Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts
Feb 15, 2014
සිගරට් හොදයි, ගංජා නරකයි... නෑ මචන් ඔය දෙකම නරකයි !!!
තහනම් කලා හෝ නොකළා
ඔය කොයි මත්ද්‍රව්‍යත් ශරීරයට අහිතකරයි...
අරක්කු සිගරට් නීති ගත උණා කියලවත්
ගංජා නීතියෙන් තහනම් උණා කියලවත් වෙනසක් නෑ
නිකං නීතියෙන් තහනම් උණ දේ ගැන විතරක් කෑගහලා වැඩක් නෑ...
සිගරට් බීවත් එකයි ගංජා ගැහුවත් එකයි
ගංජා බෙහෙත් වලටත් අරං තියෙනවා..
ඒත් සිගරට් හදන දුම්කොළ බෙහෙත්ද ? නෑනේ..
ලෝකෙටෙ පේන්ඩ බොරු පුරාජේරු අවශ්‍ය නෑ
කවුරු කවුරුත් පුලුවන් තරම් මේ දේවල් වලින් ඈත් වෙන්නයි ඔනේ...
මේ දේවල් පාවිච්චි කරන කෙනෙකුට නම් ටිකක් අමාරු වේවි
ඒත් උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ...
අනිත් දේ තමා.
අද සමාජය හැඩ ගැහිලා තියෙන්නෙ
නීතියෙන් අවසරය තියෙන දේ හොදයි කියන විදියට හිතන්න..
ඒකයි සිගරට් බොන කෙනාට මොකුත් නොකියා
ගංජා උගුරක් අදින එකාව හංවඩු ගහන්නෙ...
මම නම් කියන්නේ එහෙම කියන අය සෑහෙන්න මෝඩයි...
තරහ උණත් කරන්න දෙයක් නෑ..
ගංජා ගැහුවත් එකයි බීඩියක් සිගරට් එකක් ගැහුවත් එකයි....
ඒත් බීඩි සිගරට් බොන කෙනාට කවුරුත් මොනවත් කියන්නෑ
මොකද ඒ දේවල් නිතිගත නිසා....
සමාජ විශමතාවය තමා...
තව දෙයක් කියන්න ඔනේ...
මම මේ පොස්ට් එක දැම්මෙ ගංජා ගහන අයව සුද්ධ කරන්න නෙමෙ
කෝකත් වැරදියි...
ඒ වගේම කිසි කෙනෙක් මේකට පොළබවා ගන්නත් නෙමෙයි...
ඒකයි මුලින්ම කිවෙ කරන අය උනත් උත්සාහ කලොත් මේ දේවල්
පාවිච්චි කරන එක අතහරින්න පුලුවන් වේවි කියලා....
අදහසක් මට හිතුණ දෙයක් පමණි. බුද්ධියෙන් විමසා දරා ගැනීම ඔබ සතුයි !!
ස්තූතියි !!
Feb 5, 2014
Love Vs Sex
ආදරය ( love ) Vs ලිංගිකත්වය ( sex ) කියන මාතෘකා දෙක අද ගොඩ දෙනක් පටලගෙන තියෙන්නේ.... ඇත්තටම ආදය, ලිංගිකත්වය කියන දෙක අපේ ජීවිතයේ කොටසක්, ඒක ඔනෙම කෙනෙකුට පොදු දෙයක්... මනුස්සයන්ට විතරක් නෙමෙ සතුන්ටත් ඒක ඒ ආකාරයෙන්ම පොදුයි...
ඒත් මේ මාතෘකා දෙක පොදු උණාට අපේ ජීවිතේදි අපි ඔය මාතෘකා දෙක පටලවා ගන්න හොද නෑ. මේ දේ බහුලව සිද්ධ වෙලා තියෙන්නේ තරුණ පරම්පරාව අතරේ. එතනිනුත් අවුරුදු 16 - 21 අතර පිරිස් අතරේ සම්භාවිතාවය වැඩියි කියන එකයි මගේ මතය....
මෙතන ඉදන් කතා කරන බාසාවෙන් ලියන්නම්....
අද ඔනේ කොල්ලෙක් බලන්නෙ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න. ඒකට කොල්ලො කන්නෙ නැති කට්ටක් නෑ. හොදම උදාහරණය ටියුශන් යන කොල්ලො... ක්ලාස් එකෙ ලස්සන කෙල්ලෙක් හිටියොත් පරිප්පු කාගෙන කෑල්ල පස්සෙ යනවා ඒකිව ටෝක් කරනවා. මොකටද අහපුවා කෑල්ල දාගන්ඩ.... කෙල්ල එක්ක යාලු වෙන්ඩ.... :D
ඇත්තටම ඔය කොල්ලො ඔය කෙල්ලො පස්සෙ ගිහින් ඔච්චර චාටර් වෙවී සල්ලි වියදම් කරගෙන දඟලන්නෙ නලියන්නේ ඒ කෙල්ලට ඒ කොල්ලගෙ හිතේ අවංක ආදරයක් තියෙන නිසාද ? එහෙම ආදරයක් ඇති නැතුව නෙමෙ... ඒත් ඒ කොල්ලාගෙ හිතේ මූලික අරමුණ ඒ කෙල්ල පට්ට ලස්සනයි, ඇඟ පත හොදට තියෙනවා මට ඒ කෙල්ල එක්ක යාලු වෙන්න ඔනේ කියන එක....
එහෙම යාලු උණා කියමුකො. ටික කාලයක් හම්බ වෙලා කතා බහ කරා කියමුකො. අදුනගෙන වැඩි කාලයක් නොගියත් ඒ අයගෙ ඊලඟ වැඩේ වෙන්නෙ ෆිල්ම් හෝල් එකක #බොක්ස් එකකට රිංගන එක හරි කොහෙ හරි #රූම් එකකට යන එක හරි... කෙල්ලට සමහර විට අවුරුදු 15ක් හෝ 16 වෙන්ඩ ඇති...
දැන් ඒ අය ඒ විදියට බොක්ස් ගානේ රූම් ගානේ යන්නෙ හරියට ජීවිතේ තේරුම් අරගෙනද ? මම නම් හිතන්නෑ... අදරය පොදු කුලකයක් කරගෙන තමන්ගේ හිතේ ඇති වන හැඟීම් වලට මූලිකත්වය දෙන එකක් ගොඩක් දෙනෙක් කරන්නෙ....
ගොඩක් දෙනාට සිද්ධ වෙන්නෙ තමන්ට තමන්ගේ හැඟීම් පාලය කරගන්න බැරි වෙන එක.
මෙතන භයානක දේ වෙන්නෙ කෙල්ලොන්ට.
