Jan 1, 2012

2012, පට්ට අවුරුදු උදාව !!


2011 අහවර වෙලා 2012ත් ලැබුවා එහෙනම්. මමත් හා හා පුරා කියලා අද කියන්න හදන්නේ මට 2012 අවුරුද්ද ලබාපු විදිය ගැන.

ලංකාවෙ හැම තැනම වගේ දෙසැම්බර් 31 රෑ මොකක්හරි විගඩමක් නටනවනේ ජනවාරි 1වෙනිදා උදාව සමරන්න. මෙහෙත් එහෙම තමා. එහෙම තමා කිව්වෙ කුරුණෑගල ටවුන් එකෙත් සංගීතයක් තිබ්බා.......

අපේ සැට් එකත් ජැන්ඩියට ඇද පැලඳගෙන යන්න ලෑස්තිඋනා..... සුපුරුදු පරිදි අම්මගෙන් බර බරස් එක. "යන මඟුලක ගිහින් රෑ 12 වෙන්න කලියෙන් ගෙදර වරෙං" කිය කියා එයා කෑ ගහනවා. මාත් "හා හා අප්පෝ....... එන්නං....එන්න තමා යන්නේ" කියලා හෙන ගේමක් දීලා ගෙදරින් පැන ගත්තා...



මායි අපේ කොල්ලො සෙට් එකයි කොහොමහරි බස් එහෙම එල්ලිලා ආවා ටවුන් එකට. අපි හිතුවෙ පයින් යන්න වෙයි කියලා, මොකො රෑට 8 පහුවුන ගමන් බස් තියෙන එකක් කියලයැ....හික් :D ආසියාවේ ආශ්චර්යනේ දන්නෙ නැද්ද :D :D. ........... කොහොම හරි වෙලාවට "සිලෝන් ටකරං බස්" එකක එල්ලිලා ආවා ටවුන් එකට.....

හා දැන් කියහල්ලා බලන්න හෙණ රෑ, සංගීතෙකුත් තියෙද්දි, ගෙදර කවුරුවකුත් අහලකවත් නැති වෙච්චිකොට මොන හෝතබුවද අමුවෙන් ඉන්නේ :D..... ඔන්න ඔය theory එක අපිත් ක්‍රියාත්මක කරලා අපිත් දැම්මා collection එකක්......මේ............අපි කිව්වට අපේ හොද හැදිච්ච කොල්ලොන්ට හිටියේ මායි තව එකෙකුයි විතරයි ඈ :P. එකෙක් හිටියා ඌ ටිං කෑලී විතරයි.........

කොහොමහරි බොන නොබොන හැම එකාගෙන්ම ගසාකාලා රුපියල් 600ක් විතර එකතුකරගෙන ගියා දේවාලෙට.......(මේ.... දේවාලේ කීවෙ බාර් එක ඈ :P)......අපි දෙන්නෙක් විතරක් හින්දා ගත්තේ Black Opel භාගයයි......කොහොම හරි අනිත් කළමණා ටිකත් අරගෙන දැන් යනවා කොහෙ හරි තියාන ගසන්ඩ....... මාර කේස් එක කියන්නේ හැම තැනම පොලිසියෙන්... දැන් මොකෑ කොරන්නේ ?? ඔය පාරක් අයිනෙ තියාන ගසන්ඩ තිබ්බා, ඒත් ඉතින් නෝන්ඩි වෙන්න බෑනේ. ඒක නිසා කුරුණෑගල වැව පැත්තට යමු කියලා ගියා ඒ සයිඩ් එකට.... අප්පට උඩු වැව ලගත් බඩු. දැන් මොකො කොරන්නේ, ඔහේ ගියා තව කොහෙට හරි යමුය කියලා......

කොහොමහරි අන්තිමට "ඇතා ගලට" යමු කියලා ගියා එතෙන්ට. ගල පාමුල තියාන සෙට් උණා අවුරුදු උදාව සමරන්න..... :D :D. ඔය අතරේ ඇහෙනවා සංගීතෙත් යනවා... ගැහුවෙ "බාචි අංකල්ගේ ෆයර්"......

කලින් කිව්වනෙ බොන උන්ට හිටියෙ මායි තව එකෙකුයි විතරයි කියලා.......අරූ ලඟ නමනවා. මං ඈතින් ඈතට නමනවා.......හිකිස් :D දැන් වෙරි පෝරුවෙ...... මම GL එකක් පත්තු කරන්න අරගෙන පත්තු කලෙත් Filter එක එහෙම නෙමෙ :D......

කොහොම හරි 1/2 විනඩි 45ක් නැත්තම් පැයක් යන්නකොට ඉවරයි. දැන් සංගීතෙ බලන්නත් ඔනෙනෙ කියලා නැගිට්ටා යන්න...... මළ හුට්ටප්පරයයි, අරූ 3/4ක් Horizontal. දැන් වෙන කරන්න දෙයක් නෑනේ මේකව මේ ගල උඩ තියලා යන්නයැ කියලා අමාරුවෙන් වත්තම් කරගෙන ගියා සංහීතෙ තියෙන තැනට යන්න. 

හුටා.........ඇතුලට යන්න ටිකක් ගන්න ඔනේ... මල මඟුලයි අතේ තිබ්බ හැම සතේටම බිව්වනේ :D දැන් කොහෙන්ද සල්ලි. ටිකට් එක රුපියල් 100යි......වෙන කරන්න දෙයක් නෑ නේ, ඈතට වෙලා ස්ටේජ් එක දිහා බලාගෙන හිටියා. අරූටත් අනිතිමයි..... ටිකක් වෙලා ඉදලා ආවා ගෙදර එන්න කියලා. මොකො අම්මත් 12ට කලින් එන්න කිව්වනෙ...



සෝට් කට් එහෙකින් ගෙදර එන්න කියලා හිතාගෙන වැව සයිඩ් එකෙන් දාලා එනකොට "බාරාස්" ගෑවා.........අම්මට උඩු අරූගෙ කලිසමේ හිටං තඩි කබරයෙක් :D. ගන්දස්තාරේ බෑ :/ . දැන් මොනවා කරන්නද මේකව මෙහෙම ගෙදර එක්කන් යන්න බෑනේ. ගියොත් බුවා අම්මට මාට්ටු. ඌ මාට්ටු කියන්නේ මාත් මාට්ටු. නැතත් කබරයා ගියාට පස්සෙ මොකාද ඔළුව උස්සන්නේ.......මේකව තිබ්බා පාර අයිනේ තිබ්බ තඩි බෝක්කුවක් උඩින්........හුළඟටද මන්දා මටත් ආයෙ ටිකක් වැදුනා :P.......

වෙලාව 11.45යි....සැහ් :/ 12ට කලින් ගෙදර යන්ඩත් ඔනේ. යන්ඩ බසුත් නෑ. කිලෝ මීටර් 3ක් විතර යන්ඩත් තියෙනවා. පැය කාලෙන් කිලෝමීටර් 3ක් මොකාටද යකෝ යන්න පුළුවන්, අනික වෙරිත් එක්ක... පුළුවන් උනත් යන්න අර ගෝතයා නැගිටින්න එපැයෑ...... මොනා කරන්නද අපිත් ඔහේ බෝක්කුව උඩට වෙලා හිටියා.....

අනේ අනිච්චං අපිට 2011 අවුරුද්ද ඉවර වෙලා 2012 අවුරුද්ද ලැබුවෙ පාර අයිනේ බෝක්කුවක් උඩදී.... අරූ අපිටත් වඩා වාසනාවන්තයි උට 2012 අවුරුද්ද ලැබුවෙ හෙන වමනේ ගොඩක් උඩ :D. මාර වාසනාවන්ත අවුරුද්දක් නේ.. ආසාවේ බෑ :D....

තවත් පැයක් විතර ඉදලා අරූවත් ඇහැරවගෙන වැවෙන්ම නාවගෙන. වත්තම් කරගෙන ගෙදර ආවා. ගෙදර එනකොට 1.30 නැත්තම් 2.30 ඇති, මටත් හරියටම වෙලාව සුවර් නෑ.......ආපු ගමන් නාලා මොන අවුරුදුද කියලා හිතාගෙන හොදට පොරවගෙන නිදා ගත්තා :P.......

