Jan 27, 2014

ලෝකල් | Local



#ලෝකල් කියපුවාම අපේ හිතට  එන්නේ තත්වයෙන් බාල මොකක් හෝ නිශ්පාදනයක්. ඒත් ඇත්තටම ඒක එහෙමද ?

ලෝකල් කියන වචනේ අපිට බාල දෙයක් කියන අදහස මතක් කරාට ඇත්තටම ලෝකල් ( local ) කියන ඉංග්‍රීසි වචනේ තේරුම " දේශීය " කියන එක. ඒත් අපිට ලෝකල් කියන වචනේ තේරුම බාල බඩුවක් බවට හැරිලා තියෙන්නෙ පිටරට දේවල් ලොකු කරගෙන ඉන්න නිසා කියන එකයි මගේ හැඟීම.

අපේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා ඔනෙම ප්‍රමාණයෙන් විශාල දෙයක් දැක්කොත් ඒකට " රට " කියන විශේෂන පදය එකතු කරන එක.
උදාහරණයක් කිව්වොත්. ප්‍රමාණයෙන් විශාල අඹ " රට අඹ ". ප්‍රමාණයෙන් විශාල දෙල්  " රට දෙල් ". ඇත්තටම ඒ දේවල් රට ඒවද ? නෑනේ. ඒ හැම දෙයක්ම අපේ රටේ හැදෙන දේවල්. ඒත් ප්‍රමාණයෙන් විශාල නිසා ඒවා " රට " බඩු... 

ඔන්න ඔය හේතුවම තමා ලෝකල් කියන වචනෙත් " බාල " කියන වචනෙට සමාන වෙලා තියෙන්නේ.
අපේ රටේ ඇල්පෙනෙත්ත පවා පිටරටින් ගෙන්නනකොට ඉතිං ලෝකල් කියන එක බාලයි කියලා කිවට ඇති වරදකුත් නෑ.

ඒත් ඇත්ත නම් ඔය ගොඩක් " Made in China " කියලා ගහලා එන එක එක බඩු වලට වඩා අපේ රටේ නිශ්පාදන වල තත්වය උසස්. ඒත් අපේ රටේ දේවල් වලින් ආණ්ඩුවට බදු ගහගන්න පුලුවන් ප්‍රමාණය අඩු නිසා තත්වයෙන් බාල උනත් චීනා හදලා එවන හැම දෙයක්ම අපේ රටේ වෙළදපොලට එවනවා අපේ රටේ නිශ්පාදන යට ගහලා...

බදු වලින් ජීවත් වෙන ආණ්ඩුවක් තියෙන රටක එහෙම වෙන එක අරුමයක් නෙමෙ. ඒත් බදු ගැන නොසලකා හැරලා දේශීය දේට අතහිත දිලා දේශිය නිෂ්පාදන වලට අපේ රටේ හොද වෙලදපොලක් අරං දුන්නොතින් ආණ්ඩුවට උණත් බදු වලින් දුවන්න ඔනෙ වෙන්නෙ නෑ....

අපේ රටේ දේවල් වලට අපේ රටේ හොඳ වෙළදපොලක් හැදුනොත් අපේ දේවල් අපිට පිට රටවල් වලට අපනයනය කරලා හොද ලාභයක් ලබා ගන්න පුලුවන්. හැබැයි ඉතිං ඒකට ටික කාලයක් යාවි.

ඉවසීමෙන් වැඩ කටයුතු කලොත් ඒ තත්වයට ලඟා වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. අපේ රටේ දේවල් වලට තැනක් නැති වෙලා පිටරටින් එන හැම #බිබික්කමකටම හොද තැනක් ඇති වෙන්න හේතුවත් අපේ මිනිස්සුමයි.

මුලින් කීවා වගේ අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුව හැඩගැහිලා තියෙන්නේ අපේ රටේ දේ ගන්න එපා පිට රටින් ගෙන්නන දේ ගන්න ඒවා තමා තත්වයෙන් උසස්, අපේ රටේ දේවල් බාලයි කියන විදියට.

රටේ ආණ්ඩුවෙ වැරදි වලින් උණ මේ දේවල් නිසා රටේ මනුස්සයගෙ ඔලුවට අදහස ආවෙ පිට රටවලට ගැති විදියට. ඒ දෙයින් විනාශ උනත් අපේ රටමයි. මේ දේවල් පාලකයො දන්නවා ඇති. ඒත් දැන දැනත් නොදන්නවා වාගේ ඉන්නවා ඇත්තේ අපේ රටේ දේවල් වලට අතහිත දීලා ගොඩගනන්වට වඩා පිට රටවල් වලට කඹුරපුවාම තමන්ගේ සාක්කුවට වැටෙන ගාණ ලොකු නිසා වෙන්න ඇති...

ඇත්තටම මේක අපේ රටේ කරුමේ.. හැම දෙයක්ම සල්ලි වලට යට වෙලා ඉවරයි.... 

මේකට මුලින්ම " ආසියාවේ ආශ්ච්ර්‍යෙ " කියපු එකා මොකෙක් උණත් අමුම අමු මී හරකෙක්....

" ලෝකෙ තියෙන කාළකන්නිම රට ශ්‍රී ලංකාව... "

 දුකෙන් උනත් ඒ දේ කියන්න වෙනවා !!!

Jan 26, 2014

සල්ලි සහ හොරු !!!




සල්ලි..... 


ඔය දේ මත තමා අද අපි හැමෝගෙම ජීවිත ගොඩනැගිලා තියෙන්නේ. උදේ ඉදන් රෑ වෙනකන් මිනිස්සු මහන්සි වෙන්නේ #සල්ලි හොයන්න.

සල්ලි නැත්තම් අද ඇත්තටම මනුස්සයා කියන සත්ත්ව කොට්ඨාශය මේ ලෝකෙන් වඳ වෙලා ගිය ජාතියක් බවට පත්වෙලා හමාරයි.

අපි මගතොටෙ හම්බෙන ඔනෙම කෙනෙකුගෙන් ඇහුවොත් ඒ පුද්ගලයා ඒ මොහොතෙත් කුමක් කෝ කාර්‍යයක නියැලිලා ඉන්නේ. බොහො දුරට ඒ දේ ඒ කෙනාගේ #රැකියාව වෙන්න පුලුවන්.
බහුතරයක් එහෙමයි.

ඒ අතර සුළුතරයක් ඉන්නවා කිසිම වැඩක් පලක් නොකර ඔහේ ඉන්න අය. ගොඩක් වෙලාවට ඒ අය තමා #හොරු #චන්ඩි #මැරයෝ වගේ අය වෙන්නේ. අනුන්ට කරදරයක් වෙලා ජීවත් වෙන්නේ.

තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරගෙන කන බොන කෙනාගේ දේවල් චන්ඩිකමින් හෝ හොරකමින් කඩා වඩා ගන්නේ.... 

ඒ දේවල් අපිට වෙනස් කරන්න බෑ. හැම කෙනෙක්ම සාධාරණ විදියට හිතන්න සහ සාධාරණ විදියට ජීවත් වෙන්න පටන් ගත්ත දාට සමාජයේ ඉන්න හොරු, චන්ඩි වගේ උදවිය නැති වෙලා යාවි....

නිකං හිතුණ දෙයක් ලීවෙ.
" යන්නේ කොහෙද මල්ලේ පොල් " වගේ දෙයක් උණානම් සමාවෙන්ඩ ඔනේ !!!

Jan 24, 2014

අන් අයගේ අදස් වලට ගරු කරමින් තමා තමන් වන්න... !!!


මිනිස්සු හැටියට අපි ඔනෙ කෙනෙකුට තමගේ හිතට එන #අදහස් #ප්‍රකාශ කිරිමේ අයිතියක් තියෙනවා.
ලෝකේ ප්‍රසිද්ධි යැයි කියා ගන්නා සමහර පුද්ගලයින්ගේ අදහස් ප්‍රකාශණ නිසා ලෝකෙයේ වෙනස්කම් පවා සිද්ධ වෙලා තියෙනවා...

එක උදාහරණයක් දෙන්නම්...

" Be who you are and say what you feel, because those who 


mind don't matter, and those who matter don't mind. ” 

Bernard M. Baruch -


අපි ලෝකෙයේ ප්‍රසිද්ධ මිනිසුන් නෙමේ. ඒත් අපිත් මිනිසුන් නිසා අපටත් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය 100%ක් තියෙනවා. හොඳ හෝ නරක දෙවර්ගයෙන්ම අපිට ඒ අයිතිය තිබුණත් යහපත් ආකාරයකට ඒ නිදහස භුක්ති විදින එකයි ශිෂඨ සම්පන්න මනුසයෙකුගේ වගකීම වන්නේ....


ඒ වාගේම තමා අපි දක්වන අදහස් වලට අනික් මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර. 


ප්‍රතිචාර වල බලපෑම වැඩි වෙනවා අපි විසින් කරන ලද ප්‍රකාශණයක් එක්ක. ඒක ප්‍රභලතාවය වැඩි වෙන්න වැඩි වෙන්න හම්බෙණ ප්‍රතිචාර ප්‍රමාණය වැඩි වෙනවා. බහුතරයක් ප්‍රතිචාර #විවේචන හැටියට තමා හම්බ වෙන්නේ. නමුත් ඒ විදියට ප්‍රතිචාර හෝ විවේචන හෝ විදියට ලැබෙන ප්‍රති උත්තර තමාගේ අදහස භාහිර පුද්ගලයින්ට කොයි ආකාරයකට බලපාලා තියෙනවද කියන එකට හොද සාධකයක් වෙනවා....

