඔය කෙල්ලටම විතරක් වේසි කිවෙ....
හේතුවක් නැති වෙන්ඩම බෑනේ....
එයාගෙ ලියුමෙත් එයා ලියල තියෙනවා කොල්ලෙක් එක්ක පිචෑර්ස් එකක් බලන්ඩ ගියා කියලා...
ආයෙ ඔය වයසේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි හෝල් එක ඇතුලට යන්නේ
පිචෑර්ස් එක බලන්ඩමද ?
අනේ නංඟි ඔයා පව් අප්පා.... ඔයාගෙ ජීවිතේ අපරාදෙ...
අසරණ අම්මයි තාත්තයි පව්...
ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ කොහොමත්....
ඔයාගෙ ඔය පොඩි වයසට කරන්ඩ ඔනෙ වැඩ විතරක් කරලා...
අවලමේ නොගිහින් හිටියනං ඉවරනේ !!!

Feb 7, 2014

මම ජාතිවාදියෙක්මි !!



සිංහල කතා කරන මිනිසුන් ඉන්න....
ලෝකෙ තියෙන එකම රට ලංකාව විතරයි....
තම්බ්න්ට අරාබිය තියෙනවා...
දෙමළට දකුණු ඉන්දියාව තියෙනවා...
සිංහලයට තියෙන්නෙ මෙච්චරයි....
අපේ රට අපි රැක ගන්ඩ ඔනේ....
දෙමළගෙන් අපේ රට රණවිරුවො රැකලා දුන්නා...
ඒ රැකලා දුන්න රට තම්බියගෙන් අරක්ශා කරගන්න එක
අපේ යුතුකමක්... !!!
ආගමික සහජීවනයක් ඇති කරගෙන...
හැම ජාතියක් එක්කම සහයෝගෙන් ජ්වත් වෙන්ඩ අපි කැමතියි..
ඒත් තම්බියා #මහ_ජාතිය උණ දාට...
උන්ගේ ඔය ගොන් පාට් නෑ....
තම්බියා මහ ජාතිය උණ රටක සුලු ජාතිය කියලා එකක් නෑ ආයිබෝං....
සිහියෙ තියාගෙන වැඩ කරන්ඩ !!

එවගේම තව දෙයක්..

මහින්ද රාජපක්ෂ අංකල් නිදහස් දවසේ කරපු කතාවේ කීවා...
මේ ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම් කියන ඔය හැමෝටම අයිතියි කියලා
( ප්‍රවෘත්ති වලින් දැක්කෙ ඈ )
හරි, එයා රටේ නායකයා හින්දා ඒක එහෙමයි කියමුකො.... ඒත්
මම කියනවට නිකමට හිතලා බලන්ට ආයිබෝං...
අපේ රටේ නායකයා කියන තැන ‪#‎තම්බියෙක්‬ හිටියනම්...
ඔය කතාවෙ ඌ කියයිද
මේක සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙකුටම අයිති රටක් කියලා...
 කියයි පුක...
අපි මේ සෙල්ලං දාන්නෙ ආගමික සහජීවනය...
ජාතික සංහිදියාව ගැන බයිලා ගහන්නේ අපේ රටේ තම්බියා මහ ජාතිය වෙනකන් විතරයි....
තම්බියා මහ ජාතිය උණ දාට
අද තම්බියට කඩේ යන සිංහල විදියට ඉපදුණ මහත්තුරුන්ට තම්බියා සලකයි ඈ...

හොඳට බලාගෙන ඉන්ඩ...
බොලාට ජය ශ්‍රී !!!

මේවා ජාතිවාදය අවුස්සන වැඩ කියලා හිතන අය ඉන්නව නම් ඒ අයට කියන්නේ ඈ....
ඔව් මම ජාතිවාදියෙක් තමා ඇයි මොකද ?

Feb 5, 2014

Love Vs Sex



ආදරය ( love ) Vs ලිංගිකත්වය ( sex ) කියන මාතෘකා දෙක අද ගොඩ දෙනක් පටලගෙන තියෙන්නේ.... ඇත්තටම ආදය, ලිංගිකත්වය කියන දෙක අපේ ජීවිතයේ කොටසක්, ඒක ඔනෙම කෙනෙකුට පොදු දෙයක්... මනුස්සයන්ට විතරක් නෙමෙ සතුන්ටත් ඒක ඒ ආකාරයෙන්ම පොදුයි...

ඒත් මේ මාතෘකා දෙක පොදු උණාට අපේ ජීවිතේදි අපි ඔය මාතෘකා දෙක පටලවා ගන්න හොද නෑ. මේ දේ බහුලව සිද්ධ වෙලා තියෙන්නේ තරුණ පරම්පරාව අතරේ. එතනිනුත් අවුරුදු 16 - 21 අතර පිරිස් අතරේ සම්භාවිතාවය වැඩියි කියන එකයි මගේ මතය....

