Jan 21, 2014

කළා දේශපාලනයද ? දේශපාලන කළාවද ?

දැන් අපේ රටේ සින්දුවක් කියලා, ටෙලි නාට්‍යක දෙකක රඟපාලා මිනිස්සු අතර ජනප්‍රිය වෙන ගොඩ දෙනෙකුගේ ප්‍රධාන පරමාර්ථය දේශපාලනයට එන එක. 

බහුතරයක් දෙනා පළාත් සභාවෙන් වැඩ පටන් ගන්නව... සමහරක් අයට පිනා චාන්ස් විදියට #ජාතික_ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න වාසනාව හම්බෙනවා...

අනර්කලී, මාලනී, ගීතා, පබා මුලින්ම වැඩ ඇල්ලුවා. දැන් නදීෂා ( කොල්ලොන්ට නම් පට්ට බඩුවක් ), එයත් වැඩ අල්ලන්න යන්නේ... මෙතනින් පබා ගම්පහින් මහමැතිවරණයට ඉල්ලලා දේශපාලන පළපුරුද්ද සහ දැනුම අතින් පරිණත ඛරු ජයසූරිය මහත්තයත් පරද්දවලා එක උණා... අනේ මන්දා ඒ නෝනට මිනිස්සු ඡන්දේ දුන්නෙ මොන පදනමකින් ද කියන එක.

අනික් නලු නිලියොත් ගොඩක් ඡන්ද දින්න. දැන් අපිට දැනගන්න තියෙන්නේ නදිෂා අක්කට මොනවා වෙයිද කියන එක.. දිනයිද නැද්ද ? බොහො දුරට දිනයි. ගීතා කුමාරිසිංහ වගේ චරිත වලට ඡන්දෙ දුන්න මිනිස්සු ඉන්න කොට නදීශලා දිනන්නේ ඉහලින්ම....

මම අද නිවුස් එකක දැක්කා රුවන්ති මංගලා කියන නමින් ඉන්න නිළියකුයි දෙකයි පනහේ සින්දු කියන #පට්ට_බඩුවකුයිත් ඡන්දෙ ඉල්ලනවා කියලා කොළබ දිස්ත්‍රික්කෙන් පළාත් සභාවට.. ඇත්තට ඒ අය ඡන්දෙ ඉල්ලන්නේ දේශපාලනය ගැන පොඩි හෝ දැනුමක් තියාගෙනද කියන ප්‍රශ්ණේ තියෙනවා ? පිළිතුරක් හම්බෙයිද නැද්ද දන්නෑ....

ඒ වගේම තව නිවුස් එකක් දැක්කා ජීවන් කුමාරතුංග මහත්මයාගේ දුවත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක්...
එයත් මෙදා පාර ඡන්දෙ ඉල්ලනවා....
හැබැයි අද රටේ #හාල් කිලෝ එකක මිළ දන්නෑ

ඔන්න දේශපාලනයට එන ඈයො... ඇහුවාම කියන්නේ මිනිස්සුන්ට සේවයක් කරන්න එන්නේ.... යකෝ හාල් කිළෝ එකක විකුණුම් මිළ දන්නැති එකෙක්ගෙන් කොහොමද අපිට සේවයක් ලැබෙන්නේ....

උන්ට ලක්ෂ කෝටි ගණනින් පඩි හම්බෙන හින්දා, යන්ඩ එන්ඩ සැප වාහන හම්බෙන හින්දා උන් ඡන්දෙ ඉල්ලනවා... ඡන්දෙන් දිනන්ඩ ඔනේ හින්දා මිනිස්සුන්ට සුරංගනා කතා කියලා අන්දනවා... ඒවා අහං ඉන්න ගොඩක් මිනිස්සුත් රැවටිලා ඡන්දෙ දෙනවා....

අනේ මන්දා මේවයේ කිවා කියලා මේ වෙන දේවල් වෙනස් වෙන්නෑ.. ඒත් මේ විදියට ඉස්සරහට ගියොත් මේ රටේ මිනිස්සු හැටියට මොනවයින් මොනවා වෙලා නතර වෙයිද දන්නෑ...


ප/ලි - මට හැඟුණ දෙයක් පමණි !!

4 comments:

  1. kathakalayuthu titke ekak. math jiwan mahaththayage duwage story eka dakka. hal kilo ekka mila nodanna un deshapalaneta awama, lankawe minissunta deiyangema pihitayi.. dan kale dheshapalane gana nam kathakarala wdkna. man prathipaththiyak vidiyata chande denne na katawath.. puluwan tharam ikamanata lankawen atha ratakata yanna thama inne.. mokada dan hamadeyakama balayata, mudhalata yatai. sudussata sudusu thana nolabanawanam rata atharala yanawa misaka meke idan aragala karala wadak na.. mokda political knowledge thiya melo magulak danne nathi un politics walata awama, ape daruwongei apei anagathei wanasenne.. politics walata enna ona ugaththu, kramasmapadakayo kotinama construction gana knowlede ekak nathi ekekta idikirim amahikama dila wadakana, hama sector ekakma ehemayi. diyunu karannanam e filed eka gana hasala danumak awashyayi. eth issarahata ugaththu chandeta ei kiyala hithana ba me pawathina rallath ekka. ape minissu chande denne tv wala dakapu sundara, ahinsaka chandi ,nana prakara bahubutha charithawalatai...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචන්. ලංකාවෙ මළගම වැඩි ඈතක නෙමෙයි !!

      Delete
  2. බ්ලොග් ලියලා නමක් හදාගෙන ඡන්දේ ඉල්ලන්න බැරිද දන්නේ නෑ..

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...