Jul 23, 2013

කේ එස් අපේ ට්‍රිප් එක......

ත්තටම බ්ලොග් එක පාළුවට ගිහින් තිබුණේ මම මොකුත් නොලීව නිසා.. ලියන්ඩ දේවල් ඔලුවට ආවත් කම්මැලිකම නිසාද මන්දා මොකවත් ලීවෙ නෑ.... ඒත් අපි ගිය සතිඅන්තෙ අල්ලලා දවස් හතරක් ගියපු ට්‍රිප් එක ගැනනම් නොලියාම බෑ කියලා හිතුණ නිසා කම්මැලිකම බල්ලට දාලා ලියන්න කියලා හිතුවා...

කථාව මුළ ඉදන්ම කියන්නම්....



ගමන පටන් ගත්තෙ කොත්තු නිහාල් අපේ දිහා ආපු වෙලාවෙ. මම නිකමට ඉන්න ගමන් කොත්තුවට කීවා "මචං අපි සෙට් එක ට්‍රිප් එකක් යමුද ? ඇසළ එක අල්ලලා දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා". ඒ කතාවට අපි දෙන්නම සෙට් උණ නිසා අනික් උන්ගෙනුත් අදහස් අහලා බැලුවා.... හැම එකාම ගමනට එක පයින්. පොඩි පොඩි හේතු නිසා සමහර අය ආවෙ නෑ..

අපේ ගමනට ඔක්කොම 14ක් හිටියා (කොල්ලො විතරයි ඈ :D ) අපේ සෙට් එක උනේ.. මරදානෙ කාන්ති , වැලි ශෙල්ටන් , කාන්තාරෙ සිවලා , බැරැක් ඔබාමා , හිට් මෑන් , චූටි මල්ලි , සැනා , එමියා , ඩිලා සහා චූටියගෙ මල්ලි සහ උගෙ යාලුවෙක් (බන්දු).. අපේ චොප්පෙ අපි එක්ක සෙට් උනෙ අපි බණ්ඩාරවෙලට ගියාට පස්සෙ.....

අපි ගමන පටන් ගත්තේ සිකුරාදා රෑ. සිකුරාදා රෑ 8 කොටුවෙන් තිබ්බ තැපන් දුම්රියෙ තමා අපි ගියෙ. කොළඹින් අටට ආව කෝච්චියට මම සැනා සහ එමියා සෙට් උණේ පොල්ගහවෙලින්. ඒ වෙනකොට වෙලාව රෑ 9.45ට විතර ඇති. බැරැක්කයා, චූටියා සහ උගෙ මලයලා ටික සෙට් උනේ පේරාදෙණියෙන් ඒ වෙනකොට වෙලාව 11ට කිට්ටු ඇති හරියටම සුවර් නෑ :D....

කෝච්චියෙ කට කපලා සෙනඟ, අපේ අය එකෙකුටවත් ඉදගන්ඩ ලැබුන්නෑ. කට්ටියම දොර ලඟ සෙට් වෙලා ආතල් එකෙ සින්දුවක් කිය කිය ගියා.. සෙනඟ හිටියා කියලා පිට ගාණක් තිබ්බෙ නෑ.... කොහොම කොහොම හරි කෝච්චිය නාවලපිටියට ආවට පස්සෙ මුළු කෝච්චියම අපේ වගෙ උණා, මොකද නාවලපිටියෙ ඉදන් බදුල්ලට කෝච්චියෙ ඩ්‍රයිවර් උණේ අපේ ඩිලාගෙ මාමා. එයා අපිට පාඩුවෙ ඔනෙ දෙයක් කරගෙන යන්ඩ ගාඩ් රූම් එක සෙට් කරලා දුන්නා... ඒක ලොවෙත් මාරම ෆන් එකක් හරියට කාමරයක් ගත්තා වගෙ, නැරඹුම් මැදිරිය බුක් කරා වගෙ ආතල් එකෙ ආවා.... ආයි එයා කතා කරලා කීවා හපුතලෙන් එන්ජින් එකෙ යනව නං එන්ඩ කියලා.... අපේ කාන්තියයි ශෙල්ටයි ඇරෙන්ඩ අපි සෙට් එකම එන්ජින් එකෙ ගියා.... ඒකත් මාරම අත්දැකීමක්.....

