Jan 27, 2014

ලෝකල් | Local



#ලෝකල් කියපුවාම අපේ හිතට  එන්නේ තත්වයෙන් බාල මොකක් හෝ නිශ්පාදනයක්. ඒත් ඇත්තටම ඒක එහෙමද ?

ලෝකල් කියන වචනේ අපිට බාල දෙයක් කියන අදහස මතක් කරාට ඇත්තටම ලෝකල් ( local ) කියන ඉංග්‍රීසි වචනේ තේරුම " දේශීය " කියන එක. ඒත් අපිට ලෝකල් කියන වචනේ තේරුම බාල බඩුවක් බවට හැරිලා තියෙන්නෙ පිටරට දේවල් ලොකු කරගෙන ඉන්න නිසා කියන එකයි මගේ හැඟීම.

අපේ මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා ඔනෙම ප්‍රමාණයෙන් විශාල දෙයක් දැක්කොත් ඒකට " රට " කියන විශේෂන පදය එකතු කරන එක.
උදාහරණයක් කිව්වොත්. ප්‍රමාණයෙන් විශාල අඹ " රට අඹ ". ප්‍රමාණයෙන් විශාල දෙල්  " රට දෙල් ". ඇත්තටම ඒ දේවල් රට ඒවද ? නෑනේ. ඒ හැම දෙයක්ම අපේ රටේ හැදෙන දේවල්. ඒත් ප්‍රමාණයෙන් විශාල නිසා ඒවා " රට " බඩු... 

ඔන්න ඔය හේතුවම තමා ලෝකල් කියන වචනෙත් " බාල " කියන වචනෙට සමාන වෙලා තියෙන්නේ.
අපේ රටේ ඇල්පෙනෙත්ත පවා පිටරටින් ගෙන්නනකොට ඉතිං ලෝකල් කියන එක බාලයි කියලා කිවට ඇති වරදකුත් නෑ.

ඒත් ඇත්ත නම් ඔය ගොඩක් " Made in China " කියලා ගහලා එන එක එක බඩු වලට වඩා අපේ රටේ නිශ්පාදන වල තත්වය උසස්. ඒත් අපේ රටේ දේවල් වලින් ආණ්ඩුවට බදු ගහගන්න පුලුවන් ප්‍රමාණය අඩු නිසා තත්වයෙන් බාල උනත් චීනා හදලා එවන හැම දෙයක්ම අපේ රටේ වෙළදපොලට එවනවා අපේ රටේ නිශ්පාදන යට ගහලා...

බදු වලින් ජීවත් වෙන ආණ්ඩුවක් තියෙන රටක එහෙම වෙන එක අරුමයක් නෙමෙ. ඒත් බදු ගැන නොසලකා හැරලා දේශීය දේට අතහිත දිලා දේශිය නිෂ්පාදන වලට අපේ රටේ හොද වෙලදපොලක් අරං දුන්නොතින් ආණ්ඩුවට උණත් බදු වලින් දුවන්න ඔනෙ වෙන්නෙ නෑ....

අපේ රටේ දේවල් වලට අපේ රටේ හොඳ වෙළදපොලක් හැදුනොත් අපේ දේවල් අපිට පිට රටවල් වලට අපනයනය කරලා හොද ලාභයක් ලබා ගන්න පුලුවන්. හැබැයි ඉතිං ඒකට ටික කාලයක් යාවි.

ඉවසීමෙන් වැඩ කටයුතු කලොත් ඒ තත්වයට ලඟා වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. අපේ රටේ දේවල් වලට තැනක් නැති වෙලා පිටරටින් එන හැම #බිබික්කමකටම හොද තැනක් ඇති වෙන්න හේතුවත් අපේ මිනිස්සුමයි.

මුලින් කීවා වගේ අපේ රටේ මිනිස්සුන්ගෙ ඔලුව හැඩගැහිලා තියෙන්නේ අපේ රටේ දේ ගන්න එපා පිට රටින් ගෙන්නන දේ ගන්න ඒවා තමා තත්වයෙන් උසස්, අපේ රටේ දේවල් බාලයි කියන විදියට.

