Showing posts with label සමාජීය. Show all posts
Showing posts with label සමාජීය. Show all posts

Jul 15, 2015

වෛරය, උඩඟුකම, තරඟකාරිභව සහ සිංහල රැප්...

ගොඩක් දෙනෙක් කතා කරපු මම අද වෙනකං අදහස් නොදක්වපු
‪#‎සිංහල_රැප්‬ ගැන මට දැනෙන මම දකින මගේ අදහස කියන්නයි හදන්නේ ඈ..
ඇමරිකාවෙ එංගලන්තේ වගේ රට වල භාශාව උණ ඉංග්‍රීසියෙන් ඒ රටවල රැප් කරන අය රප් කරනවා. තමන්ගේ භාශාවෙන්. ඒ වගේම ඒ අය අතරින් සමහර දෙනෙක් ලෝක ප්‍රසිද්ධයි. උදාහරණයකට ‪#‎eminem‬‪#‎lil_wayne‬ වගේ අය කවුරුත් දන්නවා ඇතිනේ... ඒ වගේ ස්පාඤ්ඤ භාශාවෙන් රැප් කරන අය ඉන්නවා ඒ ඒ අයගේ භාශාව නිසා.. ඒ වගේම තම තමන්ගේ භාශාවෙන් රැප් කරන අය ලෝකේ ඕනේ තරම් ඉන්නවා...
ඒ වගේම දැන් ලංකාවටත් ඒ රැප් සංකෘතිය ඇවිල්ලා... ඇත්තටම මුල් කාලේ ලංකාවෙ අය කලෙත් ඉංග්‍රීසි රැප්. ඒත් අද සිංහල භාශාවෙන් රැප් කරනවා අපේ භාශාවට මුල් තැන දීලා..ඒකට ඇත්තටම රැප් වලට ආදරේ කරන අය ඒ වැඩේට ගෞරව කරන්න ඔනේ...
ඒත් මම දකින එක අඩුපාඩුවක් තමා මේ සිංහල රැප් කරන අයගෙන් බහුතරයකට ( ඔක්කොටොම නෙමෙ ඈ ) මූලග්ගින්න තියෙනවා.... කවුරු හරි කෙනෙක් සිංහල රැප් වල මොකක් හරි අඩුපාඩුවක් කීවොත් ආයේ ඒ මනුස්සයා වසලා හමාරයි... කුණුහරප විමානයයි... කොස්සෙන් වෙඩි තියන්න හදයි.. බුදු අම්මේ සෙල්ලං ගොඩයි... මට තියෙන්නෙ ඇයි මේ අය මේ තරම් මෝඩ කියන ප්‍රශ්ණෙ විතරයි.... කොයි දේ කරත් ඒ හැම දේකටම කවුරු හරි විවේචන එල්ල කරනවනේ... කරන්න ඔනේ ඒ විවේචන එල්ල කරන අයට කුණුහරපෙන් බැනලා රැප් කරන එක නෙමෙ.. ඒ එල්ල කරන විවේචන වල තමන් දෙයක් ගන්න තියෙනවනං අරගෙන නැත්තං තමන්ගේ පාඩුවෙ අර වගේ විවේචන ආයේ එල්ල නොවෙන්න කලින් කලාට වඩා හොදට තමන් කරන වැඩේ කරන එකනේ....
ඒත් ගොඩක් අය කරන්නේ නැට්ට පාගගෙන ඔහේ කෑ ගහනවා.. අද රැප් එකක් ඇහුවොත් ගොඩක් ඒවගේ කරලා තියෙන්නෙ රැපට බනින උන්ට බනින එක.. රැප් එකෙන් කරන්නෙ බනින එක... grin emoticon යකෝ බනිනකොට තාලෙට බනින්න ඔනේද බං... කෙලින්ම කියවලා දාපල්ලාකො.. එහෙම බැලුවොත් අපේ ගම් වල කසිප්පු ගහන උනුත් හෙණ රැපර්ස්ලා.. මොකො උනුත් බීපුවාම කියන්නෙම කුණුහරප විතරයි grin emoticon... අනිත් එක මේ කණට කරාඹුවක් දාගෙන හිප් හොප් කැප් එකක් දාගෙන බෙල්ලට මාල 25ක් 30 දාගෙන අතටත් මොනවද ඒවා දාගෙන ඇඟිලි දෙක උලුක් කරගෙන එහෙට මෙහෙට දැගලුවට රැපර් කෙනෙක් වෙන්ඩ බෑ... හැකියාවක් කියලා දෙයක් තියෙන්නත් ඔනේ... pacman emoticon..
එහෙම නෙමෙ දැන් මාත් එක්ක තරහා ගන්න එපා... රැප් කරන සෙට් එකක් ඉන්නවා ඒ වැඩේ එලටම කරනවා... තවත් සෙට් එකක් ඉන්නවා හොඳටම බැරි උණත් ඒ තැනට එන්න උත්සාහ කරගෙන වැඩේ කරනවා... තවත් සෙට් එකක් ඉන්නවා මෙලෝ හැකියාවක් නෑ ඔහේ කුණුහරප ටිකක් තාලෙට කියන්ඩ හදනවා... උන් නිසා හොඳට කරන උන්ගෙ නමත් චා වෙලා රැප් අහන එකත් එපා වෙනවා....
මම මේ මගෙ අදහස ප්‍රකාෂ කලා විතරයි.. කාටවත් පෞද්ගලිකව දෙයක් කීවා නෙමෙ... අවසානෙටත් කියන්නේ.. එල්ලවෙන යෝජනා වලින් ගන්න තියෙනවනම් දෙයක් අරගෙන චෝදනා වලට සැලෙන්නෙ නැතුව කුණුහරපම විතරක් නැතුව මනුස්සයෙකුට අහගෙන ඉන්න පුලුවන් එලකිරි වැඩක් කරපල්ලා... සිංහල රැප් කරන උන්ට ( හරියට කරන උන්ට ) ජය ඈ !!

Jul 11, 2015

සා.පෙ තමා සාපයක් උණේ...


ඇත්ත වසයෙන්ම කියනවනං මිත්‍රවරුණි අපේ ජීවිතේ කෑවෙ සාමාන්‍ය පෙළ විභාගේ (O/L).. සාමාන්‍ය පෙළ විභාගේ පාඩම් නොකර පිස්සු කෙළ කෙළ ඉදලා ලියලා හොඳ රිසාල්ට් එකක් දැම්මා ( A 10ක්ම ගන්ඩ ඔන්නෑ. ඒත් ගණිතය විද්‍යාව ඉංග්‍රීසි එක්ක හොඳට පාස් වෙන එක ගැන කීවෙ ඈ ).. 
ඊට පස්සෙ ගමේ උන්ටයි නෑදෑයින්ටයි පේන්ඩත් එක්ක උසස් පෙළට කොරන්ඩ තෝර ගන්නවා විද්‍යා විශයන් ( මැත්ස් හරි බයෝ හරි ) එහෙම තෝරගෙන සාමාන්‍ය පෙළ පාඩම් නොකර පිස්සු කෙළ කෙළ ඉදලා පාස් උණ නිසා උසස් පෙළත් සාමාන්‍ය පෙළ මිම්මෙන්ම මැනලා ඔහේ ආතල් එකෙ ඉන්නවා.. අවාරෙට පොල් වැටෙනවා වගේ ක්ලාස් යනවා.. පාඩක් කරන්නෑ ආතල් ගන්නවා...
මොකද උනේ.... ටහිකිලා තියෙන්නෙ... කෙළ උනා නේද මිත්‍රවරුණි... දැන් ගමේ උනුයි නෑදෑයොයි තරඟෙට පුකෙන් හිටං හිනා වෙනවා.. grumpy emoticon තූ නෙදකිං දුෂ්‍ඨ ජනතාව....
එහෙම නෙමෙයි බං අපිට කොරන්ඩ තිබ්බේ.. අපිට තිබ්බේ සාමාන්‍ය පෙළ හොඳට පාස් උණ පලියට විද්‍යා විශයන් කරන්න නෙමෙ.. අපේ තියෙන මොකක් හරි දක්ෂතාවයක් බලලා ඒ පැත්තෙන් ඉගෙන ගන්න එක...
උදාහරණයකට චිත්‍ර අදින්න, සින්දු කියන්න හැකියාව තියෙන එකෙක් කලා අංශයෙන් ඒ අදාල විශයන් තෝරගෙන විභාගේ කරන්ඩ ඔනේ.. ඒ වගේ තව කොච්චර පැති තියෙනවද ඉගෙන ගන්න ? මැත්ස් බයෝ විතරක්ම නෙමෙයිනෙ ඉගෙන ගන්න තියෙන්නෙ....
දැන් බලපන් සින්දු කියන්න හැකියාවක් තියෙන එකෙක් කලා අංශයෙන් සංගීතය විශයක් විදියට කරා නම් උට උසස් පෙළ ගොඩදාගන්න එක ගේමක් නෙමෙයිනේ.. චිත්‍ර අදින්න හැකියාවක් තියෙන එකෙකුට ඒ අංශයෙන් ඉගෙන ගත්තා නම් උසස් පෙළ ගොඩදාගන්න එක ගේමක් නෙමෙයිනේ.... ඒකට අපි මොකද කරේ... නෑ ආර්ට් හරි යන්නෑ... ආර්ට් කරන උන්ව ගණං ගන්නෙත් නෑ... අපි කරන්න ඔනේ මැත්ස් හරි බයෝ හරි කියලා ලොකු වංශෙන් හිතලා ඒවා කොරනවා.... සංගීතය පුලුවන් එකා සංගීතේ කරා නම් මොකෑ වෙන්නේ... ඌ දැන් මැත්ස් කොරනවා....
පයිතගර්ස් කියයි. අයින්ස්ටයින් කියයි. නිවුටන් කියයි.. මොක්කුද බං මුන්... ජාන විකෘති තාවයක් නිසා මොලේ ඔනේවට වඩා වර්ධනය වෙලා නිකං ඉන්ඩ බැරුවට එක එක මඟුල් හොයාගෙන අපිටම කෙළවන්ඩ ආපු උන් නේද ?.... උන්ගෙ මොලේ අසාමාන්‍ය විදියට වර්ධන උණාට අපේ එහෙම වෙලා නෑනේ... ඒක මේ සිලබස් හදන උන්ට තේරෙන්නෙත් නෑ...අපේ අම්මලාට තාත්තලාට තේරෙන්නෙත් නෑ.. උසස් පෙළ කොරන්ඩ විශයන් තෝරා ගන්න අපිට තේරෙන්නෙත් නෑ....
දැන් ඉතිං ඇත්තටම කීවොත් කතා කරලා වැඩක් නෑ.. අපිට කෙළවෙලා ඉවරයිනේ.... මම මේ කියන්නේ තවම සාමාන්‍ය පෙළ ලියන වයසේ ඉන්න උන්දලාට... මහන්තත්ත කම පෙන්නන්න විද්‍යා විශයන් කරන්න යන්න එපා තමන්ගේ හැකියාවට ගැලපෙන දෙයක් තෝරගනින් ඉගෙන ගන්න...
හැබැයි ඉතිං හොඳ මොලයක් තියෙන උන්ටනම් මේ කතාව අදාල නෑ.. උන් මොනවා ඉගෙන ගත්තත් උන් ඒක අගේට ඉගෙනගෙන ගොඩ යනවා...
ඒක නිසා ඕං කරන දෙයක් කල්පනාවෙන් හිතලා බලලා කොරපල්ලා ඈ...
ජය...

