Showing posts with label දේශපාලනික. Show all posts
Showing posts with label දේශපාලනික. Show all posts

Feb 8, 2015

ෆක් ද ශ්‍රී ලංකන් සිස්ටම්....


ලංකාව කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්...
ඒ වගේ රටක් ගොඩක් වෙලාවට රදා පවතින්නේ ‪#‎බදු‬ කියන දේ මත...
ලංකාවට ගෙන්නන සිගරට් වලින් ලොකු බදු මුදලක් රජයට ලැබෙනවා..
අන්න ඒ බදු මුදල නිසා ලංකාව ඇතුලේ ‪#‎ගංජා‬ කියන දේ නීතියෙන් තහනම් වෙනවා..
මොකද ගංජා නිතිගත උනොත් සිගරට් කියන දේට තියෙන වටිනාකම අඩු වෙනවා
එතකොට සිගරට් කියන දේ ලංකාවෙ විකිණෙන එක අඩු වෙනවා..
ඒ කියන්නේ ලංකාවට ගේන සිගරට් ප්‍රමාණය අඩු වෙලා රජයට ගන්න පුලුවන් බදු ප්‍රමාණය අඩු වෙනවා....
හිඟන ආර්ථිකයක් තියන අපේ වගේ රටකට ලැබෙන බදු මුදල් අඩු වෙනවා කියන්නේ රජයට රදාපවතින්න බැරි වෙනවා කියන දේ....
ඔන්න ඔය කියන සරළ හේතුව මත ලංකාවෙ ගංජා තහනම් වෙනවා...
හැබැයි ලංකාවට ගංජා ගෙන්නුවනම් ඔහොම වෙන්නෙ නෑ
ඒකත් මතක තියාගන්න වෙනවා...
බදු මුදලක් අය කරගෙන ලංකාවට ගංජා ගෙන්නුවනම් ගංජා කියන දේත් අද ලංකාවෙ නිතියෙන් සම්මත දෙයක් වෙනවා...
ඒවා නොදන්න අපේ සමහරක් අම්භරුවන් ගංජා ගහන එක අපරාධයක් විදියට දකිනවා..
අරක්කු බීපු එකා වාහනේ හප්පා ගනී
එක්කො පාරෙ යන මනුස්සයෙක්ව යට කරයි..
ගෙදර මිනිස්සු එක්ක රණ්ඩු කරයි...
අඩුම ගානේ හරියට කන්නවත් පුලුවන්ද බීපුවාම...
ගංජා එහෙමද බලපන්...
ගංජා ගහපු එකෙක් කවදාවත් අනතුරක් කරගෙනත් නෑ කරලත් නෑ
මිනිස්සු එක්ක රණ්ඩු වෙලා නෑ...
හම්බෙන හැම එකා එක්කම හේතුවක් ඇතුහෝ නැතුව හිනා වෙනවා
(හිනා වෙනවා නෙමෙ හිනා යනවා ඇත්ත වසයෙන්ම grin emoticon )
හොදට බත් ටිකක් කන්න පුලුවන්...
එහෙම එකෙ භායනක අරක්කුද ගංජද ?..
හිතලා බලපන්...
මම මේ පොස්ට් එක දැම්මෙ කාවවත් ගංජා ගහන්න නැඹුරු කරගන්න නෙමෙ
ඒක විශේෂයෙන්ම කියන්ඩ ඔනේ...
කොල්ලන්ගේ අහිංසක ආතල් එකකට මුදලට ලොල් හිඟන රජය කරලා තියන කණවැන්දුම් වැඩේ ගැන කීවා විතරයි....
------------------------------------------------------------------------------------------------
ජය ඈ..
ජාහ් රස්ටෆාරේ.... !!

Mar 29, 2014

ආසියාවෙ ඈස්චර්ය !!

