Feb 15, 2014

සිගරට් හොදයි, ගංජා නරකයි... නෑ මචන් ඔය දෙකම නරකයි !!!



තහනම් කලා හෝ නොකළා 
ඔය කොයි මත්ද්‍රව්‍යත් ශරීරයට අහිතකරයි...
අරක්කු සිගරට් නීති ගත උණා කියලවත්
ගංජා නීතියෙන් තහනම් උණා කියලවත් වෙනසක් නෑ
නිකං නීතියෙන් තහනම් උණ දේ ගැන විතරක් කෑගහලා වැඩක් නෑ...
සිගරට් බීවත් එකයි ගංජා ගැහුවත් එකයි
ගංජා බෙහෙත් වලටත් අරං තියෙනවා..
ඒත් සිගරට් හදන දුම්කොළ බෙහෙත්ද ? නෑනේ..
ලෝකෙටෙ පේන්ඩ බොරු පුරාජේරු අවශ්‍ය නෑ

කවුරු කවුරුත් පුලුවන් තරම් මේ දේවල් වලින් ඈත් වෙන්නයි ඔනේ...
මේ දේවල් පාවිච්චි කරන කෙනෙකුට නම් ටිකක් අමාරු වේවි
ඒත් උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ...

අනිත් දේ තමා.

අද සමාජය හැඩ ගැහිලා තියෙන්නෙ
නීතියෙන් අවසරය තියෙන දේ හොදයි කියන විදියට හිතන්න..
ඒකයි සිගරට් බොන කෙනාට මොකුත් නොකියා
ගංජා උගුරක් අදින එකාව හංවඩු ගහන්නෙ...
මම නම් කියන්නේ එහෙම කියන අය සෑහෙන්න මෝඩයි...
තරහ උණත් කරන්න දෙයක් නෑ..
ගංජා ගැහුවත් එකයි බීඩියක් සිගරට් එකක් ගැහුවත් එකයි....
ඒත් බීඩි සිගරට් බොන කෙනාට කවුරුත්  මොනවත් කියන්නෑ
මොකද ඒ දේවල් නිතිගත නිසා....
සමාජ විශමතාවය තමා...

තව දෙයක් කියන්න ඔනේ...

මම මේ පොස්ට් එක දැම්මෙ ගංජා ගහන අයව සුද්ධ කරන්න නෙමෙ
කෝකත් වැරදියි...
ඒ වගේම කිසි කෙනෙක් මේකට පොළබවා ගන්නත් නෙමෙයි...
ඒකයි මුලින්ම කිවෙ කරන අය උනත් උත්සාහ කලොත් මේ දේවල් 

පාවිච්චි කරන එක අතහරින්න පුලුවන් වේවි කියලා....

අදහසක් මට හිතුණ දෙයක් පමණි. බුද්ධියෙන් විමසා දරා ගැනීම ඔබ සතුයි !!

ස්තූතියි !!

2 comments:

  1. අනිවා ඔය කොයිදේත් නරකයි ඔය හැම එකකින්ම අපිට වෙන හොදක් නෑ නරකක් මිසක්

    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
  2. ඊට වඩා ලේසි වෙයි මචන් මිනිස්සුන්ව නිර්මාංශ කරන එක..... මොකද අරක්කු සිගරට් පිටිපස්සෙන් තියන පෝලිම දැක්කම ඒක නවතී කියල විශ්වාස කරන්න අමාරුයි...

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...