Jul 10, 2015

කාලය මැව් වෙනසක අරුමේ !!



හවස් යාමේ ගේ පිටිපස්සෙ වෙල් යාය දිහා බලාගෙන ඉන්නකොට හිතුණේ අපි පොඩි කාලේ ඒ වෙලාව වෙනකොට කොල්ලො කී දෙනෙක් වෙලේද ?... සරුංගල් අරින කාලේට හැම එකෙකුගෙම අතේ සරුංගලයක්... හැම සරුංගලේම හැදුවෙ එකෙක් උණාට තමන්ගේ අතට ගත්තට පස්සෙ ඒවා තම තමන්ගේ සරුංගල් වෙනවා... පස්සෙ අනිකගෙ සරුංගලේට වඩා තමන්ගේ සරුංගලේ උඩ යවාගන්ඩ දඟලනවා... එහෙට දුවනවා මෙහෙට දුවනවා එකම කාළගෝට්ටියයි... ඊට පස්සෙ ගොයම් කපපු කාලේට කට්ටියම එකතු වෙන්නෙ ක්‍රිකට් ගහන්න හරි එල්ලෙ ගහන්න හරි... උච්චි තෝල් කියලා කණ්ඩායම් තෝරගෙන දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙවි සෙල්ලං කරපු ඒ අතිතේ ගැන මතක් වෙද්දෙ ඇත්තටම හිතට දැනෙන්නෙ ලොකු දුකක්.. ආයේ ඒ ලස්සන සුන්දර ළමා කාලේ ආයේ එන්නෙ නෑනේ කියලා හිතෙනකොට ආයේ ඒ කාලෙට යන්න තිබ්බ නම් කියලා හිතෙන වාර ගාණ අනන්තයි අප්‍රමාණයි.... 


කාලය මැව් වෙනසක අරුමේ තමා.... අද ඉන්න පොඩි එවුන් සරුංගල් යවන්න තියා සරුංගලයක් හදාගන්නවත් දන්නෙ නෑ.... උදේට ඉස්කෝළේ යනවා හවසට එතනින්ම ක්ලාස් යනවා කළුවර වැටුණාම ගෙදර එනවා ඒ ආපු වෙලාවෙ ඉදන් ඉස්කෝලේ වැඩ ඒවා ඉවර වෙලා කාලා නිඳාගන්නවා... ආයේ පහුවදාටත් ඒ විදියටමයි... ටිකක් තරුණ වෙනකොට ගෙදර ඉන්නවනම් කොම්පියුටර් එක ඉස්සරහා... හැමදෙයක්ම සමාජ ජාල වෙබ් අඩවි වලට සීමා වෙලා.... අපිත් ඒ දේට එක්තරා විදියකට නැඹුරු වෙලා තියෙනවා නැත්තෙ නෑ... ඒත් අපි අපේ ළමා කාලේ සෙල්ලං කරන්ඩ තිබ්බ කාලේ ඒවා කලේ නෑ.. සමහර විට ඒ කාලේ අද තරං තාක්ෂණය නොදියුණු නිසා වෙන්න ඇති.. ෆේස්බුක් වයිබර් නොතිබුණ නිසා වෙන්න ඇති.. ඇත්තටම ඒ දේවල් ඒ කාලේ නොතිබුණ එකම හොඳයි.. ඒවා නොතිබ්බායින් අපි අපේ ළමා කාලේ හරිම විනෝදයෙන් යාලුවො එක්ක සෙල්ලම් කරලා ගත කරා.. ෆේස්බුක් වයිබර් වගේ දේවල් ඒ කාලේ ඉදන්ම තිබ්බනම් අපිත් ජීවත් වෙන්නේ අද ළමයි ජීවත් වෙන විදියටම වෙන්න තිබ්බා... 

තාක්ෂණය කොච්චර දියුණු උණත් ජීවිතේ ලබන්න ඔනේ හැම අත්දැකීමක්ම ලබා ගන්න නොලැබෙන එක එක්තරා විදියකට අද කාලේ දරු පරපුරේ අවසානවක්....

Feb 8, 2015

ෆක් ද ශ්‍රී ලංකන් සිස්ටම්....


ලංකාව කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්...
ඒ වගේ රටක් ගොඩක් වෙලාවට රදා පවතින්නේ ‪#‎බදු‬ කියන දේ මත...
ලංකාවට ගෙන්නන සිගරට් වලින් ලොකු බදු මුදලක් රජයට ලැබෙනවා..
අන්න ඒ බදු මුදල නිසා ලංකාව ඇතුලේ ‪#‎ගංජා‬ කියන දේ නීතියෙන් තහනම් වෙනවා..
මොකද ගංජා නිතිගත උනොත් සිගරට් කියන දේට තියෙන වටිනාකම අඩු වෙනවා
එතකොට සිගරට් කියන දේ ලංකාවෙ විකිණෙන එක අඩු වෙනවා..
ඒ කියන්නේ ලංකාවට ගේන සිගරට් ප්‍රමාණය අඩු වෙලා රජයට ගන්න පුලුවන් බදු ප්‍රමාණය අඩු වෙනවා....
හිඟන ආර්ථිකයක් තියන අපේ වගේ රටකට ලැබෙන බදු මුදල් අඩු වෙනවා කියන්නේ රජයට රදාපවතින්න බැරි වෙනවා කියන දේ....
ඔන්න ඔය කියන සරළ හේතුව මත ලංකාවෙ ගංජා තහනම් වෙනවා...
හැබැයි ලංකාවට ගංජා ගෙන්නුවනම් ඔහොම වෙන්නෙ නෑ
ඒකත් මතක තියාගන්න වෙනවා...
බදු මුදලක් අය කරගෙන ලංකාවට ගංජා ගෙන්නුවනම් ගංජා කියන දේත් අද ලංකාවෙ නිතියෙන් සම්මත දෙයක් වෙනවා...
ඒවා නොදන්න අපේ සමහරක් අම්භරුවන් ගංජා ගහන එක අපරාධයක් විදියට දකිනවා..
අරක්කු බීපු එකා වාහනේ හප්පා ගනී
එක්කො පාරෙ යන මනුස්සයෙක්ව යට කරයි..
ගෙදර මිනිස්සු එක්ක රණ්ඩු කරයි...
අඩුම ගානේ හරියට කන්නවත් පුලුවන්ද බීපුවාම...
ගංජා එහෙමද බලපන්...
ගංජා ගහපු එකෙක් කවදාවත් අනතුරක් කරගෙනත් නෑ කරලත් නෑ
මිනිස්සු එක්ක රණ්ඩු වෙලා නෑ...
හම්බෙන හැම එකා එක්කම හේතුවක් ඇතුහෝ නැතුව හිනා වෙනවා
(හිනා වෙනවා නෙමෙ හිනා යනවා ඇත්ත වසයෙන්ම grin emoticon )
හොදට බත් ටිකක් කන්න පුලුවන්...
එහෙම එකෙ භායනක අරක්කුද ගංජද ?..
හිතලා බලපන්...
මම මේ පොස්ට් එක දැම්මෙ කාවවත් ගංජා ගහන්න නැඹුරු කරගන්න නෙමෙ
ඒක විශේෂයෙන්ම කියන්ඩ ඔනේ...
කොල්ලන්ගේ අහිංසක ආතල් එකකට මුදලට ලොල් හිඟන රජය කරලා තියන කණවැන්දුම් වැඩේ ගැන කීවා විතරයි....
------------------------------------------------------------------------------------------------
ජය ඈ..
ජාහ් රස්ටෆාරේ.... !!

Jul 9, 2014

සහජීවන මහත්තුරු සහ ලංකාවෙ අනාගතය !!

අද ගොඩක් දෙනෙක් ආගමික සහජීවනය කියලා දෙයක් ගැන කතා කරනවා... මම කැමතියි මම දකින විදියට ඔය කියන ආගමික සහජීවනය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්න....


ඇත්තටම අපි දන්න කාලෙක ඉදලා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජන වර්ග තුනම ජීවත් උණා. මිනිස්සු බොහොම සහයෝගයෙන් සමගියෙන් ජීවත් උණා.. 

පොඩි වෙලාවකට මුස්ලිම් අයව පැත්තකින් තියමුකො... දෙමළ අය ගැන හිතලා බලන්ඩ... දෙමළ අය මොකද කලේ.. මෙතන කතා කරන්නෙ බහුතරයක් ගැන නෙමෙ... දෙමළ අය රටෙන් කොටසක් ඉල්ලුවා... ඉල්ලලා යුද්ධ කලා.. ඒ අයගේ වගේම අපේ සිංහල අයගෙත් ජීවිත ගොඩක් නැති උණා... ඒ අය අපේ රටෙන් කොටසක් ඉල්ලුවෙ ඇයි ? මේක ඒ අයගෙ රටක් නොවන හින්දා.. දෙමළගෙ මුල් බිම දකුණු ඉන්දියාව උන්ට අපේ රටේ බැරි නම් කිසි ප්‍රශ්ණයක් නැතු දකුණු ඉන්දියාවෙ ගිහින් ජීවත් වෙන්න පුලුවන්.. ඒත් සිංහල උණ අපිට මේ රට නැති උනොත් වෙන කොහෙටද යන්න පුලුවන්.. සිංහල මිනිස්සු ජීවත් වෙන තව රටක් මේ ලෝකෙ කොහෙ හරි තියෙනවද ? මම නම් දන්නෙත් නෑ අහලත් නෑ එහෙම වෙන රටක් ගැන... ඔය සහජීවනය ගැන කථා කරන කෙනෙක්වත් එහෙම රටක් ගැන අහලා තියෙනව නම් මාව පොඩ්ඩක් දැනුවත් කරන්න ඈ...