රටේ ආණ්ඩුවෙ වැරදි වලින් උණ මේ දේවල් නිසා රටේ මනුස්සයගෙ ඔලුවට අදහස ආවෙ පිට රටවලට ගැති විදියට. ඒ දෙයින් විනාශ උනත් අපේ රටමයි. මේ දේවල් පාලකයො දන්නවා ඇති. ඒත් දැන දැනත් නොදන්නවා වාගේ ඉන්නවා ඇත්තේ අපේ රටේ දේවල් වලට අතහිත දීලා ගොඩගනන්වට වඩා පිට රටවල් වලට කඹුරපුවාම තමන්ගේ සාක්කුවට වැටෙන ගාණ ලොකු නිසා වෙන්න ඇති...

ඇත්තටම මේක අපේ රටේ කරුමේ.. හැම දෙයක්ම සල්ලි වලට යට වෙලා ඉවරයි.... 

මේකට මුලින්ම " ආසියාවේ ආශ්ච්ර්‍යෙ " කියපු එකා මොකෙක් උණත් අමුම අමු මී හරකෙක්....

" ලෝකෙ තියෙන කාළකන්නිම රට ශ්‍රී ලංකාව... "

 දුකෙන් උනත් ඒ දේ කියන්න වෙනවා !!!

8 comments:

  1. ඒ වගේම හොඳම භාණ්ඩත් රට භාණ්ඩ වේ!

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං... සර්පිනා ඔබ හරි :P

      Delete
  2. ලෝකෙ තියෙන කාළකන්නිම රට ශ්‍රී ලංකාව නෙවෙයි මවං මෙකේ ඉන්න මිනිස්සුයි උන් හිතනපතන විදියයි කාලකණ්නි. අවාසනාවකට අපිත් ඒ ගොඩට වැට්ලා.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්... බහුතරයක් කාලකණ්නි උනාම සුළුතරය ගැන කතා කරලා වැඩක් නැති නිසා කට පියාන ඉන්නවා :/

      Delete
  3. සිරා කතාව පොලා. අපේ මිනිහෙක් මහන්සියෙන් දෙයක් හදලා අනිත් ඒවාට වඩා කියක් හරි අඩුවෙන් කඩේකට දැම්මට එකෙක්වත් ගන්නේ නෑ. බාල බඩු කියලා හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මේ හැම දේම හැදෙන්න නම් මුලින්ම අපේ රටේ මිනිස්සු හිතණ විදිය වෙනස් වෙන්ඩ ඔනේ බන්.. එහෙම නැතුව කිසි දෙයක් හරි යන්නෑ !

      Delete
  4. රට දෙල් නම් ඇත්තටම විදේශික ආහාරයක්.ඒ වුනාට රට කජු නම් පොඩියි නේද?දේශීය,විදේශීය ගැටලුව ගැන කියනවානම් බදු ගැන තියෙන්නේ වෙනත් ගැටලුවක්.අපි බදු ගහන්නේ විදේශීය භාණ්ඩ වලට,මොකද දේශීය භාණ්ඩවල මිලට වඩා ඒවා ගණන් වැඩි කරලා දේශීය භාණ්ඩ මිලට ගන්නවන්න.ඒත් දේශීය භාණ්ඩ වලට තැන දෙන්න ගියාම වෙන්නේ දේශීය නිෂ්පාදකයා පාරිභෝගිකයා සූරා කන එක.ලංකාවේ සපත්තු වෙළෙඳපොල හොඳම උදාහරණයක්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  5. මේ රට කාලකණ්නී නෑ බං.. මේකේ ඉන්න එවුනුයි ඒක කාලකණ්නි කරන්න හදන්නේ.. ලංකාවෙන් පිටට ගිහින් ඉද්දියි ලංකාවේ වටිනකම දැනෙන්නේ..

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...