අසරණ කෙල්ලෙක් කන්‍යාවියක් කියන තැනින් ගැලවිලා ගෑණියෙක් වෙනවා... කොල්ලා නම් සරමෙ හරි පිහගනී...
පොඩි හිත් වල ඇති වෙන අදරය අද ඇති වෙනෙන්නෙ ඇත්තටම ආදරයට නෙමෙ තමන්ගේ හැඟීම් ආශාවන් සංසිදුවා ගන්න කෙරෙන පොඩි වැයමක් විතරයි...
ආසියාවෙ ආශ්චර්ය වෙන්න යන මේ ගමනේ අපේ රටේ තරුණ පිරිස් වල අපේක්ශාවන් මේ විදියනම් ඒ රටේ සංස්කෘතිය ගැන කවර කතාද ? සදාචාර සම්පන්න සංස්කෘතියක් නැති රටකට අවහල් ආශ්චර්යක්ද ?
මේ විදියට ලොරි ටෝක් දුන්නට මමත් ඔය දේවල් කරලා නැතුව නෙමෙ.. ඒත් අපි අපේ වැරදි තියෙනවා නම් ඒ දේවල් හදාගන්න ඔනේ.... කසාද බැන්ද හෝ ඇත්තටම් කසාද බදින්ඩ ඉන්න දෙන්නෙක් මේ දේවල් කලාට ඒක වරදක් විදියට මම දකින්නෙ නෑ....
ඒත් නිසි වයසේ නැතුව අනාචරයේ හැසිරෙන එක සදාචාර සම්පන්න නෑ....
හැඟීම් වලට වහල් නොවී නිසි වයස් වල තමන්ට උචිත දේවල් කරනවනම් මේ වගේ දේවල් සිද්ද වෙන එකක් නැති වෙයි... !!!
ප/ලි - මට හිතුණ දෙයකි !!!
ආසියාවෙ ආශ්චර්ය වෙන්න යන මේ ගමනේ අපේ රටේ තරුණ පිරිස් වල අපේක්ශාවන් මේ විදියනම් ඒ රටේ සංස්කෘතිය ගැන කවර කතාද ? සදාචාර සම්පන්න සංස්කෘතියක් නැති රටකට අවහල් ආශ්චර්යක්ද ?
මේ විදියට ලොරි ටෝක් දුන්නට මමත් ඔය දේවල් කරලා නැතුව නෙමෙ.. ඒත් අපි අපේ වැරදි තියෙනවා නම් ඒ දේවල් හදාගන්න ඔනේ.... කසාද බැන්ද හෝ ඇත්තටම් කසාද බදින්ඩ ඉන්න දෙන්නෙක් මේ දේවල් කලාට ඒක වරදක් විදියට මම දකින්නෙ නෑ....
ඒත් නිසි වයසේ නැතුව අනාචරයේ හැසිරෙන එක සදාචාර සම්පන්න නෑ....
හැඟීම් වලට වහල් නොවී නිසි වයස් වල තමන්ට උචිත දේවල් කරනවනම් මේ වගේ දේවල් සිද්ද වෙන එකක් නැති වෙයි... !!!
ප/ලි - මට හිතුණ දෙයකි !!!
Jan 27, 2014
ලෝකල් | Local
#ලෝකල් කියපුවාම අපේ හිතට එන්නේ තත්වයෙන් බාල මොකක් හෝ නිශ්පාදනයක්. ඒත් ඇත්තටම ඒක එහෙමද ?
ලෝකල් කියන වචනේ අපිට බාල දෙයක් කියන අදහස මතක් කරාට ඇත්තටම ලෝකල් ( local ) කියන ඉංග්‍රීසි වචනේ තේරුම " දේශීය " කියන එක. ඒත් අපිට ලෝකල් කියන වචනේ තේරුම බාල බඩුවක් බවට හැරිලා තියෙන්නෙ පිටරට දේවල් ලොකු කරගෙන ඉන්න නිසා කියන එකයි මගේ හැඟීම.
අපේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා ඔනෙම ප්‍රමාණයෙන් විශාල දෙයක් දැක්කොත් ඒකට " රට " කියන විශේෂන පදය එකතු කරන එක.
උදාහරණයක් කිව්වොත්. ප්‍රමාණයෙන් විශාල අඹ " රට අඹ ". ප්‍රමාණයෙන් විශාල දෙල් " රට දෙල් ". ඇත්තටම ඒ දේවල් රට ඒවද ? නෑනේ. ඒ හැම දෙයක්ම අපේ රටේ හැදෙන දේවල්. ඒත් ප්‍රමාණයෙන් විශාල නිසා ඒවා " රට " බඩු...
ඔන්න ඔය හේතුවම තමා ලෝකල් කියන වචනෙත් " බාල " කියන වචනෙට සමාන වෙලා තියෙන්නේ.
අපේ රටේ ඇල්පෙනෙත්ත පවා පිටරටින් ගෙන්නනකොට ඉතිං ලෝකල් කියන එක බාලයි කියලා කිවට ඇති වරදකුත් නෑ.
ඒත් ඇත්ත නම් ඔය ගොඩක් " Made in China " කියලා ගහලා එන එක එක බඩු වලට වඩා අපේ රටේ නිශ්පාදන වල තත්වය උසස්. ඒත් අපේ රටේ දේවල් වලින් ආණ්ඩුවට බදු ගහගන්න පුලුවන් ප්‍රමාණය අඩු නිසා තත්වයෙන් බාල උනත් චීනා හදලා එවන හැම දෙයක්ම අපේ රටේ වෙළදපොලට එවනවා අපේ රටේ නිශ්පාදන යට ගහලා...
බදු වලින් ජීවත් වෙන ආණ්ඩුවක් තියෙන රටක එහෙම වෙන එක අරුමයක් නෙමෙ. ඒත් බදු ගැන නොසලකා හැරලා දේශීය දේට අතහිත දිලා දේශිය නිෂ්පාදන වලට අපේ රටේ හොද වෙලදපොලක් අරං දුන්නොතින් ආණ්ඩුවට උණත් බදු වලින් දුවන්න ඔනෙ වෙන්නෙ නෑ....
අපේ රටේ දේවල් වලට අපේ රටේ හොඳ වෙළදපොලක් හැදුනොත් අපේ දේවල් අපිට පිට රටවල් වලට අපනයනය කරලා හොද ලාභයක් ලබා ගන්න පුලුවන්. හැබැයි ඉතිං ඒකට ටික කාලයක් යාවි.
ඉවසීමෙන් වැඩ කටයුතු කලොත් ඒ තත්වයට ලඟා වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. අපේ රටේ දේවල් වලට තැනක් නැති වෙලා පිටරටින් එන හැම #බිබික්කමකටම හොද තැනක් ඇති වෙන්න හේතුවත් අපේ මිනිස්සුමයි.