කොහොම හරි දෙමළව පරද්දලා අපි අපේ රට අපිට ආයෙ අරගත්තා... ඊලඟට මොකද වෙන්නෙ ? ඊලඟට සටනට එන්නෙ මුස්ලිම් කාරයා.... අද සහජීවනය ගැන කතා කරන අය කියනවා ඇයි අපිට සමඟියෙන් ජීවත් වෙන්න බැරි කියලා... ඇත්තටම පුද්ගලිකව මාත් කැමතියි සමඟියෙන් කවුරුත් එක්ක ජීවත් වෙන්නෙ... ඒත් සිංහලයගෙ රට උණ මේ ලංකාවෙ මඩකලපුව පැත්තට ගිහින් ජීවත් වෙන්න උත්සාහයක් දරලා බලපල්ලා පුලුවන් වෙයිද කියලා.... කඩයක් දාගෙන බිස්නස් කරන්ඩ බලහන් පුලුවන් වෙයිද කියලා... පන්සලක් හදලා සද්දෙට පිරිත් දාන්ඩ බලපන් පුලුවන් වෙයිද කියලා... සිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්නර රටක එක පැත්තක බුදුන් වදින්ඩ තියා ගිහින් ජීවත් වෙන්නවත් පුලුවන්ද ? බෑ.. ඇයි ඒ ? ආගමික සහජීවනය හින්දද ?

ඒත් අපි ජීවත් වෙන පළාත් වල හොදට ගෙවල් දොරවල් හඳාගෙන බිස්නස් කරගෙන මුස්ලිම් අය හොඳට ජීවත් වෙනවා ඔනෙ තරම්.. සිංහල මිනිස්සු උන්ට මෙතුවක් කාලෙකට කරදර කලාද ? 

මෙතන හැම මුස්ලිම් කෙනෙක් ගැනම නෙමෙ කියන්නෙ.... අන්තවාදි මුස්ලිම් කොටස් ගැනයි කතා කරන්න ඔනේ... හැබැයි ඒ අන්තවාදින් සුලුතරය උනත් බහුතරය උණ අනික් මුස්ලිම් අයත් යුද්ධයක් ඇති උනොත් උදව් කරන්නෙ ඔය සහජීවනය කියලා කෑගහගෙන යන සිංහල අවජාතකයින්ට  නෙමෙ. උන් උදව් කරන්නෙ උන්ගෙ ජාතියට ආගමට...ඒකයි සිංහලයට උන් එක්ක හැප්පෙන්න බැරි.... 

සිංහල ජාතිය, බුදු දහම රැකගන්න කෙනෙක් ඉස්සරහට එනවනම් මුස්ලිම් උන්ට විරුද්ධව ඒ කෙනාව පස්සට අදින්න හදන්නෙ මුස්ලිම් මිනිහෙක් නෙමෙ තවත් සිංහල තාත්තෙකුට දාව සිංහල අම්මෙකුගෙ බඩි ඉපදුන සිංහලයෙක්මයි... මේක අපේ ජාතියෙ අවාසනාව... මේවා ගැන කතා කරනකොට සමහර සහජීවන මහත්තුරු බනින්නෙ අපිට නෙමෙ අපේ අම්මලා තාත්තලට.... මට තේරෙන්නෙ නෑ ඒ අය මොන අරමුණු හිතේ තියාගෙන ඒ විදියට කතා කරනවද කියන්න...


ඒ අවසානෙට මම දෙයක් කියන්නම්... 

මේ යන විදියට ගියොත් අපිට රටක් ඉතුරු වෙන්නෙ නෑ මේ ලෝකෙ.. මේක මුස්ලිම් රටක් වෙලා නතර වෙන්නෙ.... මුස්ලිම් ජාතිය බහුතරය උන රට සුලු ජාතියක් නෑ... ඒ වගේම අද සහජීවනේ ගැන කතා කරලා තම්බියට කඩේ යන ඈයොන්ට උනත් තම්බියා උදව් කරන්නෑ අනේ මේ අපි ගැන කැක්කුමෙන් ඒ  කාලේ කතා කරපු සහජීවන මහත්තයෙක්නෙ කියලා... උබලා ඔය කරන වැඩෙන් දුක් විදින්නෙ අපි නෙමෙ.. උබෙයි අපෙයි දරුවො... ඒකත් මතක තියාගෙන සහජීවනේ ඔලුව උඩ තියාගෙන තම්බියට ගුද මාර්ගෙ දීගෙන ජීවත් වෙයන්... අපේ දරුවන්ගෙ අනාගතයට අබ සරණයි !!

May 26, 2014

එලොවටත් නැති මෙලොවටත් නැති අද කාලෙ ටෙලි නාට්‍ය !!

ඉස්සර රූපවාහිනියෙ ගියා ටෙලි නාට්‍ය කියලා ජාතියක්.. මම හිතන්නෙ ඔය අයට මතක ඇති අකාල සන්ධ්‍යා, දඩුබස්නාමානය, අසනි වැසි, බෝගල සවුන්දිරිස් වගේ නාට්‍ය.. මනුස්සයෙකුට හිරිකිතයක් නැතුව බලන්න පුලුවන් උසස් ගණයෙ ටෙලි නාට්‍ය කීවොත් නිවැරදියි....

ඒත් අද මොනවද මේ රූපවාහිනියෙ ටෙලි නාට්‍ය කියලා පෙන්නන්නෙ.... මේකප් උලාගෙන බෝනික්කො වෙන්ඩ දඟලන ඇටිකිරි කෙල්ලො දෙතුන් දෙනෙක් දාලා උන්ටම හරියන්ඩ තව කොල්ලො දෙතුන් දෙනෙක් දාලා මොකක් හරි දෙබස් ටිකක් කියවන්ඩ දීලා රෙකෝඩ් කරලා ටීවි එකෙ පෙන්නනවා... ඇත්තටම මේවා ටෙලි නාට්‍යද ? මිනිස්සුන්ගෙ රසඥ්‍යතාවය හදුනන්නෙ නැති සල්ලි වලට ඔනෙ දෙයක් කරන දෙකයි පනහෙ මිනිස්සුන්ගෙ තවත් අදබාල වැඩක් කියලයි කියන්න වෙන්නෙ....
ඉස්සර ටෙලි නාට්‍යක් ගත්තොත් උපරිම කොටස් 20යි නැත්තම් කොටස් 25යි.. සතියට එක දවසයි පෙන්නන්නෙ.... කතාවත් ලස්සනයි තේරුමක් තියෙන එකක්... අද මොනවද තියෙන්නෙ සතියෙ දවස් පහම එක දිගට පෙන්නනවා.... අද කෙල්ල එකෙක් එක්ක යාලු වෙනවා හෙට වෙන එකෙක් එක්ක යාලු වෙනවා අනිද්දට අඩනවා.. ඉන් අනිද්දට බදිනවා.. ඊට පස්සෙ දවසෙ දික්කසාද වෙනවා.... ඕං ඔච්චරයි කතාව.... 

#ලව් කියන මාතෘකාවෙන් එලියට ගිහින් නිර්මාණයක් කරන්න අද ඉන්න අධ්‍යක්ෂකවරුණ්ට හැකියාවක් නෑ.... කතා 10ක් ගත්තොත් ඒ කතා 10ම මාතෘකාව ආදරය... වෙනස් වෙන්නෙ රඟපාන නලු නිලියො විතරයි... අනේ මන්දා ඉස්සර පෙන්නුවා වගේ දඩුබස්ණාමානය අකාල සන්ධ්‍යා වගේ ටෙලි නාට්‍ය දැන් හැදෙන්නෙ නැත්තෙ ඇයි දන්නෑ.... මෙගා රැල්ලට අහු උණ රූකඩ වෙලා හැම කෙනෙක්ම.... මම අවසානෙට සම්පූරණයෙන් බලපු ටෙලි නාට්‍ය " සඳගලතැන්න " මතකද දන්නෑ ඒක කට්ටියන්ට....

අද ටෙලි නාට්‍යයක් ගත්තොත් හැම එකකම නම කෙල්ලෙකුගෙ නමක්.... අඩු තරමෙ නාට්‍යට නම දාගන්න එකවත් හරියාකාරව කරන්න බැරි පිරිසක් තමා අද ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්නෙ....

මේක පොඩි විවේචනයක් විතරයි.... මම කියන දේ ඇත්තද බොරුද කියලා හිතලා බලන්න....

ඉස්සර වගේ මනුස්සයන්ට බලන්න පුලුවන් අද වගේ බොළඳ නැති හොඳ රසඥ්‍යතාවයක් තියෙන ටෙලිනාට්‍ය බිහි වේ යැයි බලාපොරොත්තු වෙනවා... !! 


මේ විඩීයොවෙ තියෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහත වර්ථමාන නාට්‍ය ක්ෂේත්‍රය පිලිබදව දක්වපු අදහස් කීපයක්...

වීඩියෝව නරඹන්න 

Apr 25, 2014

ජාතිවාදය සහ ජාතිකවාදය...... කටින් කියවීමට නොව නුවණින් විමසීමට !!

