Aug 25, 2011

අපේ රටේ දේශපාලනය නොහොත් ඒකාධිපති පවුල් වාදය.....

හප්පා.......සෑහෙන කාලෙකින් මොනවත්ම ලියන්න බැරිඋනානේ :/....... අද මම ලියන්න යන්නෙ ටිකක් විතර ට්‍රැක් එකෙන් පිට සබ්ජෙක්ට් එකක් ගැන. ඒ ගැන නොකියම බැරි නිසා ලියන්න ඔනේ කියලා හිතුණා......

අද මම ලියන්න යන්නෙ ටිකක් විතර...... නෑ නෑ ගොඩක් විතර අපේ රටේ දේශපාලණයට සම්බන්ධව.........

ඉස්සෙරලාම කියන්න ඔනේ දෙයක් තියෙනවා, මම කිසිම පක්ශයකය සහයෝගයට නෙමෙ මේවගෙ එකක් ලියන්නේ. මම මේක ලියන්නෙ රටට ආදරය කරන ස්වාධීනව මතයක ඉන්න දේශපාලන අසාධාරණයන්ට ලක්වුන සාමාන්‍ය මනුස්සයෙක් විදියට කියන එක.........

ඇත්තටම දැන් අපේ රටේ දේශපාලනයක් තියෙනවද ?

ඔය ප්‍රශ්ණේට හරිම උත්තෙරේ නෑ කියන එක. මොකද අද අපේ රටේ තියෙන්නෙ දේශපාලනයක් නෙමෙ, අඩු තරමේ ඒ වගේ එකක්වත් නෙමෙ. අද තනිකරම තියෙන්නේ පවුල්වාදයක්, ඒකාධිපතිවාදයක්.......... අනිවාර්යයෙන්ම එහෙම කිව්වම මළ පනින කොටසක් ඉන්නවා.....එක මම හොඳාකාරවම දන්නවා (කඩේට.... නෑ නෑ සුපර් මාකට් එකට යන අයට මල පනිවී) . ඒත් ඇත්ත එකයි...........

ඒත් කියන්න ඔනේ දෙයක් තියෙනවා..... ඇත්තටම වර්ථමාන ජනාධිපතිතුමා හොඳයි. එතුමා L.T.T.E ය විනාශ කරන්න මූලික වෙලා කටයුතු කළා....ඇත්තටම ඒක එතුමව අඳහන්න ඔනෙ කාර්යයක්....... එත් ඒක එකම එක තුරුම්පුව කරගෙන ඒ පුද්ගලයාගෙ ඇතිවුණ වෙනස් වීම, ඇතිකර ගත්ත දේශපාලන කුහකත්වය කොහොමටවත් පිලිගන්න පුළුවන් එකක් නෙමෙ........

මුලින් කිව්ව විදියට ජනාධිපතිතුමා නායකත්වයෙන් L.T.T.E ය විනාශ කරන්න මූලික වෙලා යුධ පිටියට බැහැලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා සටන් කලේ ත්‍රිවිධ හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුඳාපතිවරු........ විශේෂයෙන්ම යුධ හමුධාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා.......... ඇත්තටම එතුමා අනිත් දේශපාලකයින්ගෙ ලණුව ගිලලා දේශපාලනයට ඇවිත් තමන්ගේම හමුදාවට බොරු චෝදනා කරලා කලේ ලොකු වැරැද්දක් තමා ඒත්.....................
කේ.පීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට සාපේක්ශව සරත් ෆොන්සේකා මහත්තයා කලේ වැරැද්දක්ද ???????

එතුමා ඒ කල වැරැද්දට මේ දෙන අමානුශික දඩුවම් වලට සාපෙක්ශප කේ.පීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට දෙන්න ඔනේ මොන වගේ දඩුවම්ද ???

ඒත් අපේ ජනාධිපතිතුමා ඒ අයට සුර සැප දෙනවා... ඒ ඇයි ????

ඒ අය කලේ වැරැද්දක් නෙමේද ???

අරන්තාලාමේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, කුඩා ළමුන් අමු අමුවේ ඝාතනය කිරීම සරත් ෆොන්සේකා මහත්තයා කල වැරද්දට සාපේක්ශප ඉතා සුළු වැරදිද ?????