වැඩකට නැති දෙයක් කීවොත් කවුරුත් ඒ ගැන ආයි කතා කරන්න පෙළබෙන්නෑ නැහෙනේ. කවුරුත් තමන්ගේ අදහසට ප්‍රතිචාර හෝ විවේචන දක්වන්නේ තමන් දැක්කුව අදහසෙන් ගත යුත්තක් හෝ කුමක් හෝ වැදගත් යමක් තියෙන නිසා වෙන්න ඔනේ...

උදාහරණයක් දක්වන්නම්...

අඹ ගසක අඹ ගෙඩි නැත්තම් හෝ තියෙන්නෙ අඹ ගැට විතරක් නම් කවුරුත් ඒකට ගල් ගහන්නේ නෑ. අඹ ගෙඩි හොදට පැහිලා හෝ ඉදිලා නම් ඒ ගහට ගල් හෝ පොලු ගහන්නේ ඒ ගෙඩියක් කඩා ගන්න. එහෙම ප්ලු ගහන්නේ ඒ පොලු ගැසීමෙන් තමන්ට අඹගෙඩියක් ලැබෙන නිසා. වෙන විදියකට කීවොත් ඒ කෙනා අඹ ගහට පොලු ගහන්නේ තමන්ට දෙයක් ලබා ගැනීමට තියෙන නිසා...

ඒක නිසා අපි මොන ආකාරයටක දෙයක් කීවත් ප්‍රති අදහස්, යෝජනා, විවේචන වගේම, චෝදනාත් බලාපොරොත්තු වෙන්න ඔනේ....

ඒ වගේම ඒ යෝජනා චෝදනා කරන අයට ස්තූතිවන්ත වෙන්න ඔනේ තමාගේ අදහස් බහුතරයක් දෙනා අතර ප්‍රචලිත කරන්න දක්වන ලද උදව්වට....

අවසාන වශයෙන් කියන්නේ. තාමා තමන්ට ආවෙණික වෙන්න ඔනේ. කවුරුත් කීවට කෙරුවට වෙනස් වෙන්න එපා. තමා තමන්වෙලා තමන්ට කියන්න තියෙන දේ කෙළින් කියන්න ඔනේ.... මේ ලෝකෙ අපි කියලා දෙයක් නෑ... තියෙන්නෙ #මම කියන න්‍යාය විතරයි...
හැබැයි කෙනෙක් ජීවිතයට වැදගත් දෙයක් කීවොත් ඒක තමාගේ ජීවිතයට එක් කරගන්න කවදාවත් පැකිළෙන්නත් එපා... !!!

මම දකින ආකාරයට ඉපදෙන්නෙ තනියම, මැරෙන්නෙත් තනියම...

අදහස් ප්‍රකාශකයාට ජය වේවා !!!

ප/ලි - මෙයද මාගේ හිතේ ඇති වූ අදහසක් පමණක් බව කරුණාවෙන් සළකන්න !!!

Jan 21, 2014

කළා දේශපාලනයද ? දේශපාලන කළාවද ?

දැන් අපේ රටේ සින්දුවක් කියලා, ටෙලි නාට්‍යක දෙකක රඟපාලා මිනිස්සු අතර ජනප්‍රිය වෙන ගොඩ දෙනෙකුගේ ප්‍රධාන පරමාර්ථය දේශපාලනයට එන එක. 

බහුතරයක් දෙනා පළාත් සභාවෙන් වැඩ පටන් ගන්නව... සමහරක් අයට පිනා චාන්ස් විදියට #ජාතික_ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න වාසනාව හම්බෙනවා...

අනර්කලී, මාලනී, ගීතා, පබා මුලින්ම වැඩ ඇල්ලුවා. දැන් නදීෂා ( කොල්ලොන්ට නම් පට්ට බඩුවක් ), එයත් වැඩ අල්ලන්න යන්නේ... මෙතනින් පබා ගම්පහින් මහමැතිවරණයට ඉල්ලලා දේශපාලන පළපුරුද්ද සහ දැනුම අතින් පරිණත ඛරු ජයසූරිය මහත්තයත් පරද්දවලා එක උණා... අනේ මන්දා ඒ නෝනට මිනිස්සු ඡන්දේ දුන්නෙ මොන පදනමකින් ද කියන එක.

අනික් නලු නිලියොත් ගොඩක් ඡන්ද දින්න. දැන් අපිට දැනගන්න තියෙන්නේ නදිෂා අක්කට මොනවා වෙයිද කියන එක.. දිනයිද නැද්ද ? බොහො දුරට දිනයි. ගීතා කුමාරිසිංහ වගේ චරිත වලට ඡන්දෙ දුන්න මිනිස්සු ඉන්න කොට නදීශලා දිනන්නේ ඉහලින්ම....

මම අද නිවුස් එකක දැක්කා රුවන්ති මංගලා කියන නමින් ඉන්න නිළියකුයි දෙකයි පනහේ සින්දු කියන #පට්ට_බඩුවකුයිත් ඡන්දෙ ඉල්ලනවා කියලා කොළබ දිස්ත්‍රික්කෙන් පළාත් සභාවට.. ඇත්තට ඒ අය ඡන්දෙ ඉල්ලන්නේ දේශපාලනය ගැන පොඩි හෝ දැනුමක් තියාගෙනද කියන ප්‍රශ්ණේ තියෙනවා ? පිළිතුරක් හම්බෙයිද නැද්ද දන්නෑ....

ඒ වගේම තව නිවුස් එකක් දැක්කා ජීවන් කුමාරතුංග මහත්මයාගේ දුවත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක්...
එයත් මෙදා පාර ඡන්දෙ ඉල්ලනවා....
හැබැයි අද රටේ #හාල් කිලෝ එකක මිළ දන්නෑ

ඔන්න දේශපාලනයට එන ඈයො... ඇහුවාම කියන්නේ මිනිස්සුන්ට සේවයක් කරන්න එන්නේ.... යකෝ හාල් කිළෝ එකක විකුණුම් මිළ දන්නැති එකෙක්ගෙන් කොහොමද අපිට සේවයක් ලැබෙන්නේ....

උන්ට ලක්ෂ කෝටි ගණනින් පඩි හම්බෙන හින්දා, යන්ඩ එන්ඩ සැප වාහන හම්බෙන හින්දා උන් ඡන්දෙ ඉල්ලනවා... ඡන්දෙන් දිනන්ඩ ඔනේ හින්දා මිනිස්සුන්ට සුරංගනා කතා කියලා අන්දනවා... ඒවා අහං ඉන්න ගොඩක් මිනිස්සුත් රැවටිලා ඡන්දෙ දෙනවා....

අනේ මන්දා මේවයේ කිවා කියලා මේ වෙන දේවල් වෙනස් වෙන්නෑ.. ඒත් මේ විදියට ඉස්සරහට ගියොත් මේ රටේ මිනිස්සු හැටියට මොනවයින් මොනවා වෙලා නතර වෙයිද දන්නෑ...


ප/ලි - මට හැඟුණ දෙයක් පමණි !!

Jan 20, 2014

කාලානුරූපිව මිනිස් මනසේ හැඩගැසීම මම දකින ආකාරයට.....


අද අපි ජීවත් වෙන්නෙ 21 වෙනි ශතවර්ශයේලු... ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒක එහෙම්මමද කියන ප්‍රශ්ණෙ මගේ හිතේ තියෙනවා....

අපි කාලයෙන් ඉදිරියට යනකොට හැම දෙයකින්ම දියුණු වෙනවා.. #තාක්ෂණික අතින් #මානසික අතින් ඔය විවිධාකාර පැතිවලින්... ඒත් ඒ දියුණුව මනුස්ස වර්ගයාගේ යහ පැවැත්මට කොයි තරම් දුරකට බලපා තියෙනවද ? 

බලපෑමක් ඇති කරලා තියෙනවා නම් බහුතරයක්ම ඒ බලපෑමක් අයිති වන්නේ අසුභ වාදි පැත්තට කියන එකයි මාගේ හැඟීම ( පුද්ගාලානුරීපිව චින්තනයක් වෙනස් වේ )...

අද ලෝකය එකම විශ්ව ගම්මානයක්... ලෝකෙ කොහේ කොතනක හිටියත් අපිට අපේ හිත මිතුරන් සමඟ එක තත්පරයකින් සම්බන්ධ වෙන්න පුලුවන්.. ඒ අතින් ඒ තාක්ෂණික දියුණුව ඇත්තටම සුභ දායකයි. අපි ලෝකේ කොහෙ හිටියත් අපි කවුරුත් තනි වෙලා නෑ...

ඒත්... 

ඒ තාක්ෂණයම මිනිසාගේ විනාශයටත් පාර කපලා හමාරයි... අද ඉස්කෝලෙ 6,7 පන්තිවල ඉන්න පොඩි කොල්ලා පවා අසභ්‍ය චිත්‍රපටි නරඹනවා (අපි බලන්නෑ කියන එක නෙමෙ කියන්නේ ).... අපි ඉස්කෝලේ ඒ වසරවල් වල ඉන්නකොට ඒ මොනවද කියන හැඟීමවත් අපේ හිත් වල තිබ්බාය කියලා මම හිතන්නෑ....

ඒ පොඩි ළමයගේ මනසට ඒ දේ ඇතුලු උණේ අද සමාජයේ ඇති වෙලා තියෙන දියුණුවත් එක්ක... ඒ විදියට බලපුවාම වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ළමයාගේ මනස මොන ආකාරයකට හැඩ ගැහේවිද ?


