Jul 11, 2015

සා.පෙ තමා සාපයක් උණේ...


ඇත්ත වසයෙන්ම කියනවනං මිත්‍රවරුණි අපේ ජීවිතේ කෑවෙ සාමාන්‍ය පෙළ විභාගේ (O/L).. සාමාන්‍ය පෙළ විභාගේ පාඩම් නොකර පිස්සු කෙළ කෙළ ඉදලා ලියලා හොඳ රිසාල්ට් එකක් දැම්මා ( A 10ක්ම ගන්ඩ ඔන්නෑ. ඒත් ගණිතය විද්‍යාව ඉංග්‍රීසි එක්ක හොඳට පාස් වෙන එක ගැන කීවෙ ඈ ).. 
ඊට පස්සෙ ගමේ උන්ටයි නෑදෑයින්ටයි පේන්ඩත් එක්ක උසස් පෙළට කොරන්ඩ තෝර ගන්නවා විද්‍යා විශයන් ( මැත්ස් හරි බයෝ හරි ) එහෙම තෝරගෙන සාමාන්‍ය පෙළ පාඩම් නොකර පිස්සු කෙළ කෙළ ඉදලා පාස් උණ නිසා උසස් පෙළත් සාමාන්‍ය පෙළ මිම්මෙන්ම මැනලා ඔහේ ආතල් එකෙ ඉන්නවා.. අවාරෙට පොල් වැටෙනවා වගේ ක්ලාස් යනවා.. පාඩක් කරන්නෑ ආතල් ගන්නවා...
මොකද උනේ.... ටහිකිලා තියෙන්නෙ... කෙළ උනා නේද මිත්‍රවරුණි... දැන් ගමේ උනුයි නෑදෑයොයි තරඟෙට පුකෙන් හිටං හිනා වෙනවා.. grumpy emoticon තූ නෙදකිං දුෂ්‍ඨ ජනතාව....
එහෙම නෙමෙයි බං අපිට කොරන්ඩ තිබ්බේ.. අපිට තිබ්බේ සාමාන්‍ය පෙළ හොඳට පාස් උණ පලියට විද්‍යා විශයන් කරන්න නෙමෙ.. අපේ තියෙන මොකක් හරි දක්ෂතාවයක් බලලා ඒ පැත්තෙන් ඉගෙන ගන්න එක...
උදාහරණයකට චිත්‍ර අදින්න, සින්දු කියන්න හැකියාව තියෙන එකෙක් කලා අංශයෙන් ඒ අදාල විශයන් තෝරගෙන විභාගේ කරන්ඩ ඔනේ.. ඒ වගේ තව කොච්චර පැති තියෙනවද ඉගෙන ගන්න ? මැත්ස් බයෝ විතරක්ම නෙමෙයිනෙ ඉගෙන ගන්න තියෙන්නෙ....
දැන් බලපන් සින්දු කියන්න හැකියාවක් තියෙන එකෙක් කලා අංශයෙන් සංගීතය විශයක් විදියට කරා නම් උට උසස් පෙළ ගොඩදාගන්න එක ගේමක් නෙමෙයිනේ.. චිත්‍ර අදින්න හැකියාවක් තියෙන එකෙකුට ඒ අංශයෙන් ඉගෙන ගත්තා නම් උසස් පෙළ ගොඩදාගන්න එක ගේමක් නෙමෙයිනේ.... ඒකට අපි මොකද කරේ... නෑ ආර්ට් හරි යන්නෑ... ආර්ට් කරන උන්ව ගණං ගන්නෙත් නෑ... අපි කරන්න ඔනේ මැත්ස් හරි බයෝ හරි කියලා ලොකු වංශෙන් හිතලා ඒවා කොරනවා.... සංගීතය පුලුවන් එකා සංගීතේ කරා නම් මොකෑ වෙන්නේ... ඌ දැන් මැත්ස් කොරනවා....
පයිතගර්ස් කියයි. අයින්ස්ටයින් කියයි. නිවුටන් කියයි.. මොක්කුද බං මුන්... ජාන විකෘති තාවයක් නිසා මොලේ ඔනේවට වඩා වර්ධනය වෙලා නිකං ඉන්ඩ බැරුවට එක එක මඟුල් හොයාගෙන අපිටම කෙළවන්ඩ ආපු උන් නේද ?.... උන්ගෙ මොලේ අසාමාන්‍ය විදියට වර්ධන උණාට අපේ එහෙම වෙලා නෑනේ... ඒක මේ සිලබස් හදන උන්ට තේරෙන්නෙත් නෑ...අපේ අම්මලාට තාත්තලාට තේරෙන්නෙත් නෑ.. උසස් පෙළ කොරන්ඩ විශයන් තෝරා ගන්න අපිට තේරෙන්නෙත් නෑ....
දැන් ඉතිං ඇත්තටම කීවොත් කතා කරලා වැඩක් නෑ.. අපිට කෙළවෙලා ඉවරයිනේ.... මම මේ කියන්නේ තවම සාමාන්‍ය පෙළ ලියන වයසේ ඉන්න උන්දලාට... මහන්තත්ත කම පෙන්නන්න විද්‍යා විශයන් කරන්න යන්න එපා තමන්ගේ හැකියාවට ගැලපෙන දෙයක් තෝරගනින් ඉගෙන ගන්න...
හැබැයි ඉතිං හොඳ මොලයක් තියෙන උන්ටනම් මේ කතාව අදාල නෑ.. උන් මොනවා ඉගෙන ගත්තත් උන් ඒක අගේට ඉගෙනගෙන ගොඩ යනවා...
ඒක නිසා ඕං කරන දෙයක් කල්පනාවෙන් හිතලා බලලා කොරපල්ලා ඈ...
ජය...

5 comments:

  1. උඹ ගැටලුව හරියට ම දැකලා තියෙනවා

    ReplyDelete
  2. මොක්කුද බං මුන්... ජාන විකෘති තාවයක් නිසා මොලේ ඔනේවට වඩා වර්ධනය වෙලා නිකං ඉන්ඩ බැරුවට එක එක මඟුල් හොයාගෙන අපිටම කෙළවන්ඩ ආපු උන් නේද සුපිරි සිනා.......

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...