මුලින් කීවා වගේ අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුව හැඩගැහිලා තියෙන්නේ අපේ රටේ දේ ගන්න එපා පිට රටින් ගෙන්නන දේ ගන්න ඒවා තමා තත්වයෙන් උසස්, අපේ රටේ දේවල් බාලයි කියන විදියට.
රටේ ආණ්ඩුවෙ වැරදි වලින් උණ මේ දේවල් නිසා රටේ මනුස්සයගෙ ඔලුවට අදහස ආවෙ පිට රටවලට ගැති විදියට. ඒ දෙයින් විනාශ උනත් අපේ රටමයි. මේ දේවල් පාලකයො දන්නවා ඇති. ඒත් දැන දැනත් නොදන්නවා වාගේ ඉන්නවා ඇත්තේ අපේ රටේ දේවල් වලට අතහිත දීලා ගොඩගනන්වට වඩා පිට රටවල් වලට කඹුරපුවාම තමන්ගේ සාක්කුවට වැටෙන ගාණ ලොකු නිසා වෙන්න ඇති...
ඇත්තටම මේක අපේ රටේ කරුමේ.. හැම දෙයක්ම සල්ලි වලට යට වෙලා ඉවරයි....
මේකට මුලින්ම " ආසියාවේ ආශ්ච්ර්‍යෙ " කියපු එකා මොකෙක් උණත් අමුම අමු මී හරකෙක්....
" ලෝකෙ තියෙන කාළකන්නිම රට ශ්‍රී ලංකාව... "
දුකෙන් උනත් ඒ දේ කියන්න වෙනවා !!!
Jan 26, 2014
සල්ලි සහ හොරු !!!
සල්ලි.....
ඔය දේ මත තමා අද අපි හැමෝගෙම ජීවිත ගොඩනැගිලා තියෙන්නේ. උදේ ඉදන් රෑ වෙනකන් මිනිස්සු මහන්සි වෙන්නේ #සල්ලි හොයන්න.
සල්ලි නැත්තම් අද ඇත්තටම මනුස්සයා කියන සත්ත්ව කොට්ඨාශය මේ ලෝකෙන් වඳ වෙලා ගිය ජාතියක් බවට පත්වෙලා හමාරයි.
අපි මගතොටෙ හම්බෙන ඔනෙම කෙනෙකුගෙන් ඇහුවොත් ඒ පුද්ගලයා ඒ මොහොතෙත් කුමක් කෝ කාර්‍යයක නියැලිලා ඉන්නේ. බොහො දුරට ඒ දේ ඒ කෙනාගේ #රැකියාව වෙන්න පුලුවන්.
බහුතරයක් එහෙමයි.
ඒ අතර සුළුතරයක් ඉන්නවා කිසිම වැඩක් පලක් නොකර ඔහේ ඉන්න අය. ගොඩක් වෙලාවට ඒ අය තමා #හොරු #චන්ඩි #මැරයෝ වගේ අය වෙන්නේ. අනුන්ට කරදරයක් වෙලා ජීවත් වෙන්නේ.
තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරගෙන කන බොන කෙනාගේ දේවල් චන්ඩිකමින් හෝ හොරකමින් කඩා වඩා ගන්නේ....
ඒ දේවල් අපිට වෙනස් කරන්න බෑ. හැම කෙනෙක්ම සාධාරණ විදියට හිතන්න සහ සාධාරණ විදියට ජීවත් වෙන්න පටන් ගත්ත දාට සමාජයේ ඉන්න හොරු, චන්ඩි වගේ උදවිය නැති වෙලා යාවි....
නිකං හිතුණ දෙයක් ලීවෙ.
" යන්නේ කොහෙද මල්ලේ පොල් " වගේ දෙයක් උණානම් සමාවෙන්ඩ ඔනේ !!!
Dec 17, 2013
May 9, 2013
සෑහෙන කාලෙකට පස්සෙ..... ආප්ටර් ලෝන්ග් ටයිම් !!
2012 නොවැම්බර් වලින් පස්සෙ කිසිම පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.. ඒකට තියෙන්නෙ පැහැදිලි එක හේතුවයි, වෙන මොකුත් නෙමෙ මට තියෙනෙ කම්මැලිකම :D. ඒත් මොකෑ දන්නෑ අද උදේ නැගිට්ටට පස්සෙ හිතුහ්නා බ්ලොග් එකෙ මොනවා හරි කුරුටු ගෑවොත් හොදයි කියලා. ඒත් ඉතිං අහවල් කජු මදේද ලියන්නෙ :/ . ඇත්තම කතා කරොත්නං ලියන්ඩ දේවල් අම්භානක තියෙනවා. කරුමෙ කියන්නෙ කොච්චර තිබ්බත් ඒවා ලියන්ඩ හරියට වචන ගලපා ගන්ඩ බෑනෙ... ඒක නිසා උබෙ කෙහෙල් ගෙඩියක් වෙන්ඩ කියලා පහු ගිය ටිකෙ උන දේවල් ව්අල කෑලි කෑලි එක්කහු කරලා ප්‍රවෘත්ති සාරාංශෙ වගෙ ලියනවා :P
ඇත්තටම පහු ගිය ටික කාලෙ මහා ගොඩක් ජාති උනෙ නෑ. විශේෂෙන්ම කියලා දේකට සිද්ධ උණෙ අපේ තාත්තගෙ අවුරුද්දේ දානෙ දුන්නා. වැඩේ කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට කරගන්න පුලුවන් උන එක ගැන නම් අම්මටයි මටයි ඇත්තටම සන්තෝශයි...
ම්ම්ම්ම් ඊට අමතරව කියනවනං අපේ K.S සෙට් එක අපේ ගෙදර ආවා. ව්ක වතාවක් අර අපි නුවරදි සංවිධානය කරපු හලාල් විරෝදී හමුවෙන් පස්සෙ සෙට් එකම අපේ දිහා ආවා. අනික් වතාව අපේ තාත්තගෙ දානෙ ගෙදරට....
මුල් වතාවෙ ආවෙ තක්කාලි චොප්පෙයි, ලැම්බට් අප්පුයි, ස්කුබියයි, දියසේනයයි, තඩියයි තමා. සැනාඇවිත් ගියා :D. දෙවැනි වතාවට ඔතනට වැඩි උනෙ කිනා විතරයි... ඒ දවස් ටික නං ආයි කතා කරලා වැඩක් නෑ සුපිරිම ආතල් ටිකක් ගත්තෙ ඈ :D.
