කලින් කතා දෙකේම මම කිව්වෙ කිං හන්තර්ර් බලන්න ගිහින් උන හුටස්පරනේ... නැද්ද... මොනා උනත් මේ අපේ උන එක්ක ඉන්නකොට කියන්න තරම් වෙන සිද්ධි නම් අනන්තයි අප්‍රමාණයි......
අදත් කියන්න යන්නෙ උන් එක්කම කරපු තවත් එක්තාරා විදියක අමන (අමන නෑ හරී) ක්‍රියාවක් ගැන විස්තරයක්.....මොනවා උනත් නියම ෆන් එක. කලින් කථාවක මම කිව්වනේ අපේ සෙට් එකත් එක්ක ගිය ගමන් ගැන කථාවක්, මේකත් අපි ගිය ගමනක් ගැන කථාවක් ඈ....ඇත්තටම කිව්වොත් අනිතමට ගිය ගමනට කලින් ගමන ඈ......
ඔයාලට මතක ඇතිනේ අපේ සුභයා..............ආන්න හරි අර ෆිල්ම එක අනිත් පැත්තට ඉදගෙන බැලුවෙ, ආන්න ඌ තමා මේ ගමන සෙට් කලේ........... මගෙ අර කලින් අපෙ සෙට් එකත් එක්ක ගිය ගමන් කථාව කියවපු අර දන්නවා ඇතිනෙ අපේ කස්ටියට අඩුම ගානේ මාසෙකට එක සැරයක්වත් සෙට් වෙන්න ඔනෙ කියලා.....ඔහොම ඉන්න කොට තමා සුභයා යෝජනාව ගෙනවෙ යමු "දැදුරු ඔයට" කියලා.....(අපෙ සුභයා ඉන්නෙ දැදුරු ඔයට ටිකාක් එහා)....
මුලින්ම යෝජනාව දාලා තිබුණේ සුභයගෙ යාළුවෙකුගෙ ගෙදර ගිහින් සෙට් වෙලා නා ගන්න ඔයට එමුය කියලා. ඒත් ඒ ගෙදර කොල්ලගෙ අම්මා එදා ගෙදර කියලා එහෙ යන්න උණේ නෑ....... කොහොම හරී තීරනය කලා ඔයටම ගිහින් සෙට් වෙන්න.....
හ්ම්ම්ම්.....මට අපි ගියපු දවසනම් හරියටම මීටර් නෑ කොහොම හරි නිවාඩු දවසක වෙන්න ඔනේ ගියේ. මුලින්ම යන්න හිටිටියේ අපේ තඩ්ඩායි (අර ජොයින්ට් ගුණේ ඈ), සුභයයි, මායි, රසිකයි විතරයි. පස්සෙ කොහොම හරි ඉසුරුවයි, රාජයි, දිය ලබ්බයි, පොඩි මාමයි ආවා කන බොන උන් විදියට. කන ඒත් නොබොන උන් විදියට අපේ අසංකයයි, නිශාන්ත අයියයි, ලොකු මාමයි, කසුනයිත් ආවා....... කොහොම හරි දැන් ඔකොම 12ක් නැත්තං 13ක් ඉන්නවා......
 |
| ෴මේ බණ්ඩාරවෙලින් ගත්ත එකක් ඈ෴ |
කට්ටිය උදේම ආවා බස් ස්ටෑන්ඩ් එකට (කෝල පාට පඩිපෙල කියපුවාම මුළු කුරුණෑගලම දන්නවා.....හික්...අන්න එතෙන්ට තමා අපිත් සෙට් උනේ...). කොහොම හරි අපෙ අසංකයා එන්න පරක්කු නිසා, මායි තඩ්ඩයි සුභයයි ගිහින් අවශ්‍ය කරන කලමණා කාරිය අරගෙන ආවා (Black Opel 2 1/2, වඩේ 50 මුරුක්කු පැකට් 2යි, ප්ලාස්ටික් කෝප්පා ටිකයි).... ඒ එනකොට අරුත් ඇවිත් නිසා 10ට නැත්නං 10.30 අපි ඕං යනවා ඈ.......
ඔය ලඟින් බැහැලා ගියා ටිකක් ඇතුලට වෙන්න, මොක්ද නැත්තං අපිව පේන්වා, නැතත් සුභයට අවුල්නේ ගමේ මොකෙක් හරි දැක්කොතින්...ඒක නිසා සෑහෙන්න ඈතට ගියා.....
ඊට පස්සේ ඕං නමෝ විත්තියෙන් වැඩ ආරම්භකලා....."වෙරි වෙත්වා" කියලා පළ්වෙනි ශොට් එක නමා ගත්තා.... අපේ තඩ්ඩා සිප්‍රයිට් එක කඩපුවාම එන පෙන ටික බෝතලේට දැම්මා....අඩේ තිත්ත ගතිය අඩු වෙලා ගියා ඕයි.. ඒක නිසා අප්පිරියාවක් නැතිව කෝප්පෙන් එකක් එකපාරම නමා ගත්තා......
