Jun 21, 2015

ආදරණීය තාත්තේ !!!

රැවුල මූණේ අතුල්ලලා කුචු කවපු...
සරම ඔන්චිල්ලාවක් කරලා මාව පද්දවපු..
උදේට ඉස්කෝලේ යන්න කලින් බත් කවපු...
ඉස්කෝළේ ඇදූම මැදලා අන්දවපු..
බස් එකට නඟින්නට පාරට ගෙනල්ලා ඇරලපු..
වැරදි වැඩ වලදි ගහලා බැනලා දඩුවම් කරපු...
තමන් බඩගින්නෙ ඉද්දි මගේ බඩ පුරවපු...
අම්මා බනිනකොට මම වෙනුවෙන් කතා කරපු...
මගේ ජීවිතයේ මට හිටිය හොඳම යාළුවා....
මගේ ‪#‎තාත්තා‬.... 
අද මගේ ලඟ නෑ...
ඒත් ඔයාගෙ මතකය මම මැරෙණකම් හැමඳාමත් මගේ හිතේ තියෙනවා..
ඔයා මට දුන්න ආදරය සෙනෙහස
මමත් කවඳා හෝ මගේ දරුවන්ටත් දෙනවා...
තාත්තා කියන චරිතය
වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම රඟපාපු ඔයා...
2012 මාර්තු 22 මටත් නොකියා යන්න ගියා..
ඔයා නැති අඩු පාඩුව හොඳටම දැනෙනවා තාත්තේ....
ඒ අඩුපාඩුව කවදාවත් පිරිමැහෙන්නෙ නෑ....
ඒත් කමක් නෑ...
ජීවත් උණ කාලේ දුක් නොවිද සතුටින් නිදහසින් හිටිය ඔයා...
ඔයාවත් දන්නැති විදියට ජීවිතයෙන් සමු අරගත්තා....
මැරෙණ මොහෙත්වත් දුක් නොවින්ද ඔයා
වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම විශ්ෂ්‍ඨ මනුස්සයෙක්....
ඉන්න තැනක හොඳින් ඉන්න තාත්තේ....
මීට ඔයාගේ ආදරණීය චූටි මහත්තයා cry emoticon...

3 comments:

  1. මටත් ඔය අත්දැකීම 2010 දී ලැබුණා.
    අපේ දරුවන්ටත් ලැබෙන බව අමතක කරන්න එපා...!!!

    ReplyDelete
  2. අපේ තාත්ත කියන්නෙ යුගයක්.. තාත්තට කලිං අම්ම එලොව ගියා..තාත්ත හිතාගෙනම හිටියෙ එයා කලිං යයි කියලා..ඒත් ඉතිං සිද්දවෙන්නෙ විය යුතු විදිය ටනෙව..

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...