ඊට පස්සෙ අපි සෙට් එක දවස් දෙකක් විතර මැක්කලාගෙ බෝඩිමෙ සෙට් වෙලා උගෙ පොකට් එකට විද්දා..... සෑ :D ඒ දවස් දෙකනෙ දවස් දෙක ඈ. කොත්තුවයි කෙනටයිත් කාන්තියයිත් හම්බුණා..... පට්ටා පන් ඈ බීච් එකට එහෙම ගිහිල්ලා මාර පන් තමා ඈ... ඒ ගැන වෙනම පෝස්ට් එහෙකින් දාන්නං. මෙතන ඒවා දැම්මොත් මෙගා නාට්ටියක් වගෙ වෙනවා පෝස්ට් එක :D.
ඔය වගේ දේවල් තමා පහුගිය ටිකෙ සිද්ධ උනෙ ඉතිං. තව ඉතිං වෙනදා වගෙ ආතල් එකට කරන වැඩෙ, වෙඩින් පොටො ගැනිල්ලට රට වටෙ ගියා.... සුරාමේරය කරා :D ඕවා තමා..
ආ අමතක උණානෙ අපේ ගමෙ අපි ඔය හත් අට දෙනෙක් එකතු වෙලා අවුරුදු උත්සවයක් කලා. ඒ වැඩෙත් 100%ක්ම සර්ථක විදියට ඉවර කරගන්න ලැබුණා. ගොඩක් අය ඒ ගැන හොඳ කීවා. සුපුරුදු විදියටම කාළකන්ණි කීප දෙනෙක් ඇද කීවා... ඒවා ඉතිං කොහොමත් එහෙමනෙ කොච්චර හොදට වැඩක් කලත් කවුරු හරු මොකුත් කීවෙ නැත්තං නිකං හරි නෑ වගෙනෙ :D. ඒ නිසා ඒවා අපි ගණං ගන්නෑ. අපි අපේ වැඩෙ කිසි අඩු පාඩුවක් නැතුව, හොරයක් බොරුවක් වංචාවක් නැතුව කරා, ඒ ගැන අපිට සංතෝශයි !!..
ඉතිං ඕවා තමා විස්තර. තව කියන්ඩ දේවල් ඇති. ඒත් මේ වෙලාවෙ ඔලුවට වැටෙන්නෙ නෑ. මතක් උනොත් වෙනම පෝස්ට් එකක් දාන්නම්. කොහොමත් ඉස්සර වගේ ආයි එක දිගට බ්ලොග් එකට පෝස්ට් දාන්ඩ ඔනෙ. ගොඩක් අය ඇහුවා මචං දැන් උබෙ බ්ලොග් එක ලියන්නෙ නැද්ද කියලා....
K.S සෙට් එක එක්වෙලා ගත්ත පන් ටික වෙනමම ලියන්නං....
හුටා අමතක උණා මේ කාලෙ මට සබරගමුවෙයි බුකියෙයි මහ ඇමති පට්ටම හම්බුණා ඈ :D
එහෙනං පස්සෙ සෙට් වෙමු ඈ ! කට්ටියටම බුදු සරණයි !!!
-ජය වේවා-
Oct 8, 2012
මූසලයෙකුට ලියමනක් !!!!!
කේ. පොල් සමන්,
කුරුණෑගල.
ගරු සරුවක් නැති මහින්ද රාජපක්ෂ,
ජනාධිපති,
අරලිය ගහ මන්දිරය,
කොළඹ.
රාජපක්ශ මහාතා වෙත,
ඔබගේ මූසලකම සම්බන්ධව.
රාජපක්ශ මහත්තයෝ, ඔබතුමා දන්නා විදියට ඊයේ කොළම කෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එකක් තිබ්බා. ඒක විස්සයි විස්ස ලෝක කුසාලන තරඟාවලියේ අවසන් තරඟය. එකේ සෙල්ලම් කලේ අපේ ශ්‍රී ලංකා ටීම් එකයි බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම් දෙක අතර.
ඒ මැච් එක අපේ කණ්ඩායම හොදටම පටන් ගත්තා. පලවෙනි ඕවර් 5ට ලකුණු 10ක්වත් දීලා තිබ්බෙ නෑ. පලවෙනි විකට් එක ගත්තෙ එක ලකුණක්වත් දෙන්නෙ නැතුව.
ඒතරම් හොදට පටං ගත්ත මැච් එක බලාගෙන ඉන්නකොට චාටර් වෙන්න පටන් ගත්තේ කොදෙව්වන්ට අපි 14,15 ඕවර් දාන්න ගත්තාම. ඒ ඕවර් ටිකෙන් පස්සෙ උන් අපේ මාලින්ගට එහෙම පන්න පන්න ගහන්න ගත්තා.
අනිවාර්යෙන්ම ඔයා ග්‍රවුන්ඩ් එකට එන්න ඇත්තෙ ඒ වෙලාවෙ වෙන්න ඔනේ. එහෙම නැත්තං කිසිම මූසල කමක් ග්‍රවුන්ඩ් එක පැත්ත පළාතෙවත් තිබ්බෙ නෑ. ඔයා ආවා කියන්නෙ පට්ටම මූසලයි කියන එකනේ.
2007 ලෝක කුසලානේ ෆයිනල් මැච් එක බලන්නත් ඔයා ගියා. ඒකත් කවදාවත් වැස්සෙ නැති වැස්සක් වැහැලා අපි පැරදුනා. ඊට පස්සෙත් විස්සයි විස්ස ෆයිනල් එකක් බලන්න ඔයා ගියා (අවුරුද්ද මතක නෑ) ඒකත් පරාද උනා.
මේක ගානට සෙල්ලං කරගෙන ආවා. ඒ වෙනකොට කප් එක අපෙ කොල්ලොන්ගේ අතේ තිබුනේ. ඒත් මහත්තයෝ ඔයා ආපු ගනම් ඔයාව ටීවී එකෙ පෙන්නුවා. ඒ මදිවට පෙරේතකමට මූසල කමට අතත් වැනුවා. එහෙම කලා විතරයි අපි බලාගෙන ඉන්නකොට මැච් එක පැරදුනා..
අපි දන්නවා ඔයා අපේ රටේ ජනාධිපති කියලා. ඒත් ඔයත් දන්නවා රටේ මිනිස්සුත් දන්නවා ඔයා ජනාධිපති උනෙ මිනිස්සු දුන්න ඡන්දවලින් නෙමෙයි කියලා. එහෙම එකෙ ඔයා ඔයාගේ ඔය මූසල අත වැනුවට කවුරුත් අත වනන්නේ නෑ...