කොහොම හරි අපි බණ්ඩාරවෙලට එනකොට උදෙ 7ට කිට්ටු වෙලා... බණ්ඩාරවෙලින් බැහැපු අපි කෙලින්ම ගියෙ ඩිලාලගෙ ලොකු අම්මලාගෙ ගෙදර. ඒ ගෙදර අය බොහොම ආදරෙන් අපිව පිළිගත්තා.. එහෙන් උදේට නාලා කාලා පොඩ්ඩක් වෙලා ඉදලා අපි නුවර එළියෙ පැත්තෙ පොඩි රවුමක් දාලා ආවා... ටිකක් හවස් වෙලා ඔයකට ගියා නාගන්ඩ.. එතන පට්ට ප්ලේස් එක.... අයිස් වගෙ වතුර ටික... :D .... එහෙම නාගෙන කරගෙන ඇවිත් ඒ පැත්තෙ පිට්ටනියකට ගියා ක්‍රිකට් අතක් ගහන්ඩ.... ගමෙ කොල්ලෙ සෙට් එකක් එක්ක මැච් දෙකක් ගහලා පොඩි ආතල් එකක් අරං රෑ වෙන්ඩ කලින් ගෙදර ආවා.... ඇවිත් බයිට් හදන වැඩෙ පටං ගත්තා කාන්තියයි ශෙල්ටයි දෙන්නා..... ඩිලයි බැරායි දෙන්නා ගිනි මැලයක් ගහන්ඩ දර ගොඩ ගැහුවා..... ඒ වෙනකොට අපේ චොප්පෙ බස් එකෙ එනගමන් බණ්ඩාරවෙලට කිට්ටු කරලා.... පොර එන කං අපි ඉන්න ටිකෙ ආතල් එකටත් එක්ක සීතලේ පොඩි වාද බයිලා පාරක් දැම්මා.... වචන වලින් අම්භානක ගහගත්තා :D..

හත හමාර විතර වෙනකොට චොප්පෙත් ආවා... දැන් සියලු දෙනාම සම්පූර්නයි. ගිනි මැලේ ගහලා අපි පොඩි ඩ්‍රින්ක් එකක් දාන්ඩ පටන් ගත්තා... පොඩි කීවට පොඩි නෑ ඈ.... පාන්දර 3 විතර වෙනකං ඒ වැඩෙ ගියා....


ඔය අතරෙ කණ සාක්කුවෙ අය නිදි, සෙට් එකක් සින්දු කියනවා එලියෙ.... උන් ටික කඩා පාත් වෙලා අර නිදං උන්න එක එකාව එලියට ඇදැං ඇවිත් අර කට්ට සීතල වතුරෙන් නෑව්වා.... නාපු උන් අතරට බැරා, හිවලා, ශෙල්ටා චූටියගෙ මලයා, බන්දුවා.. ඔයට ටික අයිත්.... :D

පස්සෙ නාපු උනුත් නිදාගන්නෙ නැතුව ආයි සින්දු කියන්ඩ ගත්තා... කොහොම හරි පාන්දර තුන්ට විතර රෑට කාල නිදාගත්තා කට්ටියම, සමහරු නං කොට ඉරුවලු හැබැයි මට නං ඕවා මොකුත් ඇහුන්නෑ කන පැළෙන්ඩ නින්ද ගියා.....


පහුවදා උදෙ අපි ඩිලාලගෙ ලොකු අම්මලාගෙ ගෙදර අයට සමු දීලා බදුලු එන්ඩ පිටත් උණා... බදුල්ලට ආවෙ බස් එකෙ.... බස් එකත් නිකං අපේ වගෙ තමා :D. පස්සෙ බදුල්ලට එනකොට ඩිලාගෙ මස්සිනා ඇවිත් හිටියා අපිව එයාලගෙ ගෙදර එක්කං යන්ඩ.... එදා ඒ ගෙදර උඩ තට්ටුවම අපේ... අපි එහෙට ගිහින් තේ එකක් එහෙම බීලා දුන්හිද ගියා... ගිහින් ඇවිත් තවත් ඔයකට ගියා නාන්ඩ... ඒකත් සුපිරිම පොට් එකක්.... එතනත් මාරම ෆන් එකක් ගත්තෙ... ඒ වෙලාවෙ බයිට් එක උනෙ හිවලා... සෙට් එක එකතු වෙලා උගෙ ජංගිය ඔයේ පා කරා.. ඌ හෙලුවෙන් නිකං ඌ නෙමෙ වගෙ ගොඩට ඇවිත් කලිසමෙන් ඉස්සරහ විතරක් වහෙගෙන අපි එක්ක කතාව.... පිටි පස්සෙ මිනිස්සු ඉන්නවා කියලා දන්නෑ ඌ එක පුලියෙ දාං ඉන්නවා :D ...

එදාත් හවස් වෙනකං ඔය ලඟ පිස්සු කෙලල රෑ වෙන්ඩ ඇරලා නවතින ගෙදරට ආවා... ගේ ඇතුලෙ කාටියක් කැරම් ගහනවා කට්ටියක් ඕමි ගහනවා... එකම ආතල් එකක්..... ගමන පටන් ගත්ත වෙනෙ ඉදන් සෙට එක හැම වෙලේම හිටියෙ හඳේ :P ....