බොහෝ දුරට ඒ මනස හැඩ ගැහීමක් නොව විකෘති වීමක් වෙන්නට බැරිද ?

අද ප්‍රවෘත්තියක් ඇහුවත්, පත්තරයක් බැලුවත් බහුලව දකින්න අහන්න ලැබෙන්නේ ස්ත්‍රී දුශණ. ඒ අතරින් වැඩිහරියක් දූෂණයට ලක් වෙලා තියෙන්නෙ බාල වයස්කාර ගෑණු ළමයින් හරි අවුරුදු 60ක් 70ක් වයසේ ඉන්න වයසක කාන්තාවන්...

මේ දේවල් සිද්ධ වෙන්නෙ මනුස්සයාගේ මනසේ ඇති වෙලා තියෙන විකෘති තාවයන් නිසා නෙමේද ? ඒ විදියට විකෘතිතාවයන් මනසේ ඇති වන්නට තාක්ෂණය පොදු කුලකයක් උනේ නැද්ද ?

මේ දේවල් ගැන තර්ක කරලා ඇති වැඩක් නෑ. බ්ලොග් එකක පෝස්ට් එකක් දැම්මා කියලා මනුස්සයො හිතන පතන විදිහවත් සමාජය හැමදෙයකටම හැඩ ගැහිලා තියෙන විදියවත් වෙනස් කරන්න බෑ...

ඒත් රටේ ලෝකේ දියුණුවත් එක්ක මනුස්සයා කියන කෙනාගේ මනස මේ ආකාරයෙන් විකෘති වෙන එක මට වගේම මේක කියවන ඔබ තමුන්නාන්සේලාටත් සෘජුව හෝ වක්‍රාකාරව බලපෑමක් ඇති කරන්නට පුලුවන්.. ඒ බලපෑම සමහර වෙලාවක ඔබට නොදැනීම සිදු වන්නට පුලුවන්....

සමහරවිට මම මේ කියන දේ අපේ රටේ සංස්කෘතිය හා සබැදෙන්නට පුලුවන්. අපි සංස්කෘතිය සමාජ සාරධර්ම අතින් අනික් රටවලට වඩා තැන්පත් නිසා මාමේ කියනා කාරනා ලෝකේ අනික් රටවල් හා සන්සන්දනය කලොත් බොරුවක් පුස්සක් වෙන්න පුලුවන්...

ඒත් අපි වෙන රටවල් දිහා නොව අපි ජීවත් වන අපේ රට අපේ රටේ මිනිස්සුන්ගෙ කෝණයෙන් බලලයි කතා කරන්න ඔනේ... ඒකයි මම මේ ලිපිය ලීවෙ !!

තවද, මම මේ ලිපියෙ සටහන් කලේ මගේ මනසට හැඟුණ දේ.... 

මේක කියවන ඔබත් මා කිව දේ ගැන හිතලා බලන්න.... මා කිව දේවල් වල වැරැද්දක් ඇත්නම් සමාවන්න !!

ඔබට ජය !!!

Jan 19, 2014

කියවා කෑ ගැසීමට නොව නුවණින් විමසීමට !!!


ගරුත්වයකින් යුතුව ලියමි !!

පෙර ලිපියට ලැබුණ ප්‍රතිචාර එක්ක ගොඩ දෙනෙක් මම කිව දේ ප්‍රශ්ණයක් කරගත්තා...
පහලින් තියෙන්නෙ ඒ වගේ මාගේ ලිපිය පිලිබද අසන ලද ප්‍රශ්ණ සමූහයක්...


1. කංසා නොහොත් ගංජා නීති ගත කල ලෝකයේ එකම රටක් හෝ ඇත්නම් ඒ ගැන සාක්සි සහිතව පෙන්වා දෙන්න. 

2.කංසා බීමෙන් මත් වීමකට හෝ සිහිය විකල් වීමක් නොවේ නම් ඒවා පාවිච්චි කරන්නේ ඇයි? 



3. මත් වෙනවානම් රිය අනතුරැ සහ අනිකුත් සියලුම අවස්ථාවලදී නීතියට හසු නොවන්නේ කංසා පානයෙන් පසු එහි ඟද සුවද හා වෙනත් හැසිරීම් හදුනාගැනීමට තාක්සනික උපකරන ලංකාවේ පොලීසිය සතුව නොමැති නිසා නොවේද? 



4. කංසා බීමෙන් ලිංගික බෙලහීනතාවයට පත් නොවේ යයි පවසනවාද?



5.කංසා ගැන ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? 



6.අනාගතයේ දිනයක තමාගේම දරැවෙක් කංසා බීමට ඇබ්බැහි වී ඇතොත් එය පිළිගැනීමටත් ඔහුට තව දුරටත් කංසා බීමට උදව් කරනවාද නැත්නම් මොනයම් ක්‍රමයකින් හෝ ඔහුව ඉන් ගලවාගන්නවාද? 



ප්‍රශ්ණ යොමු කරන ලද්දේ Sri Maddumage Makshitha


එයට කොත්තු නිහාල් විසින් ලබා දුන් පිළිතුරු...


#ශ්‍රි_අයියා පොලාගේ කන්සා ගැන තිබුන පෝස්ට් එකක් නිසා එයත් පෝස්ට් එකක් දාලා තිබුනා. මේ ඒ පෝස්ට් එකට පිළිතුරු. මා මෙය කමෙන්ට් කරන්නට උත්සහ කලද කමෙන්ට් කල නොහැක මා හිතන්නේ වචන ගණන වැඩි නිසා විය යුතුයි ෆෝන් එකෙන් ලොග් වී සිටීම නිසා එයට කල හැකි දෙයක්ද නොමැත ඒ නිසා මෙය ස්ටෙටස් එකක් විදිහට දානවා.


ගංජා ගැන සාමාන්‍ය හෝ දැනුමක් තිබ්බා නම් මේ වගේ පෝස්ට් එකක් නොදා ඉදිවි යැයි විශ්වාස කරනවා. ඒ හින්දා බැලුවොත් ඇත්තටම මෙතන තර්ක කරන්න දෙයකුත් නෑ.

1. උරුගුවෙ රටේ ගංජා නිති ගත කරලා ඉවරයි. ඒ වගේම ඇමරිකාවෙ නිව් යෝර්ක් වල ගංජා නීති ගත කලා කියලා අහලා තිබ්බත් එහි සත්‍ය අසත්‍ය තාවයක් නොදනීමි. නෙදර්ලන්තේ පැත්තක් තියෙනවා ඒක නම් ලෝක ප්‍රසිද්ධ තැනක්, මොකද මෑතක් වෙනකන් මේ ලෝකේ ප්‍රසිද්ධියෙ ගංජා ගහන්ඩ පුලුවන් තැන විදිහට තිබුනෙ එතන විතරයි.

2. කවුද කියන්නෙ ගංජා වලට මත් වෙන්නෙ නෑ කියල. පොලා කොතනදිවත් එහෙම කියලා නෑ. ගංජා වලට මත් වෙනවා. ඒත් ඒක වෙනමම මත් වීමක්. සරලව කියනවා බ්යර් එකක් බීලා මිනීමරපු මිනිස්සුත් ඉතිහාසේ ඉන්නවා. ඒත් ගංජා වලින් එහෙම නෑ. නමුත් වෙනත් මද්යසාර සමඟ ගංජා මිශ්‍ර කරලා භාවිතා කිරිමෙන් ඉහත තත්වෙ ඇති වෙන්නට පුලුවන්. එහෙම වෙන්නෙත් ගංජා වලට මිශ්‍ර කල මද්යසාරයෙ ඇති බලපෑම නිසා. 

3. ලංකාවෙ පොලීසියෙ විතරක් නෙමෙයි. ලෝකේ කොහේ හෝ පොලීසියක ගංජා ගහලා කියලා හොයන්න පුලුවන් තාක්ෂණික උපකරණ තියෙනවා කියලා නම් කවදාවත් අහලා නෑ. 

4. නෑ කංසා බීමෙන් ලිංගික බෙලහීනතාවයක් ඇති වෙන්නෙ නෑ. නමුත් 99%ක් දෙනා කංසා සමඟ සිගරට් බීම නිසා ලිංගික බෙලහීනතාවයකට පත් වෙනවා. මම හිතනවා මේ පෝස්ට් එක දාපු කෙනත් සිගරට් බොනවා ඇති කියලා.

ගංජා භාවිතා කල යුත්තේ " ඩොක්ටර් ෂොට් " කියන තියරියට. මෙතන ඉන්න අයට ගංජා ගැනවත් දැනුමක් නැති නිසා මම "ඩොක්ටර් ෂොට්" ගැන පැහැදිලි නොකර ඉන්නම්.

5. පොලා කංසා ගැන ප්‍රචාරය කරලා නෑ. තමන්ගේ මතය ඉදිරිපත් කළා විතරයි. ඒ මත ඉදිරිපත් කිරිමේ හේතුව වෙන්නත් ඇත්තේ ඔබ වැනි අයගේ මතය වෙනස් කිරිමට වෙන්න පුලුවන්.