අළුත් අවුරුද්දේ පලවෙනි දවසේ උදේට නැගිටිනකොට හරියටම 9යි........ නැගිට්ට ගමන් මේක ලියන්න ගත්තා, නැත්තම් සීන් එක අමතකවෙන සුළුයි :P......... මොකක්හරි කමක් නෑ මේකත් තව එක දවසක් කියලා හිතාගෙන පුරුදු විදියට වැඩක් කරගෙන ඔහේ ඉන්නවා...... 


ප.ලි - මම ලිව්වෙ අපිට උන සිදිධියක් විතරයි. ‍ඊයේ රෑ මේවගේ සිද්ධි තව කොච්චරනම් වෙන්න ඇතිද. ඒවා කොහොම උනත් කමක් නෑ.......

සියළු දෙනාටම ලැබුවා වූ 2012 අවුරුද්ද කිරියෙන්, පොල් කිරියෙන්, දී කිරියෙන්, කල් කිරියෙන්, මුදවපු කිරියෙන් ඉතිරන සුභම සුභ නව වසරක් වේවා !!!

ඔබ සැමට ජය !!!

Dec 5, 2011

මේ පැත්තෙන් බස් යන්නේ නෑ බං

ක දවසක් අපේ සෙට් එක ගියා අපෙ එකෙකුගේ සීයා නැති උනා කියලා ඒ මළගෙදර. එහෙ යන්න බස් තියෙන්නෙ වෙලාවට, ඒ කියන්නේ එක බස් එකක් උදේ 9 තිබුණනම් ආයෙ බස් එක තියෙන්නෙ උදේ 10. ආන්න ඒ වගේ තමා බස් තියෙන්නේ. යන්න ඔනේ දඹුල්ල පාරේ ගිහිල්ලා ආයෙ ඇතුලට හැරිලා.

දැන් ඉතින් ඔන්න අපි සෙට් එක බස් එකකට නැගලා යනවා. ආත භූත නෑ යන පාර නම් මෙලෝ යකෙකුට මතක තියා ගන්න බෑ. ඒතරමට එහෙට මෙහෙට හැරි හැරී යන්න ඔනේ. කොහොමින් කොහොම හරි ඔන්න මළ ගෙදරටම ගියා.

කවුරුත් දන්නවනේ අපිට කොහෙ ගියත් හරි සිහියෙන් ඉන්නෙ ටික වෙලාවයි කියන්න. මෙහෙ ගිහිනුත් එහෙම්ම කරන්න ඔනෙ වෙලා ඔන්න බඩු වගයක් හොයා ගත්තා. අනේ හැබැයි සැර ජාති නම් නෙමෙ. සිංහයගේ රූපෙ ගහලා තියෙන ටින් 10ක් විතර තමා තිබ්බේ.

අපි තුන් දෙනෙක් අර දහයටම වග කිව්වා. ඊට පස්සෙ දෙයියෝ දුන්නා වගෙ එකෙක් ලඟ තිබ්බා රොකට් එකක්. පත්තු කළා එකෙන්ම. එකේන් අපි තුන්දෙනා අභ්‍යාවකාශගත වෙලා ඔන්න දැන් එනවා. මාර සීන් එක කියන්නේ හිනාව නවත්තා ගන්න බෑ.

ඔය අතරේ තමා ගමේ එකා කිව්වෙ මචන් මෙහෙට වෙන පාරකිනුත් එන්න තියෙනව කියලා. එතකොටම මට මීටර් උනා අපි ආපු පාරේ යන්නෙ නැතුව මූ කියපු අනිත් පාරේ යන්න ඔනෙ කියලා.

දැන් මම අහන්න පටන් ගත්තා අනිත් පාර ගැන ප්‍රශ්ණ.
(ගමේ එකා සුහයා ඈ)

මම - මචන්..

සුභයා - ඈ ?

මම - මේ, අර අනිත් පාරෙන් යන්න ඔනේ

සුභයා - හා... යමු...

මම - දැන් අපි ආප් පාරෙන් යන්න බස් තියෙන්නෙ ආයෙ හවස 4 නෙ. දැන් 2යි.

සුභයා - ඉතිං ?

මම - අර පාරෙන් යන්න ඔනෙ ඒකෙන් ගිහින් ටවුන් එකට යන්න පුලුවන් නේද

සුභයා - ආ මං දන්නෑ බං. මං මේ කොහෙද ඉන්නේ
(හෙණ ගහපං කිව්වලු, යකෝ මං දන්නෙත් නෑ)

මම - මට හරියටම මීටර් නෑ බං. ඒ උනාට අනිත් පාරෙන්ම යන්න ඔනේ බං

සුභයා - හරි හරි බං කෙහෙන් හරි යමු. මාත් එනවා උබලා එක්ක යන්න

මම - එහෙනම් මෙතන ඉමුද බස් එක එනකං...

සුභයා - ආ එහෙනං උඹලා හිටහං, මම පටස්ගාලා ගිහිං බෑග් එක අරගෙන එන්නම්..

මම - ආ.. එල ඉක්මණට වරෙං, බස් එක ආවොත් එහෙම

සුභයා ගියා බෑග් එක අරගෙන එන්න. විනාඩි 10න් ඌ ආවා. කොහොම හරි අපි සෙට් එක පැයක් විතර පාරේ හිටගෙන ඉන්නවා ආපු පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් යන්න. ඔය අතරේ අපි ආපු පැත්තෙ පැත්තෙන් ටවුන් එකට යන අන්තිම බස් එකත් ගියා. අපිට ගානක් නෑ අනිත් පැත්තෙ බස් එකෙ එනවනෙ කියලා පාර අයිනෙ පාවී පාවී හිටියා.

මම - ඒ සුභේ ? කෝ බං බස් එක තවත් නෑනේ බං....

සුභයා - මේ පැත්තෙන් බස් යන්නෑ බං. අර බස් එකෙ විතරයි යන්න පුලුවන්....

හතිලව්වට ගහපු කලාබරේ කිව්වලු. යකෝ මේකා දැන්නේ කියන්නේ අපි යන්න හිටපු පාරේ බස් යන්නේ නෑලු. නෙද්දකින් මේකා. අපි දෙන්නම එක ඉත්තෙ බඩු. ඌත් හඳේ මාත් හඳේ.. ඌට ඒ පාරේ බස් යනවා කියලා කියන්න අමතක වෙලා. ඌ වෙන කල්පනාවක ඉන්න අතරේ මට හරි මේ පාරෙන් යමං කියලා......

දැන් මොකො කරන්නේ පාරේ යන බයික් කටු දෙකක එල්ලිලා ආවා බස් යන පාරක් ලඟට. ඇවිත් තමා යාන්තං ගෙදර ආවෙ....

කොහොමද රොකට් එකේ බලේ. ගමේ ඉන්න එකාට ඌ ඉන්නේ කොහෙද කියලා මතක නෑ. බස් යන්නෙ මොන පාරෙන්ද යන්නෙ නැත්තෙ මොන පාරෙන්ද කියලා මතකත් නෑ........

ප.ලි - රොකට් එකට ජය වේවා !!

ප.ප.ලි - මෙතුවක් කාලෙකට රොකට් වල නොගිය අය රොකට් වල යෑමට උත්සාහ දැරීමෙන් වලකින්න......

Oct 23, 2011

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ


ශ්‍රී ලංකාව අවුරුදු 30 පුරාවට තිබුණු යුද්ධය නිදහස් කරලා අපේ රටේ අහින්සක මිනිස්සුන්ගේ ජීවිත ලොකු අවදානමකින් නිදහස් කරගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කර ගත්තා... ඒක තමා ලෝක බලවතා කියලා තමා විසින්ම කියා ගන්නා ඇමරිකාවට සහ ඇමරිකානු පාලකයන්ට තමන්ගේ පශ්චාත් ප්‍රදේශය බදු දීලා තියෙන එක්සත් ජාතින්ගේ මණ්ඩලෙයේ මහ ලේකම්ට අනුව මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් වෙන්නේ...

මුවම්මර් ගඩාෆි, සදාම් හුසේන් වගේ ලෝක නායකයින් මරා දමමින්, ඇෆ්ගනිස්තානය වගේ රටවල සිවිල් මිනිස්සුන්ට ගුවන් ප්‍රහාර එල්ල කරමින් අමු අමුවෙ මරා දාන එක මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් නෙමෙ.

ලෝකයෙ ඛණිජ තෙල් ආධිපත්‍ය අරගන්න ඇමරිකාවට තමන්ට ඔනෑ විදියට ඔනෑ දෙයක් කරන්න හැකියාව තියෙනවා. අපිට මිනිවරුවන්ගෙන් බේරෙන්න පොඩි දෙයක් කලත් ඒ ඈයොන්ට හරිම අමාරුයි....

මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ අපේ රටේ මිනිස්සු නෙමෙ පර සුද්දො, ඇමරිකන්කාරයෝ....මේවා මෙහෙම බ්ලොග් එකක ලිව්වා කියලා අපිට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒත් මෙහෙම මේ දේ ලිව්වෙ හිතේ අමාරුවට..

මෙව්වට තමා කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා.........

මේ කරන අපරාධ වලට මුන්ට ගහන්නේ වැහි නැති හෙණ...

ඒත් මෙව්වට අපිට කරන්න දෙයක් නෑ.... බලාගෙන ඉමු ඉස්සරහට මොකද වෙන්න කියලා....

Oct 9, 2011

අනේ අපොයි



අනෙ අපොයි මගෙ බ්ලොග් එකට උණ දෙයක් කිව්වලු...කියන්න තිබුණ හැම මඟුලම එක දිගට කියාගෙන කියාගෙන ගියා..දැන් කියන්න කිසිම දෙයක් නෑ. අනෙ වෙරි වෙන්ඩ සොරි වෙන්ඩ ඔනෑ....... මං ආයෙ ලඟදිම පට්ට ස්ටෝරි දෙක තුනක් පෝස්ට් කරන්නං ඈ.. එතකන් මට සමාව භාජනය කරන්ඩ ඈ.....

Aug 30, 2011

ඒ මං අරන් දුන්න මිදි බං..........

ටික දවසකින් මොනවත් ලියන්නත් බැරි උණා. ඒක නිසා මොකක් හරි කුරුටු ගාලා යන්න ඔනේ කියලා හිතුණා..... :D

අද මම කියන්න යන්නෙ පොඩි කථාවක්, ඒක උනේ අපේ පන්තියෙ එකෙකුට.....හැබැයි මොනවා උනත් හෙණ නෝණ්ඩි සීන් එක.......

මම කියන්න යන මිනිහට අපි "ඉසුරු" කියමුකො.....

ඔය ඉසුරු කියන චරිතේ ඉන්නේ අපේ ක්ලාසේ එකේ.... මිනිහා අපේ ක්ලාස් එකේ ඉන්න කෙල්ලෙක්ට හෙනම ලයින්, ලයින් නෙමෙ මූ ඒකිට ලව්...... කෙල්ල හෙන චාටර් ඩයල් එකක්... කොටින්ම කිව්වොත් ඒකි බඩ්ඩක්... හරිය............

අනේ ඉතිං අර ඔටුවා (ඔටුවා කිවෙ ඉසුරුට ඈ..) මේකිගෙන් යාලු වෙන්න අහලා මේකි බෑ කිව්වාම අම්භානක අඩපු බොහෝම ලාමක. ඔක්කොම අපේ ක්ලාස් එකට නෝන්ඩි කරගෙන චාටර් උන චරිතයක්..අපි දවසක් දැදුරු ඔයේ සෙට් උන දවසෙත් උගේ නපුසක කම පෙන්නලා දීලා කොල්ලෙක් වගෙ හිටපන් කියලා, දෙන්න පුළුවන් උපදේස එහෙමත් ඔක්කෝම දුන්නා..... මූත් "ඕව් බං මට තේරෙනවා ඒකි හෙන බඩුවක් බං, මම ඒකිට රැවටුනා...ඕකිට හොදක් වෙන්නෙ නෑ" වගේ අනං මනං කථා ගොඩාක් කියලා අපිත් එක්ක හෙනටම ටෝක්ස්  දුන්නා (සමහරවිට බීලා හින්ඳද දන්නෑ :P)......

කොහොම හරි ඔය සිද්ධිය වෙලා සතියක් 2ක් 3ක් ගතවුණා... මූ අරකිගේ මූණවත් බලන්නෑ....අපි හිතිවෙ "ආ හරි මිනිහා දැන්නම් හැදිලා" කියලා....

ඔය අතරේ දවසක්............

අර කෙල්ල ක්ලාස් ආවෙ නෑ, අපේ ඉසුරවා ක්ලාස් එකේ ඉන්නව... එදා උදේ වරුවෙ මොකුත් ඉගැන්නුවෙත් නෑ....ඔය අතරේ අපේ එකෙක් එදා ටිකක් පරක්කු වෙලා ආවා...... මූ හෙන මිදි ගොඩාක් ගෙනල්ලා මුළු පන්තියටම බෙදුවා, ඉසුරුවටත් ගෙඩියක් දෙකක් දුන්නා......

ඉසුරුවා බැලුවා මිදි ගෙඩි ටික දිහා..... අර මිදි දුන්න එකාගෙන් ඇහුවා

ඉසුරු - ඒ උඹට කොහෙන්ද බං මේ මිදි ?

මිදි දුන්න එකා - මට මයුරි (කෙල්ලගෙ නම) බං දුන්නේ.....

ඉසුරු - අඩෝ......... ඒ මං අද උදේ ඒකිට කන්න අරං දුන්න මිදි බං.......

හිකිස් :D :D....අරූට අරකී දීලා අපි මේ කන්නේ අපේ ඉසුරුවා මයුරිට කන්න අරං දුන්න මිදී..... අනෙ අනිච්චං.....අරූ සල්ලි වියදම් කරලා අරකිට අරං දුන්න මිදි ටික අන්තිමට කෑවෙ අපි...හික්ස්........

තව ඉසුරුවා ඒකිට අරං දුන්න කීයක් නම් දේවල් මේකි ඔහොම විසික් කරන්න ඇද්ද ? ..... අරූ විහිං බයිට් වෙනවා......හික්ම තමා... :D

ප.ලි - වෙලාවට මිදි ටික පන්තියෙ එකෙකුටම දුන්නේ........ නැත්තං විසික් කරනවනේ. ඒතකොට කාටවත් නෑ...... ඒක නම් වෙලාව නේ... :D

Aug 27, 2011

ඇතුගල්පුරවරය නොහොත් කුරුණෑගල෴


ද මම කියන්න කල්පනා කලේ මම ජීවත් වෙන නගරය ගැන පොඩි පොඩි විස්තර ටිකක්..........අවුලක් නෑනේ :D.............

මම ජීවත් වෙන්නේ කුරුණෑගල...... කුරුණෑගල කියන්නේ වයඹ පළාතේ අගනගරය. වයඹ පළාතේ අනිත් නගරය වෙන්නේ පුත්තලම......ඔය නගර දෙක අතර 90KM විතර දුර පරතරයක් තියෙනවා.......

කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවෙ ප්‍රධානම ගමන් සංධිස්ථානයක්.... ඒ A10 හා A6 මහා මාර්ග දෙකක් එකිනෙකට මාරු වෙන සිථානයක් වීම නිසා......කුරුණෑගල නගරයේ සිට ප්‍රධාන නගරයක් ගමනාන්තය වන මාර්ග පිහිටා තිනෙබවා (ඒ කියන්නේ එක බස් එකේ ගමන).........

ඒ නගර වෙන්නේ......
  • කොළඹ
  • මහනුවර
  • දඹුල්ල, ත්‍රිකුණාමලය
  • මීගමුව
  • පුත්තලම
  • අනුරාධපුර
කුරුණෑගල නගරයේ වැදගත්කම ගැන කථා කළොත්........

කුරුණගල නගරය ගොඩාක් ප්‍රසිද්ධ ඇතුගල නිසා....... ඇතුගල කිව්වොත් රටේ කොහෙ කෙනෙක් උනත් දන්න තරමට ඒක ප්‍රසිද්ධයි....... කුරුණෑගල තමා ශ්‍රී ලංකාවෙ ලොකුම පොල් නිශ්පාදකයා වෙන්නේ...... පොල් ත්‍රිකෝණයට අයත් වන හලාවත, කොළඹ, කුරුණෑගල නගර තුනෙන් වැඩියෙන්ම පොල් නිශ්පාදනය සිද්ධ වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ.......

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතීතය ඉතාමත් ඈතට දිවයන්නක්. පඩුවස්නුවර, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල යන අතීත ශ්‍රි ලංකාවෙ ප්‍රධානතම රාජධානි පිහිටීම මගින් පැහැදිලි වනවා......

කුරුණෑගල ක්‍රීඩා සම්බන්ධව......