අනේ රාජක්ෂ මහත්තයෝ මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. මේ ලෝකේ හැම රටමක ඉතිහාසෙ අරගෙන බැලුවත් ඔයා වගේ මූසල රාජ්‍ය නායකයෙක් ඉදලත් නෑ, ඉස්සරහට ඉන්න එහෙකුත් නෑ. දැන් ගිය දේවල් ගියා. ඒත් මං ඔයාට කියන්නේ ආයි කවදාවත් ක්‍රිකට් මැච් එකක් තියා ගමේ කොල්ලො වෙල් වල ගහන ඇට බෝල මැච් එකක්වත් බලන්න යන්න එපා. මොකද ඔයා ඒ තරමට මූසලයි.
ඔයා ඔය එක එක රැස්වීම් වලට ගියාපුවාම ලස්සන පොඩි එකෙක් දැක්කොත් වඩාගන්නවා නේද ? ආයි එහෙම කරන්න එපා. මොකද ඔයා එහෙම වඩාගත්ත පොඩි උන්ගේ අනාගතේ අදුරුවෙනවා ඔයාගෙ තියෙන මූසල කමට.
ඔයා මොනවා හිතුවත් ඔයා නිසා තමා අපිට කප් එක නැති උනේ. ඒක මුලු රටේම මිනිස්සු දන්නවා... ඔයාට කඩේ ගිහින් ඔයාගේ පස්ස පැත්ත ලෙවකන කීප දෙනක් විතරක් එහෙම නෙමෙයි කියලා කියයි. ඒත් ඒක තමා ඇත්ත තත්වෙ...
එහෙනම් දැනට මම නවතිනවා. පුලුවන්නම් තොයිලයක්වත් නටලා ඔය මූසල කම නැති කරගන්න බලන්න. ඒත් මං හිතන්නෑ ඒ වැඩේ හරි යයි කියලා, මොකද උපතින් එන මීසලකම් එහෙම අයින් කරන්න බෑ.....
හරි එහෙමන් මම නවතිනවා !!
ඔබතුමාට හෙණම ගහනවා !!!!
මකබෑවිලාම පල !!!
මීට,
ඔබතුමාගේ මූසලකම නිසා දුකට පත් ජනතාව වෙනුවෙන්
කේ. පොල් සමන්.....!!
ආයිත් කියන්නේ ඔයා මකබෑවිලාම යනවා ! ................... තූඃ......
ප.ලි - ඇත්තටම තරහෙන් ලියන ලද්දක් බවත්, නරක වචන ඉතාම අමාරුවෙන් නොකියා සිටි බව දැනුම් දෙමි !!!!
2007 ලෝක කුසලානේ ෆයිනල් මැච් එක බලන්නත් ඔයා ගියා. ඒකත් කවදාවත් වැස්සෙ නැති වැස්සක් වැහැලා අපි පැරදුනා. ඊට පස්සෙත් විස්සයි විස්ස ෆයිනල් එකක් බලන්න ඔයා ගියා (අවුරුද්ද මතක නෑ) ඒකත් පරාද උනා.
මේක ගානට සෙල්ලං කරගෙන ආවා. ඒ වෙනකොට කප් එක අපෙ කොල්ලොන්ගේ අතේ තිබුනේ. ඒත් මහත්තයෝ ඔයා ආපු ගනම් ඔයාව ටීවී එකෙ පෙන්නුවා. ඒ මදිවට පෙරේතකමට මූසල කමට අතත් වැනුවා. එහෙම කලා විතරයි අපි බලාගෙන ඉන්නකොට මැච් එක පැරදුනා..
අපි දන්නවා ඔයා අපේ රටේ ජනාධිපති කියලා. ඒත් ඔයත් දන්නවා රටේ මිනිස්සුත් දන්නවා ඔයා ජනාධිපති උනෙ මිනිස්සු දුන්න ඡන්දවලින් නෙමෙයි කියලා. එහෙම එකෙ ඔයා ඔයාගේ ඔය මූසල අත වැනුවට කවුරුත් අත වනන්නේ නෑ...
අනේ රාජක්ෂ මහත්තයෝ මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. මේ ලෝකේ හැම රටමක ඉතිහාසෙ අරගෙන බැලුවත් ඔයා වගේ මූසල රාජ්‍ය නායකයෙක් ඉදලත් නෑ, ඉස්සරහට ඉන්න එහෙකුත් නෑ. දැන් ගිය දේවල් ගියා. ඒත් මං ඔයාට කියන්නේ ආයි කවදාවත් ක්‍රිකට් මැච් එකක් තියා ගමේ කොල්ලො වෙල් වල ගහන ඇට බෝල මැච් එකක්වත් බලන්න යන්න එපා. මොකද ඔයා ඒ තරමට මූසලයි.
ඔයා ඔය එක එක රැස්වීම් වලට ගියාපුවාම ලස්සන පොඩි එකෙක් දැක්කොත් වඩාගන්නවා නේද ? ආයි එහෙම කරන්න එපා. මොකද ඔයා එහෙම වඩාගත්ත පොඩි උන්ගේ අනාගතේ අදුරුවෙනවා ඔයාගෙ තියෙන මූසල කමට.
ඔයා මොනවා හිතුවත් ඔයා නිසා තමා අපිට කප් එක නැති උනේ. ඒක මුලු රටේම මිනිස්සු දන්නවා... ඔයාට කඩේ ගිහින් ඔයාගේ පස්ස පැත්ත ලෙවකන කීප දෙනක් විතරක් එහෙම නෙමෙයි කියලා කියයි. ඒත් ඒක තමා ඇත්ත තත්වෙ...
එහෙනම් දැනට මම නවතිනවා. පුලුවන්නම් තොයිලයක්වත් නටලා ඔය මූසල කම නැති කරගන්න බලන්න. ඒත් මං හිතන්නෑ ඒ වැඩේ හරි යයි කියලා, මොකද උපතින් එන මීසලකම් එහෙම අයින් කරන්න බෑ.....
හරි එහෙමන් මම නවතිනවා !!
ඔබතුමාට හෙණම ගහනවා !!!!
මකබෑවිලාම පල !!!
මීට,
ඔබතුමාගේ මූසලකම නිසා දුකට පත් ජනතාව වෙනුවෙන්
කේ. පොල් සමන්.....!!
ආයිත් කියන්නේ ඔයා මකබෑවිලාම යනවා ! ................... තූඃ......
ප.ලි - ඇත්තටම තරහෙන් ලියන ලද්දක් බවත්, නරක වචන ඉතාම අමාරුවෙන් නොකියා සිටි බව දැනුම් දෙමි !!!!
Sep 18, 2012
S.B බලුමැක්කා !!