පෘථිවිය ගත්තාම රටවල් ගොඩාරියක් තියෙනවා...
ඒ රටවල් වලින් බහුතරයක් රටවල ඉන්නෙ කතෝලික, ක්‍රිස්තියානි උදවිය. මුස්ලිම් උදවියට අරාබිකරයම සහ අප්‍රිකාවෙ සමහර රටවල් අයිති වෙනවා.... දෙඅල උදවියට ඉන්දියාව ( දකුණු ඉන්දියාව ) තියෙනවා....
හිතලා බලපල්ලා මේ ලෝකෙ සිංහල බෞද්ධ කියන උන්ට වෙන කොහෙද තියෙන්නෙ ජීවත් වෙන්ඩ රටක් මේ ශ්‍රී ලංකාව කියන වර්ග කිලෝ මීටර 65,525 ක් තරං පුංචි රට ඇරෙන්ඩ.... වෙන කොහෙද තියෙන්නෙ.... මෙකෙ ඉන්න උගත්තු ඒ ප්‍රශ්ණේට උත්තරයක් දන්නවනම් මට කියන්න කරුණාකරලා......
අපේ මේ පුංචි රටේ අදට මහ ජාතිය සිංහලයො, ඊලඟට මුස්ලිම් අය ඉන්නවා... ඊට පස්සෙ දෙමළ, බර්ගර් ජාතින් ඉන්නවා.... අපි ඒ කාටවත් අපේ රටේ ඉන්ඩ එපා පලයල්ලා අපේ රටින් කියලා කියලා තියෙනවද ? එහෙම කියලා තියෙනවනම් ඒකටත් උදාහරණයක් දෙන්ඩ කියලා මෙකෙ ඉන්න උගතුන්ගෙන් මම ඉල්ලා සිටිනවා.....
තමන්ගෙ රටින් වෙනත් ආගමක් අදහන වෙනත් ජාතියක පිරිසක් එලවන්න හදන එකයි, වෙන ජාතියක් විසින් අපිට මේ ලෝකෙන්ම ජීවත් වෙන්ඩ තියෙන එකම රට අපිට නැති කරන්න හදන එක වලක්වන්න උත්සාහ දරන එකයි කියන්නෙ කාරණා දෙකක්...
හැබැයි ඒක ගොඩාක් උගත් කියලා හිතාගන්න පුහ්ඃ බූරුවන්ට තේරෙන්නෑ.... ඒක වෙන කාගෙවත් නෙමෙ සිංහලයගෙම කරුමෙ....
මේ ලංකාවෙ සාම්ප්‍රදායික මුස්ලිම්වරු දෙමළ අය ජීවත් වෙනවා.. ඒ අයගෙන් කාටවත් කරදරයක් නෑ... සිංහල දෙමළ මුස්ලිම් එකට ජීවත් වෙනවා සහයෝගෙන්.. ඒත් ඒ අස්සෙ හැංගිලා සිංහලයට කෙළ වන මුස්ලිම් අන්තවාදින්ට විරුද්ධව නම් සිංහලයා සටන් කරනවා... ඒ සටන් කරන එකෙ වරදක් තියෙනවනම් මෙකෙ ඉන්න උගත් අය ඒ වරදත් පෙන්නුම් කරලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා....
ඉස්සර ඉදන් එන කතවක් තියෙනවා අර කාන්තාරෙ කූඩාරමක් ගහගෙන ඉන්නකොට ඒ මනුස්සයා පව් කියලා ඔටුවට ඔලුව කූඩාරම ඇතුලට දාගෙන ඉන්න දුන්නා කියලා... ඒත් ටික ටික මොකද උනේ... ඒ ඔටුවා අර මනුස්සයට ගහලා එලවලා කූඩාරම උට තනියම අයිති කරගත්තා.... එතන ඒ මනුස්සයගෙ චරිතෙ රඟපාන්නෙ සිංහල අපි, ඒ ඔටුවගෙ චරිතෙ රඟපාන්නෙ අපේ රටට කෙලින්ඩ හඳන මුස්ලිම් අන්ත්වාදින්... ඔය ටික මේ උගතුන්ට තේරෙයිද කියන එකෙ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා... එහෙම තේරුන්නැත්තම් කරුණා කරලා අහන්න හොදේ.....
අනික් දේ තමා මේ උගත් පිරිස ජාතිවාදය සහ ජාතිකවාදය කියන දෙක පටලවාගෙන තියෙන්නෙ....
ජාතිවාදය කියන්නෙ එක ජාතියක් තව ජාතියකට විරුද්ධව සටන් කරලා එක ජාතියක් නැති කිරිමට උත්සාහ කිරිම....
ජාතිකවාදය කියන්නෙ තමන්ගෙ ජාතියට වෙන අසාධාරණකම් වලට විරුද්ධව තමන්ම සටන් කරලා තමන්ගෙ ජාතිය බේරා ගන්න එක....
අද සිංහලා කරන්නෙ ඒක.... කවුරු හරි කියනවනම් ඒම නෙමෙ කියලා උදාහරණ එක්ක ඔප්පු කරන්න.....
මුස්ලිම් කාරයා අපේ රටට ඇවිත් කොච්චර වි‍යාප්ත උණාද ? සිංහලයා මොකුත් කීවද කරාද ? නෑනේ... ඒත් දැන් උන් අපේ සිංහලයව ටික ටික නැති කරන්න උත්සාහ කරනවා... ඒකට විරුද්ධව කතා කරන්න පිට රටවල ඉදන් සුද්දො එන්නෑ... අපේ ජාතිය රැකගන්න පෙළගැහෙන්න ඔනෙ අපිමයි... ඒකයි අද මේ ජාතික සංවිධාන කරන්නෙ....
හැබැයි අවාසනාවකට ඒ දේවල් වලට වින කටින්නෙත් සිංහල තාත්තා කෙනෙකුට දාව සිංහල අම්මා කෙනෙකුගෙ බඩින් උපන් බුදු දහම අදහන සිංහල උන්මයි...
මේක ජාතියක් හැටියට අපේ අවාසනාව..... ඒ වගේ හරක් ඉන්නකං මේ වෑයම අසාර්ථයි....
මගේ රටට මගේ ජාතියට මගේ ආගමට ජය වේවා !!!
බුදු සරණයි...
මොලෙන් තේරුම් ගැනිමට හැකියවක් ඇති අයට කියවීමට පමණයි මේක දැම්මෙ !!

Mar 29, 2014

ආසියාවෙ ඈස්චර්ය !!

ශ්‍රී ලංකාව කියන අපේ මේ රට...
සංවර්ධනය වෙමින් පවතින තුන් වෙනි ලෝකෙ රටක්...
එංගලන්තෙ එක්ක සාපේක්ශව බැලුවොත්
අපේ රට එංගලන්තෙට වඩා අවුරුදු 100ක් පස්සෙන් ඉන්නෙ...
ඉතිං එහෙම රටකට..
නයිට් රේස් මොකටද බං ?
ණය වෙලා චන්ද්‍රිකා උඩ යවන්නෙ මොකටද බං ?
ආසියාවෙ උසම කුළුණ ගහගෙන මොකටද බං ?

අපි කවුරුත් මොන දේ කරන්නෙත් ජීවත් වෙන්ඩ...
අපේ රටේ අපිට අද නිදහ්සෙ ජීවත් වෙන්ඩ පුලුවන්ද ?
රටේ බහුතරයක් දෙනා දුප්පත් මිනිස්සු...
එදා වේල හොයාගෙන කාලා ජීවත් වෙන්නෙ...
පාං රාත්තල රු. 60යි..
තව කවර කතාද ?

ඒ උණාට මහ රජාගෙ පුතන්ඩියො....
කෝටි ගාණක් වියදං කරලා කාර් ගෙනල්ලා රේස් පදිනවා...
යකෝ මොන රටේද රටේ අගනුවර වහන්නෙ රේස් පදින්ඩ....
මේක එයාලට දැන් සින්නක්කර අයිතිය වෙලා....

මේවා කීවාම එක්කො අපි දේශද්‍රෝහියො....
නැත්තං JVP කාරයො...
අනේ මම නං JVP තමයි ඈ......

ලෝකෙ තියෙන පොඩි රටක් උණාට....
ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලේ...
භාගෙට භාගයක් මහරජාගේ නෑයෝ....
ඇමරිකාවෙ, රුසියාවෙ, එංගලන්තෙ තානාපතිවරු කවුද ?
මහරජාගෙ නෑයො.....

අනේ ඇත්තට මෙච්චර දේවල් කරන මුටමනෙ මේ හරක් ඡන්දෙ දෙන්නෙ...
තූ නෙදකිං ඈ !! 

Feb 27, 2014

මගේ තියරිය !!

මේක පට්ට ආතල් ලෝකයක් බන්...
ඒත් අපි ඒ ආතල් එක ගන්ඩ දන්නෑ....
ප්‍රශ්න ගැනම හිත හිත හැමදාම මූණ එල්ලං ඉන්නවා...
ප්‍රශ්ණ කියන දේ කාටත් තියෙනවා..
ඒ ප්‍රශ්ණ වලට විසදුම් හොයනගමන්
ජීවිතේ විඳින්න ඔනේ....
අද කාලා හෙට වතුර ටිකකින් ජීවත් වෙනවා..
ජීවත් වෙන පොඩි කාලේ ආතල් එකේ ඉන්ඩ ඔනේ...
ඒකයි මචන් මගේ #තියරි එක....

Feb 15, 2014

සිගරට් හොදයි, ගංජා නරකයි... නෑ මචන් ඔය දෙකම නරකයි !!!



තහනම් කලා හෝ නොකළා 
ඔය කොයි මත්ද්‍රව්‍යත් ශරීරයට අහිතකරයි...
අරක්කු සිගරට් නීති ගත උණා කියලවත්
ගංජා නීතියෙන් තහනම් උණා කියලවත් වෙනසක් නෑ
නිකං නීතියෙන් තහනම් උණ දේ ගැන විතරක් කෑගහලා වැඩක් නෑ...
සිගරට් බීවත් එකයි ගංජා ගැහුවත් එකයි
ගංජා බෙහෙත් වලටත් අරං තියෙනවා..
ඒත් සිගරට් හදන දුම්කොළ බෙහෙත්ද ? නෑනේ..
ලෝකෙටෙ පේන්ඩ බොරු පුරාජේරු අවශ්‍ය නෑ

කවුරු කවුරුත් පුලුවන් තරම් මේ දේවල් වලින් ඈත් වෙන්නයි ඔනේ...
මේ දේවල් පාවිච්චි කරන කෙනෙකුට නම් ටිකක් අමාරු වේවි
ඒත් උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ...

අනිත් දේ තමා.

අද සමාජය හැඩ ගැහිලා තියෙන්නෙ
නීතියෙන් අවසරය තියෙන දේ හොදයි කියන විදියට හිතන්න..
ඒකයි සිගරට් බොන කෙනාට මොකුත් නොකියා
ගංජා උගුරක් අදින එකාව හංවඩු ගහන්නෙ...
මම නම් කියන්නේ එහෙම කියන අය සෑහෙන්න මෝඩයි...
තරහ උණත් කරන්න දෙයක් නෑ..
ගංජා ගැහුවත් එකයි බීඩියක් සිගරට් එකක් ගැහුවත් එකයි....
ඒත් බීඩි සිගරට් බොන කෙනාට කවුරුත්  මොනවත් කියන්නෑ
මොකද ඒ දේවල් නිතිගත නිසා....
සමාජ විශමතාවය තමා...

තව දෙයක් කියන්න ඔනේ...

මම මේ පොස්ට් එක දැම්මෙ ගංජා ගහන අයව සුද්ධ කරන්න නෙමෙ
කෝකත් වැරදියි...
ඒ වගේම කිසි කෙනෙක් මේකට පොළබවා ගන්නත් නෙමෙයි...
ඒකයි මුලින්ම කිවෙ කරන අය උනත් උත්සාහ කලොත් මේ දේවල් 

පාවිච්චි කරන එක අතහරින්න පුලුවන් වේවි කියලා....

අදහසක් මට හිතුණ දෙයක් පමණි. බුද්ධියෙන් විමසා දරා ගැනීම ඔබ සතුයි !!

ස්තූතියි !!

Feb 14, 2014

#වැලන්ටයින්....



අද ගොඩක් දෙනක් වැලන්ටයින් කියලා සමරන්නෙ මොකක්ද ?
තමන්ගේ #කාම_ආශාවන්  සංසිදුවා ගැනීම නෙමෙයිද ?
සෑබෑ ආදරය සහ කාමය කියන දෙක අද ගොඩ දෙනක් පටලවගෙන තියෙන්නෙ...
මේ කතාව පිරිමි පාර්ශ්වයට විතරක් නෙමෙ ගැහැණු පාර්ශවයටත් අදාළයි....
" කාමය / රාගය " කියන දේ ආදරයෙම කොටසක්...
ඒත් අදකාලේ ආදරය වෙලා තියෙන්නෙ කාමය කියන එක විතරයි...
වරද කොතැනද කියන්න මම හරියටම දන්නෑ...
ඒත් වරද උණ තැන ගැන හොය හොයා ඉන්නෙ නැතුව...
කා අතින් කවදා හෝ උණ මේ වැරද්ද නිවැරදි කරගෙන
ඉස්සරහට යන්න පුළුවන් කියන එකයි මගේ මතය....
මගේ මතය පිළිගැනීම හෝ නොගැනීම ඔබතමුන්නාසේලාට බාරයි !!

සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා !!!

මෙතනින් කලින් ආදරය හා කාමය  ගැන මම ලියපු දෙයක් කියවන්න.. !!

Feb 11, 2014

එල්ලිලා මැරුණ නංගිගේ සීන් එක මම දකින විදියට...

කුරුණෑගල කොතලාවල ඉස්කෝලේ
ගෑල්ලමෙක් බෙල්ලෙ වැල ( සාරියක් ) දාගෙන මැරිලා....
මැරෙන්ඩ හේතුව ප්‍රින්සිපල් කාරයා හෙණ කට්ටියක් ඉස්සරහා
ඒ කෙල්ලට #වේසි කියලා කීව එකලු....
හරි ප්‍රින්සිපල් ඒ කෙල්ලට එහෙම බැන්නා කියමුකෝ...
ඔය කොතලාවලේ මිශ්‍ර පාසලක්...
ඔකේ තව ඔනෙ තරං කෙල්ලො ඉන්නවා....
ඉතිං ඇයි ඒ ප්‍රින්සිපල් ඔය කෙල්ලටම විතරක් වේසි කිවෙ....
හේතුවක් නැති වෙන්ඩම බෑනේ....
එයාගෙ ලියුමෙත් එයා ලියල තියෙනවා කොල්ලෙක් එක්ක පිචෑර්ස් එකක් බලන්ඩ ගියා කියලා...
ආයෙ ඔය වයසේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි හෝල් එක ඇතුලට යන්නේ
පිචෑර්ස් එක බලන්ඩමද ?
අනේ නංඟි ඔයා පව් අප්පා.... ඔයාගෙ ජීවිතේ අපරාදෙ...
අසරණ අම්මයි තාත්තයි පව්...
ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ කොහොමත්....
ඔයාගෙ ඔය පොඩි වයසට කරන්ඩ ඔනෙ වැඩ විතරක් කරලා...
අවලමේ නොගිහින් හිටියනං ඉවරනේ !!!

Feb 7, 2014

මම ජාතිවාදියෙක්මි !!



සිංහල කතා කරන මිනිසුන් ඉන්න....
ලෝකෙ තියෙන එකම රට ලංකාව විතරයි....
තම්බ්න්ට අරාබිය තියෙනවා...
දෙමළට දකුණු ඉන්දියාව තියෙනවා...
සිංහලයට තියෙන්නෙ මෙච්චරයි....
අපේ රට අපි රැක ගන්ඩ ඔනේ....
දෙමළගෙන් අපේ රට රණවිරුවො රැකලා දුන්නා...
ඒ රැකලා දුන්න රට තම්බියගෙන් අරක්ශා කරගන්න එක
අපේ යුතුකමක්... !!!
ආගමික සහජීවනයක් ඇති කරගෙන...
හැම ජාතියක් එක්කම සහයෝගෙන් ජ්වත් වෙන්ඩ අපි කැමතියි..
ඒත් තම්බියා #මහ_ජාතිය උණ දාට...
උන්ගේ ඔය ගොන් පාට් නෑ....
තම්බියා මහ ජාතිය උණ රටක සුලු ජාතිය කියලා එකක් නෑ ආයිබෝං....
සිහියෙ තියාගෙන වැඩ කරන්ඩ !!

එවගේම තව දෙයක්..

මහින්ද රාජපක්ෂ අංකල් නිදහස් දවසේ කරපු කතාවේ කීවා...
මේ ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම් කියන ඔය හැමෝටම අයිතියි කියලා
( ප්‍රවෘත්ති වලින් දැක්කෙ ඈ )
හරි, එයා රටේ නායකයා හින්දා ඒක එහෙමයි කියමුකො.... ඒත්
මම කියනවට නිකමට හිතලා බලන්ට ආයිබෝං...
අපේ රටේ නායකයා කියන තැන ‪#‎තම්බියෙක්‬ හිටියනම්...
ඔය කතාවෙ ඌ කියයිද
මේක සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙකුටම අයිති රටක් කියලා...
 කියයි පුක...
අපි මේ සෙල්ලං දාන්නෙ ආගමික සහජීවනය...
ජාතික සංහිදියාව ගැන බයිලා ගහන්නේ අපේ රටේ තම්බියා මහ ජාතිය වෙනකන් විතරයි....
තම්බියා මහ ජාතිය උණ දාට
අද තම්බියට කඩේ යන සිංහල විදියට ඉපදුණ මහත්තුරුන්ට තම්බියා සලකයි ඈ...

හොඳට බලාගෙන ඉන්ඩ...
බොලාට ජය ශ්‍රී !!!

මේවා ජාතිවාදය අවුස්සන වැඩ කියලා හිතන අය ඉන්නව නම් ඒ අයට කියන්නේ ඈ....
ඔව් මම ජාතිවාදියෙක් තමා ඇයි මොකද ?

Feb 5, 2014

Love Vs Sex



ආදරය ( love ) Vs ලිංගිකත්වය ( sex ) කියන මාතෘකා දෙක අද ගොඩ දෙනක් පටලගෙන තියෙන්නේ.... ඇත්තටම ආදය, ලිංගිකත්වය කියන දෙක අපේ ජීවිතයේ කොටසක්, ඒක ඔනෙම කෙනෙකුට පොදු දෙයක්... මනුස්සයන්ට විතරක් නෙමෙ සතුන්ටත් ඒක ඒ ආකාරයෙන්ම පොදුයි...

ඒත් මේ මාතෘකා දෙක පොදු උණාට අපේ ජීවිතේදි අපි ඔය මාතෘකා දෙක පටලවා ගන්න හොද නෑ. මේ දේ බහුලව සිද්ධ වෙලා තියෙන්නේ තරුණ පරම්පරාව අතරේ. එතනිනුත් අවුරුදු 16 - 21 අතර පිරිස් අතරේ සම්භාවිතාවය වැඩියි කියන එකයි මගේ මතය....

මෙතන ඉදන් කතා කරන බාසාවෙන් ලියන්නම්....

අද ඔනේ කොල්ලෙක් බලන්නෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න. ඒකට කොල්ලො කන්නෙ නැති කට්ටක් නෑ. හොදම උදාහරණය ටියුශන් යන කොල්ලො... ක්ලාස් එකෙ ලස්සන කෙල්ලෙක් හිටියොත් පරිප්පු කාගෙන කෑල්ල පස්සෙ යනවා ඒකිව ටෝක් කරනවා. මොකටද අහපුවා කෑල්ල දාගන්ඩ.... කෙල්ල එක්ක යාලු වෙන්ඩ.... :D

ඇත්තටම ඔය කොල්ලො ඔය කෙල්ලො පස්සෙ ගිහින් ඔච්චර චාටර් වෙවී සල්ලි වියදම් කරගෙන දඟලන්නෙ නලියන්නේ ඒ කෙල්ලට ඒ කොල්ලගෙ හිතේ අවංක ආදරයක් තියෙන නිසාද ? එහෙම ආදරයක් ඇති නැතුව නෙමෙ... ඒත් ඒ කොල්ලාගෙ හිතේ මූලික අරමුණ ඒ කෙල්ල පට්ට ලස්සනයි, ඇඟ පත හොදට තියෙනවා මට ඒ කෙල්ල එක්ක යාලු වෙන්න ඔනේ කියන එක....

එහෙම යාලු උණා කියමුකො. ටික කාලයක් හම්බ වෙලා කතා බහ කරා කියමුකො. අදුනගෙන වැඩි කාලයක් නොගියත් ඒ අයගෙ ඊලඟ වැඩේ වෙන්නෙ ෆිල්ම් හෝල් එකක #බොක්ස් එකකට රිංගන එක හරි කොහෙ හරි #රූම් එකකට යන එක හරි... කෙල්ලට සමහර විට අවුරුදු 15ක් හෝ 16 වෙන්ඩ ඇති...

දැන් ඒ අය ඒ විදියට බොක්ස් ගානේ රූම් ගානේ යන්නෙ හරියට ජීවිතේ තේරුම් අරගෙනද ? මම නම් හිතන්නෑ... අදරය පොදු කුලකයක් කරගෙන තමන්ගේ හිතේ ඇති වන හැඟීම් වලට මූලිකත්වය දෙන එකක් ගොඩක් දෙනෙක් කරන්නෙ....

ගොඩක් දෙනාට සිද්ධ වෙන්නෙ තමන්ට තමන්ගේ හැඟීම් පාලය කරගන්න බැරි වෙන එක.

මෙතන භයානක දේ වෙන්නෙ කෙල්ලොන්ට.

අසරණ කෙල්ලෙක් කන්‍යාවියක් කියන තැනින් ගැලවිලා ගෑණියෙක් වෙනවා... කොල්ලා නම් සරමෙ හරි පිහගනී...

පොඩි හිත් වල ඇති වෙන අදරය අද ඇති වෙනෙන්නෙ ඇත්තටම ආදරයට නෙමෙ තමන්ගේ හැඟීම් ආශාවන් සංසිදුවා ගන්න කෙරෙන පොඩි වැයමක් විතරයි...

ආසියාවෙ ආශ්චර්ය වෙන්න යන මේ ගමනේ අපේ රටේ තරුණ පිරිස් වල අපේක්ශාවන් මේ විදියනම් ඒ රටේ සංස්කෘතිය ගැන කවර කතාද ? සදාචාර සම්පන්න සංස්කෘතියක් නැති රටකට අවහල් ආශ්චර්යක්ද ?

මේ විදියට ලොරි ටෝක් දුන්නට මමත් ඔය දේවල් කරලා නැතුව නෙමෙ.. ඒත් අපි අපේ වැරදි තියෙනවා නම් ඒ දේවල් හදාගන්න ඔනේ.... කසාද බැන්ද හෝ ඇත්තටම් කසාද බදින්ඩ ඉන්න දෙන්නෙක් මේ දේවල් කලාට ඒක වරදක් විදියට මම දකින්නෙ නෑ....

ඒත් නිසි වයසේ නැතුව අනාචරයේ හැසිරෙන එක සදාචාර සම්පන්න නෑ....

හැඟීම් වලට වහල් නොවී නිසි වයස් වල තමන්ට උචිත දේවල් කරනවනම් මේ වගේ දේවල් සිද්ද වෙන එකක් නැති වෙයි... !!!


ප/ලි - මට හිතුණ දෙයකි !!!

Jan 27, 2014

ලෝකල් | Local



#ලෝකල් කියපුවාම අපේ හිතට  එන්නේ තත්වයෙන් බාල මොකක් හෝ නිශ්පාදනයක්. ඒත් ඇත්තටම ඒක එහෙමද ?