ශ්‍රී ලංකාව කියන අපේ මේ රට...
සංවර්ධනය වෙමින් පවතින තුන් වෙනි ලෝකෙ රටක්...
එංගලන්තෙ එක්ක සාපේක්ශව බැලුවොත්
අපේ රට එංගලන්තෙට වඩා අවුරුදු 100ක් පස්සෙන් ඉන්නෙ...
ඉතිං එහෙම රටකට..
නයිට් රේස් මොකටද බං ?
ණය වෙලා චන්ද්‍රිකා උඩ යවන්නෙ මොකටද බං ?
ආසියාවෙ උසම කුළුණ ගහගෙන මොකටද බං ?

අපි කවුරුත් මොන දේ කරන්නෙත් ජීවත් වෙන්ඩ...
අපේ රටේ අපිට අද නිදහ්සෙ ජීවත් වෙන්ඩ පුලුවන්ද ?
රටේ බහුතරයක් දෙනා දුප්පත් මිනිස්සු...
එදා වේල හොයාගෙන කාලා ජීවත් වෙන්නෙ...
පාං රාත්තල රු. 60යි..
තව කවර කතාද ?

ඒ උණාට මහ රජාගෙ පුතන්ඩියො....
කෝටි ගාණක් වියදං කරලා කාර් ගෙනල්ලා රේස් පදිනවා...
යකෝ මොන රටේද රටේ අගනුවර වහන්නෙ රේස් පදින්ඩ....
මේක එයාලට දැන් සින්නක්කර අයිතිය වෙලා....

මේවා කීවාම එක්කො අපි දේශද්‍රෝහියො....
නැත්තං JVP කාරයො...
අනේ මම නං JVP තමයි ඈ......

ලෝකෙ තියෙන පොඩි රටක් උණාට....
ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලේ...
භාගෙට භාගයක් මහරජාගේ නෑයෝ....
ඇමරිකාවෙ, රුසියාවෙ, එංගලන්තෙ තානාපතිවරු කවුද ?
මහරජාගෙ නෑයො.....

අනේ ඇත්තට මෙච්චර දේවල් කරන මුටමනෙ මේ හරක් ඡන්දෙ දෙන්නෙ...
තූ නෙදකිං ඈ !! 

Jan 27, 2014

ලෝකල් | Local



#ලෝකල් කියපුවාම අපේ හිතට  එන්නේ තත්වයෙන් බාල මොකක් හෝ නිශ්පාදනයක්. ඒත් ඇත්තටම ඒක එහෙමද ?

ලෝකල් කියන වචනේ අපිට බාල දෙයක් කියන අදහස මතක් කරාට ඇත්තටම ලෝකල් ( local ) කියන ඉංග්‍රීසි වචනේ තේරුම " දේශීය " කියන එක. ඒත් අපිට ලෝකල් කියන වචනේ තේරුම බාල බඩුවක් බවට හැරිලා තියෙන්නෙ පිටරට දේවල් ලොකු කරගෙන ඉන්න නිසා කියන එකයි මගේ හැඟීම.

අපේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා ඔනෙම ප්‍රමාණයෙන් විශාල දෙයක් දැක්කොත් ඒකට " රට " කියන විශේෂන පදය එකතු කරන එක.
උදාහරණයක් කිව්වොත්. ප්‍රමාණයෙන් විශාල අඹ " රට අඹ ". ප්‍රමාණයෙන් විශාල දෙල්  " රට දෙල් ". ඇත්තටම ඒ දේවල් රට ඒවද ? නෑනේ. ඒ හැම දෙයක්ම අපේ රටේ හැදෙන දේවල්. ඒත් ප්‍රමාණයෙන් විශාල නිසා ඒවා " රට " බඩු... 

ඔන්න ඔය හේතුවම තමා ලෝකල් කියන වචනෙත් " බාල " කියන වචනෙට සමාන වෙලා තියෙන්නේ.
අපේ රටේ ඇල්පෙනෙත්ත පවා පිටරටින් ගෙන්නනකොට ඉතිං ලෝකල් කියන එක බාලයි කියලා කිවට ඇති වරදකුත් නෑ.

