Aug 16, 2011

මචන් ෆිල්ම් එක පේන්නේ අර පැත්තෙන්.....

ආහා.....කට්ටිය කොහොමද ?

මේ ටිකේම බ්ලොග් එකේ අනංමනං ලිව්ව නිසා ලියන්න කියලා දෙයක් ඔළුවට එන්නේ නෑ අප්පා.........මතක් කරගෙන යනකොට පොඩි සිද්ධියක් මතක් උනා, ඒක කියන්නයි සූදානම........

මගෙ කලින් කථාවක මම කිව්වෙ අපේ ක්ලාස් එකෙ ඉන්න සුභේ කියලා එකෙක් ගැන, මේ ඌගෙ සීන් එකක් ඈ........

දවසක් අපිට හවස පීරියඩ් එකේ මොකවත් තිබුනේ නෑ. ඉතින් පන්තියේ කොල්ලේ සෙට් එක කථා උණා කිං හන්තර්ර්ර්ර් බලන්න යමු කියලා..... එත් දන්නෙ නැද්ද එක එකා පස්ස ගහනවා....කොහොම හරි පන්තියෙන් 3/4ම ඇදගෙන කට්ටිය ෆිල්ම් එක බලන්න ගියා......

අපේ සුභයට කෑල්ලක් ඉන්නවා. එත් ඉදා ඉතින් මේකා ගියෙ අපිත් එක්කනෙ ඒක නිසා කෑල්ල නෑ...මූ දැන් ආයි මොකුත් නෑ 1948 නිදහස ලැබුණා වගෙ එහෙටෙ මෙහෙට හැරී හැරී ටිකට් පොළිමේ ඉන්න කෑලි දිහා බලනවා.........

ඔය අතරේ කියනවා අපරාදේ බං මටත් කෑල්ල එක්ක එන්න තිබුනේ කියලා........ (හිකිස්ස්ස් අපිට ඉතින් එහෙම කියන්න තියා හිතන්නවත් කෑල්ලක් ඉන්න එකක්යැ).....

සුභයට දැන් ඉන්න බෑ කෙල්ලො දිහායි කපල් දිහායි බලනවා ඇරෙන්නෙ......කොහොම හරි ටිකට් අරගෙන හෝල් එක ඇතුලටත් ගියා......ඒ තරම් සෙනඟක් නෑ. අපි සෙට් එක පිටි පස්සෙම පොළිම් 3 ඉද ගත්තා.....මායි තඩ්ඩයි, සුභයයි පිටී පස්සෙම පෝලිමේ ( තව අපේ දශ්ඨේ එහෙමත් හිටියා).......

කොහොම හරි දැන් ෆිල්ම් එක පටන් ගත්තා......ඒත් යකෝ මෙන්න සුභයා අනිත් පැත්ත හැරිලා.....මාර කේස් එක......මම කථා කළා...

මම - ඒ සුභේ.....

සුභයා - ඈ....ඇයි බං ??

මම - මොකෝ බං ඔය.......ෆිල්ම් එක පේන්නෙ අර පැත්තෙන්නෙ බං.....

සුභයා - චැහ්..ඕවත් ෆිල්මද බං මේවනෙ ෆිල්ම්....හොදට බලං හිටපංකෝ මේ බොක්ස් එක දිහා ඒක හෙල වෙනවා බං...ඇතුලේ ඉන්න උන් දෙන්න නියම ගේමක් ගහනවා ආසාවේ බෑ බං......

කියලා කියපි මේකා..... මට දැන්නේ වැඩේ මීටර් උනේ. මූ බොක්ස් එකකට ඔලූව දාගෙන ඒක ඇතුලේ ඉන්න කපල් එක කරන දේවල් දිහානෙ බලාන ඉන්නේ......මටත් මොකෑ මාත් හැරිලා ඒක දිහා බලාගෙන හිටියා.......(එහෙමටක කියලා දෙයක් නම් දැක්කේ නෑ බොක්ස් එක හෙළවෙනවා දැක්කා දඩස් බඩස් ගාලා සද්ද ටිකක් ඇහුණා....මොනා උනත් ආතල් වැඩේ...හිකිස්)

ඔන්න ඔහොමයි අපි කට්ටිය ෆිල්ම් හෝල්ස් වල ෆිල්ම් බලන්නේ :D

14 comments:

  1. හික්ස්....පට්ටා ඇ.

    ReplyDelete
  2. පට්ට කතාව බං.. හැබැයි ඉතිං උඹලෑ වල්කං තමා ඔය...

    ReplyDelete
  3. පට්ට ලොල් කතාව.....
    කින්හන්තර් මේ ලගදි නේ බන් තිබුනේ...

    ReplyDelete
  4. @කිරි - අඩෙ වල් නෑ බං...
    @මී හරකා - ඔව් බං ඔය සිද්ධිය උනෙත් මේ ලහදී තමා... :D

    ReplyDelete
  5. මුල් පාරට මල්ලි මේ පෑත්තට ආවේ.....යකෝ බලන් යද්දි සුභයත් ග්‍රීස් යකෙක් නේ බන්.....:-)

    ReplyDelete
  6. හික් හික් සුභයගෙ නමෙ මුල අකුරු S.A.W අපි උට කියන්නෙ කියත් සුභේ කියලා :D :D

    ReplyDelete
  7. මන් හිතන්නේ ඒක ඇතුලේ පෙන්නන්න ඇත්තේ 18+ ෆිල්ම් එකක් වෙන්ටැ..

    ReplyDelete
  8. යෑස් යෑස්...සෙහෙම එකක් තමා ඒ දෙන්නා රඟපෑවේ....හිකිස්... :D

    ReplyDelete
  9. කිනා NoහොTh KingShanAugust 18, 2011 at 5:58 PM

    අඩෝ අපි සෙට් එකත් ගියා. අපි බැලුවේ බැල්කනියේ ඉදං බං. එක සැරයක්නම් පල්ලෙහා හිටියා. හිකිස් මාර සැප තමයි බං. එක කෙල්ලෙක් එලියට ඇවිල්ලා කොල්ලගෙන් අහනවා කෝ අනේ මේ පැත්තෙ අතේ ගහල තිබ්බ හැට්ට කට්ට කියලා. ඒකි මට ඇහුනා කියලා දැනගෙන මගෙ පැත්ත බලලා හිනා උනා. හිකිස් මාර ආතල් තමා... අඩේ පොලා.. අපි සෙට් එකත් ෆිල්ම් එකක් බලන්න යමුද

    ReplyDelete
  10. අඩේ සිරාවටම යමංකෝ බං කිනා...

    ReplyDelete
  11. කිනා NoහොTh KingShanAugust 18, 2011 at 6:55 PM

    ඒකනේ උලමෝ.. යමු.. දිනයක් කියහං

    ReplyDelete
  12. සන්තොසේ බෑ.. හි හි ...
    box බලන් ඉන්න නෙවෙයි
    box ඇතුලට යන්න ක්‍රමයක් කල්පනා කරන්න

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...