Jan 26, 2014

සල්ලි සහ හොරු !!!




සල්ලි..... 


ඔය දේ මත තමා අද අපි හැමෝගෙම ජීවිත ගොඩනැගිලා තියෙන්නේ. උදේ ඉදන් රෑ වෙනකන් මිනිස්සු මහන්සි වෙන්නේ #සල්ලි හොයන්න.

සල්ලි නැත්තම් අද ඇත්තටම මනුස්සයා කියන සත්ත්ව කොට්ඨාශය මේ ලෝකෙන් වඳ වෙලා ගිය ජාතියක් බවට පත්වෙලා හමාරයි.

අපි මගතොටෙ හම්බෙන ඔනෙම කෙනෙකුගෙන් ඇහුවොත් ඒ පුද්ගලයා ඒ මොහොතෙත් කුමක් කෝ කාර්‍යයක නියැලිලා ඉන්නේ. බොහො දුරට ඒ දේ ඒ කෙනාගේ #රැකියාව වෙන්න පුලුවන්.
බහුතරයක් එහෙමයි.

ඒ අතර සුළුතරයක් ඉන්නවා කිසිම වැඩක් පලක් නොකර ඔහේ ඉන්න අය. ගොඩක් වෙලාවට ඒ අය තමා #හොරු #චන්ඩි #මැරයෝ වගේ අය වෙන්නේ. අනුන්ට කරදරයක් වෙලා ජීවත් වෙන්නේ.

තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරගෙන කන බොන කෙනාගේ දේවල් චන්ඩිකමින් හෝ හොරකමින් කඩා වඩා ගන්නේ.... 

ඒ දේවල් අපිට වෙනස් කරන්න බෑ. හැම කෙනෙක්ම සාධාරණ විදියට හිතන්න සහ සාධාරණ විදියට ජීවත් වෙන්න පටන් ගත්ත දාට සමාජයේ ඉන්න හොරු, චන්ඩි වගේ උදවිය නැති වෙලා යාවි....

නිකං හිතුණ දෙයක් ලීවෙ.
" යන්නේ කොහෙද මල්ලේ පොල් " වගේ දෙයක් උණානම් සමාවෙන්ඩ ඔනේ !!!

5 comments:

  1. හොද අදහසක් තමයි , ඒත් එක කවදාවත් වෙන්නේ නැති දෙයක් නේද.? අපි කොච්චර උත්සහ කලත් හැමදාම වෙන්නේ අපි තව තවත් ප්‍රශ්න වලට යන එක නේද..? උදාහරණයක් විදියට කොච්චර එනවද Hospital ගහමරාගෙන

    ReplyDelete
  2. ලියල කිසිම හේතුවක් නිසා සමාව ඉල්ලන්න එපා වැරදුනත් ඉන්න ඕන සක්කරය වගේ ලොකුකමට...

    ReplyDelete
    Replies
    1. අනේ මගෙ නම් එහෙම දෙයක් නෑ... වැරදි දෙයක් නම් ඒ වැරැද්ද පිලිගන්නවා..... වැරදි කරලා නොකලා වගේ ඉන්නේ නෑ

      Delete
  3. අදහස හොදයි.. ඒත් අද තියෙන සමාජය එක්ක ඔක වෙන එක ගැන හිතන්නවත් බැහැනේ..

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...