6. ඩොක්ටර් ෂොට් අකාරයට මගේ දරුවෙක් ගංජා පානය කරනවාට මාගේ කිසිම අකමැත්තක් නැත. දරුවන් නෙමෙයි මගේ බිරිඳ එය කලත් මගේ අකමැත්තක් නැත. රූපවාහිනී වැඩසටහනකදි ලන්කාවේ ප්‍රසිද්ධ ගීත රචකයකු (නම සඳහන් නොකර ඉන්නන්) කියනවා තමන්ගේ තාත්තා කංසා පානය කළ බව. ඒ වගේම ඒ පුද්ගලයා කියනවා තාත්තා කන්සා පානය කලාට කවදාවත් ගෙදර අඩ දබර ඇති කරගත්තෙ නැති වග. ඒ වගේම කංසා භාවිතය අතීත ශ්‍රී ලංකාවෙ සාමාන්‍ය දෙයක්. ඒ කාලේ කංසා භාවිතය ලංකාවෙ නිතියට අනුකූලද කියලා මම දන්නෙ නෑ. ඒත් හිතන්න පුලුවන් ඒ කාලේ ඒ ආකාරයේ තහනමක් නොතිබ්බා කියලා. 

කියවා නුවනින් විමසා බලන මෙන් ඉල්ලමි. මින් ඉදිරියට කිසිවක් නොකියමි.

* ඔබ තුමා සඳහන් කරන කන්සා යනු සිගරට් මිශ්‍ර කල කන්සාවත්. ස්කන්ග්, ඈෂ්, චීස් (ගන්ජා මලට කෙමිකල් වගයක් යොදා සාදන්නක්), චරස්, වැනි දේවල් නොවන බවද කරුණාවෙන් සලකන්න.

* ගන්ජා වලින් ශරීරයට බලපැමක් නැත්තේ නැ. නමුත් එය මත් පැන්, සිගරට් සහ අනිත් මත්ද්‍රවය හා සැසඳිමෙදි ඉතාම කුඩා ප්‍රමාණයක් පමනි.

* මාගේ පෞද්ගලික මතයනන් කන්සා පාවිච්චියට පුරුදු වන්න එපා මොකද පිරිසිඬු කන්සා ඔබට සොයා ගැනීමට නොහැක. එහි සැර ගතිය වැඩි කිරීමට දමන කෙමිකල් හෙතුවෙන් ඔබගේ ශරිරයට එය අහිතකරයි. එමෙන්ම අද සමාජය ගන්ජා සමඟ සිගරට් පාවිච්චි කරන නිසා ඒ ආකාරයට කොහෙත්ම ගන්ජා පාවිච්චි නොකරන්න.

* ලොකුම දේ කන්සා ගැන නොදැන ඒ ගැන මත පල නොකරන්න. කන්සා රටෙ නිත්යානුකූල වුනොත් දැනට පවතින මිල ගණන් වලටත් වඩා අඩුවට එය ලබාගත හැකියි එවිට කිසිවකු වැඩි මුදලක් දි මත්පැන් පානය නොකරනු ඇත එමගින් රජයට සිදුවන පාඩුව ගැනිය නොහැක. ඒ වගේම මේ රටේ මිනිස්සු කිසිම දෙයක් පාලනයකින් යුතුව කරන්නට දන්නේ නැත. ඕක නිත්යානුකූල කලොත් ගන්ජා ගහලා පාරෙ වැටිලා ඉන්න මිනිස්සුත් අපිට දැකගන්න ලැබෙයි. ගන්ජා වලට සාපේක්ෂව මත් පැන් මිලෙන් අධිකයි එහෙම වෙලත් මේ රටේ මිනිස්සු හැමතැනිම පාරේ බීලා වැටිලා ඉන්නවා එතකොට මුන් පාලනයකින් තොරව ගන්ජා පාවිච්චි කරාමත් වෙන්නෙ ඕකම තමා.

අසා ඇති ප්‍රශ්ණ වලට නියමාකාර විසදුමක් ලැබී ඇතැයි විවාස කරමි....

පහතින් දක්වා ඇත්තේ මාගේ අදහසකි !!

" මත්ද්‍රව්‍ය කෝකත් එකයි.. අරක්කු කංසා සිගරට් කියලා විශේෂත්වයක් නෑ.. කොකෙත් අතුරු ආබාද 

තියෙනවා.... ලිංගිකබෙලහීනතාවට වගේ දේවල් කංසා වලට විතරක් නෙමෙ සිගරට් වලටත් එනවා. ඒක සාපේක්ශව සිගරට් වල වැඩියි...


මෙතන තව විවාදයක් තියෙන්නෙ අවශ්‍ය නෑ කියලයි මම හිතන්නෙ....කිසිම මත්ද්‍ර‍ය භාවිතා නොකරන 

කෙනෙක් දෙයක් කිවොත් පිලිතුරක් දීමට හෝ වරද භාර ගැනීමට කැමතියි.... 


කංසා නිති ගත කිරිම ගැන කීවොත් කාටවත් හිරි හැරයක් නැති විදියට කෙරෙනවා නම් මම කැමතියි... සිගරට් කියන දේ අපේ රටේ නිති ගතයි. 


කවුරුත් කාවත් ඒකට පොලබවන්නෑ. ස්වකැමැත්තෙන් තමයි කරන අය ඒක කරන්නෙ... කංසත් 

එහෙම්මම වෙයි කියලයි මම හිතන්නේ...


කංසා නිති විරෝදිකාලෙත් හැම කෙනාම එක භාවිතා කරන්නෙ නෑනේ "





මම දැන් ගංජා භාවිතා කරන්නෙ නෑ..... 


ඒත් මම 100% අමාද්‍යප නොවන කෙනෙක් කුමන හෝ මත්ද්‍යයක් ගැන විරෝධතාවයක් පලකරනවා නම් ඒ කෙනා කියන ඒවා ගනං ගන්නෑ....

අනුන්ගෙ වැරදි හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඔනේ.... එහෙම 100% අමාද්‍යප කෙනෙක් දෙයක් කිවොත් හරි හෝ වැරදි මම ඒ දේ පිලිගන්නවා අවංකවම...

සියලු මත්ද්‍රව‍යන් ශරීරයට අහිතකරයි ලොකුවට හෝ පොඩිවට.... මම කිවෙ මගෙ අදහස පමණි. කවුරු සමඟවත් මාගේ අමනාපයක් නොමැත. සියලු දෙනාටම තමාගේ අදහස් මතවාද ප්‍රකාශ කිරිමට අයිතියක් ඇත !!!!

ප/ලි - මෙයද කිසි කෙනෙකු මේ සම්බන්දව පොළබවා ගැනීමක් අරඹයා ලියන ලද්දක් නොවණ බව කරුණාවෙන් සළකන්ඩ.... ප්ලීස් ඈ... වලිගෙ පාගගන්ඩ එපා :(තරහා අවසර !!! 

Jan 18, 2014

කංසා.... දැන ගැනීමට මිස පෙළබවීමක් නොවේ !!!



#කංසා... නැතහොත් #ගංජා #මරිජුවානා #වීඩ්(weed)..etc.. අද සමාජයේ වයස් භේදයකින් තොරව භාවිතා වන දෙයක්. අපේ රට ඇතුලෙ නම් මේ දේට නිතිවිරෝධී ලේබල් එක වැදිලා තියෙන්නෙ. ඒකට හේතුව ශ්‍රී ලංකාව බදු මත යැපෙන රටක් වීම. ලංකාවට දුම්වැටි මගින් විශාල ලෙස බදු ලැබීම කංසා රට තුල තහනම් වීමට ප්‍රධානතම හීතුවෙ වෙලා ඉවරයි....


ඒත් මේ දේ කොච්චර තහනම් උණත් කංසා අපේ රට පුරා හැම තැනම පැතිරිලා ඉවරයි.. දිනපතා එය රට තුල බෙදෙනවා.. සමහර වෙලාවල් වලට නීතියෙන් එය නතර කළත් ඒක හැමදාම හැම තැනම වෙන දෙයක් කියලා මුලු රටම දන්නවා...

කංසා උරණ පුද්ගලයින් අද සමාජයේ #ගංජාකාරයින් ලෙස හංවඩු ගැහෙනව. ඒ අපේ සමාජය එදා ඉදන් හැඩ ගැහුණ ආකාරය. එසෙ නම් පට බැදිම එක් අතකට අරුමයකුත් නෙමෙ. කංසා උරණ කෙනා ගංජාකාරයා වගේම කාරයෝ තව කොයි තරම් #කාරයෝ ලංකාවෙ ඉන්නවද ?
" තැපැල් කාරයා, පොලිස් කාරයා, මාලු කාරයා, පත්තර කාරයා :D " ඒ විදියට බලපුවාම ඒක නොසලකා හැරිය හැකි දෙයක්.

මම මුලින්ම කිව්ව විදියට කංසා කියන්නෙ අපේ රට තුල නිති විරෝධි දෙයක්. කංසා භාවිතය, ලඟ තබා ගැනීම, වැවීම. ඔය කියන කොයි ආකාරයකින් මේ දේට සම්බන්ධ උණත් ඒ පුද්ගලයා අපේ රටේ නිතිය ඉදිරියෙ වරදකාරයෙක්...

සමහර විට මේක කියවන කෙනෙක් හිතාවි මම මේ ලිපිය මේ විදියට ලියන්නේ අනික් අයව ගංජා වලට නැඹුරු කරගන්න කියලා. ඇත්තටම මගේ අදහස ඒක නෙමෙ. මමත් මේ දේවල් පාවිච්චි කරලා නතර කල කෙනෙක්. මම මේ ලිපිය ලියන්නේ මේ සම්බන්ධව මම දකින ආකාරය විතරයි.

ඇරත් අද ගංජ ගැන ප්‍රසිද්ධියෙ කතා කරන අයට මඩ ගහන බහුතරයක් කෙනා කවදාවත් ගංජා ගහපු නැති අයත් නෙමෙයි. ඒකයි ලොකුම විහිලුව :D...