ඒත් ඇත්ත නම් ඔය ගොඩක් " Made in China " කියලා ගහලා එන එක එක බඩු වලට වඩා අපේ රටේ නිශ්පාදන වල තත්වය උසස්. ඒත් අපේ රටේ දේවල් වලින් ආණ්ඩුවට බදු ගහගන්න පුලුවන් ප්‍රමාණය අඩු නිසා තත්වයෙන් බාල උනත් චීනා හදලා එවන හැම දෙයක්ම අපේ රටේ වෙළදපොලට එවනවා අපේ රටේ නිශ්පාදන යට ගහලා...

බදු වලින් ජීවත් වෙන ආණ්ඩුවක් තියෙන රටක එහෙම වෙන එක අරුමයක් නෙමෙ. ඒත් බදු ගැන නොසලකා හැරලා දේශීය දේට අතහිත දිලා දේශිය නිෂ්පාදන වලට අපේ රටේ හොද වෙලදපොලක් අරං දුන්නොතින් ආණ්ඩුවට උණත් බදු වලින් දුවන්න ඔනෙ වෙන්නෙ නෑ....

අපේ රටේ දේවල් වලට අපේ රටේ හොඳ වෙළදපොලක් හැදුනොත් අපේ දේවල් අපිට පිට රටවල් වලට අපනයනය කරලා හොද ලාභයක් ලබා ගන්න පුලුවන්. හැබැයි ඉතිං ඒකට ටික කාලයක් යාවි.

ඉවසීමෙන් වැඩ කටයුතු කලොත් ඒ තත්වයට ලඟා වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. අපේ රටේ දේවල් වලට තැනක් නැති වෙලා පිටරටින් එන හැම #බිබික්කමකටම හොද තැනක් ඇති වෙන්න හේතුවත් අපේ මිනිස්සුමයි.

මුලින් කීවා වගේ අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුව හැඩගැහිලා තියෙන්නේ අපේ රටේ දේ ගන්න එපා පිට රටින් ගෙන්නන දේ ගන්න ඒවා තමා තත්වයෙන් උසස්, අපේ රටේ දේවල් බාලයි කියන විදියට.

රටේ ආණ්ඩුවෙ වැරදි වලින් උණ මේ දේවල් නිසා රටේ මනුස්සයගෙ ඔලුවට අදහස ආවෙ පිට රටවලට ගැති විදියට. ඒ දෙයින් විනාශ උනත් අපේ රටමයි. මේ දේවල් පාලකයො දන්නවා ඇති. ඒත් දැන දැනත් නොදන්නවා වාගේ ඉන්නවා ඇත්තේ අපේ රටේ දේවල් වලට අතහිත දීලා ගොඩගනන්වට වඩා පිට රටවල් වලට කඹුරපුවාම තමන්ගේ සාක්කුවට වැටෙන ගාණ ලොකු නිසා වෙන්න ඇති...

ඇත්තටම මේක අපේ රටේ කරුමේ.. හැම දෙයක්ම සල්ලි වලට යට වෙලා ඉවරයි.... 

මේකට මුලින්ම " ආසියාවේ ආශ්ච්ර්‍යෙ " කියපු එකා මොකෙක් උණත් අමුම අමු මී හරකෙක්....

" ලෝකෙ තියෙන කාළකන්නිම රට ශ්‍රී ලංකාව... "

 දුකෙන් උනත් ඒ දේ කියන්න වෙනවා !!!

Jan 21, 2014

කළා දේශපාලනයද ? දේශපාලන කළාවද ?

දැන් අපේ රටේ සින්දුවක් කියලා, ටෙලි නාට්‍යක දෙකක රඟපාලා මිනිස්සු අතර ජනප්‍රිය වෙන ගොඩ දෙනෙකුගේ ප්‍රධාන පරමාර්ථය දේශපාලනයට එන එක. 