කුරුණෑගල නගරයේ ඇති ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන්නේ වෙලගෙදර ක්‍රීඩාංගනයයි.......
ඊට අමතරව අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පිට පිට තුන් වතාවක් ජයග්‍රහණය කල කණ්ඩායම වන්ණේද කුරුණෑගල ප්‍රමුඛ Wayamba Wolves කණ්ඩායමයි.........

අධ්‍යාපනය.....

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම අධ්‍යාපන ආයතනය වන්නේ වයඹ විශ්වවිද්‍යාලයයි......

Aug 26, 2011

යොවුන් ආදරය හා යොවුන් කන්තා මානසිකත්වය


මාතෘකාව දැක්ක ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අද කියන්න යන්නෙ මනෝ විද්‍යාව ගැන කියලා........ඇත්තටම මම නම් මනෝ විද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නෑ......ඒ කියන්නේ මම කියන්න යන්නේ මනෝ විද්‍යාව ගැන නෙමේයි.

ඒත් මම කියන්න යන දේ සමහරක් විට මනෝ විද්‍යාවට පොඩි හරි සම්බන්ධකමක් දකවනවා වෙන්නත් පුළුවන්.........ඒ කියන්නේ මාතෘකාවට අදාල කෙල්ලොන්ගේ මානසිකත්වය....

ඇත්තටම මම අද කියන්න බලාපොරොත්තු වෙන්නේ යොවුන් වයසේ යෞවන යෞවනියන් අතර ඇති වන අඳරය ගැන මට හිතෙන දේ.......... ගෑණූ ළමයෙකුට ඇත්තටම ආදරය කරන පිරිමි ළමයින්ගේ ජීවිතය සෙල්ලමකට ගන්න කුප්ප කියා හදුන්වන්න පුලුවන් කෙල්ලො ගැන.....ඒ කෙල්ලො නිසා විනාශ වන කොල්ලන්ගෙ ජීවිත ගැන.......

සාමන්‍යයෙන් වයස අවුරුදු 16දී විතර හරි ඊට කළින් හරි කොල්ලෙක් කොහෙන් හරි කෙල්ලෙක්ව දැකලා ඒ කොල්ලට ඒ කෙල්ල ගැන ආදරය හිතේ ඇති වෙනවා...... ඊට පස්සෙ ඒ කොල්ලා ඒ කෙල්ල ගැන හොයන්න පෙළබෙනවා.....සෑහෙන කට්ටක් කාලා කොහොම හරි කෙල්ල ගැන විස්තරයක් කොල්ලා හොයා ගන්නවා......ඔය අත්දැකීමට බහුතරයක් පිරිම ලමයි මුහුණ දෙනවා....

දැන් විස්තර එහෙම ඔක්කොම හොයා ගත්තට පස්සෙ තියෙන ලොකුම ප්‍රශ්ණේ කෙල්ලෙගෙන් අහන එක...... ඒ කාලෙට අපේ හිත්වල තියෙන ගැස්ම ගැන කියන්න ඔනේ නෑ නේ........

ඔය විදියට හෙනම කට්ටක් කාලා කොල්ලා කෙල්ලගෙන් කැමැත්ත අකමැත්ත අහනවා........ ඒ උණාට කෙල්ලො දන්නේ නෑ කොල්ලො ඔය විදියට සෑහෙන කැටු කන්නේ ඇයි කියලා..... ඒ වෙන මොකටවත් නෙමෙ කොල්ලා බොක්කෙන්ම ඒ කෙල්ලට ආදරය කරන නිසා...........

ඔක්කොටොම නෙමෙ බහුතරයක් කෙල්ලෙන්ට ඕක හෙනම හෙන ෆන් එකක්, ජෝක් එකක්...... කොල්ලෙක් පස්සෙන් ඇවිල්ලා ඒ කෙල්ලගෙන් අහනවා කියන එක උන්ට හෙන ආතල් එකක්.....ඒක නිසා හිතට එකඟව හරි එකඟ නැතුව හරි කෙල්ල කොල්ලට කැමත්ත ප්‍රකාශ කරනවා......

ඒ කෙල්ල ඒවෙලේ ඒ කොල්ලට කැමැත්ත දෙන්නෙ හිතට එකඟවද...... නෑ........ ඒ කෙල්ල ඒ වෙලේ හිතනවද මම මේ සෙල්ලම් කරන්න හදන්නෙ තවත් මම වගේම මනුස්ස ජීවිතයක් එක්ක කියලා...... නෑ....උන් එහෙම හිතන්නෙ නෑ..... උන්ට ඔනේ කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක් ගන්න.......

සමහරවිට ඒක ඒ කොල්ලො කෙල්ලෙකුගෙන් ආදරය ඉල්ලපු පළවෙනිවතාව වෙන්න පුලුවන්.... ඒත් කෙල්ලගෙ එහෙමද........ ඒ කෙල්ල ඒ වෙනකොට කොල්ලෙක්ට හා කියපු 10වෙනි වතාව වෙන්න බැරි නෑ..............

ඊට පස්සෙ කරන්නෙ අර අහිංසක අසරන කොල්ලව "බයිට්" කරන එක.....

ඔන්න ඕකයි අද සමාජයේ බහුලව දකින්න ලැබෙන තත්වය...... ගොඩාක් කොල්ලො අසරණ වෙලා තියෙන්නෙ ඔය කියන කුපාඩි ගති පැවතුම් තියෙන ගස්තර කෙල්ලො නිසා.......

ඔය විදියට මනුස්ස ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ අවජාතක කෙල්ලො මිසක් හොද දෙමාපියන්ට දාව උපන් හොද හැදිච්ච ගෑණූ ලමයි නෙමෙ........

මම මේක ලියන්න හිතුවෙ මාත් ඔය අත්දැකීමට මුහුණ දුන් කෙනෙක් නිසා..... එහෙම උණාම හිතට දැනෙන අසරනකම දන්න නිසා......

ඔහොම කරන කෙල්ලොන්ට ජාති ජාතිත් හරි යන්නේ නෑ....... මැරෙන්න තප්පරේකට හරි කළින් හෙන ගහනවා........

ප.ලි - ඉහත සදහන් කර ඇත්තෙ අද සමාජයේ 95% කෙල්ලො ගැන පමණී. 5% හොද අයද නැතුවා නොවේ...........

Aug 25, 2011

අපේ රටේ දේශපාලනය නොහොත් ඒකාධිපති පවුල් වාදය.....

හප්පා.......සෑහෙන කාලෙකින් මොනවත්ම ලියන්න බැරිඋනානේ :/....... අද මම ලියන්න යන්නෙ ටිකක් විතර ට්‍රැක් එකෙන් පිට සබ්ජෙක්ට් එකක් ගැන. ඒ ගැන නොකියම බැරි නිසා ලියන්න ඔනේ කියලා හිතුණා......

අද මම ලියන්න යන්නෙ ටිකක් විතර...... නෑ නෑ ගොඩක් විතර අපේ රටේ දේශපාලණයට සම්බන්ධව.........

ඉස්සෙරලාම කියන්න ඔනේ දෙයක් තියෙනවා, මම කිසිම පක්ශයකය සහයෝගයට නෙමෙ මේවගෙ එකක් ලියන්නේ. මම මේක ලියන්නෙ රටට ආදරය කරන ස්වාධීනව මතයක ඉන්න දේශපාලන අසාධාරණයන්ට ලක්වුන සාමාන්‍ය මනුස්සයෙක් විදියට කියන එක.........

ඇත්තටම දැන් අපේ රටේ දේශපාලනයක් තියෙනවද ?

ඔය ප්‍රශ්ණේට හරිම උත්තෙරේ නෑ කියන එක. මොකද අද අපේ රටේ තියෙන්නෙ දේශපාලනයක් නෙමෙ, අඩු තරමේ ඒ වගේ එකක්වත් නෙමෙ. අද තනිකරම තියෙන්නේ පවුල්වාදයක්, ඒකාධිපතිවාදයක්.......... අනිවාර්යයෙන්ම එහෙම කිව්වම මළ පනින කොටසක් ඉන්නවා.....එක මම හොඳාකාරවම දන්නවා (කඩේට.... නෑ නෑ සුපර් මාකට් එකට යන අයට මල පනිවී) . ඒත් ඇත්ත එකයි...........

