Jan 20, 2014

කාලානුරූපිව මිනිස් මනසේ හැඩගැසීම මම දකින ආකාරයට.....


අද අපි ජීවත් වෙන්නෙ 21 වෙනි ශතවර්ශයේලු... ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒක එහෙම්මමද කියන ප්‍රශ්ණෙ මගේ හිතේ තියෙනවා....

අපි කාලයෙන් ඉදිරියට යනකොට හැම දෙයකින්ම දියුණු වෙනවා.. #තාක්ෂණික අතින් #මානසික අතින් ඔය විවිධාකාර පැතිවලින්... ඒත් ඒ දියුණුව මනුස්ස වර්ගයාගේ යහ පැවැත්මට කොයි තරම් දුරකට බලපා තියෙනවද ? 

බලපෑමක් ඇති කරලා තියෙනවා නම් බහුතරයක්ම ඒ බලපෑමක් අයිති වන්නේ අසුභ වාදි පැත්තට කියන එකයි මාගේ හැඟීම ( පුද්ගාලානුරීපිව චින්තනයක් වෙනස් වේ )...

අද ලෝකය එකම විශ්ව ගම්මානයක්... ලෝකෙ කොහේ කොතනක හිටියත් අපිට අපේ හිත මිතුරන් සමඟ එක තත්පරයකින් සම්බන්ධ වෙන්න පුලුවන්.. ඒ අතින් ඒ තාක්ෂණික දියුණුව ඇත්තටම සුභ දායකයි. අපි ලෝකේ කොහෙ හිටියත් අපි කවුරුත් තනි වෙලා නෑ...

ඒත්... 

ඒ තාක්ෂණයම මිනිසාගේ විනාශයටත් පාර කපලා හමාරයි... අද ඉස්කෝලෙ 6,7 පන්තිවල ඉන්න පොඩි කොල්ලා පවා අසභ්‍ය චිත්‍රපටි නරඹනවා (අපි බලන්නෑ කියන එක නෙමෙ කියන්නේ ).... අපි ඉස්කෝලේ ඒ වසරවල් වල ඉන්නකොට ඒ මොනවද කියන හැඟීමවත් අපේ හිත් වල තිබ්බාය කියලා මම හිතන්නෑ....

ඒ පොඩි ළමයගේ මනසට ඒ දේ ඇතුලු උණේ අද සමාජයේ ඇති වෙලා තියෙන දියුණුවත් එක්ක... ඒ විදියට බලපුවාම වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ළමයාගේ මනස මොන ආකාරයකට හැඩ ගැහේවිද ?


බොහෝ දුරට ඒ මනස හැඩ ගැහීමක් නොව විකෘති වීමක් වෙන්නට බැරිද ?

අද ප්‍රවෘත්තියක් ඇහුවත්, පත්තරයක් බැලුවත් බහුලව දකින්න අහන්න ලැබෙන්නේ ස්ත්‍රී දුශණ. ඒ අතරින් වැඩිහරියක් දූෂණයට ලක් වෙලා තියෙන්නෙ බාල වයස්කාර ගෑණු ළමයින් හරි අවුරුදු 60ක් 70ක් වයසේ ඉන්න වයසක කාන්තාවන්...

මේ දේවල් සිද්ධ වෙන්නෙ මනුස්සයාගේ මනසේ ඇති වෙලා තියෙන විකෘති තාවයන් නිසා නෙමේද ? ඒ විදියට විකෘතිතාවයන් මනසේ ඇති වන්නට තාක්ෂණය පොදු කුලකයක් උනේ නැද්ද ?

මේ දේවල් ගැන තර්ක කරලා ඇති වැඩක් නෑ. බ්ලොග් එකක පෝස්ට් එකක් දැම්මා කියලා මනුස්සයො හිතන පතන විදිහවත් සමාජය හැමදෙයකටම හැඩ ගැහිලා තියෙන විදියවත් වෙනස් කරන්න බෑ...

ඒත් රටේ ලෝකේ දියුණුවත් එක්ක මනුස්සයා කියන කෙනාගේ මනස මේ ආකාරයෙන් විකෘති වෙන එක මට වගේම මේක කියවන ඔබ තමුන්නාන්සේලාටත් සෘජුව හෝ වක්‍රාකාරව බලපෑමක් ඇති කරන්නට පුලුවන්.. ඒ බලපෑම සමහර වෙලාවක ඔබට නොදැනීම සිදු වන්නට පුලුවන්....

සමහරවිට මම මේ කියන දේ අපේ රටේ සංස්කෘතිය හා සබැදෙන්නට පුලුවන්. අපි සංස්කෘතිය සමාජ සාරධර්ම අතින් අනික් රටවලට වඩා තැන්පත් නිසා මාමේ කියනා කාරනා ලෝකේ අනික් රටවල් හා සන්සන්දනය කලොත් බොරුවක් පුස්සක් වෙන්න පුලුවන්...

ඒත් අපි වෙන රටවල් දිහා නොව අපි ජීවත් වන අපේ රට අපේ රටේ මිනිස්සුන්ගෙ කෝණයෙන් බලලයි කතා කරන්න ඔනේ... ඒකයි මම මේ ලිපිය ලීවෙ !!

තවද, මම මේ ලිපියෙ සටහන් කලේ මගේ මනසට හැඟුණ දේ.... 

මේක කියවන ඔබත් මා කිව දේ ගැන හිතලා බලන්න.... මා කිව දේවල් වල වැරැද්දක් ඇත්නම් සමාවන්න !!

ඔබට ජය !!!

2 comments:

  1. සමාජය වෙනස් වීම නවත්වන්න අපිට බෑ.හැමදෑම දැන් ඉන්න පරපුර නරකයි,අපි ඒ කාලේ එහෙම නෑ කියලා කට්ටිය කියනවා.අපි ඉස්කෝලේ ඉද්දි අයියලා අපිට එහෙම කිව්වා.අපේ අය මල්ලිලට එහෙම කියනවා.
    ප්‍රශ්නෙ තමයි ඔය ස්ත්‍රී දූෂණ,අපචාර වලට සම්බන්ධ අය තාක්ෂණය ඇසුරු කරලා තියෙන්නේ අඩුවෙන්.සීයා කෙනෙක් තමන්ගේ මිණිබිරිය දූෂණය කරන්නේ අන්තර්ජාලය බලලා කියලා කියන්න පුළුවන්ද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  2. ඒ කතාවත් ඇත්ත. ඔව්.... ඒ ඒ අයට ඔය දේවල් වලට අදහස්ටැන්න තාක්ශ්ණය දශම ගාණකින් හරි සම්බන්ධ වෙලා තියෙන්න බැයිද ?

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...