Dec 9, 2014

මහින්දයියා සහ සහචරයින්... නිකන් කහනවට වගේ !!

ලංකාවෙ පාරවල් හැදෙනවා... දැවැන්ද සංවර්ධනයක් සිද්ධ වෙනවා...
ඔව් ඔව් සිරාවටම එහෙම දෙයක් වෙනවා..
ඒක නෑ කියන්ඩ බෑනේ..
පාරවල් ටික එහෙම දැන් ඇත්තටම සෝක්...
එක වලක් නෑ ආසාවකට බලන්ඩ....
ඒ කරගත්ත පිනම ඇති මහින්ද මහත්තයට මෙදා පාර ඡන්දෙ දිනන්ඩ....

දැන් ඕං ඔහොමනේ කට්ටිය හිතන්නේ....
අපිට මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්ඩ බෑනේ...
ඒක හින්දා මම මේ පොස්ට් එක දාන්නේ
කවුරුවත් හිතන විදිය වෙනස් කරන්ඩ නෙමෙ ඈ...
නිකං කැහිල්ලට වගේ...
ඒක හින්දා වැඩිය හිතන්ඩ යන්ඩ කාරි නෑ -_-...

දැන් ඔය සංවර්ධනය වෙනවයි කියන රටේ පාරවල් හැදෙනවනේ....
හැබැයි කේස් එක කියන්නේ පාර හැදෙන්ඩ යන වියදම...
අට පාස් ඔනෙ කෙනෙකුට ගණං පුලුවන් ඇති කියලා උපකල්පනය කරලා බැලුවොත්
ඔනෙ කෙනෙකුට හිතාගන්ඩ පුලුවන් ඒ වියදම හරිම අසාමාන්‍යයි කියලා...
සමහර හයි වේ වල කිලෝ මීටරයක් හදන්ඩ කෝටි ගණං යනවා...
ඒ යටි මඩි ගහගන්න සල්ලි ගැන කවුරුත් කතා කරන්නෙ නෑනේ....
ඒ සල්ලි යන්නෙ කාගේ සාක්කුවටද කියලා කවුරුත් හොයන්නෙ බලන්නෙ නෑනේ..
එහෙම සාක්කු වලට දාගන්නෙ තමන් පෞද්ගලිකව හම්බාරපුවද ?
වෙන්ඩ බෑනේ.. තමන්ගෙ සල්ලි වලින් කවුද පාරවල් හදන්නේ...
මං කියන්නෙ දේසපාලකයො ගැන ඈ :P...

ඊලඟට මෙහෙම කීවොත්..
මහින්ද මහත්තයා අපේ රටේ විධායක බලේ තියෙන ජනාධිපතිනේ...
හරි.. ඒත් නාමල් රාජපක්ෂ කියන්නෙ කවුද ?...
මහින්ද මහත්තයගෙ පුතා...
පාර්ලිමේන්තුවෙ නිකං මන්ත්‍රී කෙනෙක් විතරනේ....
එතකොට ඒ මන්ත්‍රී පවර් එකෙන්ද කොළඹ පාරවල් වහලා කාර් රේස් පදින්නෙ ?..
නුවර පාරවල් වහලා දළදා මාළිඟාව ඉස්සරහා කාර් රේස් පදින්නේ ?..
මේවා ඊරිසියාවට කියන කතා නෙමෙ ආයිබෝං...
නිකමට හිතපල්ලකො නාමල් මහත්තයා ඒම කරන්නෙ මොන හේතුවක් හන්දද කියලා
එයාගෙ තාත්තා ජනාධිපති හින්දා...

ඊලඟට රටේ පාලනය ඈ....
පාර්ලිමේන්තුවෙ ලොක්කා කවුද ?,,
චමල් රාජපක්ෂ අංකල්... මහින්ද මාමගෙ අයියා...
රටේ ආර්ථිකය භාර දුන්නෙ කාටද බැසිල් රාජපක්ෂ මාමට...
එයා මහින්ද මාමගෙ මල්ලි..
රටේ ආරක්ශාව භාර දුන්නෙ කාටද ?...
ගෝඨාබය රාජපක්ෂ මාමට..
එයත් මහින්ද මාමගෙ මල්ලි....
දැන් ඒ කියන්නෙ අපේ රටේ පවුල් පාලනයක් ඇත්තෙම නෑ....
යුද්ධේ කාලේ ආරක්ශක අමාත්‍යංශෙට අයවැයෙන් වෙන් කරාට වඩා වැඩි ගාණක් මෙදා පාර අයවැයෙන් ආරක්ශක අමාත්‍යංශෙට වෙන් කරලා තියෙනවා...
ඒ ඇයි ඒ එතකොට ? :P...

රටේ පාරවල් හැදුණට විතරක් වැඩක් නෑනේ...
ඒ කොමිස් ගහගන්න සල්ලි වලින් රටේ මිනිස්සු කන කෑම වල බඩු මිල අඩු කරානං මොකෑ....
ඡන්දෙ කාලෙට විතරක් ඇයි ගෑස් මිල තෙල් මිල අඩු කරන්නෙ...
එහෙම ඡන්දෙ කාලෙට අඩු කරනවනම් ඡන්දෙන් පස්සෙත් ඒ ගාණටම දෙන්ඩ එපැයි
ඇයි ඡන්දෙන් පස්සෙ ආයි ගණං ඩබල් කරලා වැඩි කරන්නෙ ?....
අපි වාහනේට ගහන තෙල් ටිකෙනුත් උන් අපේ සල්ලි උන්ගෙ සාක්කුවට දාගන්නවා
නිකං කහනවට වගේ පොඩ්ඩක් බලන්ඩකො ඈ...

තව කියනවනං දේවල් එමටයි..
ඒත් ඔන්නෑ....
සමහරි කියයි කවුරු ආවත් ඔය ටික තමා කියලා...
ඒත් කාටවත් දිවැස් නෑනේ...
සමහර විට වෙනසක් වෙන්ඩ බැරි නෑනේ....
අනේ මම නං දන්නෑ...
මම මුලින්ම කීවනේ මේ පෝස්ට් එක දාන්නේ නිකං කහනවට වගේ කියලා....
ඒක හින්දා මහින්දයියගෙ නිළ සුනඛයො මට බුරන්ඩ එපා ඈ :/..
මම පව් ඕයි :'(....

4 comments:

  1. අපිත් පවු තමා!

    ReplyDelete
  2. Eunata,Thawa parak demu,Thawa poddak ithuruwela thiyenawa etikath kanna,(Apita nethuwata kamakne) Ranjan.

    ReplyDelete
  3. අපි පළමු පාර තමයි මේ පැත්තට අාවේ මයේ හිතේ.... ඉතිං සමන් ඔබට සුබම සුබ නව වසරක් වේවා.....

    ReplyDelete
  4. dan therenawane ratata wela tiyena de.mahinda hitiyanam mehema wena ekak na lokka

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...