Mar 29, 2014

ආසියාවෙ ඈස්චර්ය !!

ශ්‍රී ලංකාව කියන අපේ මේ රට...
සංවර්ධනය වෙමින් පවතින තුන් වෙනි ලෝකෙ රටක්...
එංගලන්තෙ එක්ක සාපේක්ශව බැලුවොත්
අපේ රට එංගලන්තෙට වඩා අවුරුදු 100ක් පස්සෙන් ඉන්නෙ...
ඉතිං එහෙම රටකට..
නයිට් රේස් මොකටද බං ?
ණය වෙලා චන්ද්‍රිකා උඩ යවන්නෙ මොකටද බං ?
ආසියාවෙ උසම කුළුණ ගහගෙන මොකටද බං ?

අපි කවුරුත් මොන දේ කරන්නෙත් ජීවත් වෙන්ඩ...
අපේ රටේ අපිට අද නිදහ්සෙ ජීවත් වෙන්ඩ පුලුවන්ද ?
රටේ බහුතරයක් දෙනා දුප්පත් මිනිස්සු...
එදා වේල හොයාගෙන කාලා ජීවත් වෙන්නෙ...
පාං රාත්තල රු. 60යි..
තව කවර කතාද ?

ඒ උණාට මහ රජාගෙ පුතන්ඩියො....
කෝටි ගාණක් වියදං කරලා කාර් ගෙනල්ලා රේස් පදිනවා...
යකෝ මොන රටේද රටේ අගනුවර වහන්නෙ රේස් පදින්ඩ....
මේක එයාලට දැන් සින්නක්කර අයිතිය වෙලා....

මේවා කීවාම එක්කො අපි දේශද්‍රෝහියො....
නැත්තං JVP කාරයො...
අනේ මම නං JVP තමයි ඈ......

ලෝකෙ තියෙන පොඩි රටක් උණාට....
ලෝකෙ ලොකුම ඇමති මණ්ඩලේ...
භාගෙට භාගයක් මහරජාගේ නෑයෝ....
ඇමරිකාවෙ, රුසියාවෙ, එංගලන්තෙ තානාපතිවරු කවුද ?
මහරජාගෙ නෑයො.....

අනේ ඇත්තට මෙච්චර දේවල් කරන මුටමනෙ මේ හරක් ඡන්දෙ දෙන්නෙ...
තූ නෙදකිං ඈ !! 

3 comments:

  1. කාලකන්නි කමම, තමුන්ගේ සතුට බවට පත් කරගත්ත, මිනිස්සුන්ට ඕව එච්චර දේවල් නෙමේ.

    ReplyDelete
  2. දැන් මිනිස්සුන්ට ඕවා පුරුදුයි හොදට...

    ReplyDelete
  3. අඩෝ ලොක්කට මුකුත් කියනව නෙවෙයි හරි..

    උන් උන්ගේ පාඩුවේ ගරාගන්නවා.. අපි වගේම පිෂ්ෂු කෙලිනවා.. අපි වගේම ෆන් ගන්නවා... අපි වගේම කෙලවනවා...

    උන්ගෙයි අපෙයි වෙනස උන් පාලකයො අපි පාලිතයෝ.. එත් උනුත් මිනිස්සු...

    (හම්මේ... රාජ පස්සකට කඩේ යමින්)

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...