මේ තියෙන්නේ ඒ මිනිමරු කොටින්ට අපේ ආණ්ඩුවෙන් දෙන තෑගී....

මේවා හරිම සාධාරන දේවල් නේද ???????............

ඒ කොටින්ට හා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට සලකණ හැටි......

ලඟට පවුල්වාදය......

ජනාධිපති රාජපක්ෂ, කථානායක රාජපක්ෂ, ආරක්ශක ලේකම් රාජපක්ෂ, කැබිනට් ඇමතිවරු පවා සර් කියා ආමන්ත්‍රණය කරන මන්ත්‍රී රාජපක්ෂ...... මේ ඔක්කොම පවුල්වාදයේ මූලික අඩිතාලම නෙමේද ????

ජනාධිපති පුතා ජාතික සම්පතක්වන සිංහරාජය දෙකට කරන්න යන එක කරන්න ලැබුණේ කාගෙ හයියකටද ?

තමන්ගේ තාත්තා ජනාධිපති කියලා පුතාලාට තමන්ට ඔනේ විදියට රටේ සම්පත් විනාශ කරන්න හැකියාව ලැබුණේ කවදා ඉදලද ? මේවා පවුල්වාදය නෙමේද ??

ඒ බොහොම පොඩි දේවල් ටිකක්......

ලඟට රටේ සංවර්ධනය............

අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මාතලේ, මහනුවර, නුවරඑලිය....etc. කියන්නෙත් අපේ රටේම නගර දිස්ත්‍රික්ක, ඒවට ලැබුනේ මොනවගේ සංවර්ධන ව්‍යාපෘතිද ? ඒ එක්ක බලනකොට හම්බන්තොටට ලැබුණේ මොන වගේ සංවර්ධන ව්‍යාපෘතිද ? ....... 

සියල්ලම ලැබුණේ හම්බන්තොටට නෙමේද ?

හැම කෙනාව තමන්ගෙ ගමට මූලිකත්වය දෙන එක සාධාරණයි, නමුත් ගමට කරන ගමන් රටේ අනෙකුත් පලාත් වලටත් කරන එක නේද යුතුකම. මේ ශ්‍රී ලංකාවෙ දිස්ත්‍රික්ක 25ක් තියෙන වග වර්තමාන ආණ්ඩුවට අමතක වෙලා. ඒ අයට අනුව අපේ රටේ තියෙන්නෙ හම්බන්තොට කියලා එකම එක දිස්ත්‍රික්කයක් විතරයි........

ටිකක් හිතලා බලන්න මේ ඔක්කොම ඒකාධිපති/පවුල් වාදය නෙමේද ?..........

අපේ රටේ අනාගතය කොයිබටඳ ?

ඒකාධිපතිවාදයට විරෝධී අය ඉන්නවනම් මෙතන click කරන්න....

ප.ලි :- මෙය මාගෙ පෞද්ගලිකමතය බව කරුණාවෙන් සලකන්න.......



10 comments:

  1. ගොඩක් අයට මේව පේනව මමත් දකිනව..ඒත් අඩු තරමෙ පිකට් එකක් කරන්න මිනිස්සු 100ක් හොයාගන්න පුලුවන්ද පාට පක්ෂ නැති උන්...නෑ නෙ...

    ReplyDelete
  2. මේකනෙ කොටින්ම සරලවම කියනව නම් අද හැමෝම සල්ලි වලට යටවෙලා.... සල්ලි දෙනව නම් කරන්නැති රෙද්දක් නෑ

    ReplyDelete
  3. පොල් the සමන් - මම කැමතියි ඒ ග්රූප් එකේ 1455 වෙනි සාමාජිකයා වෙන්න... උඹට තව අමතක වෙලා තියෙනවා නේ කෑලි ටිකක්... ඇයි බං, කතරගම බස්නායක නිළමේ, දෙවිනුවර බස්නායක නිළමේ වගේ ඒවත් පව්ලේම තමයි... සතර මහා දේවාල නෙමෙයි, රාජපක්ෂ දේවාල... තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්...
    මේ වගේ මාතෘකාවක් කතා කරන්න තෝරා ගත්ත එක ගැන මගේ ගෞරවය...

