ඉස්සර රූපවාහිනියෙ ගියා ටෙලි නාට්‍ය කියලා ජාතියක්.. මම හිතන්නෙ ඔය අයට මතක ඇති අකාල සන්ධ්‍යා, දඩුබස්නාමානය, අසනි වැසි, බෝගල සවුන්දිරිස් වගේ නාට්‍ය.. මනුස්සයෙකුට හිරිකිතයක් නැතුව බලන්න පුලුවන් උසස් ගණයෙ ටෙලි නාට්‍ය කීවොත් නිවැරදියි....
ඒත් අද මොනවද මේ රූපවාහිනියෙ ටෙලි නාට්‍ය කියලා පෙන්නන්නෙ.... මේකප් උලාගෙන බෝනික්කො වෙන්ඩ දඟලන ඇටිකිරි කෙල්ලො දෙතුන් දෙනෙක් දාලා උන්ටම හරියන්ඩ තව කොල්ලො දෙතුන් දෙනෙක් දාලා මොකක් හරි දෙබස් ටිකක් කියවන්ඩ දීලා රෙකෝඩ් කරලා ටීවි එකෙ පෙන්නනවා... ඇත්තටම මේවා ටෙලි නාට්‍යද ? මිනිස්සුන්ගෙ රසඥ්යතාවය හදුනන්නෙ නැති සල්ලි වලට ඔනෙ දෙයක් කරන දෙකයි පනහෙ මිනිස්සුන්ගෙ තවත් අදබාල වැඩක් කියලයි කියන්න වෙන්නෙ....
ඉස්සර ටෙලි නාට්‍යක් ගත්තොත් උපරිම කොටස් 20යි නැත්තම් කොටස් 25යි.. සතියට එක දවසයි පෙන්නන්නෙ.... කතාවත් ලස්සනයි තේරුමක් තියෙන එකක්... අද මොනවද තියෙන්නෙ සතියෙ දවස් පහම එක දිගට පෙන්නනවා.... අද කෙල්ල එකෙක් එක්ක යාලු වෙනවා හෙට වෙන එකෙක් එක්ක යාලු වෙනවා අනිද්දට අඩනවා.. ඉන් අනිද්දට බදිනවා.. ඊට පස්සෙ දවසෙ දික්කසාද වෙනවා.... ඕං ඔච්චරයි කතාව....
#ලව් කියන මාතෘකාවෙන් එලියට ගිහින් නිර්මාණයක් කරන්න අද ඉන්න අධ්යක්ෂකවරුණ්ට හැකියාවක් නෑ.... කතා 10ක් ගත්තොත් ඒ කතා 10ම මාතෘකාව ආදරය... වෙනස් වෙන්නෙ රඟපාන නලු නිලියො විතරයි... අනේ මන්දා ඉස්සර පෙන්නුවා වගේ දඩුබස්ණාමානය අකාල සන්ධ්‍යා වගේ ටෙලි නාට්‍ය දැන් හැදෙන්නෙ නැත්තෙ ඇයි දන්නෑ.... මෙගා රැල්ලට අහු උණ රූකඩ වෙලා හැම කෙනෙක්ම.... මම අවසානෙට සම්පූරණයෙන් බලපු ටෙලි නාට්‍ය " සඳගලතැන්න " මතකද දන්නෑ ඒක කට්ටියන්ට....
අද ටෙලි නාට්‍යයක් ගත්තොත් හැම එකකම නම කෙල්ලෙකුගෙ නමක්.... අඩු තරමෙ නාට්‍යට නම දාගන්න එකවත් හරියාකාරව කරන්න බැරි පිරිසක් තමා අද ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ඉන්නෙ....
මේක පොඩි විවේචනයක් විතරයි.... මම කියන දේ ඇත්තද බොරුද කියලා හිතලා බලන්න....
ඉස්සර වගේ මනුස්සයන්ට බලන්න පුලුවන් අද වගේ බොළඳ නැති හොඳ රසඥ්‍යතාවයක් තියෙන ටෙලිනාට්‍ය බිහි වේ යැයි බලාපොරොත්තු වෙනවා... !!
