Jan 24, 2014

අන් අයගේ අදස් වලට ගරු කරමින් තමා තමන් වන්න... !!!


මිනිස්සු හැටියට අපි ඔනෙ කෙනෙකුට තමගේ හිතට එන #අදහස් #ප්‍රකාශ කිරිමේ අයිතියක් තියෙනවා.
ලෝකේ ප්‍රසිද්ධි යැයි කියා ගන්නා සමහර පුද්ගලයින්ගේ අදහස් ප්‍රකාශණ නිසා ලෝකෙයේ වෙනස්කම් පවා සිද්ධ වෙලා තියෙනවා...

එක උදාහරණයක් දෙන්නම්...

" Be who you are and say what you feel, because those who 


mind don't matter, and those who matter don't mind. ” 

Bernard M. Baruch -


අපි ලෝකෙයේ ප්‍රසිද්ධ මිනිසුන් නෙමේ. ඒත් අපිත් මිනිසුන් නිසා අපටත් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය 100%ක් තියෙනවා. හොඳ හෝ නරක දෙවර්ගයෙන්ම අපිට ඒ අයිතිය තිබුණත් යහපත් ආකාරයකට ඒ නිදහස භුක්ති විදින එකයි ශිෂඨ සම්පන්න මනුසයෙකුගේ වගකීම වන්නේ....


ඒ වාගේම තමා අපි දක්වන අදහස් වලට අනික් මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර. 


ප්‍රතිචාර වල බලපෑම වැඩි වෙනවා අපි විසින් කරන ලද ප්‍රකාශණයක් එක්ක. ඒක ප්‍රභලතාවය වැඩි වෙන්න වැඩි වෙන්න හම්බෙණ ප්‍රතිචාර ප්‍රමාණය වැඩි වෙනවා. බහුතරයක් ප්‍රතිචාර #විවේචන හැටියට තමා හම්බ වෙන්නේ. නමුත් ඒ විදියට ප්‍රතිචාර හෝ විවේචන හෝ විදියට ලැබෙන ප්‍රති උත්තර තමාගේ අදහස භාහිර පුද්ගලයින්ට කොයි ආකාරයකට බලපාලා තියෙනවද කියන එකට හොද සාධකයක් වෙනවා....

වැඩකට නැති දෙයක් කීවොත් කවුරුත් ඒ ගැන ආයි කතා කරන්න පෙළබෙන්නෑ නැහෙනේ. කවුරුත් තමන්ගේ අදහසට ප්‍රතිචාර හෝ විවේචන දක්වන්නේ තමන් දැක්කුව අදහසෙන් ගත යුත්තක් හෝ කුමක් හෝ වැදගත් යමක් තියෙන නිසා වෙන්න ඔනේ...

උදාහරණයක් දක්වන්නම්...

අඹ ගසක අඹ ගෙඩි නැත්තම් හෝ තියෙන්නෙ අඹ ගැට විතරක් නම් කවුරුත් ඒකට ගල් ගහන්නේ නෑ. අඹ ගෙඩි හොදට පැහිලා හෝ ඉදිලා නම් ඒ ගහට ගල් හෝ පොලු ගහන්නේ ඒ ගෙඩියක් කඩා ගන්න. එහෙම ප්ලු ගහන්නේ ඒ පොලු ගැසීමෙන් තමන්ට අඹගෙඩියක් ලැබෙන නිසා. වෙන විදියකට කීවොත් ඒ කෙනා අඹ ගහට පොලු ගහන්නේ තමන්ට දෙයක් ලබා ගැනීමට තියෙන නිසා...

ඒක නිසා අපි මොන ආකාරයටක දෙයක් කීවත් ප්‍රති අදහස්, යෝජනා, විවේචන වගේම, චෝදනාත් බලාපොරොත්තු වෙන්න ඔනේ....

ඒ වගේම ඒ යෝජනා චෝදනා කරන අයට ස්තූතිවන්ත වෙන්න ඔනේ තමාගේ අදහස් බහුතරයක් දෙනා අතර ප්‍රචලිත කරන්න දක්වන ලද උදව්වට....

අවසාන වශයෙන් කියන්නේ. තාමා තමන්ට ආවෙණික වෙන්න ඔනේ. කවුරුත් කීවට කෙරුවට වෙනස් වෙන්න එපා. තමා තමන්වෙලා තමන්ට කියන්න තියෙන දේ කෙළින් කියන්න ඔනේ.... මේ ලෝකෙ අපි කියලා දෙයක් නෑ... තියෙන්නෙ #මම කියන න්‍යාය විතරයි...
හැබැයි කෙනෙක් ජීවිතයට වැදගත් දෙයක් කීවොත් ඒක තමාගේ ජීවිතයට එක් කරගන්න කවදාවත් පැකිළෙන්නත් එපා... !!!

මම දකින ආකාරයට ඉපදෙන්නෙ තනියම, මැරෙන්නෙත් තනියම...

අදහස් ප්‍රකාශකයාට ජය වේවා !!!

ප/ලි - මෙයද මාගේ හිතේ ඇති වූ අදහසක් පමණක් බව කරුණාවෙන් සළකන්න !!!

6 comments:

  1. ඉපදෙන්නේ තනියම,මැරෙන්නේ තනියම.ඒත් ජීවත් වෙන්න වෙන්නේ තව පිරිසක් එක්කනේ.ඒ පිරිස ඇතුලේ තමන්ට තමන්ගේ අනන්‍යතාව තියාගන්න පුළුවන් තරමට තමන්ට තමන්ටම කියලා හඬක් තියේවි. www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඒක තමා කිවෙ

      කෙනෙක් ජීවිතයට වැදගත් දෙයක් කීවොත් ඒක තමාගේ ජීවිතයට එක් කරගන්න කවදාවත් පැකිළෙන්නත් එපා... !!!

      Delete
  2. තමන් තමන්ම වෙන තරමට ප්‍රශ්න අඩුයි. ජිවිතේ හරි සරලයි. එක සංකීර්ණ කර ගන්නෙත් අපිම තමයි.

    ReplyDelete
  3. තමන් තමන් වෙන එක හුඟක් කෙනෙක්ට අමතක වෙන දෙයක් නේ මචං..

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...