බහුතරයක් දෙනා පළාත් සභාවෙන් වැඩ පටන් ගන්නව... සමහරක් අයට පිනා චාන්ස් විදියට #ජාතික_ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න වාසනාව හම්බෙනවා...

අනර්කලී, මාලනී, ගීතා, පබා මුලින්ම වැඩ ඇල්ලුවා. දැන් නදීෂා ( කොල්ලොන්ට නම් පට්ට බඩුවක් ), එයත් වැඩ අල්ලන්න යන්නේ... මෙතනින් පබා ගම්පහින් මහමැතිවරණයට ඉල්ලලා දේශපාලන පළපුරුද්ද සහ දැනුම අතින් පරිණත ඛරු ජයසූරිය මහත්තයත් පරද්දවලා එක උණා... අනේ මන්දා ඒ නෝනට මිනිස්සු ඡන්දේ දුන්නෙ මොන පදනමකින් ද කියන එක.

අනික් නලු නිලියොත් ගොඩක් ඡන්ද දින්න. දැන් අපිට දැනගන්න තියෙන්නේ නදිෂා අක්කට මොනවා වෙයිද කියන එක.. දිනයිද නැද්ද ? බොහො දුරට දිනයි. ගීතා කුමාරිසිංහ වගේ චරිත වලට ඡන්දෙ දුන්න මිනිස්සු ඉන්න කොට නදීශලා දිනන්නේ ඉහලින්ම....

මම අද නිවුස් එකක දැක්කා රුවන්ති මංගලා කියන නමින් ඉන්න නිළියකුයි දෙකයි පනහේ සින්දු කියන #පට්ට_බඩුවකුයිත් ඡන්දෙ ඉල්ලනවා කියලා කොළබ දිස්ත්‍රික්කෙන් පළාත් සභාවට.. ඇත්තට ඒ අය ඡන්දෙ ඉල්ලන්නේ දේශපාලනය ගැන පොඩි හෝ දැනුමක් තියාගෙනද කියන ප්‍රශ්ණේ තියෙනවා ? පිළිතුරක් හම්බෙයිද නැද්ද දන්නෑ....

ඒ වගේම තව නිවුස් එකක් දැක්කා ජීවන් කුමාරතුංග මහත්මයාගේ දුවත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක්...
එයත් මෙදා පාර ඡන්දෙ ඉල්ලනවා....
හැබැයි අද රටේ #හාල් කිලෝ එකක මිළ දන්නෑ

ඔන්න දේශපාලනයට එන ඈයො... ඇහුවාම කියන්නේ මිනිස්සුන්ට සේවයක් කරන්න එන්නේ.... යකෝ හාල් කිළෝ එකක විකුණුම් මිළ දන්නැති එකෙක්ගෙන් කොහොමද අපිට සේවයක් ලැබෙන්නේ....

උන්ට ලක්ෂ කෝටි ගණනින් පඩි හම්බෙන හින්දා, යන්ඩ එන්ඩ සැප වාහන හම්බෙන හින්දා උන් ඡන්දෙ ඉල්ලනවා... ඡන්දෙන් දිනන්ඩ ඔනේ හින්දා මිනිස්සුන්ට සුරංගනා කතා කියලා අන්දනවා... ඒවා අහං ඉන්න ගොඩක් මිනිස්සුත් රැවටිලා ඡන්දෙ දෙනවා....

අනේ මන්දා මේවයේ කිවා කියලා මේ වෙන දේවල් වෙනස් වෙන්නෑ.. ඒත් මේ විදියට ඉස්සරහට ගියොත් මේ රටේ මිනිස්සු හැටියට මොනවයින් මොනවා වෙලා නතර වෙයිද දන්නෑ...


ප/ලි - මට හැඟුණ දෙයක් පමණි !!

Sep 22, 2012

නපුන්සකයෙක් වෙත ලියමි...

