May 9, 2013

සෑහෙන කාලෙකට පස්සෙ..... ආප්ටර් ලෝන්ග් ටයිම් !!


2012 නොවැම්බර් වලින් පස්සෙ කිසිම පෝස්ට් එකක් දැම්මෙ නෑනෙ.. ඒකට තියෙන්නෙ පැහැදිලි එක හේතුවයි, වෙන මොකුත් නෙමෙ මට තියෙනෙ කම්මැලිකම :D. ඒත් මොකෑ දන්නෑ අද උදේ නැගිට්ටට පස්සෙ හිතුහ්නා බ්ලොග් එකෙ මොනවා හරි කුරුටු ගෑවොත් හොදයි කියලා. ඒත් ඉතිං අහවල් කජු මදේද ලියන්නෙ :/ . ඇත්තම කතා කරොත්නං ලියන්ඩ දේවල් අම්භානක තියෙනවා. කරුමෙ කියන්නෙ කොච්චර තිබ්බත් ඒවා ලියන්ඩ හරියට වචන ගලපා ගන්ඩ බෑනෙ... ඒක නිසා උබෙ කෙහෙල් ගෙඩියක් වෙන්ඩ කියලා පහු ගිය ටිකෙ උන දේවල් ව්අල කෑලි කෑලි එක්කහු කරලා ප්‍රවෘත්ති සාරාංශෙ වගෙ ලියනවා :P

ඇත්තටම පහු ගිය ටික කාලෙ මහා ගොඩක් ජාති උනෙ නෑ. විශේෂෙන්ම කියලා දේකට සිද්ධ උණෙ අපේ තාත්තගෙ අවුරුද්දේ දානෙ දුන්නා. වැඩේ කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට කරගන්න පුලුවන් උන එක ගැන නම් අම්මටයි මටයි ඇත්තටම සන්තෝශයි...


ම්ම්ම්ම් ඊට අමතරව කියනවනං අපේ K.S සෙට් එක අපේ ගෙදර ආවා. ව්ක වතාවක් අර අපි නුවරදි සංවිධානය කරපු හලාල් විරෝදී හමුවෙන් පස්සෙ සෙට් එකම අපේ දිහා ආවා. අනික් වතාව අපේ තාත්තගෙ දානෙ ගෙදරට....

මුල් වතාවෙ ආවෙ තක්කාලි චොප්පෙයි, ලැම්බට් අප්පුයි, ස්කුබියයි, දියසේනයයි, තඩියයි තමා. සැනාඇවිත් ගියා :D. දෙවැනි වතාවට ඔතනට වැඩි උනෙ කිනා විතරයි... ඒ දවස් ටික නං ආයි කතා කරලා වැඩක් නෑ සුපිරිම ආතල් ටිකක් ගත්තෙ ඈ :D.


ඊට පස්සෙ අපි සෙට් එක දවස් දෙකක් විතර මැක්කලාගෙ බෝඩිමෙ සෙට් වෙලා උගෙ පොකට් එකට විද්දා..... සෑ :D ඒ දවස් දෙකනෙ දවස් දෙක ඈ. කොත්තුවයි කෙනටයිත් කාන්තියයිත් හම්බුණා..... පට්ටා පන් ඈ බීච් එකට එහෙම ගිහිල්ලා මාර පන් තමා ඈ... ඒ ගැන වෙනම පෝස්ට් එහෙකින් දාන්නං. මෙතන ඒවා දැම්මොත් මෙගා නාට්ටියක් වගෙ වෙනවා පෝස්ට් එක :D.


ඔය වගේ දේවල් තමා පහුගිය ටිකෙ සිද්ධ උනෙ ඉතිං. තව ඉතිං වෙනදා වගෙ ආතල් එකට කරන වැඩෙ, වෙඩින් පොටො ගැනිල්ලට රට වටෙ ගියා.... සුරාමේරය කරා :D ඕවා තමා..

ආ අමතක උණානෙ අපේ ගමෙ අපි ඔය හත් අට දෙනෙක් එකතු වෙලා අවුරුදු උත්සවයක් කලා. ඒ වැඩෙත් 100%ක්ම සර්ථක විදියට ඉවර කරගන්න ලැබුණා. ගොඩක් අය ඒ ගැන හොඳ කීවා. සුපුරුදු විදියටම කාළකන්ණි කීප දෙනෙක් ඇද කීවා... ඒවා ඉතිං කොහොමත් එහෙමනෙ කොච්චර හොදට වැඩක් කලත් කවුරු හරු මොකුත් කීවෙ නැත්තං නිකං හරි නෑ වගෙනෙ :D. ඒ නිසා ඒවා අපි ගණං ගන්නෑ. අපි අපේ වැඩෙ කිසි අඩු පාඩුවක් නැතුව, හොරයක් බොරුවක් වංචාවක් නැතුව කරා, ඒ ගැන අපිට සංතෝශයි !!..



ඉතිං ඕවා තමා විස්තර. තව කියන්ඩ දේවල් ඇති. ඒත් මේ වෙලාවෙ ඔලුවට වැටෙන්නෙ නෑ. මතක් උනොත් වෙනම පෝස්ට් එකක් දාන්නම්. කොහොමත් ඉස්සර වගේ ආයි එක දිගට බ්ලොග් එකට  පෝස්ට් දාන්ඩ ඔනෙ. ගොඩක් අය ඇහුවා මචං දැන් උබෙ බ්ලොග් එක ලියන්නෙ නැද්ද කියලා....

K.S සෙට් එක එක්වෙලා ගත්ත පන් ටික වෙනමම ලියන්නං....



හුටා අමතක උණා මේ කාලෙ මට සබරගමුවෙයි බුකියෙයි මහ ඇමති පට්ටම හම්බුණා ඈ :D

එහෙනං පස්සෙ සෙට් වෙමු ඈ ! කට්ටියටම බුදු සරණයි !!!

-ජය වේවා- 

6 comments:

  1. " මේ කාලෙ මට සබරගමුවෙයි බුකියෙයි මහ ඇමති පට්ටම හම්බුණා ඈ :D"

    da faaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaq?

    ReplyDelete
  2. දිගටම ලිවුවොත් නරකද

    ReplyDelete
  3. @කිනා - ඇයි යකො :D
    @චාමික - ලියනෝ

    ReplyDelete
  4. එල පොලා දිගටම ලියමු ඈ

    ReplyDelete
  5. ලියපන්කො කම්මැලි නැතුව

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...