ඔය අයිනේ හින්දද කොහෙද අම්භානක හුළඟ.....ටිං ගානකොට වදිනවා......අප්පා......සැප කණේ...... මට ශොට් 4 දානකොට නස්පෙට වැදිලා.....
හොදම ෆන් එක දුන්නෙ අපේ දිය ලබ්බා....ඌ හෙන උසයි අඩි 6 වැඩිද මන්දා...... ඌ හෙන පොඩි ශෝටක් ගහගෙන ඉදගන්න බැරිව එහෙට මෙහෙට වැනෙනවා පොල් ගහක් වගේ, බලාගෙන ඉන්නකොට හිනා යනවා........හික් හික් :D...... මම කලින් කිව්වනේ බෝතල් 2 1/2ක් ගත්තා කියලා, ආයි බොරු කියන්න මොකටද භාගේ බෝතලේ කඩනවවත් මම දන්නෑ ඈ :D :D........(කබරය ටිකකුත් ගියා ඈ)........
දැන් කට්ටියන්ටම උපරිමයි.....සැප කණේන් බේරෙනවා පේනව....... අන්තිමට දැන් නෑම.....මාර සීන් එක එකෙකුටවත් ඔයට බැහැ ගන්න බෑ.....දෙයියෝ බලලා වගේ අර නොබොන උන් ටික එක්කං ආවෙ. මායි දිය ලබ්බයි අපේ ලොකු මාමත් එක්ක ඔයට බහින්ඩ යනවා.......අරූ නිකං යන්නේ කැලෑ එලිපෙහෙලි කරගෙන.... :D... ඒ අස්සෙ පොඩි මාමා ලොකු මාමාට බයිනවා " අඩෝ උබ මුන් දෙන්නව පරිස්සමට එක්කං පලයං නැත්තං තොට හු**වා කියලා :D)......
කොහොමින් කොහොම හරි ඔක්කෝමලා දැන් ඔයට බැහැලා නානවා....ඒ අස්සෙ අර දිය ලබ්බා ඔළුව ගලක වද්දගෙන කියලා ආරංචියක් ආවා ඌව බලන්නවත් අපිට හැකියාව තිබුනේ නෑ. තව කට්ටියක් මම ඇතුලුව වැලි නානවා......වැලි එහෙම නාලා අහවර වෙලා කොහොම හරි ඒ අස්සෙ අපි ටික දෙනෙක් ඔයේ උඩහට ගියා, අනිත් උන් ටික පල්ලෙහා.......
අපේ රාජා ගලක් බදාගෙන ඒක ඉබිනවා උම්මා උම්මා කිය කියා :D..... "ඒ රාජෝ ඔය ගලක් බං ඕක ඉබින්ඩ එපා යකෝ, ඔය උබේ කෑල්ල නේමේ....හික් හික්.."
සුභයා වතුරෙ නිදි....එක පාරට ඇහැරිලා අපි දිහා බලාගෙන රවාගෙන ඉන්නවා...එක පාරට ආයි නිදි.....ආතල් කෝටියයි.... :D......
ඒ අස්සෙ තඩ්ඩා අසංකයත් එක්ක එක්කහු වෙලා ගහගෙන ආපු පොලයක් ලෙලි ගහනවා.......(අනෙ උන් ලෙලු ගහන පොල් :D).....
අන්තිමට වතුරේ නිදාන හිටපු එවුනුයි, කෑල්ල කියලා හිතලා බදාගෙන ගල් ඉබපු එවුනුයි පොල් ලෙලි ගහපු එවුනුයි ඔක්කොමලාවම ඇද ගෙන ආවා ගොඩට....අපි එනකොට පොඩි මාමට හොදටම වැඩි වෙලා කියලා කසුනා ඌවත් ඇදගෙන යන්න ගිහින්......
ඒ අස්සෙ දිය ලබ්බා ගහකට හේත්තු වෙලා මොනවද කනවා...
තඩ්ඩා - ඒ....මොනවද බං උඹ ඔය කන්නේ.....
දිය ලබ්බා - මුරුක්කු බං මුරුක්කු..
තඩ්ඩා - කොහෙද බං තිබුනේ ඈ ??
දිය ලබ්බා - වමනේ ගොඩක් උඩ යකෝ....
සංසාරගතයි ඕයි.... අරූ වෙරි මතේට වමනෙ ගොඩක් උඩ තිබුණ මුරුක්කු පැකට් එක අරගෙන කනවා :D :D......
අන්තිමේට ගෙනාපු බතුත් පුළුපුළුවන් විදියට කාලා 3ට නැත්තං 3.30 එන්න ආවා....එනකං කට්ටිය බස් එකේ නිදී.....
මාත් ඒ ගෙදර ආපු පිම්ම ආයි නාගෙන නිඳා ගත්තා...නැගිට්ටේ පහුවදා උදේම තමා....
ප.ලි - මේ කථාවෙ ඉන්න එකෙක්වත් බේබද්දෝ නෙමෙ. කොල්ලො විදියට පොඩ්ඩක් ෆන් එක ගන්න ඉදලා හිටලා සෙට් වෙනෆන් කොල්ලො සෙට් එකක් විතරයි....