ලෝකල් කියන වචනේ අපිට බාල දෙයක් කියන අදහස මතක් කරාට ඇත්තටම ලෝකල් ( local ) කියන ඉංග්‍රීසි වචනේ තේරුම " දේශීය " කියන එක. ඒත් අපිට ලෝකල් කියන වචනේ තේරුම බාල බඩුවක් බවට හැරිලා තියෙන්නෙ පිටරට දේවල් ලොකු කරගෙන ඉන්න නිසා කියන එකයි මගේ හැඟීම.

අපේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා ඔනෙම ප්‍රමාණයෙන් විශාල දෙයක් දැක්කොත් ඒකට " රට " කියන විශේෂන පදය එකතු කරන එක.
උදාහරණයක් කිව්වොත්. ප්‍රමාණයෙන් විශාල අඹ " රට අඹ ". ප්‍රමාණයෙන් විශාල දෙල්  " රට දෙල් ". ඇත්තටම ඒ දේවල් රට ඒවද ? නෑනේ. ඒ හැම දෙයක්ම අපේ රටේ හැදෙන දේවල්. ඒත් ප්‍රමාණයෙන් විශාල නිසා ඒවා " රට " බඩු... 

ඔන්න ඔය හේතුවම තමා ලෝකල් කියන වචනෙත් " බාල " කියන වචනෙට සමාන වෙලා තියෙන්නේ.
අපේ රටේ ඇල්පෙනෙත්ත පවා පිටරටින් ගෙන්නනකොට ඉතිං ලෝකල් කියන එක බාලයි කියලා කිවට ඇති වරදකුත් නෑ.

ඒත් ඇත්ත නම් ඔය ගොඩක් " Made in China " කියලා ගහලා එන එක එක බඩු වලට වඩා අපේ රටේ නිශ්පාදන වල තත්වය උසස්. ඒත් අපේ රටේ දේවල් වලින් ආණ්ඩුවට බදු ගහගන්න පුලුවන් ප්‍රමාණය අඩු නිසා තත්වයෙන් බාල උනත් චීනා හදලා එවන හැම දෙයක්ම අපේ රටේ වෙළදපොලට එවනවා අපේ රටේ නිශ්පාදන යට ගහලා...

බදු වලින් ජීවත් වෙන ආණ්ඩුවක් තියෙන රටක එහෙම වෙන එක අරුමයක් නෙමෙ. ඒත් බදු ගැන නොසලකා හැරලා දේශීය දේට අතහිත දිලා දේශිය නිෂ්පාදන වලට අපේ රටේ හොද වෙලදපොලක් අරං දුන්නොතින් ආණ්ඩුවට උණත් බදු වලින් දුවන්න ඔනෙ වෙන්නෙ නෑ....

අපේ රටේ දේවල් වලට අපේ රටේ හොඳ වෙළදපොලක් හැදුනොත් අපේ දේවල් අපිට පිට රටවල් වලට අපනයනය කරලා හොද ලාභයක් ලබා ගන්න පුලුවන්. හැබැයි ඉතිං ඒකට ටික කාලයක් යාවි.

ඉවසීමෙන් වැඩ කටයුතු කලොත් ඒ තත්වයට ලඟා වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. අපේ රටේ දේවල් වලට තැනක් නැති වෙලා පිටරටින් එන හැම #බිබික්කමකටම හොද තැනක් ඇති වෙන්න හේතුවත් අපේ මිනිස්සුමයි.

මුලින් කීවා වගේ අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුව හැඩගැහිලා තියෙන්නේ අපේ රටේ දේ ගන්න එපා පිට රටින් ගෙන්නන දේ ගන්න ඒවා තමා තත්වයෙන් උසස්, අපේ රටේ දේවල් බාලයි කියන විදියට.

රටේ ආණ්ඩුවෙ වැරදි වලින් උණ මේ දේවල් නිසා රටේ මනුස්සයගෙ ඔලුවට අදහස ආවෙ පිට රටවලට ගැති විදියට. ඒ දෙයින් විනාශ උනත් අපේ රටමයි. මේ දේවල් පාලකයො දන්නවා ඇති. ඒත් දැන දැනත් නොදන්නවා වාගේ ඉන්නවා ඇත්තේ අපේ රටේ දේවල් වලට අතහිත දීලා ගොඩගනන්වට වඩා පිට රටවල් වලට කඹුරපුවාම තමන්ගේ සාක්කුවට වැටෙන ගාණ ලොකු නිසා වෙන්න ඇති...

ඇත්තටම මේක අපේ රටේ කරුමේ.. හැම දෙයක්ම සල්ලි වලට යට වෙලා ඉවරයි.... 

මේකට මුලින්ම " ආසියාවේ ආශ්ච්ර්‍යෙ " කියපු එකා මොකෙක් උණත් අමුම අමු මී හරකෙක්....

" ලෝකෙ තියෙන කාළකන්නිම රට ශ්‍රී ලංකාව... "

 දුකෙන් උනත් ඒ දේ කියන්න වෙනවා !!!

Jan 24, 2014

අන් අයගේ අදස් වලට ගරු කරමින් තමා තමන් වන්න... !!!


මිනිස්සු හැටියට අපි ඔනෙ කෙනෙකුට තමගේ හිතට එන #අදහස් #ප්‍රකාශ කිරිමේ අයිතියක් තියෙනවා.
ලෝකේ ප්‍රසිද්ධි යැයි කියා ගන්නා සමහර පුද්ගලයින්ගේ අදහස් ප්‍රකාශණ නිසා ලෝකෙයේ වෙනස්කම් පවා සිද්ධ වෙලා තියෙනවා...

එක උදාහරණයක් දෙන්නම්...

" Be who you are and say what you feel, because those who 


mind don't matter, and those who matter don't mind. ” 

Bernard M. Baruch -


අපි ලෝකෙයේ ප්‍රසිද්ධ මිනිසුන් නෙමේ. ඒත් අපිත් මිනිසුන් නිසා අපටත් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය 100%ක් තියෙනවා. හොඳ හෝ නරක දෙවර්ගයෙන්ම අපිට ඒ අයිතිය තිබුණත් යහපත් ආකාරයකට ඒ නිදහස භුක්ති විදින එකයි ශිෂඨ සම්පන්න මනුසයෙකුගේ වගකීම වන්නේ....


ඒ වාගේම තමා අපි දක්වන අදහස් වලට අනික් මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර. 


ප්‍රතිචාර වල බලපෑම වැඩි වෙනවා අපි විසින් කරන ලද ප්‍රකාශණයක් එක්ක. ඒක ප්‍රභලතාවය වැඩි වෙන්න වැඩි වෙන්න හම්බෙණ ප්‍රතිචාර ප්‍රමාණය වැඩි වෙනවා. බහුතරයක් ප්‍රතිචාර #විවේචන හැටියට තමා හම්බ වෙන්නේ. නමුත් ඒ විදියට ප්‍රතිචාර හෝ විවේචන හෝ විදියට ලැබෙන ප්‍රති උත්තර තමාගේ අදහස භාහිර පුද්ගලයින්ට කොයි ආකාරයකට බලපාලා තියෙනවද කියන එකට හොද සාධකයක් වෙනවා....

වැඩකට නැති දෙයක් කීවොත් කවුරුත් ඒ ගැන ආයි කතා කරන්න පෙළබෙන්නෑ නැහෙනේ. කවුරුත් තමන්ගේ අදහසට ප්‍රතිචාර හෝ විවේචන දක්වන්නේ තමන් දැක්කුව අදහසෙන් ගත යුත්තක් හෝ කුමක් හෝ වැදගත් යමක් තියෙන නිසා වෙන්න ඔනේ...

උදාහරණයක් දක්වන්නම්...

අඹ ගසක අඹ ගෙඩි නැත්තම් හෝ තියෙන්නෙ අඹ ගැට විතරක් නම් කවුරුත් ඒකට ගල් ගහන්නේ නෑ. අඹ ගෙඩි හොදට පැහිලා හෝ ඉදිලා නම් ඒ ගහට ගල් හෝ පොලු ගහන්නේ ඒ ගෙඩියක් කඩා ගන්න. එහෙම ප්ලු ගහන්නේ ඒ පොලු ගැසීමෙන් තමන්ට අඹගෙඩියක් ලැබෙන නිසා. වෙන විදියකට කීවොත් ඒ කෙනා අඹ ගහට පොලු ගහන්නේ තමන්ට දෙයක් ලබා ගැනීමට තියෙන නිසා...

ඒක නිසා අපි මොන ආකාරයටක දෙයක් කීවත් ප්‍රති අදහස්, යෝජනා, විවේචන වගේම, චෝදනාත් බලාපොරොත්තු වෙන්න ඔනේ....

ඒ වගේම ඒ යෝජනා චෝදනා කරන අයට ස්තූතිවන්ත වෙන්න ඔනේ තමාගේ අදහස් බහුතරයක් දෙනා අතර ප්‍රචලිත කරන්න දක්වන ලද උදව්වට....

අවසාන වශයෙන් කියන්නේ. තාමා තමන්ට ආවෙණික වෙන්න ඔනේ. කවුරුත් කීවට කෙරුවට වෙනස් වෙන්න එපා. තමා තමන්වෙලා තමන්ට කියන්න තියෙන දේ කෙළින් කියන්න ඔනේ.... මේ ලෝකෙ අපි කියලා දෙයක් නෑ... තියෙන්නෙ #මම කියන න්‍යාය විතරයි...
හැබැයි කෙනෙක් ජීවිතයට වැදගත් දෙයක් කීවොත් ඒක තමාගේ ජීවිතයට එක් කරගන්න කවදාවත් පැකිළෙන්නත් එපා... !!!

මම දකින ආකාරයට ඉපදෙන්නෙ තනියම, මැරෙන්නෙත් තනියම...

අදහස් ප්‍රකාශකයාට ජය වේවා !!!

ප/ලි - මෙයද මාගේ හිතේ ඇති වූ අදහසක් පමණක් බව කරුණාවෙන් සළකන්න !!!

Jan 21, 2014

කළා දේශපාලනයද ? දේශපාලන කළාවද ?

දැන් අපේ රටේ සින්දුවක් කියලා, ටෙලි නාට්‍යක දෙකක රඟපාලා මිනිස්සු අතර ජනප්‍රිය වෙන ගොඩ දෙනෙකුගේ ප්‍රධාන පරමාර්ථය දේශපාලනයට එන එක. 

බහුතරයක් දෙනා පළාත් සභාවෙන් වැඩ පටන් ගන්නව... සමහරක් අයට පිනා චාන්ස් විදියට #ජාතික_ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න වාසනාව හම්බෙනවා...