අපිට වයස අවුරුදු 6 වෙනකොට අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිලා (සමහරු නම් හොටු පෙර පෙර අඩ අඩා :P) හා හා පුරා කියලා ඉස්කෝලෙ ගමන පටං ගන්නවා. ඇත්තටම ඒ කාලේ කිසිම තේරුමක් නෑ මොකක්ද මේ ඉස්කෝලේ කියන්නෙවත්, මොකටද ඉස්කෝලෙ යන්නෙ කියන්නෙවත් කියලා. ඒත් එහෙම නෙමෙ අපේ අම්මගෙයි තාත්තාගෙයි හිතේ තියෙන බලාපොරොත්තු, ඒ දවස ඒ දෙන්නගෙ ජීවිතේ වැදගත්ම දවස. ඒ දෙන්නා එයාලගේ හිතේ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන තමයි තමන්ගෙ ළමයව ඉස්කෝලෙට භාර දෙන්නෙ.
ඇත්තටම අපි එහෙම ඉස්කෝලෙ යන්න පටන්ගෙන අවුරුදු 13ක්ම ඉස්කෝලෙ යනවා කාලය ගත වෙනවා දන්නෙම නෑ. අවුරුදු 6න් කිසිම අදහසක් තේරුමක් නැතුව ඉස්කෝලෙ යන්න පටන් ගත්තු අපි ටික ටික අනාගතය ගැන හිතන්න පුරුදු වෙනවා. උනන්දුවෙන් හරි උනන්දුවක් නැතුව හරි ඉගෙන ගන්නවා. වෙන මොකටවත් නෙමෙ හොදට විභාග පාස් කරලා කැම්පස් ගිහින් හොද ජොබ් එකක් අරගෙන දෙමව්පියන්ටත් සලකගෙන ලස්සනට ජීවත් වෙන්න.
ඇත්තටම හැමෝටම කැම්පස් යන්න බැරි උනත් හැම ළයෙකුගෙම හීනෙ වෙන්න ඕක තමා.
එහෙම අවුරුදු 13ක් අමාරුවෙන් ඉගෙනගෙන කොහොමහරි කරලා කැම්පස් යන්නෙ හිතේ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන. එහෙම බලාපොරොත්තු ඇති වෙන්න අපේ හිත්වල විතරක් නෙමෙ අපේ අම්මගෙයි තාත්තගෙයි හිතවලත් එහෙම ඇති වෙනවා. සමහර විට අපිට වඩා ඒ ගැන හිතලා සන්තෝස වෙන්නෙ ඒ දෙන්නා.
ඒත් අද,
අද කැම්පස් යනවා කියන්නෙ දෙමව්පියන්ගෙ හිත්වල ඇතිවෙන්නේ මහා ලොකු දුකක්. ඒකට වැරදි කාරයෝ කවුද ? ඇත්තටම කවුද ?
තමන්ගේ ළමයින්ව පිටරට විශ්වවිද්‍යාල වලට යවලා හොදට උගන්නගෙන මෙහෙ ළමයින්ට නිකන් දෙන අධ්‍යාපනය කඩාකප්පල් කරන්නෙ කවුද ?
අපේම ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය ඇමතිවරු කියාගන්නා මෝඩ තුප්පහියෝ නොමෙද ?
ඇත්තටම මෙ ළමයින් ගැන, මේ ළමයින්ගේ අනාගතේ ගැන ඕකුන්ට නිකමටවත් හිතෙන්නෙ නැද්ද ? ඌට උගේ ළමයි වගෙ තමා මේ දෙමව්පියට ඒ අයගෙ ළමයි.
අවුරුදු 5න් උපාධිය අරන් එළියට එන්න කැම්පස් යන කෙල්ලො කොල්ලො ඒ උපාධිය ගන්න අවුරුදු 10ක් බාලාගෙන ඉන්න ඔනේ. වැඩිය ඔන්නෑ මගේ හොදම යාළුවෙක් තුන්පාරක් A/L කලා කොහොම හරි කැම්පස් යාගන්න ඔනේ නිසා. ඌ කොහොමහරි තුන්වෙනි වතාවෙ ගොඩ ගියා, ඒ අම්මටයි තාත්තටයි ඊට වඩා දෙයක් නෑ. හිතේ තිබ්බෙ පුදුම සතුටක්. මොරටුවෙ Architecture වලටඌ තේරුණා. අවුරුදු 5ක් ඉන්න ඔනේ උපාධිය ගන්න.
ඒත් දැන්, ඌ A/L කරලා result එනකන් ගෙදර හිටිය කාලේට වඩා කාලයක් ඌ කැම්පස් ගියාට පස්සෙ ගෙදර. ඌ කැම්පස් ගිහින් අවුරුදු 2යිද කොහෙද, ඒ අවුරුදු දෙකෙන් අවුරුද්දකට වඩා ඌ හිටියෙ ගෙදර. මොකද කැම්පස් එක වහලා. ඌ ගෙදරටම නාකි වෙනවා. කවදද උපාධියක් අරං අධ්යාපන කටයුත් සම්පූර්ණ කරගෙන එලියට එන්නේ. ඒ කොල්ලගේ අනාගතේට මොකද වෙන්නේ ?
මේ පජාති දේශපාලන බලුමැක්කෝ සෙල්ලං කරන්නේ රටේ අනාගතේ භාරගන්න ඉන්න ළමයින්ගේ ජීවිතෙත් එක්ක නෙමේද ? ඇයි එවුන් එහෙම කරන්නේ ?
යකෝ ඇමතිතුමෝ, තෝ මේ කරන වැඩ නිසා නරක නාමේ ගෑවෙන්නෙ තොට විතරක් නෙමෙ. තොගේ ගෑණිට තොගේ දරුවන්ටත් එක්කයි ඔක්කොම වෙන්නේ. වෙන මොකුත් ඔන්නෑ තොගෙ අහින්සක අම්මා. ඒ අසරණ ගෑණි මොනතරම් බැනුම් අහනවා ඇද්ද ?
යකෝ ගොන් ඇමතියෝ, කැම්පස් ටික ඇරලා මේ ගෙවල්වල කාළකන්ණිවෙන ළමයින්ට ඉගෙන ගන්ඩ දීපිය. තෝ එහෙම කරා කියලා තොට පාඩුවක් වෙන්නෙ නෑනේ. තොට තොගෙ පඩිය ලැබෙනවා. තොට ලැබෙන දීමනා ලැබෙනවා.
ආයිත් කියන්නෙ කැම්පස් ටික ඇරපිය....
තෝ වගේ අසමජ්ජාතියො මැරෙන්නේ පණ පිටින් පණුවො ගහලා බල්ලෝ....!!
ප.ලි - පෞද්ගලික කෝන්තරයක් මත ලියන ලද්දක් නොවන බවත්. මාගේ මිතුරා ඇතුලු ගෙදරට කාළකන්ණි වන විශ්වවිද්‍යාල සිසුන්ට කරන උදව්වක් ලෙස සලකා ලියන ලද්දක් බව කරුණාවෙන් සළකන්න.