ඒත් කියන්න ඔනේ දෙයක් තියෙනවා..... ඇත්තටම වර්ථමාන ජනාධිපතිතුමා හොඳයි. එතුමා L.T.T.E ය විනාශ කරන්න මූලික වෙලා කටයුතු කළා....ඇත්තටම ඒක එතුමව අඳහන්න ඔනෙ කාර්යයක්....... එත් ඒක එකම එක තුරුම්පුව කරගෙන ඒ පුද්ගලයාගෙ ඇතිවුණ වෙනස් වීම, ඇතිකර ගත්ත දේශපාලන කුහකත්වය කොහොමටවත් පිලිගන්න පුළුවන් එකක් නෙමෙ........

මුලින් කිව්ව විදියට ජනාධිපතිතුමා නායකත්වයෙන් L.T.T.E ය විනාශ කරන්න මූලික වෙලා යුධ පිටියට බැහැලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා සටන් කලේ ත්‍රිවිධ හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුඳාපතිවරු........ විශේෂයෙන්ම යුධ හමුධාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා.......... ඇත්තටම එතුමා අනිත් දේශපාලකයින්ගෙ ලණුව ගිලලා දේශපාලනයට ඇවිත් තමන්ගේම හමුදාවට බොරු චෝදනා කරලා කලේ ලොකු වැරැද්දක් තමා ඒත්.....................
කේ.පීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට සාපේක්ශව සරත් ෆොන්සේකා මහත්තයා කලේ වැරැද්දක්ද ???????

එතුමා ඒ කල වැරැද්දට මේ දෙන අමානුශික දඩුවම් වලට සාපෙක්ශප කේ.පීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට දෙන්න ඔනේ මොන වගේ දඩුවම්ද ???

ඒත් අපේ ජනාධිපතිතුමා ඒ අයට සුර සැප දෙනවා... ඒ ඇයි ????

ඒ අය කලේ වැරැද්දක් නෙමේද ???

අරන්තාලාමේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම, කුඩා ළමුන් අමු අමුවේ ඝාතනය කිරීම සරත් ෆොන්සේකා මහත්තයා කල වැරද්දට සාපේක්ශප ඉතා සුළු වැරදිද ?????

මේ තියෙන්නේ ඒ මිනිමරු කොටින්ට අපේ ආණ්ඩුවෙන් දෙන තෑගී....

මේවා හරිම සාධාරන දේවල් නේද ???????............

ඒ කොටින්ට හා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට සලකණ හැටි......

ලඟට පවුල්වාදය......

ජනාධිපති රාජපක්ෂ, කථානායක රාජපක්ෂ, ආරක්ශක ලේකම් රාජපක්ෂ, කැබිනට් ඇමතිවරු පවා සර් කියා ආමන්ත්‍රණය කරන මන්ත්‍රී රාජපක්ෂ...... මේ ඔක්කොම පවුල්වාදයේ මූලික අඩිතාලම නෙමේද ????

ජනාධිපති පුතා ජාතික සම්පතක්වන සිංහරාජය දෙකට කරන්න යන එක කරන්න ලැබුණේ කාගෙ හයියකටද ?

තමන්ගේ තාත්තා ජනාධිපති කියලා පුතාලාට තමන්ට ඔනේ විදියට රටේ සම්පත් විනාශ කරන්න හැකියාව ලැබුණේ කවදා ඉදලද ? මේවා පවුල්වාදය නෙමේද ??

ඒ බොහොම පොඩි දේවල් ටිකක්......

ලඟට රටේ සංවර්ධනය............

අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මාතලේ, මහනුවර, නුවරඑලිය....etc. කියන්නෙත් අපේ රටේම නගර දිස්ත්‍රික්ක, ඒවට ලැබුනේ මොනවගේ සංවර්ධන ව්‍යාපෘතිද ? ඒ එක්ක බලනකොට හම්බන්තොටට ලැබුණේ මොන වගේ සංවර්ධන ව්‍යාපෘතිද ? ....... 

සියල්ලම ලැබුණේ හම්බන්තොටට නෙමේද ?

හැම කෙනාව තමන්ගෙ ගමට මූලිකත්වය දෙන එක සාධාරණයි, නමුත් ගමට කරන ගමන් රටේ අනෙකුත් පලාත් වලටත් කරන එක නේද යුතුකම. මේ ශ්‍රී ලංකාවෙ දිස්ත්‍රික්ක 25ක් තියෙන වග වර්තමාන ආණ්ඩුවට අමතක වෙලා. ඒ අයට අනුව අපේ රටේ තියෙන්නෙ හම්බන්තොට කියලා එකම එක දිස්ත්‍රික්කයක් විතරයි........

ටිකක් හිතලා බලන්න මේ ඔක්කොම ඒකාධිපති/පවුල් වාදය නෙමේද ?..........

අපේ රටේ අනාගතය කොයිබටඳ ?

ඒකාධිපතිවාදයට විරෝධී අය ඉන්නවනම් මෙතන click කරන්න....

ප.ලි :- මෙය මාගෙ පෞද්ගලිකමතය බව කරුණාවෙන් සලකන්න.......



Aug 24, 2011

ගොඩාක් තැන්ක්ස් වේවා!!!



මම මේ blog කෙරුවාව පටන් ගත්තේ බොහොම ආසාවෙන්. ඒක නිසා මම එක දිගට ලිව්වා, මට මේ වෙනකන් උන හැම දියක් ගැනම ලිව්වා, මේ වෙනකන් කෙලපු හැම පිස්සුවක් ගැනම ලිව්වා......

ඒ හැම post එකකටම වාගේ සෑහෙන්න හොද ප්‍රතිචාර තිබුණා.

ඒවගේම කියන්න ඔනෙ දෙයක් තමා ඊයෙ මගෙ blog එකේ followersලා 50 පැන්නා....... ඒ වගෙම hits 2600ත් පැන්නා........

ඒ ඔක්කෝමලාටම ගොඩාරියක් තෑන්ක්ස් වේවා !!!!!!!

තව ඉස්සරහට හොඳ හොඳ කථා ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.......

මීට මම......

Aug 19, 2011

තවත් එක් බීමක්....


කලින් ක‍තා දෙකේම මම කිව්වෙ කිං හන්තර්ර් බලන්න ගිහින් උන හුටස්පරනේ... නැද්ද... මොනා උනත් මේ අපේ උන එක්ක ඉන්නකොට කියන්න තරම් වෙන සිද්ධි නම් අනන්තයි අප්‍රමාණයි......

අදත් කියන්න යන්නෙ උන් එක්කම කරපු තවත් එක්තාරා විදියක අමන (අමන නෑ හරී) ක්‍රියාවක් ගැන විස්තරයක්.....මොනවා උනත් නියම ෆන් එක. කලින් කථාවක මම කිව්වනේ අපේ සෙට් එකත් එක්ක ගිය ගමන් ගැන කථාවක්, මේකත් අපි ගිය ගමනක් ගැන කථාවක් ඈ....ඇත්තටම කිව්වොත් අනිතමට ගිය ගමනට කලින් ගමන ඈ......

ඔයාලට මතක ඇතිනේ අපේ සුභයා..............ආන්න හරි අර ෆිල්ම එක අනිත් පැත්තට ඉදගෙන බැලුවෙ, ආන්න ඌ තමා මේ ගමන සෙට් කලේ........... මගෙ අර කලින් අපෙ සෙට් එකත් එක්ක ගිය ගමන් කථාව කියවපු අර දන්නවා ඇතිනෙ අපේ කස්ටියට අඩුම ගානේ මාසෙකට එක සැරයක්වත් සෙට් වෙන්න ඔනෙ කියලා.....ඔහොම ඉන්න කොට තමා සුභයා යෝජනාව ගෙනවෙ යමු "දැදුරු ඔයට" කියලා.....(අපෙ සුභයා ඉන්නෙ දැදුරු ඔයට ටිකාක් එහා)....

මුලින්ම යෝජනාව දාලා තිබුණේ සුභයගෙ යාළුවෙකුගෙ ගෙදර ගිහින් සෙට් වෙලා නා ගන්න ඔයට එමුය කියලා. ඒත් ඒ ගෙදර කොල්ලගෙ අම්මා එදා ගෙදර කියලා එහෙ යන්න උණේ නෑ....... කොහොම හරී තීරනය කලා ඔයටම ගිහින් සෙට් වෙන්න.....