හින්ද රාජපක්ශ මාමා වෙත,


කොළඹ කෞතුකාගාරේට පැන්නේ ඔයාමද එහෙමත් නැත්තම් ඔයා කුළියට ගත්ත කවුරුහරිද මාමේ ? මොනවා උනත් මාමේ ඔයාගෙ අනු දැනුම ඇතුවනෙ ඕක සිද්ද උනේ නේද ? මාමේ ඔයා ඔයාගේ ගුද මාර්ගයෙන් කෑ ගහලා නෑ කීවත් මුළු රටම දන්නවා කෞතුකාගාරේ කැඩුවෙ ඔයාගේ මිනිස්සු කියන්ඩ.

ඒත් ඇත්තටම ඔය වගේ දෙකයි පනහෙ බලු වැඩ කරන්නෙ ඇයි මාමේ. මාමාට මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවද ඇත්තටම (මෝලයක් තියෙනවනම්). මාමම දන්නවනෙ මාමා අපේ රටේ ජනාධිපති කියන්ඩ. ඒ තනතුරට ඔයාට ලොකු පඩියකුත් හම්බුවෙනවනේ. එහෙමත් තියාගෙන ඔය වගෙ නපුන්සක පඩ වැඩ කරන්නෙ ඇයි ?



ඇත්තටම රාජපක්ශ මාමේ ඔයා වගේ ද්වී ලිංගික නපුන්සකයෙක් අපේ රටේ නායකයා කියලා කියන්ඩත් හෙන ලැජ්ජයි ඈ...... ඒ හින්දා ඔයාට හෙණ ගහලා මැරෙන්ඩ කලින් ඔයා සියදිවි නසාගන්ඩකො මාමෙ. ඒක අපේ රටටත් හොදයි ඔයාගේ මැරිච්ච අහින්සක දෙමව්පියන්ටත් කරන ලොකු උදව්වක්.......මොකද ඔයා වගේ ද්වී ලිංගික නපුන්සකයෙක් වැදුවට ඒ දෙමව්පියො දුක් වෙනවා. මෙහෙන් ඔහේට ඡන්දෙ දුන්න අහින්සක මිනිස්සු දුක් වෙනවා......

එහෙනං (නපුන්සක) මාමේ මම නවතින්නං....

ඔයාට හෙණ ගහනවා !!!

මීට පොල් සමන්....


ප.ලි - රට ගැන හිතන විට හිතේ ඇති වන දුක නිසා ලියන ලද්දකි....

Oct 23, 2011

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ


ශ්‍රී ලංකාව අවුරුදු 30 පුරාවට තිබුණු යුද්ධය නිදහස් කරලා අපේ රටේ අහින්සක මිනිස්සුන්ගේ ජීවිත ලොකු අවදානමකින් නිදහස් කරගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කර ගත්තා... ඒක තමා ලෝක බලවතා කියලා තමා විසින්ම කියා ගන්නා ඇමරිකාවට සහ ඇමරිකානු පාලකයන්ට තමන්ගේ පශ්චාත් ප්‍රදේශය බදු දීලා තියෙන එක්සත් ජාතින්ගේ මණ්ඩලෙයේ මහ ලේකම්ට අනුව මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් වෙන්නේ...

මුවම්මර් ගඩාෆි, සදාම් හුසේන් වගේ ලෝක නායකයින් මරා දමමින්, ඇෆ්ගනිස්තානය වගේ රටවල සිවිල් මිනිස්සුන්ට ගුවන් ප්‍රහාර එල්ල කරමින් අමු අමුවෙ මරා දාන එක මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් නෙමෙ.

ලෝකයෙ ඛණිජ තෙල් ආධිපත්‍ය අරගන්න ඇමරිකාවට තමන්ට ඔනෑ විදියට ඔනෑ දෙයක් කරන්න හැකියාව තියෙනවා. අපිට මිනිවරුවන්ගෙන් බේරෙන්න පොඩි දෙයක් කලත් ඒ ඈයොන්ට හරිම අමාරුයි....

මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ අපේ රටේ මිනිස්සු නෙමෙ පර සුද්දො, ඇමරිකන්කාරයෝ....මේවා මෙහෙම බ්ලොග් එකක ලිව්වා කියලා අපිට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒත් මෙහෙම මේ දේ ලිව්වෙ හිතේ අමාරුවට..

මෙව්වට තමා කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා.........

මේ කරන අපරාධ වලට මුන්ට ගහන්නේ වැහි නැති හෙණ...

ඒත් මෙව්වට අපිට කරන්න දෙයක් නෑ.... බලාගෙන ඉමු ඉස්සරහට මොකද වෙන්න කියලා....

Aug 25, 2011

අපේ රටේ දේශපාලනය නොහොත් ඒකාධිපති පවුල් වාදය.....

හප්පා.......සෑහෙන කාලෙකින් මොනවත්ම ලියන්න බැරිඋනානේ :/....... අද මම ලියන්න යන්නෙ ටිකක් විතර ට්‍රැක් එකෙන් පිට සබ්ජෙක්ට් එකක් ගැන. ඒ ගැන නොකියම බැරි නිසා ලියන්න ඔනේ කියලා හිතුණා......

අද මම ලියන්න යන්නෙ ටිකක් විතර...... නෑ නෑ ගොඩක් විතර අපේ රටේ දේශපාලණයට සම්බන්ධව.........

ඉස්සෙරලාම කියන්න ඔනේ දෙයක් තියෙනවා, මම කිසිම පක්ශයකය සහයෝගයට නෙමෙ මේවගෙ එකක් ලියන්නේ. මම මේක ලියන්නෙ රටට ආදරය කරන ස්වාධීනව මතයක ඉන්න දේශපාලන අසාධාරණයන්ට ලක්වුන සාමාන්‍ය මනුස්සයෙක් විදියට කියන එක.........

ඇත්තටම දැන් අපේ රටේ දේශපාලනයක් තියෙනවද ?

ඔය ප්‍රශ්ණේට හරිම උත්තෙරේ නෑ කියන එක. මොකද අද අපේ රටේ තියෙන්නෙ දේශපාලනයක් නෙමෙ, අඩු තරමේ ඒ වගේ එකක්වත් නෙමෙ. අද තනිකරම තියෙන්නේ පවුල්වාදයක්, ඒකාධිපතිවාදයක්.......... අනිවාර්යයෙන්ම එහෙම කිව්වම මළ පනින කොටසක් ඉන්නවා.....එක මම හොඳාකාරවම දන්නවා (කඩේට.... නෑ නෑ සුපර් මාකට් එකට යන අයට මල පනිවී) . ඒත් ඇත්ත එකයි...........

ඒත් කියන්න ඔනේ දෙයක් තියෙනවා..... ඇත්තටම වර්ථමාන ජනාධිපතිතුමා හොඳයි. එතුමා L.T.T.E ය විනාශ කරන්න මූලික වෙලා කටයුතු කළා....ඇත්තටම ඒක එතුමව අඳහන්න ඔනෙ කාර්යයක්....... එත් ඒක එකම එක තුරුම්පුව කරගෙන ඒ පුද්ගලයාගෙ ඇතිවුණ වෙනස් වීම, ඇතිකර ගත්ත දේශපාලන කුහකත්වය කොහොමටවත් පිලිගන්න පුළුවන් එකක් නෙමෙ........

මුලින් කිව්ව විදියට ජනාධිපතිතුමා නායකත්වයෙන් L.T.T.E ය විනාශ කරන්න මූලික වෙලා යුධ පිටියට බැහැලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා සටන් කලේ ත්‍රිවිධ හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුඳාපතිවරු........ විශේෂයෙන්ම යුධ හමුධාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා.......... ඇත්තටම එතුමා අනිත් දේශපාලකයින්ගෙ ලණුව ගිලලා දේශපාලනයට ඇවිත් තමන්ගේම හමුදාවට බොරු චෝදනා කරලා කලේ ලොකු වැරැද්දක් තමා ඒත්.....................
කේ.පීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට සාපේක්ශව සරත් ෆොන්සේකා මහත්තයා කලේ වැරැද්දක්ද ???????