    දේව්දාස්...

    ReplyDelete
  4. @ඉන්දී, කම්මැලියා, දේව්දාස් - අදහස් වලට ගොඩාක් ස්තූතියි...

    ReplyDelete
  5. හොද පෝස්ට් එකක් පොලා..
    මේකයි බං.අපි දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා කතා කරාට අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ.කෙටියෙන්ම කියනවා නම් උන් හැදුනා අපිට කෙලවුනා බං.

    ReplyDelete
  6. මචන් බඩී.... සතෙන් සතේ එකතු වෙලා තමයි රුපියල හැදෙන්නේ......බුදු හාමුදුරුවොත් එකපාර බුදු උනේ නෑනේ....අපි බලමු මොකද වෙන්නෙ කියලා....කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවලුනේ....එයාලා දැන් කන්ද මුදුනට නැග්ගා...බහින්නත් වෙයි කවද හරී...

    ReplyDelete
  7. පල්ලම බහීද? වැටෙයිද?
    එතකොට අපි පරක්කු වැඩි වෙයිද?

    සමීර ආර්.

    ReplyDelete
  8. පොස්ට් එක දැන් දැක්කෙ.
    මම නං දකින විදියට මේක සමාජ ප්‍රශ්නයක්. දේශපාලකයන් කියන්නෙත් අපේ සමාජයේම කොටසක්. මට රටේ ජනාධිපතිකම ලැබුනොත් මම මේ තත්වය වෙනස් කරයිද? උඹට ලැබුනොත් උඹ උඹේ පවුලෙ එවුන්ට වැඩියෙන් නොසලකයිද? පවුල් වාදය කියන දේ ලෝකෙ පුරාම තියනවා. ඒත් මෙතන වැරැද්ද බලය නීති විරෝධී ආකාරයට භාවිතා කිරීම. බලන්න ෆොන්සේකා ඇතුලෙ ඉන්නෙත් තමන්ගෙ බෑනාත් එක්ක ගහපු ඩීල් එකක් ගැන චෝදනාවකටනෙ(හරි හෝ වැරදි). මේවා නැත්තටම නැතිවෙන්නෙ නම් නෑ. හොද තත්වයකට අඩුවේන්නෙ ඒ ඇතිවෙන සමාජ පරිණාමයත් එක්ක.හම්බන්තොටට යම් සංවර්ධනයක් ලැබුනා. ඒවගේම තමයි එකඑක කාල වලදී අනෙක් දිසිත්‍රික්ක වලට ලැබුනු දේවල් බලන්න.
    01 ෆවුසි මහත්තයා ප්‍රවාහන ඇමති කාලෙ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගිය අති බහුතරය මුස්ලිම් අය.
    02 මෛත්‍රීපාල මහත්තයාගෙ කට්ටිය මහවැලියට දැම්මා ඇමති කාලෙ.(ඒ කාලෙ හම්බන්තොටත් හිටියෙ පොලොන්නරුවෙ අය)
    03 ඉස්පිරිතාල වලට පහුගියකාලෙ ආපු අය ගොඩක් බදුල්ලෙ අය(නිමල් සිරිපාල මහත්තයගෙ සැලකකීම)
    ඔයවගේ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. වෙනසක් නෑ. හෙට එන ජනාධිපත් කවුරු වුනත් ඒත් ඕකම වේවි.

    ReplyDelete
  9. දැන් ලංකාවේ දේශපාලනය කියන්නේ පාටි එකකට ගියාම කෑම කන්න එන්න කියලා කියනකම් කියවන හරි එහෙමත් නැත්නම් බෝතලේ හිස්වෙනකම් කියවන හරි දෙයක් විතරයි. කෑම කන්න නැගිට්ටාට පස්සේ ඔක්කෝම ඉවරයි

    ReplyDelete
  10. උබ එල, ඇතියාන්තන් උබට මීටර් උනා! මැසේජ් එකක් දාපන් බුකියෙන්, පොඩි කතාවක් කියන්නත් තියනවා අහගන්නත් තියනවා.

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...