අපේ රටේ ගංජා නිති විරෝධි දෙයක් උනාට මත්පැන් කියන්නෙ නිතියෙන් තහනම් නොවු දෙයක්. වයස අවුරුදු 21න් ඉහල ශ්‍රී ලංකාවෙ ඔනෑම පුද්ගලයෙකුට මත්පැන් දුම්වැටි පාවිච්චියට නීතියෙන් අවසර තියෙනවා. එහෙම ඒ දේවල් වලට අවසර තියෙන්නෙත් අර මුලින් කීව #බදු නිසා. මත්පැන් වලින් විශාල බදු මුදලක් රජයට අය වෙනවා. 



මත්පැන් වලිනුත් රජයට බද්ධක් අය නොවුණානම් මත්පැන්ද ගංජා වගේ අපේ රට තුල තහනම් නිතිවිරෝධී දෙයක් වෙනවා.... :P

රටේ නිතියෙන් තහනම් මත්පැන් පානය කරලා. පදම වැඩිවෙලා අපේ රටේ කී දෙනක් මැරෙනවද ? 
#රිය අනතුරු කියන එක ඉන් ප්‍රධානයි. තව ගෙවල් වල අඩදබර.... තාත්තා බීලා ඇවිත් තමන්ගෙ ගෑණීටයි දරුවන්ටයි ගහනවා... ඒ නිතිගත දේ පාවිච්චි කරලා... ඒ උණාට කමක් නෑ මොකද ඒ දේ රටේ නිතියෙන් සම්මතයි.... ( රජයට බදු හම්බෙනව නම් අම්මව මරණ එකත් සම්මත කරනවා )

ඒත් නිති විරෝධී ලේබලේ යටතේ තියෙන ගංජා උගුරක් ඇදලා ඉන්න මනුස්සයා අතින් කවදාවක් රිය අනතුරක් වෙලා කෙනෙකුගේ ජීවිතය නැති වෙලා තියෙනවද ? ඒ කෙනා මූලීක වෙලා රණ්ඩු ගහමරා ගැනීම් ඇති වෙලා තියෙනවද ?

මම කියනවට නෙමෙ පොඩ්ඩක් ඉතිහාසෙ පත්තර ප්‍රවෘත්ති ගැන හොයලා බලන්න. මම දන්න තරමින් එහෙම දේවල් වෙලා නෑ....

අනික් දේ තමා ගංජා වැවීම..



ලංකාවෙ වැඩිපුරම ගංජා වවන්නේ #තණමල්විල  #ඇඹිලිපිටිය #මොණරාගල ප්‍රදේශවල. ඒ වවන ගංජා හේනක් පොලිස් අතඩංගුවට පත් උනොත් ප්‍රසිද්ධ කරන්නෙ අක්කර මෙච්චර ප්‍රමාණයක ගංජා හේනක් වැටලුව. එය සම්පුර්ණයෙන්ම ගිනි තමා විනාශ කරා කියලා.... 

කොහොමද අපිව අන්දන ඇන්දිල්ල. නාමිකව සම්පූරණ ගංජා හේනෙන් 5%ක් විතර ගිනි තියෙනවා ( පත්තරේට පොටො එක දාන්නයි, ටීවි එකෙ ප්‍රවෘත්ති වලට පෙන්නන්නයි ) අනික් ටිකට මොකද වෙන්නෙ....පොලිස් කාරයා මේකෙ අගේ දන්නවා.... උන් සම්පූරණයෙන් විනාශ නොකර අනික් ටික අතයටින් පන්නනවා....

එහෙම නැතුව ඔය විනාශ කරන විදියට අද අපේ රටේ ගංජා කියන දේ තියෙන්නෙ බෑ.... අපි උනත් සල්ලි දිලා ගන්නේ හොර රහසේ ඒ පන්නන බඩුම තමා.... රටේ නිතියෙන් තහනම් උණත් ඒ නිති විරෝධී දෙයින් හම්බ කරගන්නෙත් නිතිය කරන අයමයි :P... ඔන්න ඕකයි අද අපේ රටේ තත්වෙ....

සාමාන්‍ය ගංජා හේනක් අවම වශයෙන් මිලියන ගාණක් වටිනවා... ලංකාවෙ තහනම් උණාට කමක් නෑ. තව මේ තහනම ඉවත් කරපු සංවර්ධිත රටවල් කොච්චර මේ ලොකෙ තියෙනවද ? ඒ රටවල් වලට අපේ රටින් අල්ලපු ගංජා ටික අපනයනය කලා නම් විදේශ විනිමය කියක් ගන්න තිබුනද ?

මම මේ කීව දේවල් නිසා මට මඩ වදිවි. කමක් නෑ මම කිවෙ මට හිතෙන දේ මිසක්. කාවවත් මේ දෙවල් වලට පොළබවා ගන්න නෙමෙ.... !!

ස්තූතියි !!

ප/ලි - ප්‍රසිද්ධියෙ ගංජා වලට බනින අයගෙන් බහුතරයක් එක දවසක් හෝ ගංජා උගුරුක් උරපු අය බව කරුනාවෙන් සලකන්න..... දන්නා නමුත් නොදන්නා සේ සිටින්න .... :3....


Dec 17, 2013

කාලෙකින් බ්ලොග් එකෙ මොකුත් ලියන්න බැරි උණා.... 
මෙහෙම මේක පාලුවට යන්න දීලා හරි යන්නෙ නෑ කියලා හිතුණා....
මහ දුකකුත් දැනුනා හිතට,
ඉස්සර මගෙ බ්ලොග් එක අප්ඩේට් උණ විදියට සාපේක්ෂව දැන් මේක අප්ඩේට් නොවන නිසා...
එකට හේතුවත් මමම තමා....
ඉස්සර වගේ මොනවාම හරි මේකෙ කුරුටු ගානවා.....
ජය වේවා.....

හම්බෙමු !!!

Oct 1, 2013

වැලිකන්දේ පුස්තකාලයට "මනුස්සකමෙන්" සහයෝගයක්




වැලිකන්දේ පුස්තකාලයට "මනුස්සකමෙන්" සහයෝගයක් කියලා වැඩසටහනක් තියෙනවා... ෆේස්බුක් එකෙ ඉන්න අපි එකතු වෙලා ඒ වැඩසටහන සාර්ථක කරගන්න පොත් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා.... 
ඒකට කැමති අයට පොත්පත් ලබා දෙන්න පුලුවන්....
පොත් ලබාදීමට අදහස් කරන අය... 


ගාල්ලේ නම් සිංහ ලේ දියසේන ද
කුරුණෑගල නම් Kirihamilage Pol Saman ද
ගම්පහ නම් Mee Haraka හෝ එම් ආර් දුමියා ද
නුවර නම් චූටි මල්ලී ද
කොලබ හෝ ඒ අවට නම් හිට් මෑන් හෝ හා පැටියා හෝ ස්කූබි ඩූ.
කළුතර අලුත්ගම නම් පොඩි සොනික්
බදුල්ලෙන් Sherlock Homs හෝ charith dilshan 
සම්බන්ද කරගන්නා මෙන් ඉතාකරුනිකව ඉල්ලා සිටිමු.

තවද,
*මෙම පොත් ලබාදීමට නිශ්චිත දිනයක් නොමැති අතර පුස්තකාලයකට සුදුසු ඕනෙම පොතක් ලබාදිය හැකි
*අප අදහස් කරන්නේ නොවැම්බර් 1 වෙනි දින තෙක් පොත් රැස් කිරීමටයි
*නොවැම්බර් 1 වෙනි දින වැලිකන්දේ නොයන අතර පොත් ටික රැගෙන යන්නේ, වැලිකන්ද ප්‍රාදේශීය සබාවෙන් දැනුම් දෙන දිනයටයි.
*එමනිසා වැලිකන්දේ යන දිනය පසුව දැනුම් දෙන අතර ඒ සදහා කැමති ඕනෑම අයෙකුට සහබාගි විය හැකිය.
*නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථම පොත් රැස් කරන්නේ ඒවා කාණ්ඩ වලට වෙන් කිරීමට කවර දැමීමට අවශ්‍ය නිසාය.
*එමනිසා නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථමව ඔබට හැකි ඕනෑම තැනකට පොත් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
*මෙම සතිය තුලදී බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි අපගේ එකතු කරන්නන් යෙදවීමට අප අපේක්ෂා කරමු.

කැමති අය තමා ඉන්න ප්‍රදේශය අනුව ඉහත සදහන් අයට පොත් ලබා දෙන්න....
ඉවෙන්ට් එකත් සමඟ සම්බන්ධවන්න....





Aug 12, 2013

Stand against Racism | වර්ගවාදයට එරෙහිව නැගී සිටින්න.... මෙය ජාතිවාදි හා වර්ගවාදි පෝස්ටුවකි !!!




මං දැන් ඔය පින්තුරෙ දාගෙන ඉන්න මහත්වරුන්ගෙන් අහන්ඩ කැමතියි ඔබතුමාලා වර්ගවාදය කියලා අදහස් කරන්නෙ මොකක්ද කියලා. 


සිංහල මනුස්සයා තමන්ට තියෙන එකම රට සහ තමන්ගෙ ආගම රැකගන්න කරන උත්සාහයන් වර්ගවාදය කියලා කියනවනං එහෙම කියන එකා උපන් ගෙයි මෝඩයෙක්.... අනික් දේ තමා ඔහොම වර්ගවාදයට එරෙහිව නැගී සිටින්ට කියලා කෑගහන බයියෝ ඔක්කොම ලංකාවෙ සිංහල තාත්තෙකුට දාව සිංහල අම්මෙකුට ඉපදුණ, උපතින්ම බුදු දහම තමන්ගෙ ආගම කරගෙන උන්.