හ්ම්ම්ම්.....මට අපි ගියපු දවසනම් හරියටම මීටර් නෑ කොහොම හරි නිවාඩු දවසක වෙන්න ඔනේ ගියේ. මුලින්ම යන්න හිටිටියේ අපේ තඩ්ඩායි (අර ජොයින්ට් ගුණේ ඈ), සුභයයි, මායි, රසිකයි විතරයි. පස්සෙ කොහොම හරි ඉසුරුවයි, රාජයි, දිය ලබ්බයි, පොඩි මාමයි ආවා කන බොන උන් විදියට. කන ඒත් නොබොන උන් විදියට අපේ අසංකයයි, නිශාන්ත අයියයි, ලොකු මාමයි, කසුනයිත් ආවා....... කොහොම හරි දැන් ඔකොම 12ක් නැත්තං 13ක් ඉන්නවා......

෴මේ බණ්ඩාරවෙලින් ගත්ත එකක් ඈ෴
කට්ටිය උදේම ආවා බස් ස්ටෑන්ඩ් එකට (කෝල පාට පඩිපෙල කියපුවාම මුළු කුරුණෑගලම දන්නවා.....හික්...අන්න එතෙන්ට තමා අපිත් සෙට් උනේ...). කොහොම හරි අපෙ අසංකයා එන්න පරක්කු නිසා, මායි තඩ්ඩයි සුභයයි ගිහින් අවශ්‍ය කරන කලමණා කාරිය අරගෙන ආවා (Black Opel 2 1/2, වඩේ 50 මුරුක්කු පැකට් 2යි, ප්ලාස්ටික් කෝප්පා ටිකයි).... ඒ එනකොට අරුත් ඇවිත් නිසා 10ට නැත්නං 10.30 අපි ඕං යනවා ඈ.......

ඔය ලඟින් බැහැලා ගියා ටිකක් ඇතුලට වෙන්න, මොක්ද නැත්තං අපිව පේන්වා, නැතත් සුභයට අවුල්නේ ගමේ මොකෙක් හරි දැක්කොතින්...ඒක නිසා සෑහෙන්න ඈතට ගියා.....

ඊට පස්සේ ඕං නමෝ විත්තියෙන් වැඩ ආරම්භකලා....."වෙරි වෙත්වා" කියලා පළ්වෙනි ශොට් එක නමා ගත්තා.... අපේ තඩ්ඩා සිප්‍රයිට් එක කඩපුවාම එන පෙන ටික බෝතලේට දැම්මා....අඩේ තිත්ත ගතිය අඩු වෙලා ගියා ඕයි.. ඒක නිසා අප්පිරියාවක් නැතිව කෝප්පෙන් එකක් එකපාරම නමා ගත්තා......

ඔය අයිනේ හින්දද කොහෙද අම්භානක හුළඟ.....ටිං ගානකොට වදිනවා......අප්පා......සැප කණේ...... මට ශොට් 4 දානකොට නස්පෙට වැදිලා.....

හොදම ෆන් එක දුන්නෙ අපේ දිය ලබ්බා....ඌ හෙන උසයි අඩි 6 වැඩිද මන්දා...... ඌ හෙන පොඩි ශෝටක්  ගහගෙන ඉදගන්න බැරිව එහෙට මෙහෙට වැනෙනවා පොල් ගහක් වගේ, බලාගෙන ඉන්නකොට හිනා යනවා........හික් හික් :D...... මම කලින් කිව්වනේ බෝතල් 2 1/2ක් ගත්තා කියලා, ආයි බොරු කියන්න මොකටද භාගේ බෝතලේ කඩනවවත් මම දන්නෑ ඈ :D :D........(කබරය ටිකකුත් ගියා ඈ)........

දැන් කට්ටියන්ටම උපරිමයි.....සැප කණේන් බේරෙනවා පේනව....... අන්තිමට දැන් නෑම.....මාර සීන් එක එකෙකුටවත් ඔයට බැහැ ගන්න බෑ.....දෙයියෝ බලලා වගේ අර නොබොන උන් ටික එක්කං ආවෙ. මායි දිය  ලබ්බයි අපේ ලොකු මාමත් එක්ක ඔයට බහින්ඩ යනවා.......අරූ නිකං යන්නේ කැලෑ එලිපෙහෙලි කරගෙන.... :D... ඒ අස්සෙ පොඩි මාමා ලොකු මාමාට බයිනවා " අඩෝ උබ මුන් දෙන්නව පරිස්සමට එක්කං පලයං නැත්තං තොට හු**වා කියලා :D)......

කොහොමින් කොහොම හරි ඔක්කෝමලා දැන් ඔයට බැහැලා නානවා....ඒ අස්සෙ අර දිය ලබ්බා ඔළුව ගලක වද්දගෙන කියලා ආරංචියක් ආවා ඌව බලන්නවත් අපිට හැකියාව තිබුනේ නෑ. තව කට්ටියක් මම ඇතුලුව වැලි නානවා......වැලි එහෙම නාලා අහවර වෙලා කොහොම හරි ඒ අස්සෙ අපි ටික දෙනෙක් ඔයේ උඩහට ගියා, අනිත් උන් ටික පල්ලෙහා.......

අපේ රාජා ගලක් බදාගෙන ඒක ඉබිනවා උම්මා උම්මා කිය කියා :D..... "ඒ රාජෝ ඔය ගලක් බං ඕක ඉබින්ඩ එපා යකෝ, ඔය උබේ කෑල්ල නේමේ....හික් හික්.."

සුභයා වතුරෙ නිදි....එක පාරට ඇහැරිලා අපි දිහා බලාගෙන රවාගෙන ඉන්නවා...එක පාරට ආයි නිදි.....ආතල් කෝටියයි.... :D......

ඒ අස්සෙ තඩ්ඩා අසංකයත් එක්ක එක්කහු වෙලා ගහගෙන ආපු පොලයක් ලෙලි ගහනවා.......(අනෙ උන් ලෙලු ගහන පොල් :D).....

අන්තිමට වතුරේ නිදාන හිටපු එවුනුයි, කෑල්ල කියලා හිතලා බදාගෙන ගල් ඉබපු එවුනුයි පොල් ලෙලි ගහපු එවුනුයි ඔක්කොමලාවම ඇද ගෙන ආවා ගොඩට....අපි එනකොට පොඩි මාමට හොදටම වැඩි වෙලා කියලා කසුනා ඌවත් ඇදගෙන යන්න ගිහින්......

ඒ අස්සෙ දිය ලබ්බා ගහකට හේත්තු වෙලා මොනවද කනවා...

තඩ්ඩා - ඒ....මොනවද බං උඹ ඔය කන්නේ.....

දිය ලබ්බා - මුරුක්කු බං මුරුක්කු..

තඩ්ඩා - කොහෙද බං තිබුනේ ඈ ??

දිය ලබ්බා - වමනේ ගොඩක් උඩ යකෝ....

සංසාරගතයි ඕයි.... අරූ වෙරි මතේට වමනෙ ගොඩක් උඩ තිබුණ මුරුක්කු පැකට් එක අරගෙන කනවා :D :D......

අන්තිමේට ගෙනාපු බතුත් පුළුපුළුවන් විදියට කාලා 3ට නැත්තං 3.30 එන්න ආවා....එනකං කට්ටිය බස් එකේ නිදී.....

මාත් ඒ ගෙදර ආපු පිම්ම ආයි නාගෙන නිඳා ගත්තා...නැගිට්ටේ පහුවදා උදේම තමා....


ප.ලි - මේ කථාවෙ ඉන්න එකෙක්වත් බේබද්දෝ නෙමෙ. කොල්ලො විදියට පොඩ්ඩක් ෆන් එක ගන්න ඉදලා හිටලා සෙට් වෙනෆන් කොල්ලො සෙට් එකක් විතරයි....


Aug 18, 2011

අඩේ මචන්.... ඒ මගේ කෑල්ල බං...


මම මේ කියන්න යන කථාව උනෙත් අර කලින් කියපු කථාව උනා වගේම කිං හන්තර්ර් බලන්න ගිය දවසේම තමා. හැබැයි මේක උනේ ෆිල්ම් එක බලන්න කලින්, හෝල් එක ලඟින්.....

මම කළින් කථාවේ කිව්වා වගේම අපේ ක්ලාස් එකේ කොල්ලො 3/4ම වගේ ගියානෙ මේ ෆිල්ම් එක බලන්න.....

ෆිල්ම් එක පටන් ගන්නෙ දෙකට හරි දෙක හමාරට හරි, හරියටම මතක නෑ. අපි කියමුකෝ 2.30 කියලා ඈ....
කොහොම හරි අපි කට්ටිය ටිකක් කලින්ම ආවා ෆිල්ම් හෝල් එක ලඟට. ඒ කියන්න කලින් 10.30 එක ඉවර වෙන්න කලින් වගේ....ඒ කියන්නෙ 1.30ට විතර ඈ......