මෙතන ඉදන් කතා කරන බාසාවෙන් ලියන්නම්....

අද ඔනේ කොල්ලෙක් බලන්නෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න. ඒකට කොල්ලො කන්නෙ නැති කට්ටක් නෑ. හොදම උදාහරණය ටියුශන් යන කොල්ලො... ක්ලාස් එකෙ ලස්සන කෙල්ලෙක් හිටියොත් පරිප්පු කාගෙන කෑල්ල පස්සෙ යනවා ඒකිව ටෝක් කරනවා. මොකටද අහපුවා කෑල්ල දාගන්ඩ.... කෙල්ල එක්ක යාලු වෙන්ඩ.... :D

ඇත්තටම ඔය කොල්ලො ඔය කෙල්ලො පස්සෙ ගිහින් ඔච්චර චාටර් වෙවී සල්ලි වියදම් කරගෙන දඟලන්නෙ නලියන්නේ ඒ කෙල්ලට ඒ කොල්ලගෙ හිතේ අවංක ආදරයක් තියෙන නිසාද ? එහෙම ආදරයක් ඇති නැතුව නෙමෙ... ඒත් ඒ කොල්ලාගෙ හිතේ මූලික අරමුණ ඒ කෙල්ල පට්ට ලස්සනයි, ඇඟ පත හොදට තියෙනවා මට ඒ කෙල්ල එක්ක යාලු වෙන්න ඔනේ කියන එක....

එහෙම යාලු උණා කියමුකො. ටික කාලයක් හම්බ වෙලා කතා බහ කරා කියමුකො. අදුනගෙන වැඩි කාලයක් නොගියත් ඒ අයගෙ ඊලඟ වැඩේ වෙන්නෙ ෆිල්ම් හෝල් එකක #බොක්ස් එකකට රිංගන එක හරි කොහෙ හරි #රූම් එකකට යන එක හරි... කෙල්ලට සමහර විට අවුරුදු 15ක් හෝ 16 වෙන්ඩ ඇති...

දැන් ඒ අය ඒ විදියට බොක්ස් ගානේ රූම් ගානේ යන්නෙ හරියට ජීවිතේ තේරුම් අරගෙනද ? මම නම් හිතන්නෑ... අදරය පොදු කුලකයක් කරගෙන තමන්ගේ හිතේ ඇති වන හැඟීම් වලට මූලිකත්වය දෙන එකක් ගොඩක් දෙනෙක් කරන්නෙ....

ගොඩක් දෙනාට සිද්ධ වෙන්නෙ තමන්ට තමන්ගේ හැඟීම් පාලය කරගන්න බැරි වෙන එක.

මෙතන භයානක දේ වෙන්නෙ කෙල්ලොන්ට.

අසරණ කෙල්ලෙක් කන්‍යාවියක් කියන තැනින් ගැලවිලා ගෑණියෙක් වෙනවා... කොල්ලා නම් සරමෙ හරි පිහගනී...

පොඩි හිත් වල ඇති වෙන අදරය අද ඇති වෙනෙන්නෙ ඇත්තටම ආදරයට නෙමෙ තමන්ගේ හැඟීම් ආශාවන් සංසිදුවා ගන්න කෙරෙන පොඩි වැයමක් විතරයි...

ආසියාවෙ ආශ්චර්ය වෙන්න යන මේ ගමනේ අපේ රටේ තරුණ පිරිස් වල අපේක්ශාවන් මේ විදියනම් ඒ රටේ සංස්කෘතිය ගැන කවර කතාද ? සදාචාර සම්පන්න සංස්කෘතියක් නැති රටකට අවහල් ආශ්චර්යක්ද ?

මේ විදියට ලොරි ටෝක් දුන්නට මමත් ඔය දේවල් කරලා නැතුව නෙමෙ.. ඒත් අපි අපේ වැරදි තියෙනවා නම් ඒ දේවල් හදාගන්න ඔනේ.... කසාද බැන්ද හෝ ඇත්තටම් කසාද බදින්ඩ ඉන්න දෙන්නෙක් මේ දේවල් කලාට ඒක වරදක් විදියට මම දකින්නෙ නෑ....

ඒත් නිසි වයසේ නැතුව අනාචරයේ හැසිරෙන එක සදාචාර සම්පන්න නෑ....

හැඟීම් වලට වහල් නොවී නිසි වයස් වල තමන්ට උචිත දේවල් කරනවනම් මේ වගේ දේවල් සිද්ද වෙන එකක් නැති වෙයි... !!!


ප/ලි - මට හිතුණ දෙයකි !!!