එදා රෑත් ලාවට සෙට් වෙලා රෑ 1ට 2ට විතර නිදාගත්තා.... පහුවදා උදේ අට හමාරට බදුල්ලෙන් කෝච්චිය ඒක නිසා පන්දර ආයි නැගිටලා ලෑස්ති වෙලා ගෙදර අයට කතා කරලා අපි ස්ටේශන් එකට ආවා...

බදුල්ලෙන් ඒ තරම් සෙනඟක් හිටියෙ නෑ. ඒ නිසා අපි පාඩුවෙ ඉදගෙන ආතල් එකෙ සින්දු, වාද බයිලා කිය කිය ආවා. වෙලාව යනවා දැනුන්නෑ.... දවල්ට කන්ඩ පාං ගත්තා. එනගමන් ඒවා කාලා.... පාවි පාවි ආවා....


නුවර සෙට් එක නුවරින් බැස්සා, ඒ වෙනකොට වෙලාව පහ හමාරට විතර ඇති.. ඊට මායි සැනයි එමියයි අපේ කොළඹ සෙට් එකට සමු දීලා පොල්ගහවෙලින් බැස්සා හය හමාරට විතර. ඒ වෙලාවෙනම් හිතට මාරම අවුල්... දවස් තුන හමාරක් හතරක් තිස්සෙ ගත්ත ෆන් එක මතක් වෙනවා :'(

ඒත් ඉතින් දුක හිතෙ තියාන ගෙදර ආවා.. මම ගෙදර එනකොට රෑ 7ට විතර ඇති...

මං මගෙ ජීවිතේ ගිය ට්‍රිප් වලින් ෆන් එක උපරීමෙටම ගත්තෙ මේ ට්‍රිප් එකෙ... ඒ ගත්ත ෆන් එක වචන වලින් කියන්ඩ මට තේරෙන්නෑ.... අපේ ගමන ගැන මම මේ ටික ලීවෙ මට පුලුවන් විදියට...


ආයිත් කියන්නෙ ෆන් එක උපරිමෙන්ම ගත්තු ට්‍රිප් එකක් කියලයි :D


17 comments:

  1. පට්ට බන් ආයේ දවසක යමු. :D මට එන්න බැරි උනානේ

    ReplyDelete
  2. පට්ට පට්ට
    රූප රාමුත් දැම්මන්ම් තමා තවත් හොද??

    ReplyDelete
  3. රූප රාමු මා ලඟ නෑ.... ඒවා ගත්ත අය ඒවා බුකියට දායි ඈ :D

    ReplyDelete
  4. අනිවා ඈ........ලොවෙත් පට්ටම ට්‍රිප....... කෙල්ලෝ නෑනේ බං...... ඒකයි ෆන් එක උපරිම..... :D

    ReplyDelete
  5. චික් බං. මට එන්න බැරිවුනානේ :\

    ReplyDelete
  6. පට්ටයි ඇ මරු ඇ

    ReplyDelete
  7. ගෑණුත් එක්ක අහවල් ට්‍රිප්ද බං. ෆන් එක ගන්නනම් කොල්ලො සෙට් එකක් යන්ඩ ඔනෙ... සිම්බ කිබින්ඩ නං කෙල්ලො එක්ක යන්ඩ ඔනෙ :D

    ReplyDelete
  8. පොලා.... ගොඩක් දුකයි මචං. සුපිරිම ආතල් ගත්තා.. මං දන්නේ නෑ බං මට මෙච්චර සහෝදරයෝ ඉන්නවා කියල..

    ReplyDelete
  9. එල මචං ඈ ඊලග පාර අනිව මාත් බහිනව(තිතක්)

    ReplyDelete
  10. පට්ට මචං.. එක්සලන්ට්. මම කෝල් කරද්දී මට ඇඟට ගොඩ උනා මිසක් මට මේ ආතල් කිව්වේ නෑ නේ. ;)
    අපලාදේ.. ! පට්ට. පට්ට...
    අපි සුට්ටි උන් නිසාද අපිට සුට්ටක් කිව්වේ නැත්තේ එක ගමේ ඉඳලත්. ටොක්කක් අයිනෝ එකටනම්.. :(

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඒ බෙනා... උබලා මේ වගෙ ආතල් ගත්තෙ නැතෙයි :P

    ReplyDelete
  13. හෙන ෆන් එකක් අරං ඈ .. ඉරිසියයි යකොව් !! :/

    ReplyDelete
  14. හෙන ෆන් එකක් නෙමෙ හෙන පතරංග ෆන් එකක් ගත්තෙ.... :D

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...