දැන් ඉතින් ආයි වෙන කොහෙවත් ගිහින් එන්නත් වෙලා නැති එකේ අපි හෝල් එක ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ හෝල් එකේ ගේට්ටුව ඉස්සරහට වගේ වෙන්න කට්ටිය පොඩි චැට් පාරක් දාගෙන ඔහෙ ඉන්න කොට කලින් එක ඉවර වෙලා කට්ටිය එලියට එනවා.....එකපාරටම අපේ දශ්ඨයා.... "ඒ බලපල්ලකෝ බං අර කොල්ලත් එක්ක එන කෑල්ල...මොකක්ද දන්නෑ අතේ අර ඔත ඔතා එන්නේ" කියලා කියපි.......ඒත් එක්ක අපි ඔක්කොම ඒ දිහා බැලුවා........

ඒත් එක්කම අපේ රසික මලයා...."
අඩේ මචන්..... ඒ එන්නේ මගේ කෑල්ල බං'" කිව්වා......... මලලසේකර, මාර කේස් එක ඕයි.....අපි ඔක්කෝමලාටම අස්පට් උන සීන් එකට. රසිකයට දැන් ඇඩිලා. කෙල්ල මූව දැක්කේ නෑ වගේ සත 5 ගණන් නොගෙන ගියා. ඒ කොල්ලාත් මූ දිහා බලලා නක්කලේට වගේ හිනා වෙලා යන්න ගියා...... අපේ උන්ට දැන් අම්බ මල.. අරූට දෙකක් අනින්නමයි හිත......

ඒ අස්සේ අරූ අඩනවා....(පව් යකෝ ඇඩුවට ඌ එහෙම එකෙක් නෙමේ).... ඌ බොක්කොන්ම ලව් කරපු කෙල්ල.....ඒ අස්සෙ ඌ ඒකට කෝල් කරනවා, ඒකි ෆෝන් එකත් ඕක් කරලා..... ඊට පස්සෙ අපේ රසිකයා අසන්කයවත් ඇදගෙන අරුන් දෙන්නා පස්සෙන් ගිහින් අරකිට කථා කරන්න හැදුවා.....ඒත් එතකොට උන් ගිහින්.......

පස්සේ අපි ෆිල්ම් හෝල් එක ඇතුලට ගියා. මට පේනවා අරූ කෝල් එකක් අරගෙන වගේ අරකිත් එක්කද කොහෙද කථාව.....(මට මළ පැනලා හිටියේ ඔය වගේ ජරා කෙල්ලෙක් එක්ක තව මොනවා කථා කරනවද කියලා).....

පස්සෙ ෆිල්ම් එකේ ඉන්ටර්වල් එක වෙලේ මම ඇහුවා රසිකයගෙන් "මොකෝ බං අරකි කිව්වෙ" කියලා.... ඒකි කිව්වලු හම්බවෙලා පොඩ්ඩක් කථා කරන්නයි ගියේ කියලා..........

අනේ නෙදකින්...මෙච්චර විසාල නගරේ මුන් දෙන්නට නිවාඩු පාඩුවෙ කථා කරන්න තිබුනේ ඔය ෆිල්ම් හෝල් එක විතරනේ.......මූට ලව් කර කර වෙන එකෙක් එක්ක ෆිල්ම් හෝල් ගානේ රිංගන කෙල්ල. එකෙන්ම බඩුවක් කියලා ඔනෙ එකෙකුට තේරෙනවානේ.....අපි ඕක රසිකයට 1000 වතාවකට වඩා කිව්වා. ඒත් ඌ තේරුම් ගන්නෑ.....ඌ අඩනවා.....පව් කියලත් හිතෙනවා.......

පස්සෙ ආයි සතියක් විතර යනකොට ඌ ඒකිව සෑහෙන්න දුරට අමතක කරලා තිබුණා....ඒක ලොකු දෙයක් මොනවා උනත්.......

ඒත් මම මේ කථාවෙන් තේරුම් ගත්ත දෙයක් තමා මට උන දේවලුත් එක්ක බලන කොට කෙල්ලො කියන්නෙ කොහොමත් මහ විලිසංගේ නැති සත 5 විශ්වාස කරන්න බැරි අමන කුප්ප පජාති ජාතියක්........


කෙල්ලනේ.....යකෝ තමුන්ට බොක්කෙන් ලව් කරන අහින්සක කොල්ලන්ව සෙල්ලමකට ගන්න එපා.....උන්ව රවට්ටන්න එපා......තොපිට ඔව්ව මේ ආත්මෙදිම පඩිසන් දෙනවා.......හෙන ගහනවා යකෝ.....

Aug 16, 2011

මචන් ෆිල්ම් එක පේන්නේ අර පැත්තෙන්.....

ආහා.....කට්ටිය කොහොමද ?

මේ ටිකේම බ්ලොග් එකේ අනංමනං ලිව්ව නිසා ලියන්න කියලා දෙයක් ඔළුවට එන්නේ නෑ අප්පා.........මතක් කරගෙන යනකොට පොඩි සිද්ධියක් මතක් උනා, ඒක කියන්නයි සූදානම........

මගෙ කලින් කථාවක මම කිව්වෙ අපේ ක්ලාස් එකෙ ඉන්න සුභේ කියලා එකෙක් ගැන, මේ ඌගෙ සීන් එකක් ඈ........

දවසක් අපිට හවස පීරියඩ් එකේ මොකවත් තිබුනේ නෑ. ඉතින් පන්තියේ කොල්ලේ සෙට් එක කථා උණා කිං හන්තර්ර්ර්ර් බලන්න යමු කියලා..... එත් දන්නෙ නැද්ද එක එකා පස්ස ගහනවා....කොහොම හරි පන්තියෙන් 3/4ම ඇදගෙන කට්ටිය ෆිල්ම් එක බලන්න ගියා......

අපේ සුභයට කෑල්ලක් ඉන්නවා. එත් ඉදා ඉතින් මේකා ගියෙ අපිත් එක්කනෙ ඒක නිසා කෑල්ල නෑ...මූ දැන් ආයි මොකුත් නෑ 1948 නිදහස ලැබුණා වගෙ එහෙටෙ මෙහෙට හැරී හැරී ටිකට් පොළිමේ ඉන්න කෑලි දිහා බලනවා.........

ඔය අතරේ කියනවා අපරාදේ බං මටත් කෑල්ල එක්ක එන්න තිබුනේ කියලා........ (හිකිස්ස්ස් අපිට ඉතින් එහෙම කියන්න තියා හිතන්නවත් කෑල්ලක් ඉන්න එකක්යැ).....

සුභයට දැන් ඉන්න බෑ කෙල්ලො දිහායි කපල් දිහායි බලනවා ඇරෙන්නෙ......කොහොම හරි ටිකට් අරගෙන හෝල් එක ඇතුලටත් ගියා......ඒ තරම් සෙනඟක් නෑ. අපි සෙට් එක පිටි පස්සෙම පොළිම් 3 ඉද ගත්තා.....මායි තඩ්ඩයි, සුභයයි පිටී පස්සෙම පෝලිමේ ( තව අපේ දශ්ඨේ එහෙමත් හිටියා).......

කොහොම හරි දැන් ෆිල්ම් එක පටන් ගත්තා......ඒත් යකෝ මෙන්න සුභයා අනිත් පැත්ත හැරිලා.....මාර කේස් එක......මම කථා කළා...

මම - ඒ සුභේ.....

සුභයා - ඈ....ඇයි බං ??

මම - මොකෝ බං ඔය.......ෆිල්ම් එක පේන්නෙ අර පැත්තෙන්නෙ බං.....

සුභයා - චැහ්..ඕවත් ෆිල්මද බං මේවනෙ ෆිල්ම්....හොදට බලං හිටපංකෝ මේ බොක්ස් එක දිහා ඒක හෙල වෙනවා බං...ඇතුලේ ඉන්න උන් දෙන්න නියම ගේමක් ගහනවා ආසාවේ බෑ බං......