එතුමා ඒ කල වැරැද්දට මේ දෙන අමානුශික දඩුවම් වලට සාපෙක්ශප කේ.පීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට දෙන්න ඔනේ මොන වගේ දඩුවම්ද ???

ඒත් අපේ ජනාධිපතිතුමා ඒ අයට සුර සැප දෙනවා... ඒ ඇයි ????

ඒ අය කලේ වැරැද්දක් නෙමේද ???

අරන්තාලාමේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, කුඩා ළමුන් අමු අමුවේ ඝාතනය කිරීම සරත් ෆොන්සේකා මහත්තයා කල වැරද්දට සාපේක්ශප ඉතා සුළු වැරදිද ?????

මේ තියෙන්නේ ඒ මිනිමරු කොටින්ට අපේ ආණ්ඩුවෙන් දෙන තෑගී....

මේවා හරිම සාධාරන දේවල් නේද ???????............

ඒ කොටින්ට හා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට සලකණ හැටි......

ලඟට පවුල්වාදය......

ජනාධිපති රාජපක්ෂ, කථානායක රාජපක්ෂ, ආරක්ශක ලේකම් රාජපක්ෂ, කැබිනට් ඇමතිවරු පවා සර් කියා ආමන්ත්‍රණය කරන මන්ත්‍රී රාජපක්ෂ...... මේ ඔක්කොම පවුල්වාදයේ මූලික අඩිතාලම නෙමේද ????

ජනාධිපති පුතා ජාතික සම්පතක්වන සිංහරාජය දෙකට කරන්න යන එක කරන්න ලැබුණේ කාගෙ හයියකටද ?

තමන්ගේ තාත්තා ජනාධිපති කියලා පුතාලාට තමන්ට ඔනේ විදියට රටේ සම්පත් විනාශ කරන්න හැකියාව ලැබුණේ කවදා ඉදලද ? මේවා පවුල්වාදය නෙමේද ??

ඒ බොහොම පොඩි දේවල් ටිකක්......

ලඟට රටේ සංවර්ධනය............

අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මාතලේ, මහනුවර, නුවරඑලිය....etc. කියන්නෙත් අපේ රටේම නගර දිස්ත්‍රික්ක, ඒවට ලැබුනේ මොනවගේ සංවර්ධන ව්‍යාපෘතිද ? ඒ එක්ක බලනකොට හම්බන්තොටට ලැබුණේ මොන වගේ සංවර්ධන ව්‍යාපෘතිද ? ....... 

සියල්ලම ලැබුණේ හම්බන්තොටට නෙමේද ?

හැම කෙනාව තමන්ගෙ ගමට මූලිකත්වය දෙන එක සාධාරණයි, නමුත් ගමට කරන ගමන් රටේ අනෙකුත් පලාත් වලටත් කරන එක නේද යුතුකම. මේ ශ්‍රී ලංකාවෙ දිස්ත්‍රික්ක 25ක් තියෙන වග වර්තමාන ආණ්ඩුවට අමතක වෙලා. ඒ අයට අනුව අපේ රටේ තියෙන්නෙ හම්බන්තොට කියලා එකම එක දිස්ත්‍රික්කයක් විතරයි........

ටිකක් හිතලා බලන්න මේ ඔක්කොම ඒකාධිපති/පවුල් වාදය නෙමේද ?..........

අපේ රටේ අනාගතය කොයිබටඳ ?

ඒකාධිපතිවාදයට විරෝධී අය ඉන්නවනම් මෙතන click කරන්න....

ප.ලි :- මෙය මාගෙ පෞද්ගලිකමතය බව කරුණාවෙන් සලකන්න.......