මේ විඩීයොවෙ තියෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහත වර්ථමාන නාට්‍ය ක්ෂේත්රය පිලිබදව දක්වපු අදහස් කීපයක්...
වීඩියෝව නරඹන්න
දදඩුබස්නාමානය වගේ ටෙලි කතා මාලාවන් අදටත් බිහි කල හැකි ප්‍රවීන අධ්‍යක්ෂක වරු ඉන්නවා. එත් මේ ආර්ථිකය හා සමාජය ගසාගෙන යන රැල්ල (මෙගා) එක්ක එක කරන්න බැහැ. දැන් මාකට් වෙන්නේ බොළඳ කතා මිසක් වාගත් දේවල් නෙමේ ...
ReplyDeleteඅදමයි ආවේ .. එල එකක් .. දිගටම එනවා ....
එහෙම දෙයක් නෑ මිත්‍රයා... කරන්නෙ නැති එකයි වරද.. ඒවගෙ නාට්‍යක් ආවොත් මිනිස්සු නොබලා ඉන්නෙ නෑ.... අපේ රටේ එච්චරම බොළද අය නෑ...
Deleteඇත්ත මචෝ. ඒ අස්සේ දැන් යන ටෙලි නාට්‍ය වල දඬුබස්නාමයේ මාස්ටර් හදපු මියුසික් කෑලිත් ඇහෙනවා. අහන් ඉන්න ලැජ්ජයි. අඩු ගානේ කොපි කරන එකවත් හරියට කරගන්න බැරි බූරු වහන්සේලා ටිකක් තමයි මේක ඇතුලේ ඉන්නේ. දඬුබස්නාමයේ ගොඩක් දේවල් මේ ටෙලි ගෝතයෝ සෙට් එක උස්සලා තියනවා. හිතලා වැඩක් කරන්න බැරි ඔලුව ඉදිමිච්ච මොට්ටපාලලා ටිකක් අතේ තමයි මුලු රටම තියෙන්නේ. අපේ කරුමේ.
ReplyDeleteවගකිව යුත්තන් ඒ අයට වරදුණ තැන් හදාගත්තා නම් හරි බන්..
Deleteකොටින්ම අර දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා හෙම හදපු ජයන්ත චන්ද්‍රසිරි ගේ හතර දෙනෙක් සෙන්පතියෝ මතකද? ඒක ඇද්දුවා කියන්නේ ඇද්දිල්ලක් හැමදාම මොකක්ද සෙම්බුවක් පෙරලෙන සීන් එකක් දාලා, අන්තිමේදී මට ඒ ටෙලිය නිසාම ටෙලි නාටෘ බලන එකයි ජයන්ත චන්ද්රසිරිවයි එපා වුනා!
ReplyDeleteTV නොබලමි...
ReplyDeletekathandara ge kathawa sahathika eththa,loku talk dunnata jayantha chandrasirith ehema ekkenek thamai
ReplyDeleteදැං TV වල යන ඒවා වලිං හොඳකට තියෙන්නෙ කාටුන් විතරයි, ඒත් ඒ හැම කාටුන් එහෙකමත් නෙවෙයි, විලිලැජ්ජයි බං
ReplyDeleteකතාවනම් ඇත්ත.. ඉස්සරම සෙනසුරාදා ඉරිදා ගිය ටෙලිය මාත් ආසාවෙන් බැළුවේ.. දූදරුවෝ එහෙම ටිකක් දිග එකක් වුනාට ඒක දැන් තියෙන මෙගා වලට වැඩිය හොදයි.. ඉටිපහන්, වෙදහාමිනේ වගේ ඒවා මාරම ආසාවෙන් බැළුවේ.. දැන්නම් කතා නොබලමි..
ReplyDeleteකරුමෙට මේ කතා ඉවර වෙන්නෙත් නෑ. මේ ලඟදි ආපු තව පිස්සුවක් තමයි ඉන්දියානු ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය.
ReplyDeleteඑල
ReplyDeleteඑල එල ඈ
ReplyDelete