කියලා කියපි මේකා..... මට දැන්නේ වැඩේ මීටර් උනේ. මූ බොක්ස් එකකට ඔලූව දාගෙන ඒක ඇතුලේ ඉන්න කපල් එක කරන දේවල් දිහානෙ බලාන ඉන්නේ......මටත් මොකෑ මාත් හැරිලා ඒක දිහා බලාගෙන හිටියා.......(එහෙමටක කියලා දෙයක් නම් දැක්කේ නෑ බොක්ස් එක හෙළවෙනවා දැක්කා දඩස් බඩස් ගාලා සද්ද ටිකක් ඇහුණා....මොනා උනත් ආතල් වැඩේ...හිකිස්)

ඔන්න ඔහොමයි අපි කට්ටිය ෆිල්ම් හෝල්ස් වල ෆිල්ම් බලන්නේ :D

Aug 14, 2011

අතීතය සිහිනයක් පමණයි....

"අතීතය සිහිනයක් පමණයි සැබැ සුවඳක් නෑ"

ඒ.... කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සින්දුව......ඇත්තටම ඒක 1000% හරි.....අපි මොන තරම් නම් අතීතයේ සිද්දවුණ දේවල් ගැන හිත හිතා ලත වෙනවද......

මමත් එහෙම කාළකන්ණියෙක් තමා....ඒත් දැන් නෙමෙ මීට කාලයකට ඉස්සර.........මමත් මට වැරදුන තැන්, ඇත්තටම මම විසින්ම වරද්දවා ගත්ත තැන්, දේවල් ගැන හිත හිතා ගොඩාක් දුක් උණ කෙනෙක්......

ඒත් මම පස්සෙ තේරුණා මම ඇයි සිද්ධවුණු දේවල් ගැන හිත හිතා ලතවෙන්නේ, හැමදේම වෙන්නෙ මනුස්සයට, වරදින්නෙත් මසුන්න්සයට හරි යන්නෙත් මනුස්සයට.... ඒක ලෝක ස්භාවය....... ඒක නිසා සුද්ධවුණු දේවල් ගැන හිත හිතා අපි අපේ අනාගතේ නැති කරගන්න උවමනා නෑ....කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා....අපිට දෙයක් වැරදුනාට කවදා හරි හරි යනවා....... වැරදි වැරදි ඉගෙන ගත්තොත් තමා කවදා හරි ඒ දේ 100%ක් හරියට කරන්න පුළුවන්....

ඒක නිසා වැරදුනු දේ ගැන නැති උණ දේ ගැන හිත හිතා කම්පා නෙවී, අනාගතේ ගැන හිතලා කටයුතු කරන එක තමා සාර්ථක මනුස්සයෙක් වෙන්න නම් අපි අනිවාරයයෙන්ම කරන්න ඔනේ.........

මම මේ දේවල් කිව්වෙ. මේ විදියට දුක් විදින අය ඉන්න නිසා...මම ඔය දේ කිව්වෙ නිකම්ම නෙමෙ අත්දැකීමෙන්....එහෙමයි කියලා මම කියන්නෑ මම සාර්ථක මිනිහෙක් කියලා......ඒත් පහුගිය දේවල් ගැන හිත හිතා කම්පා නොවී ඉන්න නිසා මගෙ හිතේ විශ්වාසයක් තියෙනවා මට කවදාහරි සාර්ථක මිනිහෙක් වෙන්න පුළුවන් කියලා......

මේක කියවන කෙනා කවුරු උණත් එයා මම කිව්ව දෙයින් මොකක් හරි වටිනා දෙයක් ඔළුවට දා ගත්තනම් මට ඇති....මම මනුස්සයෙක්..මම කැමතියි තව මනුස්සයෙක් ලස්සනට ජීවත් වෙනවා බලන්න........

කෙනෙකුට මේ post එක කිසි වැදගැම්මකට නැති දෙයක් වෙන්න පුළුවන්........ මම ලිව්වෙ මට හිතුණදේ කෙනෙකුට යහපතක් වෙයි කියලා හිතුණදේ.......

Boring උණානම් සමාවෙන්න ඔනේ..........

Aug 12, 2011

෴ජීවිතය෴

මට හිතෙන විදියට ජීවීතය යනූ............

ඇත්තටම ජීවිතය කියන්නෙ මොකක්ද ? මම දන්න විදියට නම් ඒක සැහෙන දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්ණයක්......මොකක්ද මේ ජීවිතය කියන්නේ......??

Martin H. Fischer ට අනුව ජීවීතය කියන්නේ "Life is a ticket to the greatest show on earth". ඒත් ඒක එහෙමමද ?

සමහර අයට එය එහෙම වෙන්න පුළුවන්....ඒත් සමහර අයට ජීවිතය කියන ඒක ඔය කියන විදියට පෘතිවිය මත තියෙන ශ්‍රේෂ්ඨතම සංදර්ශණයට යන්න ලැබුන ටිකට් පතක් නොවෙන්න පුළුවන්...ඒක සමාජ යථාර්තය....

අපි කවුරුත් දන්න කියමනක් තමා "ජීවීතය කියන්නෙ විඳින්න තියෙන දෙයක් මිස විඳවන්න තියෙන දෙයක් නෙමේ" කියන එක.......

ඒත් ඒක එහෙමමද ?.................ටිකකට තමන් ගැන හිතලා බලන්න ? ඔයා ජීවිතය වින්ඳද? විඳෙව්වද?.......

සමහර විට ඔබ ජීවිතය වින්ඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක එහෙම උනානම් ඇත්තටම සතුටුයි, ඇත්තටම ඔබ වාසනාවන්තයේක්.......මෙතනදී මම ආත්මාර්ථකාමී වෙනවා වෙන්න පුලුවන්. මොකද මම ජීවීතය විඳවපු කෙනෙක්....

මම මගේ ජීවිතෙන් තවම මහ කාලයක් ජීවත් වෙලා නෑ. මම මේ ජීවිතෙන් 1/4 විතරයි ගත කරලා තියෙන්නෙ.
සමහර විට මේක කියවන කෙනෙක් හිතයි ඇයි මම මෙහෙම කියන්නේ මට අම්මා තාත්තා නැද්ද කියලා...ඇත්තටම මට ඒ දෙන්නම ඉන්නවා, ඒ දෙන්නා නිසා තමා මම සැනසීමක් ලබන්නේ.....

ඒ දෙන්නා මට ජීවිතේ ලබා දුන්නා....අදටත් මට කන්න බොන්න දීලා මාව ජීවත් කරවනවා.... ඒහෙනම් කවුද මට ජීවිතය එපා කෙරෙව්වේ ?....

ඒත් තව මනුස්ස පරාණයක්ම තමා.....අපි ඔක්කොම මිනිස්සු......ඇයි තව මනුස්සයෙක් තවත් මනුස්සයෙකුගේ ජීවීතය සෙල්ලමකට ගන්නේ ? ඇයි තව කෙනෙකුගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්නේ ?

මේකට පිළිතුරක් හොයාගෙන ඒක මේ ලෝකේ ඉන්න හැම කෙනාම ඒ පිළිතුර දැන ගත්ත දාට මේ ඔක්කොම නැතිවෙයි......ඒත් එහෙම වෙයිද ?

මේක තමා සමාජ යථාර්තය කියලා සද්ද නැතුව ඉන්න අයත් ඔනේ තරම් ඇති... ඒත් එහෙම සද්ද නැතුව හිටියාම තව අහින්සකයන් කී දෙනෙකුගේ ජීවිත නැති වෙයිද ?

මිනිස්සු ඇයි මිනිස්සුන්ටම මෙහෙම කරන්නේ ????

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ" කියලා මොහිදීන් බෙග් මහත්තයගෙ සින්දුවකත් තියෙනවනේ....

සමහර විට අපි ඔක්කොම මිනිස්සු එක වෙන්න ඇති හේතුව......

මම මේ කියපු දේ කාට හරි කෙනෙකුට කිසි තේරුමක් නැති දෙයක් වෙන්න පුළුවන්....ඒත් මම මෙහෙම දෙයක් ලියන්න හිතුවෙ මම ජීවීතය විඳවපු කෙනෙක් නිසා....

මම කැමති නෑ වෙන කිසි කෙනෙකුට එහෙම වෙනවට.......

මම අන්තිමට කියන්නෙ.......හිතන්න තමන්ගේ ජීවිතය ගැන.......ඒ වගේම අනුන්ගෙ ජීවිතය ගැනත් හිතන්න........

දකින්න තමාගෙ විතරක් නෙමෙ අනුන්ගෙ ජීවිතයත්.......එතකොට හැමෝටම ජීවිතය විඳවන්න නෙමෙ විඳින්න පුළුවන් වෙයි !!!