එක දවසක් අපේ සෙට් එක ගියා අපෙ එකෙකුගේ සීයා නැති උනා කියලා ඒ මළගෙදර. එහෙ යන්න බස් තියෙන්නෙ වෙලාවට, ඒ කියන්නේ එක බස් එකක් උදේ 9 තිබුණනම් ආයෙ බස් එක තියෙන්නෙ උදේ 10. ආන්න ඒ වගේ තමා බස් තියෙන්නේ. යන්න ඔනේ දඹුල්ල පාරේ ගිහිල්ලා ආයෙ ඇතුලට හැරිලා.
දැන් ඉතින් ඔන්න අපි සෙට් එක බස් එකකට නැගලා යනවා. ආත භූත නෑ යන පාර නම් මෙලෝ යකෙකුට මතක තියා ගන්න බෑ. ඒතරමට එහෙට මෙහෙට හැරි හැරී යන්න ඔනේ. කොහොමින් කොහොම හරි ඔන්න මළ ගෙදරටම ගියා.
කවුරුත් දන්නවනේ අපිට කොහෙ ගියත් හරි සිහියෙන් ඉන්නෙ ටික වෙලාවයි කියන්න. මෙහෙ ගිහිනුත් එහෙම්ම කරන්න ඔනෙ වෙලා ඔන්න බඩු වගයක් හොයා ගත්තා. අනේ හැබැයි සැර ජාති නම් නෙමෙ. සිංහයගේ රූපෙ ගහලා තියෙන ටින් 10ක් විතර තමා තිබ්බේ.
අපි තුන් දෙනෙක් අර දහයටම වග කිව්වා. ඊට පස්සෙ දෙයියෝ දුන්නා වගෙ එකෙක් ලඟ තිබ්බා රොකට් එකක්. පත්තු කළා එකෙන්ම. එකේන් අපි තුන්දෙනා අභ්‍යාවකාශගත වෙලා ඔන්න දැන් එනවා. මාර සීන් එක කියන්නේ හිනාව නවත්තා ගන්න බෑ.
ඔය අතරේ තමා ගමේ එකා කිව්වෙ මචන් මෙහෙට වෙන පාරකිනුත් එන්න තියෙනව කියලා. එතකොටම මට මීටර් උනා අපි ආපු පාරේ යන්නෙ නැතුව මූ කියපු අනිත් පාරේ යන්න ඔනෙ කියලා.
දැන් මම අහන්න පටන් ගත්තා අනිත් පාර ගැන ප්‍රශ්ණ.
(ගමේ එකා සුහයා ඈ)
මම - මචන්..
සුභයා - ඈ ?
මම - මේ, අර අනිත් පාරෙන් යන්න ඔනේ
සුභයා - හා... යමු...
මම - දැන් අපි ආප් පාරෙන් යන්න බස් තියෙන්නෙ ආයෙ හවස 4 නෙ. දැන් 2යි.
සුභයා - ඉතිං ?
මම - අර පාරෙන් යන්න ඔනෙ ඒකෙන් ගිහින් ටවුන් එකට යන්න පුලුවන් නේද
සුභයා - ආ මං දන්නෑ බං. මං මේ කොහෙද ඉන්නේ
(හෙණ ගහපං කිව්වලු, යකෝ මං දන්නෙත් නෑ)
මම - මට හරියටම මීටර් නෑ බං. ඒ උනාට අනිත් පාරෙන්ම යන්න ඔනේ බං
සුභයා - හරි හරි බං කෙහෙන් හරි යමු. මාත් එනවා උබලා එක්ක යන්න
මම - එහෙනම් මෙතන ඉමුද බස් එක එනකං...
සුභයා - ආ එහෙනං උඹලා හිටහං, මම පටස්ගාලා ගිහිං බෑග් එක අරගෙන එන්නම්..
මම - ආ.. එල ඉක්මණට වරෙං, බස් එක ආවොත් එහෙම
සුභයා ගියා බෑග් එක අරගෙන එන්න. විනාඩි 10න් ඌ ආවා. කොහොම හරි අපි සෙට් එක පැයක් විතර පාරේ හිටගෙන ඉන්නවා ආපු පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් යන්න. ඔය අතරේ අපි ආපු පැත්තෙ පැත්තෙන් ටවුන් එකට යන අන්තිම බස් එකත් ගියා. අපිට ගානක් නෑ අනිත් පැත්තෙ බස් එකෙ එනවනෙ කියලා පාර අයිනෙ පාවී පාවී හිටියා.
මම - ඒ සුභේ ? කෝ බං බස් එක තවත් නෑනේ බං....
සුභයා - මේ පැත්තෙන් බස් යන්නෑ බං. අර බස් එකෙ විතරයි යන්න පුලුවන්....
හතිලව්වට ගහපු කලාබරේ කිව්වලු. යකෝ මේකා දැන්නේ කියන්නේ අපි යන්න හිටපු පාරේ බස් යන්නේ නෑලු. නෙද්දකින් මේකා. අපි දෙන්නම එක ඉත්තෙ බඩු. ඌත් හඳේ මාත් හඳේ.. ඌට ඒ පාරේ බස් යනවා කියලා කියන්න අමතක වෙලා. ඌ වෙන කල්පනාවක ඉන්න අතරේ මට හරි මේ පාරෙන් යමං කියලා......
දැන් මොකො කරන්නේ පාරේ යන බයික් කටු දෙකක එල්ලිලා ආවා බස් යන පාරක් ලඟට. ඇවිත් තමා යාන්තං ගෙදර ආවෙ....
කොහොමද රොකට් එකේ බලේ. ගමේ ඉන්න එකාට ඌ ඉන්නේ කොහෙද කියලා මතක නෑ. බස් යන්නෙ මොන පාරෙන්ද යන්නෙ නැත්තෙ මොන පාරෙන්ද කියලා මතකත් නෑ........
ප.ලි - රොකට් එකට ජය වේවා !!
ප.ප.ලි - මෙතුවක් කාලෙකට රොකට් වල නොගිය අය රොකට් වල යෑමට උත්සාහ දැරීමෙන් වලකින්න......
එල ඈ, හැබැයි රොකට් වල නොගිය අයට යන්න පුරුදු කලානන් හොඳයි බන්..... මම කොත්තුවා
ReplyDeleteඒ එහෙම හොද නෑ බං. මුනා උනත් ______නෙ බං
ReplyDeleteහිකිස් පට්ට වැඩනෙ උඹලට වෙන්නෙ. අනාතයි ඇ
ReplyDeleteඅපේ සැට් එකෙත් රොකට් එකේ යන උන් ඉන්නවා!උන් හිනා වෙනවා දැක්කම අපිටත් හිනා කාල මැරෙනවා!
ReplyDeleteහික් හික් :D
ReplyDeleteඑල ඈ... මම රොකට් ගහල නෑ ඒ උනාට ආසයි බය බං
ReplyDeleteඅනේ සාදු !!!
ReplyDelete