Sep 8, 2012
චින්තන හැකියාව ශූණ්‍ය වී ඇත :/

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට සෙට් උණෙ. ඒත් කරුමෙ කියන්නෙ ලියන්න මුකුත්ම හිතට එන්නේ නෑනේ......සිස් :/.
කල්පනා කරනවා කියලා මෙච්චර කල්පනා කරන්නත් හොද නෑ, මොකද මොළෙ ඕවර් ලොඩ් උනොත් මාර කේස් එකක් වෙනවා ඒකයි :P.
වෙලාවකට හිතෙනවා මේ බ්ලොග් එක වහලම දානවද කියලත්. මොකද මොකුත්ම නොදා ඔහේ තියෙනවට වඩා ඒක හොදයි කියලා හිතෙන නිසා. ඒත් අනේ මන්දා තවම එහෙම කරෙත් නෑ.... මේක හෙනම ආන්දමිකයි :/
මගේ බ්ලොග් එකට මෙහෙම වෙන්ඩ ප්‍රධානම හේතුව මගේ චින්තන හැකියාව ශූණ්‍ය වෙලා.... අයියෝ මගේ චින්තන හැකියාව :'(. ඒත් මොකුත්ම නොදා ඉන්ඩ හොද නැති නිසා දාන්ඩ මොකුත්ම නෑ කියලා හරි දානවා කියලා තමා මේක දැම්මේ ඈ...
මගේ චින්තන හැකියාව ආයි ආපු ගමං සං සං ගාලා එක එක එව්වා දානවා. සුවර් ඈ (y)
අපි කැපුණා එහෙනම් !
ජය වේවා !!
කමෙන්ට් කොරලා යන්ඩ ඈ.....
May 14, 2012
මේ....අක්කේ, මගේ මේකව දැක්කද ??

මුලින්ම කියන්න ඔනේ මේක අසභ්‍ය කතාවක් නෙමේ, සමහරු මේ කතාව දන්නවත් ඇති. නොදන්න අයට දැන ගන්නයි කියන්නේ ඈ....
ආ... තව දෙයක්... මේක මට සිද්ද උණ දේකුත් නෙමෙයි ඈ :P....
මෙන්න මේකයි ඉස්ටෝරිය....
එක ගමක හිටියලු මිනිහෙක්, පොර ජීවත් උනේ තනියම. මොකද බුවා කසාද බැදලා නෑ, හැබැයි බුවාට හිටියා කසාද බැන්දත් ගෑණිට වඩා ශුවර් කරන්ඩ පුළුවන් බලු තඩියෙක්. ආයේ ඉතින් දෙන්නා ගජම ගජ යාලුවෝ.... බල්ලට දාලා තිබුණ නම තමා "මේකා"...
මං කිව්වනෙ මිනිහයි බල්ලයි හෙන ගජ යාලුවො කියලා. කොහෙ ගියත් දෙන්නා එකට. බල්ලා ඉන්න නිසා මිනිහත් කොහෙවත් යන්න බය නෑ....
දවසක් දෙන්නා ගියා ගමට කිට්ටුව තියෙන ටිකක් විතර විශාල කැලයක් තියෙනවා ඒකේ ඇවිදින්න (පොඩි පන් එකක් ගන්න හිතාගෙන වෙන්න ඇති)....
ඔහොම ටික දුරක් ඇවිදගෙන කැලේ මැද්දටම වගේ ආවා. මිනිහා දැක්කා ලස්සන වැවක් තියෙනවා. මහන්සියත් එක්ක නිසා ටිකක් නාගත්තොත් හොදයි කියලා හිතලා ඇදුම් ටිකක් ගලවලා දාලා බැස්සා වතුරට..... කැලේ හින්දා කවුරුකුත් නැති නිසා ෆුල් නේකඩ් එකේ තමා බුවා වතුරට බැස්සේ... දැන් ඇදුම් ටික ගොඩ, ඇදුම් මුර කරන්නේ බල්ලා (මේකා)....
පැයක් එකහමාරක් විතර නාලා ඩයල් එක ගොඩ ආවා..... මල හුට්ටප්පරයයි :O..... බල්ලත් නෑ ඇදුම් ටිකත් නෑ...... දැන් මොකො කරන්නේ ඇදුම් නෑනේ....බුවා හෙළුවෙන් :D.... වෙන කරන්න දෙයක් නෑ කියලා හිතාගෙන කැලේ ඇතිලෙන් දැන් අදුම් නැතුව උපන් ඇදුමෙන්ම මිනිහා යනවා බල්ලව හොයන්න.... කොහෙ කියලා හොයන්නද හෙණ කැලේනේ....
ඔහොම ටික දුරක් බල්ලව හොයාගෙන යනකොට කැලේ මැද්දෙ තියෙන අතඇරලා දාපු වගේ ගෙයක් හම්බුණා.... අඑතුලට ගිහින් බැලුවෙ ඒකෙවත් මේකා ඉන්නවද කියලා....නෑ...... ටිකක් වට පිට බලනකොට රාමු කරපු කණ්නාඩියක් (මූණ බලන එකක්) හම්බුනා.... ඇදුම් ටිකත් නැති එකේ ඒකෙන්වත් ප්‍රයෝජනයක් ගන්නවා කියලා හිතාන කණ්නාඩියෙන් මිනිහගෙ අහවල් තැන වහගෙන ටික ටික ගම පැත්තට එන්න ගත්තා....
ඒත් මිනිහා දන්නෑ මේ අල්ලගෙන යන එකේ තියෙන්නේ රාමුව විතරයි කණ්නාඩිය නෑ කියලා :D ( ඒ කියන්නේ තාමත් බඩු එලියේ).... ඔහොම වහගෙන කියලා හිතාගෙන රාමුවත් අල්ලගෙන ගම කිට්ටුවට එනකොට දර ඇහිදින්න යන ගමේ ගෑණු කෙනෙක් හම්බුණා ඉස්සරහට :O :O..... අනේ ඉතින් මිනිහා දන්නෙ නෑනේ කණ්නාඩියෙ තියෙන්නෙ රාමුව විතරයි කියලා.. මූ ඔක්කොම වැහිලා කියලා හිතාගෙන ගෑනි ඉස්සරහට ගියා......(අයියෝ සල්ලි) :P...
ගෑණි ඉස්සරහට ගිහින් මු අහපි.... " මේ....අක්කේ...මගේ මේවක්ව දැක්කද ?".... කියලා....