සිංහලයා ඇරෙන්ඩ කවදාවත් තමන්ගෙ ජාතිය ගැන කතා කරන කෙනෙකුට වල කපන්නෑ වෙන ජාතියක කෙනෙක්...

හොදම උදාහරණය පහුගිය දවසක සිද්ධ උණ ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය.. ගොඩක්ම මේ විදියට වර්ගවාදයට එරෙහිවෙන්ඩ කියලා කට්ටිය කෑගහන්ඩත් හේතුව ඒකනෙ...

බලාගෙන හිටපල්ලා උබලා මේ විදියට වර්ගවාදෙට ජාතිවාදෙට එරෙහි වෙලා තම්බින්ට මේ රට ගියාට පස්සෙ උන් උබලට සලකයි දොහොත් මුදුන් දීලා.....

මේ වගෙ අවජාතක අසමජ්ජාති ගැන ඇත්තටම ලැජ්ජයි තමන් ඉපදුන ජාතියටම කරන කෙනෙහිලිකම් වලට.... වදාපු දෙමව්පියන්ගෙ නම්බුව තියලා... තමන්ගෙ ජාතියට ආගමට වැඩදායි මනුස්සයෙක් වෙන්ඩ බලාපල්ලා මොළයක් කියලා කදුලක්වත් තියෙනං....

බුදු සරණයයි !

ප/ලි - මට මේකට ඔනේ තරම් බැනපල්ලා... මම වර්ගවාදියෙන් වගේම මම ජාතිවාදියෙක්....මොකද මම මගේ සිංහල ජාතිය මගෙ බුදු දහමට වගේම සිංහලට කියලා තියෙන එකම බිම් අඟල වන ලංකාවට මං ආදරේ නිසා !!!


Jul 23, 2013

කේ එස් අපේ ට්‍රිප් එක......

ත්තටම බ්ලොග් එක පාළුවට ගිහින් තිබුණේ මම මොකුත් නොලීව නිසා.. ලියන්ඩ දේවල් ඔලුවට ආවත් කම්මැලිකම නිසාද මන්දා මොකවත් ලීවෙ නෑ.... ඒත් අපි ගිය සතිඅන්තෙ අල්ලලා දවස් හතරක් ගියපු ට්‍රිප් එක ගැනනම් නොලියාම බෑ කියලා හිතුණ නිසා කම්මැලිකම බල්ලට දාලා ලියන්න කියලා හිතුවා...

කථාව මුළ ඉදන්ම කියන්නම්....



ගමන පටන් ගත්තෙ කොත්තු නිහාල් අපේ දිහා ආපු වෙලාවෙ. මම නිකමට ඉන්න ගමන් කොත්තුවට කීවා "මචං අපි සෙට් එක ට්‍රිප් එකක් යමුද ? ඇසළ එක අල්ලලා දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා". ඒ කතාවට අපි දෙන්නම සෙට් උණ නිසා අනික් උන්ගෙනුත් අදහස් අහලා බැලුවා.... හැම එකාම ගමනට එක පයින්. පොඩි පොඩි හේතු නිසා සමහර අය ආවෙ නෑ..

අපේ ගමනට ඔක්කොම 14ක් හිටියා (කොල්ලො විතරයි ඈ :D ) අපේ සෙට් එක උනේ.. මරදානෙ කාන්ති , වැලි ශෙල්ටන් , කාන්තාරෙ සිවලා , බැරැක් ඔබාමා , හිට් මෑන් , චූටි මල්ලි , සැනා , එමියා , ඩිලා සහා චූටියගෙ මල්ලි සහ උගෙ යාලුවෙක් (බන්දු).. අපේ චොප්පෙ අපි එක්ක සෙට් උනෙ අපි බණ්ඩාරවෙලට ගියාට පස්සෙ.....

අපි ගමන පටන් ගත්තේ සිකුරාදා රෑ. සිකුරාදා රෑ 8 කොටුවෙන් තිබ්බ තැපන් දුම්රියෙ තමා අපි ගියෙ. කොළඹින් අටට ආව කෝච්චියට මම සැනා සහ එමියා සෙට් උණේ පොල්ගහවෙලින්. ඒ වෙනකොට වෙලාව රෑ 9.45ට විතර ඇති. බැරැක්කයා, චූටියා සහ උගෙ මලයලා ටික සෙට් උනේ පේරාදෙණියෙන් ඒ වෙනකොට වෙලාව 11ට කිට්ටු ඇති හරියටම සුවර් නෑ :D....

කෝච්චියෙ කට කපලා සෙනඟ, අපේ අය එකෙකුටවත් ඉදගන්ඩ ලැබුන්නෑ. කට්ටියම දොර ලඟ සෙට් වෙලා ආතල් එකෙ සින්දුවක් කිය කිය ගියා.. සෙනඟ හිටියා කියලා පිට ගාණක් තිබ්බෙ නෑ.... කොහොම කොහොම හරි කෝච්චිය නාවලපිටියට ආවට පස්සෙ මුළු කෝච්චියම අපේ වගෙ උණා, මොකද නාවලපිටියෙ ඉදන් බදුල්ලට කෝච්චියෙ ඩ්‍රයිවර් උණේ අපේ ඩිලාගෙ මාමා. එයා අපිට පාඩුවෙ ඔනෙ දෙයක් කරගෙන යන්ඩ ගාඩ් රූම් එක සෙට් කරලා දුන්නා... ඒක ලොවෙත් මාරම ෆන් එකක් හරියට කාමරයක් ගත්තා වගෙ, නැරඹුම් මැදිරිය බුක් කරා වගෙ ආතල් එකෙ ආවා.... ආයි එයා කතා කරලා කීවා හපුතලෙන් එන්ජින් එකෙ යනව නං එන්ඩ කියලා.... අපේ කාන්තියයි ශෙල්ටයි ඇරෙන්ඩ අපි සෙට් එකම එන්ජින් එකෙ ගියා.... ඒකත් මාරම අත්දැකීමක්.....

කොහොම හරි අපි බණ්ඩාරවෙලට එනකොට උදෙ 7ට කිට්ටු වෙලා... බණ්ඩාරවෙලින් බැහැපු අපි කෙලින්ම ගියෙ ඩිලාලගෙ ලොකු අම්මලාගෙ ගෙදර. ඒ ගෙදර අය බොහොම ආදරෙන් අපිව පිළිගත්තා.. එහෙන් උදේට නාලා කාලා පොඩ්ඩක් වෙලා ඉදලා අපි නුවර එළියෙ පැත්තෙ පොඩි රවුමක් දාලා ආවා... ටිකක් හවස් වෙලා ඔයකට ගියා නාගන්ඩ.. එතන පට්ට ප්ලේස් එක.... අයිස් වගෙ වතුර ටික... :D .... එහෙම නාගෙන කරගෙන ඇවිත් ඒ පැත්තෙ පිට්ටනියකට ගියා ක්‍රිකට් අතක් ගහන්ඩ.... ගමෙ කොල්ලෙ සෙට් එකක් එක්ක මැච් දෙකක් ගහලා පොඩි ආතල් එකක් අරං රෑ වෙන්ඩ කලින් ගෙදර ආවා.... ඇවිත් බයිට් හදන වැඩෙ පටං ගත්තා කාන්තියයි ශෙල්ටයි දෙන්නා..... ඩිලයි බැරායි දෙන්නා ගිනි මැලයක් ගහන්ඩ දර ගොඩ ගැහුවා..... ඒ වෙනකොට අපේ චොප්පෙ බස් එකෙ එනගමන් බණ්ඩාරවෙලට කිට්ටු කරලා.... පොර එන කං අපි ඉන්න ටිකෙ ආතල් එකටත් එක්ක සීතලේ පොඩි වාද බයිලා පාරක් දැම්මා.... වචන වලින් අම්භානක ගහගත්තා :D..

හත හමාර විතර වෙනකොට චොප්පෙත් ආවා... දැන් සියලු දෙනාම සම්පූර්නයි. ගිනි මැලේ ගහලා අපි පොඩි ඩ්‍රින්ක් එකක් දාන්ඩ පටන් ගත්තා... පොඩි කීවට පොඩි නෑ ඈ.... පාන්දර 3 විතර වෙනකං ඒ වැඩෙ ගියා....


ඔය අතරෙ කණ සාක්කුවෙ අය නිදි, සෙට් එකක් සින්දු කියනවා එලියෙ.... උන් ටික කඩා පාත් වෙලා අර නිදං උන්න එක එකාව එලියට ඇදැං ඇවිත් අර කට්ට සීතල වතුරෙන් නෑව්වා.... නාපු උන් අතරට බැරා, හිවලා, ශෙල්ටා චූටියගෙ මලයා, බන්දුවා.. ඔයට ටික අයිත්.... :D

පස්සෙ නාපු උනුත් නිදාගන්නෙ නැතුව ආයි සින්දු කියන්ඩ ගත්තා... කොහොම හරි පාන්දර තුන්ට විතර රෑට කාල නිදාගත්තා කට්ටියම, සමහරු නං කොට ඉරුවලු හැබැයි මට නං ඕවා මොකුත් ඇහුන්නෑ කන පැළෙන්ඩ නින්ද ගියා.....