අනර්කලී, මාලනී, ගීතා, පබා මුලින්ම වැඩ ඇල්ලුවා. දැන් නදීෂා ( කොල්ලොන්ට නම් පට්ට බඩුවක් ), එයත් වැඩ අල්ලන්න යන්නේ... මෙතනින් පබා ගම්පහින් මහමැතිවරණයට ඉල්ලලා දේශපාලන පළපුරුද්ද සහ දැනුම අතින් පරිණත ඛරු ජයසූරිය මහත්තයත් පරද්දවලා එක උණා... අනේ මන්දා ඒ නෝනට මිනිස්සු ඡන්දේ දුන්නෙ මොන පදනමකින් ද කියන එක.

අනික් නලු නිලියොත් ගොඩක් ඡන්ද දින්න. දැන් අපිට දැනගන්න තියෙන්නේ නදිෂා අක්කට මොනවා වෙයිද කියන එක.. දිනයිද නැද්ද ? බොහො දුරට දිනයි. ගීතා කුමාරිසිංහ වගේ චරිත වලට ඡන්දෙ දුන්න මිනිස්සු ඉන්න කොට නදීශලා දිනන්නේ ඉහලින්ම....

මම අද නිවුස් එකක දැක්කා රුවන්ති මංගලා කියන නමින් ඉන්න නිළියකුයි දෙකයි පනහේ සින්දු කියන #පට්ට_බඩුවකුයිත් ඡන්දෙ ඉල්ලනවා කියලා කොළබ දිස්ත්‍රික්කෙන් පළාත් සභාවට.. ඇත්තට ඒ අය ඡන්දෙ ඉල්ලන්නේ දේශපාලනය ගැන පොඩි හෝ දැනුමක් තියාගෙනද කියන ප්‍රශ්ණේ තියෙනවා ? පිළිතුරක් හම්බෙයිද නැද්ද දන්නෑ....

ඒ වගේම තව නිවුස් එකක් දැක්කා ජීවන් කුමාරතුංග මහත්මයාගේ දුවත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක්...
එයත් මෙදා පාර ඡන්දෙ ඉල්ලනවා....
හැබැයි අද රටේ #හාල් කිලෝ එකක මිළ දන්නෑ

ඔන්න දේශපාලනයට එන ඈයො... ඇහුවාම කියන්නේ මිනිස්සුන්ට සේවයක් කරන්න එන්නේ.... යකෝ හාල් කිළෝ එකක විකුණුම් මිළ දන්නැති එකෙක්ගෙන් කොහොමද අපිට සේවයක් ලැබෙන්නේ....

උන්ට ලක්ෂ කෝටි ගණනින් පඩි හම්බෙන හින්දා, යන්ඩ එන්ඩ සැප වාහන හම්බෙන හින්දා උන් ඡන්දෙ ඉල්ලනවා... ඡන්දෙන් දිනන්ඩ ඔනේ හින්දා මිනිස්සුන්ට සුරංගනා කතා කියලා අන්දනවා... ඒවා අහං ඉන්න ගොඩක් මිනිස්සුත් රැවටිලා ඡන්දෙ දෙනවා....

අනේ මන්දා මේවයේ කිවා කියලා මේ වෙන දේවල් වෙනස් වෙන්නෑ.. ඒත් මේ විදියට ඉස්සරහට ගියොත් මේ රටේ මිනිස්සු හැටියට මොනවයින් මොනවා වෙලා නතර වෙයිද දන්නෑ...


ප/ලි - මට හැඟුණ දෙයක් පමණි !!

Jan 20, 2014

කාලානුරූපිව මිනිස් මනසේ හැඩගැසීම මම දකින ආකාරයට.....


අද අපි ජීවත් වෙන්නෙ 21 වෙනි ශතවර්ශයේලු... ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒක එහෙම්මමද කියන ප්‍රශ්ණෙ මගේ හිතේ තියෙනවා....

අපි කාලයෙන් ඉදිරියට යනකොට හැම දෙයකින්ම දියුණු වෙනවා.. #තාක්ෂණික අතින් #මානසික අතින් ඔය විවිධාකාර පැතිවලින්... ඒත් ඒ දියුණුව මනුස්ස වර්ගයාගේ යහ පැවැත්මට කොයි තරම් දුරකට බලපා තියෙනවද ? 

බලපෑමක් ඇති කරලා තියෙනවා නම් බහුතරයක්ම ඒ බලපෑමක් අයිති වන්නේ අසුභ වාදි පැත්තට කියන එකයි මාගේ හැඟීම ( පුද්ගාලානුරීපිව චින්තනයක් වෙනස් වේ )...

අද ලෝකය එකම විශ්ව ගම්මානයක්... ලෝකෙ කොහේ කොතනක හිටියත් අපිට අපේ හිත මිතුරන් සමඟ එක තත්පරයකින් සම්බන්ධ වෙන්න පුලුවන්.. ඒ අතින් ඒ තාක්ෂණික දියුණුව ඇත්තටම සුභ දායකයි. අපි ලෝකේ කොහෙ හිටියත් අපි කවුරුත් තනි වෙලා නෑ...

ඒත්... 

ඒ තාක්ෂණයම මිනිසාගේ විනාශයටත් පාර කපලා හමාරයි... අද ඉස්කෝලෙ 6,7 පන්තිවල ඉන්න පොඩි කොල්ලා පවා අසභ්‍ය චිත්‍රපටි නරඹනවා (අපි බලන්නෑ කියන එක නෙමෙ කියන්නේ ).... අපි ඉස්කෝලේ ඒ වසරවල් වල ඉන්නකොට ඒ මොනවද කියන හැඟීමවත් අපේ හිත් වල තිබ්බාය කියලා මම හිතන්නෑ....

ඒ පොඩි ළමයගේ මනසට ඒ දේ ඇතුලු උණේ අද සමාජයේ ඇති වෙලා තියෙන දියුණුවත් එක්ක... ඒ විදියට බලපුවාම වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ළමයාගේ මනස මොන ආකාරයකට හැඩ ගැහේවිද ?


බොහෝ දුරට ඒ මනස හැඩ ගැහීමක් නොව විකෘති වීමක් වෙන්නට බැරිද ?

අද ප්‍රවෘත්තියක් ඇහුවත්, පත්තරයක් බැලුවත් බහුලව දකින්න අහන්න ලැබෙන්නේ ස්ත්‍රී දුශණ. ඒ අතරින් වැඩිහරියක් දූෂණයට ලක් වෙලා තියෙන්නෙ බාල වයස්කාර ගෑණු ළමයින් හරි අවුරුදු 60ක් 70ක් වයසේ ඉන්න වයසක කාන්තාවන්...

මේ දේවල් සිද්ධ වෙන්නෙ මනුස්සයාගේ මනසේ ඇති වෙලා තියෙන විකෘති තාවයන් නිසා නෙමේද ? ඒ විදියට විකෘතිතාවයන් මනසේ ඇති වන්නට තාක්ෂණය පොදු කුලකයක් උනේ නැද්ද ?

මේ දේවල් ගැන තර්ක කරලා ඇති වැඩක් නෑ. බ්ලොග් එකක පෝස්ට් එකක් දැම්මා කියලා මනුස්සයො හිතන පතන විදිහවත් සමාජය හැමදෙයකටම හැඩ ගැහිලා තියෙන විදියවත් වෙනස් කරන්න බෑ...

ඒත් රටේ ලෝකේ දියුණුවත් එක්ක මනුස්සයා කියන කෙනාගේ මනස මේ ආකාරයෙන් විකෘති වෙන එක මට වගේම මේක කියවන ඔබ තමුන්නාන්සේලාටත් සෘජුව හෝ වක්‍රාකාරව බලපෑමක් ඇති කරන්නට පුලුවන්.. ඒ බලපෑම සමහර වෙලාවක ඔබට නොදැනීම සිදු වන්නට පුලුවන්....

සමහරවිට මම මේ කියන දේ අපේ රටේ සංස්කෘතිය හා සබැදෙන්නට පුලුවන්. අපි සංස්කෘතිය සමාජ සාරධර්ම අතින් අනික් රටවලට වඩා තැන්පත් නිසා මාමේ කියනා කාරනා ලෝකේ අනික් රටවල් හා සන්සන්දනය කලොත් බොරුවක් පුස්සක් වෙන්න පුලුවන්...

ඒත් අපි වෙන රටවල් දිහා නොව අපි ජීවත් වන අපේ රට අපේ රටේ මිනිස්සුන්ගෙ කෝණයෙන් බලලයි කතා කරන්න ඔනේ... ඒකයි මම මේ ලිපිය ලීවෙ !!

තවද, මම මේ ලිපියෙ සටහන් කලේ මගේ මනසට හැඟුණ දේ.... 

මේක කියවන ඔබත් මා කිව දේ ගැන හිතලා බලන්න.... මා කිව දේවල් වල වැරැද්දක් ඇත්නම් සමාවන්න !!

ඔබට ජය !!!

Jan 19, 2014

කියවා කෑ ගැසීමට නොව නුවණින් විමසීමට !!!


ගරුත්වයකින් යුතුව ලියමි !!

පෙර ලිපියට ලැබුණ ප්‍රතිචාර එක්ක ගොඩ දෙනෙක් මම කිව දේ ප්‍රශ්ණයක් කරගත්තා...
පහලින් තියෙන්නෙ ඒ වගේ මාගේ ලිපිය පිලිබද අසන ලද ප්‍රශ්ණ සමූහයක්...


1. කංසා නොහොත් ගංජා නීති ගත කල ලෝකයේ එකම රටක් හෝ ඇත්නම් ඒ ගැන සාක්සි සහිතව පෙන්වා දෙන්න. 

2.කංසා බීමෙන් මත් වීමකට හෝ සිහිය විකල් වීමක් නොවේ නම් ඒවා පාවිච්චි කරන්නේ ඇයි? 



3. මත් වෙනවානම් රිය අනතුරැ සහ අනිකුත් සියලුම අවස්ථාවලදී නීතියට හසු නොවන්නේ කංසා පානයෙන් පසු එහි ඟද සුවද හා වෙනත් හැසිරීම් හදුනාගැනීමට තාක්සනික උපකරන ලංකාවේ පොලීසිය සතුව නොමැති නිසා නොවේද? 



4. කංසා බීමෙන් ලිංගික බෙලහීනතාවයට පත් නොවේ යයි පවසනවාද?



5.කංසා ගැන ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? 



6.අනාගතයේ දිනයක තමාගේම දරැවෙක් කංසා බීමට ඇබ්බැහි වී ඇතොත් එය පිළිගැනීමටත් ඔහුට තව දුරටත් කංසා බීමට උදව් කරනවාද නැත්නම් මොනයම් ක්‍රමයකින් හෝ ඔහුව ඉන් ගලවාගන්නවාද? 



ප්‍රශ්ණ යොමු කරන ලද්දේ Sri Maddumage Makshitha


එයට කොත්තු නිහාල් විසින් ලබා දුන් පිළිතුරු...