ගෑණි නිකං තෘශ්ණිම්භූත වෙලා වාගෙ මිනිහගෙ ඔලුවෙ ඉදං කකුල් දෙකටම බැලුවා... බලලා ඉවර වෙලා කියපි.......
"හෑ...මල්ලියේ...මම මේකව නං දැකලා තියෙනවා..ඒත් මේ රාමු කරපු එකෙක් දැක්කමයි" කියලා..... :O :O
විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ..... මිනිහා මේකෙක් ඔනේත් නෑ රාමුව ඔනෙත් නෑ කියලා කැලෙන් පැනලා ගෙදර දිව්වා..... හිකිස්..ගෙදර යනකොට මෙකයි ඇදුම් ටිකයි ඔක්කොම ගෙදර....බල්ලා ඇදුම් ටික ගෙදර ගෙනත්.....
කීකරු බල්ලෙක් නේ :P.....
Oct 9, 2011
අනේ අපොයි
Aug 27, 2011
ඇතුගල්පුරවරය නොහොත් කුරුණෑගල෴
අද මම කියන්න කල්පනා කලේ මම ජීවත් වෙන නගරය ගැන පොඩි පොඩි විස්තර ටිකක්..........අවුලක් නෑනේ :D.............
මම ජීවත් වෙන්නේ කුරුණෑගල...... කුරුණෑගල කියන්නේ වයඹ පළාතේ අගනගරය. වයඹ පළාතේ අනිත් නගරය වෙන්නේ පුත්තලම......ඔය නගර දෙක අතර 90KM විතර දුර පරතරයක් තියෙනවා.......
කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවෙ ප්‍රධානම ගමන් සංධිස්ථානයක්.... ඒ A10 හා A6 මහා මාර්ග දෙකක් එකිනෙකට මාරු වෙන සිථානයක් වීම නිසා......කුරුණෑගල නගරයේ සිට ප්‍රධාන නගරයක් ගමනාන්තය වන මාර්ග පිහිටා තිනෙබවා (ඒ කියන්නේ එක බස් එකේ ගමන).........
ඒ නගර වෙන්නේ......
- කොළඹ
- මහනුවර
- දඹුල්ල, ත්‍රිකුණාමලය
- මීගමුව
- පුත්තලම
- අනුරාධපුර
කුරුණගල නගරය ගොඩාක් ප්‍රසිද්ධ ඇතුගල නිසා....... ඇතුගල කිව්වොත් රටේ කොහෙ කෙනෙක් උනත් දන්න තරමට ඒක ප්‍රසිද්ධයි....... කුරුණෑගල තමා ශ්‍රී ලංකාවෙ ලොකුම පොල් නිශ්පාදකයා වෙන්නේ...... පොල් ත්‍රිකෝණයට අයත් වන හලාවත, කොළඹ, කුරුණෑගල නගර තුනෙන් වැඩියෙන්ම පොල් නිශ්පාදනය සිද්ධ වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ.......
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතීතය ඉතාමත් ඈතට දිවයන්නක්. පඩුවස්නුවර, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල යන අතීත ශ්‍රි ලංකාවෙ ප්‍රධානතම රාජධානි පිහිටීම මගින් පැහැදිලි වනවා......
කුරුණෑගල ක්‍රීඩා සම්බන්ධව......
කුරුණෑගල නගරයේ ඇති ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන්නේ වෙලගෙදර ක්‍රීඩාංගනයයි.......
ඊට අමතරව අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පිට පිට තුන් වතාවක් ජයග්‍රහණය කල කණ්ඩායම වන්ණේද කුරුණෑගල ප්‍රමුඛ Wayamba Wolves කණ්ඩායමයි.........
අධ්‍යාපනය.....
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම අධ්‍යාපන ආයතනය වන්නේ වයඹ විශ්වවිද්‍යාලයයි......
Aug 24, 2011
ගොඩාක් තැන්ක්ස් වේවා!!!
මම මේ blog කෙරුවාව පටන් ගත්තේ බොහොම ආසාවෙන්. ඒක නිසා මම එක දිගට ලිව්වා, මට මේ වෙනකන් උන හැම දියක් ගැනම ලිව්වා, මේ වෙනකන් කෙලපු හැම පිස්සුවක් ගැනම ලිව්වා......
ඒ හැම post එකකටම වාගේ සෑහෙන්න හොද ප්‍රතිචාර තිබුණා.
ඒවගේම කියන්න ඔනෙ දෙයක් තමා ඊයෙ මගෙ blog එකේ followersලා 50 පැන්නා....... ඒ වගෙම hits 2600ත් පැන්නා........
ඒ ඔක්කෝමලාටම ගොඩාරියක් තෑන්ක්ස් වේවා !!!!!!!
තව ඉස්සරහට හොඳ හොඳ කථා ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.......
මීට මම......
Jul 21, 2011
අළුත්ම කසාදේ
කස්ටිය දන්නවද අළුත්ම කෆල් එක කවුද කියලා. ඇත්තටම කවුද කියලා අහන්න බෑ, අහන්න වෙන්නෙ අළුත්ම කෆල් එක මොකක්ද කියලා. ඇනේ ඇත්තට බැන්දේ උන් කෙලඋනෙ අෆිට අෆේ මේ මුහුණුෆොතයි අෆි හොදට අදුනන ස්කයිෆ් (Skype) එකයි තමා කසාද බැදෆු අළුත්ම කෆල් එක.
අනේ ඉතින් මුං කසාද බැන්දා කියලා අෆිට කිසි ෆ්‍රස්නයක් නෑ ඒත් ඉවසන්න බැරි යස අගේට තිබ්බ චැට් සිස්ටම් එකට කෙලවෆු එක තමා. ෆව් අර මාක් කාරයගේ අසරණ අම්මා, කී දෙනෙක්නං උන්දැව මතක් කොරනවද දන්නෑ.
බැන්දේ දෙන්නෙක් බැනුම් අහන්නෙ තව කෙනෙක්, කෙලඋනේ අෆිට. දුක තමා, අෆි කියා ඉතිං මක් කොරන්නද හැබෑටම....
ලියන්ඩ දෙයක් තිබ්බෙම නැති නිසා ලිව්වෙ. බොරීං උනාද දන්නෑ ඈ
මං ගියා එහෙනං......
Jul 9, 2011
මුල ෆිරුම
ආයුබෝවන්ඩ කීවා !!!!
අම්මේ ඉතින් මාත් හා හා ෆුරා කියලා බ්ලොග් එකක් ලියන්ඩ ෆටං ගත්තා ඕං. ෆස්සෙ සැට් වෙමු මගෙ ලයිෆ් ඉස්ටෝර් ටික්කුත් එක්ක..
එහෙනං කස්ටියටම ජය ස්‍රී !!!
Subscribe to:
Posts (Atom)