පහුවදා උදෙ අපි ඩිලාලගෙ ලොකු අම්මලාගෙ ගෙදර අයට සමු දීලා බදුලු එන්ඩ පිටත් උණා... බදුල්ලට ආවෙ බස් එකෙ.... බස් එකත් නිකං අපේ වගෙ තමා :D. පස්සෙ බදුල්ලට එනකොට ඩිලාගෙ මස්සිනා ඇවිත් හිටියා අපිව එයාලගෙ ගෙදර එක්කං යන්ඩ.... එදා ඒ ගෙදර උඩ තට්ටුවම අපේ... අපි එහෙට ගිහින් තේ එකක් එහෙම බීලා දුන්හිද ගියා... ගිහින් ඇවිත් තවත් ඔයකට ගියා නාන්ඩ... ඒකත් සුපිරිම පොට් එකක්.... එතනත් මාරම ෆන් එකක් ගත්තෙ... ඒ වෙලාවෙ බයිට් එක උනෙ හිවලා... සෙට් එක එකතු වෙලා උගෙ ජංගිය ඔයේ පා කරා.. ඌ හෙලුවෙන් නිකං ඌ නෙමෙ වගෙ ගොඩට ඇවිත් කලිසමෙන් ඉස්සරහ විතරක් වහෙගෙන අපි එක්ක කතාව.... පිටි පස්සෙ මිනිස්සු ඉන්නවා කියලා දන්නෑ ඌ එක පුලියෙ දාං ඉන්නවා :D ...

එදාත් හවස් වෙනකං ඔය ලඟ පිස්සු කෙලල රෑ වෙන්ඩ ඇරලා නවතින ගෙදරට ආවා... ගේ ඇතුලෙ කාටියක් කැරම් ගහනවා කට්ටියක් ඕමි ගහනවා... එකම ආතල් එකක්..... ගමන පටන් ගත්ත වෙනෙ ඉදන් සෙට එක හැම වෙලේම හිටියෙ හඳේ :P ....


එදා රෑත් ලාවට සෙට් වෙලා රෑ 1ට 2ට විතර නිදාගත්තා.... පහුවදා උදේ අට හමාරට බදුල්ලෙන් කෝච්චිය ඒක නිසා පන්දර ආයි නැගිටලා ලෑස්ති වෙලා ගෙදර අයට කතා කරලා අපි ස්ටේශන් එකට ආවා...

බදුල්ලෙන් ඒ තරම් සෙනඟක් හිටියෙ නෑ. ඒ නිසා අපි පාඩුවෙ ඉදගෙන ආතල් එකෙ සින්දු, වාද බයිලා කිය කිය ආවා. වෙලාව යනවා දැනුන්නෑ.... දවල්ට කන්ඩ පාං ගත්තා. එනගමන් ඒවා කාලා.... පාවි පාවි ආවා....


නුවර සෙට් එක නුවරින් බැස්සා, ඒ වෙනකොට වෙලාව පහ හමාරට විතර ඇති.. ඊට මායි සැනයි එමියයි අපේ කොළඹ සෙට් එකට සමු දීලා පොල්ගහවෙලින් බැස්සා හය හමාරට විතර. ඒ වෙලාවෙනම් හිතට මාරම අවුල්... දවස් තුන හමාරක් හතරක් තිස්සෙ ගත්ත ෆන් එක මතක් වෙනවා :'(

ඒත් ඉතින් දුක හිතෙ තියාන ගෙදර ආවා.. මම ගෙදර එනකොට රෑ 7ට විතර ඇති...

මං මගෙ ජීවිතේ ගිය ට්‍රිප් වලින් ෆන් එක උපරීමෙටම ගත්තෙ මේ ට්‍රිප් එකෙ... ඒ ගත්ත ෆන් එක වචන වලින් කියන්ඩ මට තේරෙන්නෑ.... අපේ ගමන ගැන මම මේ ටික ලීවෙ මට පුලුවන් විදියට...


ආයිත් කියන්නෙ ෆන් එක උපරිමෙන්ම ගත්තු ට්‍රිප් එකක් කියලයි :D


May 9, 2013

සෑහෙන කාලෙකට පස්සෙ..... ආප්ටර් ලෝන්ග් ටයිම් !!


2012 නොවැම්බර් වලින් පස්සෙ කිසිම පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.. ඒකට තියෙන්නෙ පැහැදිලි එක හේතුවයි, වෙන මොකුත් නෙමෙ මට තියෙනෙ කම්මැලිකම :D. ඒත් මොකෑ දන්නෑ අද උදේ නැගිට්ටට පස්සෙ හිතුහ්නා බ්ලොග් එකෙ මොනවා හරි කුරුටු ගෑවොත් හොදයි කියලා. ඒත් ඉතිං අහවල් කජු මදේද ලියන්නෙ :/ . ඇත්තම කතා කරොත්නං ලියන්ඩ දේවල් අම්භානක තියෙනවා. කරුමෙ කියන්නෙ කොච්චර තිබ්බත් ඒවා ලියන්ඩ හරියට වචන ගලපා ගන්ඩ බෑනෙ... ඒක නිසා උබෙ කෙහෙල් ගෙඩියක් වෙන්ඩ කියලා පහු ගිය ටිකෙ උන දේවල් ව්අල කෑලි කෑලි එක්කහු කරලා ප්‍රවෘත්ති සාරාංශෙ වගෙ ලියනවා :P

ඇත්තටම පහු ගිය ටික කාලෙ මහා ගොඩක් ජාති උනෙ නෑ. විශේෂෙන්ම කියලා දේකට සිද්ධ උණෙ අපේ තාත්තගෙ අවුරුද්දේ දානෙ දුන්නා. වැඩේ කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට කරගන්න පුලුවන් උන එක ගැන නම් අම්මටයි මටයි ඇත්තටම සන්තෝශයි...


ම්ම්ම්ම් ඊට අමතරව කියනවනං අපේ K.S සෙට් එක අපේ ගෙදර ආවා. ව්ක වතාවක් අර අපි නුවරදි සංවිධානය කරපු හලාල් විරෝදී හමුවෙන් පස්සෙ සෙට් එකම අපේ දිහා ආවා. අනික් වතාව අපේ තාත්තගෙ දානෙ ගෙදරට....

මුල් වතාවෙ ආවෙ තක්කාලි චොප්පෙයි, ලැම්බට් අප්පුයි, ස්කුබියයි, දියසේනයයි, තඩියයි තමා. සැනාඇවිත් ගියා :D. දෙවැනි වතාවට ඔතනට වැඩි උනෙ කිනා විතරයි... ඒ දවස් ටික නං ආයි කතා කරලා වැඩක් නෑ සුපිරිම ආතල් ටිකක් ගත්තෙ ඈ :D.


ඊට පස්සෙ අපි සෙට් එක දවස් දෙකක් විතර මැක්කලාගෙ බෝඩිමෙ සෙට් වෙලා උගෙ පොකට් එකට විද්දා..... සෑ :D ඒ දවස් දෙකනෙ දවස් දෙක ඈ. කොත්තුවයි කෙනටයිත් කාන්තියයිත් හම්බුණා..... පට්ටා පන් ඈ බීච් එකට එහෙම ගිහිල්ලා මාර පන් තමා ඈ... ඒ ගැන වෙනම පෝස්ට් එහෙකින් දාන්නං. මෙතන ඒවා දැම්මොත් මෙගා නාට්ටියක් වගෙ වෙනවා පෝස්ට් එක :D.


ඔය වගේ දේවල් තමා පහුගිය ටිකෙ සිද්ධ උනෙ ඉතිං. තව ඉතිං වෙනදා වගෙ ආතල් එකට කරන වැඩෙ, වෙඩින් පොටො ගැනිල්ලට රට වටෙ ගියා.... සුරාමේරය කරා :D ඕවා තමා..

ආ අමතක උණානෙ අපේ ගමෙ අපි ඔය හත් අට දෙනෙක් එකතු වෙලා අවුරුදු උත්සවයක් කලා. ඒ වැඩෙත් 100%ක්ම සර්ථක විදියට ඉවර කරගන්න ලැබුණා. ගොඩක් අය ඒ ගැන හොඳ කීවා. සුපුරුදු විදියටම කාළකන්ණි කීප දෙනෙක් ඇද කීවා... ඒවා ඉතිං කොහොමත් එහෙමනෙ කොච්චර හොදට වැඩක් කලත් කවුරු හරු මොකුත් කීවෙ නැත්තං නිකං හරි නෑ වගෙනෙ :D. ඒ නිසා ඒවා අපි ගණං ගන්නෑ. අපි අපේ වැඩෙ කිසි අඩු පාඩුවක් නැතුව, හොරයක් බොරුවක් වංචාවක් නැතුව කරා, ඒ ගැන අපිට සංතෝශයි !!..



ඉතිං ඕවා තමා විස්තර. තව කියන්ඩ දේවල් ඇති. ඒත් මේ වෙලාවෙ ඔලුවට වැටෙන්නෙ නෑ. මතක් උනොත් වෙනම පෝස්ට් එකක් දාන්නම්. කොහොමත් ඉස්සර වගේ ආයි එක දිගට බ්ලොග් එකට  පෝස්ට් දාන්ඩ ඔනෙ. ගොඩක් අය ඇහුවා මචං දැන් උබෙ බ්ලොග් එක ලියන්නෙ නැද්ද කියලා....

K.S සෙට් එක එක්වෙලා ගත්ත පන් ටික වෙනමම ලියන්නං....



හුටා අමතක උණා මේ කාලෙ මට සබරගමුවෙයි බුකියෙයි මහ ඇමති පට්ටම හම්බුණා ඈ :D

එහෙනං පස්සෙ සෙට් වෙමු ඈ ! කට්ටියටම බුදු සරණයි !!!