#ශ්‍රි_අයියා පොලාගේ කන්සා ගැන තිබුන පෝස්ට් එකක් නිසා එයත් පෝස්ට් එකක් දාලා තිබුනා. මේ ඒ පෝස්ට් එකට පිළිතුරු. මා මෙය කමෙන්ට් කරන්නට උත්සහ කලද කමෙන්ට් කල නොහැක මා හිතන්නේ වචන ගණන වැඩි නිසා විය යුතුයි ෆෝන් එකෙන් ලොග් වී සිටීම නිසා එයට කල හැකි දෙයක්ද නොමැත ඒ නිසා මෙය ස්ටෙටස් එකක් විදිහට දානවා.


ගංජා ගැන සාමාන්‍ය හෝ දැනුමක් තිබ්බා නම් මේ වගේ පෝස්ට් එකක් නොදා ඉදිවි යැයි විශ්වාස කරනවා. ඒ හින්දා බැලුවොත් ඇත්තටම මෙතන තර්ක කරන්න දෙයකුත් නෑ.

1. උරුගුවෙ රටේ ගංජා නිති ගත කරලා ඉවරයි. ඒ වගේම ඇමරිකාවෙ නිව් යෝර්ක් වල ගංජා නීති ගත කලා කියලා අහලා තිබ්බත් එහි සත්‍ය අසත්‍ය තාවයක් නොදනීමි. නෙදර්ලන්තේ පැත්තක් තියෙනවා ඒක නම් ලෝක ප්‍රසිද්ධ තැනක්, මොකද මෑතක් වෙනකන් මේ ලෝකේ ප්‍රසිද්ධියෙ ගංජා ගහන්ඩ පුලුවන් තැන විදිහට තිබුනෙ එතන විතරයි.

2. කවුද කියන්නෙ ගංජා වලට මත් වෙන්නෙ නෑ කියල. පොලා කොතනදිවත් එහෙම කියලා නෑ. ගංජා වලට මත් වෙනවා. ඒත් ඒක වෙනමම මත් වීමක්. සරලව කියනවා බ්යර් එකක් බීලා මිනීමරපු මිනිස්සුත් ඉතිහාසේ ඉන්නවා. ඒත් ගංජා වලින් එහෙම නෑ. නමුත් වෙනත් මද්යසාර සමඟ ගංජා මිශ්‍ර කරලා භාවිතා කිරිමෙන් ඉහත තත්වෙ ඇති වෙන්නට පුලුවන්. එහෙම වෙන්නෙත් ගංජා වලට මිශ්‍ර කල මද්යසාරයෙ ඇති බලපෑම නිසා. 

3. ලංකාවෙ පොලීසියෙ විතරක් නෙමෙයි. ලෝකේ කොහේ හෝ පොලීසියක ගංජා ගහලා කියලා හොයන්න පුලුවන් තාක්ෂණික උපකරණ තියෙනවා කියලා නම් කවදාවත් අහලා නෑ. 

4. නෑ කංසා බීමෙන් ලිංගික බෙලහීනතාවයක් ඇති වෙන්නෙ නෑ. නමුත් 99%ක් දෙනා කංසා සමඟ සිගරට් බීම නිසා ලිංගික බෙලහීනතාවයකට පත් වෙනවා. මම හිතනවා මේ පෝස්ට් එක දාපු කෙනත් සිගරට් බොනවා ඇති කියලා.

ගංජා භාවිතා කල යුත්තේ " ඩොක්ටර් ෂොට් " කියන තියරියට. මෙතන ඉන්න අයට ගංජා ගැනවත් දැනුමක් නැති නිසා මම "ඩොක්ටර් ෂොට්" ගැන පැහැදිලි නොකර ඉන්නම්.

5. පොලා කංසා ගැන ප්‍රචාරය කරලා නෑ. තමන්ගේ මතය ඉදිරිපත් කළා විතරයි. ඒ මත ඉදිරිපත් කිරිමේ හේතුව වෙන්නත් ඇත්තේ ඔබ වැනි අයගේ මතය වෙනස් කිරිමට වෙන්න පුලුවන්.

6. ඩොක්ටර් ෂොට් අකාරයට මගේ දරුවෙක් ගංජා පානය කරනවාට මාගේ කිසිම අකමැත්තක් නැත. දරුවන් නෙමෙයි මගේ බිරිඳ එය කලත් මගේ අකමැත්තක් නැත. රූපවාහිනී වැඩසටහනකදි ලන්කාවේ ප්‍රසිද්ධ ගීත රචකයකු (නම සඳහන් නොකර ඉන්නන්) කියනවා තමන්ගේ තාත්තා කංසා පානය කළ බව. ඒ වගේම ඒ පුද්ගලයා කියනවා තාත්තා කන්සා පානය කලාට කවදාවත් ගෙදර අඩ දබර ඇති කරගත්තෙ නැති වග. ඒ වගේම කංසා භාවිතය අතීත ශ්‍රී ලංකාවෙ සාමාන්‍ය දෙයක්. ඒ කාලේ කංසා භාවිතය ලංකාවෙ නිතියට අනුකූලද කියලා මම දන්නෙ නෑ. ඒත් හිතන්න පුලුවන් ඒ කාලේ ඒ ආකාරයේ තහනමක් නොතිබ්බා කියලා. 

කියවා නුවනින් විමසා බලන මෙන් ඉල්ලමි. මින් ඉදිරියට කිසිවක් නොකියමි.

* ඔබ තුමා සඳහන් කරන කන්සා යනු සිගරට් මිශ්‍ර කල කන්සාවත්. ස්කන්ග්, ඈෂ්, චීස් (ගන්ජා මලට කෙමිකල් වගයක් යොදා සාදන්නක්), චරස්, වැනි දේවල් නොවන බවද කරුණාවෙන් සලකන්න.

* ගන්ජා වලින් ශරීරයට බලපැමක් නැත්තේ නැ. නමුත් එය මත් පැන්, සිගරට් සහ අනිත් මත්ද්‍රවය හා සැසඳිමෙදි ඉතාම කුඩා ප්‍රමාණයක් පමනි.

* මාගේ පෞද්ගලික මතයනන් කන්සා පාවිච්චියට පුරුදු වන්න එපා මොකද පිරිසිඬු කන්සා ඔබට සොයා ගැනීමට නොහැක. එහි සැර ගතිය වැඩි කිරීමට දමන කෙමිකල් හෙතුවෙන් ඔබගේ ශරිරයට එය අහිතකරයි. එමෙන්ම අද සමාජය ගන්ජා සමඟ සිගරට් පාවිච්චි කරන නිසා ඒ ආකාරයට කොහෙත්ම ගන්ජා පාවිච්චි නොකරන්න.

* ලොකුම දේ කන්සා ගැන නොදැන ඒ ගැන මත පල නොකරන්න. කන්සා රටෙ නිත්යානුකූල වුනොත් දැනට පවතින මිල ගණන් වලටත් වඩා අඩුවට එය ලබාගත හැකියි එවිට කිසිවකු වැඩි මුදලක් දි මත්පැන් පානය නොකරනු ඇත එමගින් රජයට සිදුවන පාඩුව ගැනිය නොහැක. ඒ වගේම මේ රටේ මිනිස්සු කිසිම දෙයක් පාලනයකින් යුතුව කරන්නට දන්නේ නැත. ඕක නිත්යානුකූල කලොත් ගන්ජා ගහලා පාරෙ වැටිලා ඉන්න මිනිස්සුත් අපිට දැකගන්න ලැබෙයි. ගන්ජා වලට සාපේක්ෂව මත් පැන් මිලෙන් අධිකයි එහෙම වෙලත් මේ රටේ මිනිස්සු හැමතැනිම පාරේ බීලා වැටිලා ඉන්නවා එතකොට මුන් පාලනයකින් තොරව ගන්ජා පාවිච්චි කරාමත් වෙන්නෙ ඕකම තමා.

අසා ඇති ප්‍රශ්ණ වලට නියමාකාර විසදුමක් ලැබී ඇතැයි විවාස කරමි....

පහතින් දක්වා ඇත්තේ මාගේ අදහසකි !!

" මත්ද්‍රව්‍ය කෝකත් එකයි.. අරක්කු කංසා සිගරට් කියලා විශේෂත්වයක් නෑ.. කොකෙත් අතුරු ආබාද 

තියෙනවා.... ලිංගිකබෙලහීනතාවට වගේ දේවල් කංසා වලට විතරක් නෙමෙ සිගරට් වලටත් එනවා. ඒක සාපේක්ශව සිගරට් වල වැඩියි...


මෙතන තව විවාදයක් තියෙන්නෙ අවශ්‍ය නෑ කියලයි මම හිතන්නෙ....කිසිම මත්ද්‍ර‍ය භාවිතා නොකරන 

කෙනෙක් දෙයක් කිවොත් පිලිතුරක් දීමට හෝ වරද භාර ගැනීමට කැමතියි.... 


කංසා නිති ගත කිරිම ගැන කීවොත් කාටවත් හිරි හැරයක් නැති විදියට කෙරෙනවා නම් මම කැමතියි... සිගරට් කියන දේ අපේ රටේ නිති ගතයි. 


කවුරුත් කාවත් ඒකට පොලබවන්නෑ. ස්වකැමැත්තෙන් තමයි කරන අය ඒක කරන්නෙ... කංසත් 

එහෙම්මම වෙයි කියලයි මම හිතන්නේ...


කංසා නිති විරෝදිකාලෙත් හැම කෙනාම එක භාවිතා කරන්නෙ නෑනේ "





මම දැන් ගංජා භාවිතා කරන්නෙ නෑ..... 


ඒත් මම 100% අමාද්‍යප නොවන කෙනෙක් කුමන හෝ මත්ද්‍යයක් ගැන විරෝධතාවයක් පලකරනවා නම් ඒ කෙනා කියන ඒවා ගනං ගන්නෑ....

අනුන්ගෙ වැරදි හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඔනේ.... එහෙම 100% අමාද්‍යප කෙනෙක් දෙයක් කිවොත් හරි හෝ වැරදි මම ඒ දේ පිලිගන්නවා අවංකවම...

සියලු මත්ද්‍රව‍යන් ශරීරයට අහිතකරයි ලොකුවට හෝ පොඩිවට.... මම කිවෙ මගෙ අදහස පමණි. කවුරු සමඟවත් මාගේ අමනාපයක් නොමැත. සියලු දෙනාටම තමාගේ අදහස් මතවාද ප්‍රකාශ කිරිමට අයිතියක් ඇත !!!!

ප/ලි - මෙයද කිසි කෙනෙකු මේ සම්බන්දව පොළබවා ගැනීමක් අරඹයා ලියන ලද්දක් නොවණ බව කරුණාවෙන් සළකන්ඩ.... ප්ලීස් ඈ... වලිගෙ පාගගන්ඩ එපා :(තරහා අවසර !!!