-ජය වේවා- 

Nov 12, 2012

බස්සන වෙලාව

මං ඔය නිකමට වගේ අපේ ස්ටුඩියෝ එකක් තියෙන අයියා කෙනෙක් එක්ක වෙඩින් වලට යනවා පොටෝ ගන්ඩ.... මාත් ඉතින් එහෙන් මෙහෙම් පින්තූර ටිකක් ගන්නවා... මගේ ආසවනේ ඈ..

ඔහොම අපිත් එක්ක ගිය ඩයල් එක්කට මේ ලඟදි මරූ සීන් එකක් උනා... :D...

මේක හෙන සිරාම මඟුල් ගෙයක්. මනමාලිගේ තාත්තා නැකැත් එහෙම අකුරටම කරන්න ඔනෙ කිව්වා.. පොර ඒවා හෙණටම විශ්වාස කරන ඩයල් එකක්.

කොහොමත් ඉතින් මනමාලයා ආවම ඉස්සෙරලාම කරන්න තියෙන්නෙ පෝරුවෙ චාරිත්‍රනේ. හරි වෙලාවටම ජෝඩුව පෝරුවට නැග්ගුවා.... ඊට පස්සෙ අර අශ්ඨක කියන ලොක්කා මොනවදෝ මන්දා හෙණ හෑලි වගයක් කියෝගෙන කියෝගෙන ගියා...

කොහොම හරි ඒ වැඩ ඔක්කොම ඉවර උණාට ජෝඩුව පෝරුවෙන් බිමට බහින්ඩ අදහසක් නෑ. අපිටත් ඉතින් ඔතන හිටගෙන ඉන්ඩ බැරි නිසා පොඩ්ඩක් මෙහාට වෙලා ඉදගත්තා...

අපිට තේරුණ විදියට පෝරුවෙ චාරිත්‍ර ඉවර උණාට හරිටම පෝරුවෙන් බහින්ඩ තව පොඩි වෙලාවක් තියෙනවා. එක නිසා තමා ජෝඩුව බහින්නෙ නැත්තෙ... ඒත් කෝකටත් හරියටම වෙලාව දැනගන්න අපේ එකාට කීවා ගිහින් මනමාලයගෙන් බස්සන වෙලාව අහගෙන වරෙං කියලා... මූත් ගියා පැනගෙන..

අපි ඈත ඉදන් බලාගෙන, මූ මනමාලය ලඟට ගිහින් පොරගෙන් ඇහුවා බස්සන වෙලාව......

මනමාලයා මුගේ කණට ලංකරලා මොකක්දෝ දෙයක් කිවා......

ඊට පස්සෙ අන්න අරූ එනවා මූණත් එක්ක ඇඹුල් කරං..... අපි ඇහුවා මොකො කියලා.. අරූ මොනවද කණට කරලා කීවෙ කියලා...

මේ අපේ හරකත් ගිහින් හයියෙන් මනමාලිටත් ඇහෙන්නම මනමාලයගෙන් අහලා "අය්යේ බස්සන්නෙ කීයටද" කියලා...

මනමාලයට මල පැනලා අරූගේ කණට ලං කරලා කියලා "බස්සන්නේ රෑට දැන්ම බස්සන්න පුළුවන් කමක් තිබ්බනං බස්සනවා උබ මොකටද අහන්නෙ උබ බස්සන්ඩද ?" කියලා :D...

අරුට කට උත්තර නෑ...... නැට්ට පු* අස්සෙ ගහගත්ත බලු කුක්කා වගේ ඇවිත් ඉදෙගන හිටියා මුළු මඟුලම ඉවර වෙනකං.... :D

ප.ලි - එක එක අය එක එක ව්ඩිහියට තේරුම් ගනිවී....ඇත්ත සුදුවීමක් විහිළුවක් විදියට හැගුන නිසා කියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න...

Oct 8, 2012

මූසලයෙකුට ලියමනක් !!!!!

කේ. පොල් සමන්, කුරුණෑගල. ගරු සරුවක් නැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති, අරලිය ගහ මන්දිරය, කොළඹ. රාජපක්ශ මහාතා වෙත, ඔබගේ මූසලකම සම්බන්ධව. රාජපක්ශ මහත්තයෝ, ඔබතුමා දන්නා විදියට ඊයේ කොළම කෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එකක් තිබ්බා. ඒක විස්සයි විස්ස ලෝක කුසාලන තරඟාවලියේ අවසන් තරඟය. එකේ සෙල්ලම් කලේ අපේ ශ්‍රී ලංකා ටීම් එකයි බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම් දෙක අතර. ඒ මැච් එක අපේ කණ්ඩායම හොදටම පටන් ගත්තා. පලවෙනි ඕවර් 5ට ලකුණු 10ක්වත් දීලා තිබ්බෙ නෑ. පලවෙනි විකට් එක ගත්තෙ එක ලකුණක්වත් දෙන්නෙ නැතුව. ඒතරම් හොදට පටං ගත්ත මැච් එක බලාගෙන ඉන්නකොට චාටර් වෙන්න පටන් ගත්තේ කොදෙව්වන්ට අපි 14,15 ඕවර් දාන්න ගත්තාම. ඒ ඕවර් ටිකෙන් පස්සෙ උන් අපේ මාලින්ගට එහෙම පන්න පන්න ගහන්න ගත්තා. අනිවාර්යෙන්ම ඔයා ග්‍රවුන්ඩ් එකට එන්න ඇත්තෙ ඒ වෙලාවෙ වෙන්න ඔනේ. එහෙම නැත්තං කිසිම මූසල කමක් ග්‍රවුන්ඩ් එක පැත්ත පළාතෙවත් තිබ්බෙ නෑ. ඔයා ආවා කියන්නෙ පට්ටම මූසලයි කියන එකනේ.

2007 ලෝක කුසලානේ ෆයිනල් මැච් එක බලන්නත් ඔයා ගියා. ඒකත් කවදාවත් වැස්සෙ නැති වැස්සක් වැහැලා අපි පැරදුනා. ඊට පස්සෙත් විස්සයි විස්ස ෆයිනල් එකක් බලන්න ඔයා ගියා (අවුරුද්ද මතක නෑ) ඒකත් පරාද උනා.

මේක ගානට සෙල්ලං කරගෙන ආවා. ඒ වෙනකොට කප් එක අපෙ කොල්ලොන්ගේ අතේ තිබුනේ. ඒත් මහත්තයෝ ඔයා ආපු ගනම් ඔයාව ටීවී එකෙ පෙන්නුවා. ඒ මදිවට පෙරේතකමට මූසල කමට අතත් වැනුවා. එහෙම කලා විතරයි අපි බලාගෙන ඉන්නකොට මැච් එක පැරදුනා..

අපි දන්නවා ඔයා අපේ රටේ ජනාධිපති කියලා. ඒත් ඔයත් දන්නවා රටේ මිනිස්සුත් දන්නවා ඔයා ජනාධිපති උනෙ මිනිස්සු දුන්න ඡන්දවලින් නෙමෙයි කියලා. එහෙම එකෙ ඔයා ඔයාගේ ඔය මූසල අත වැනුවට කවුරුත් අත වනන්නේ නෑ...

අනේ රාජක්ෂ මහත්තයෝ මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. මේ ලෝකේ හැම රටමක ඉතිහාසෙ අරගෙන බැලුවත් ඔයා වගේ මූසල රාජ්‍ය නායකයෙක් ඉදලත් නෑ, ඉස්සරහට ඉන්න එහෙකුත් නෑ. දැන් ගිය දේවල් ගියා. ඒත් මං ඔයාට කියන්නේ ආයි කවදාවත් ක්‍රිකට් මැච් එකක් තියා ගමේ කොල්ලො වෙල් වල ගහන ඇට බෝල මැච් එකක්වත් බලන්න යන්න එපා. මොකද ඔයා ඒ තරමට මූසලයි.

ඔයා ඔය එක එක රැස්වීම් වලට ගියාපුවාම ලස්සන පොඩි එකෙක් දැක්කොත් වඩාගන්නවා නේද ? ආයි එහෙම කරන්න එපා. මොකද ඔයා එහෙම වඩාගත්ත පොඩි උන්ගේ අනාගතේ අදුරුවෙනවා ඔයාගෙ තියෙන මූසල කමට.

ඔයා මොනවා හිතුවත් ඔයා නිසා තමා අපිට කප් එක නැති උනේ. ඒක මුලු රටේම මිනිස්සු දන්නවා... ඔයාට කඩේ ගිහින් ඔයාගේ පස්ස පැත්ත ලෙවකන කීප දෙනක් විතරක් එහෙම නෙමෙයි කියලා කියයි. ඒත් ඒක තමා ඇත්ත තත්වෙ...

එහෙනම් දැනට මම නවතිනවා. පුලුවන්නම් තොයිලයක්වත් නටලා ඔය මූසල කම නැති කරගන්න බලන්න. ඒත් මං හිතන්නෑ ඒ වැඩේ හරි යයි කියලා, මොකද උපතින් එන මීසලකම් එහෙම අයින් කරන්න බෑ.....

හරි එහෙමන් මම නවතිනවා !!

ඔබතුමාට හෙණම ගහනවා !!!!
මකබෑවිලාම පල !!!


මීට,
ඔබතුමාගේ මූසලකම නිසා දුකට පත් ජනතාව වෙනුවෙන්
කේ. පොල් සමන්.....!!



ආයිත් කියන්නේ ඔයා මකබෑවිලාම යනවා ! ................... තූඃ......



ප.ලි - ඇත්තටම තරහෙන් ලියන ලද්දක් බවත්, නරක වචන ඉතාම අමාරුවෙන් නොකියා සිටි බව දැනුම් දෙමි !!!!