Jan 18, 2014

කංසා.... දැන ගැනීමට මිස පෙළබවීමක් නොවේ !!!



#කංසා... නැතහොත් #ගංජා #මරිජුවානා #වීඩ්(weed)..etc.. අද සමාජයේ වයස් භේදයකින් තොරව භාවිතා වන දෙයක්. අපේ රට ඇතුලෙ නම් මේ දේට නිතිවිරෝධී ලේබල් එක වැදිලා තියෙන්නෙ. ඒකට හේතුව ශ්‍රී ලංකාව බදු මත යැපෙන රටක් වීම. ලංකාවට දුම්වැටි මගින් විශාල ලෙස බදු ලැබීම කංසා රට තුල තහනම් වීමට ප්‍රධානතම හීතුවෙ වෙලා ඉවරයි....


ඒත් මේ දේ කොච්චර තහනම් උණත් කංසා අපේ රට පුරා හැම තැනම පැතිරිලා ඉවරයි.. දිනපතා එය රට තුල බෙදෙනවා.. සමහර වෙලාවල් වලට නීතියෙන් එය නතර කළත් ඒක හැමදාම හැම තැනම වෙන දෙයක් කියලා මුලු රටම දන්නවා...

කංසා උරණ පුද්ගලයින් අද සමාජයේ #ගංජාකාරයින් ලෙස හංවඩු ගැහෙනව. ඒ අපේ සමාජය එදා ඉදන් හැඩ ගැහුණ ආකාරය. එසෙ නම් පට බැදිම එක් අතකට අරුමයකුත් නෙමෙ. කංසා උරණ කෙනා ගංජාකාරයා වගේම කාරයෝ තව කොයි තරම් #කාරයෝ ලංකාවෙ ඉන්නවද ?
" තැපැල් කාරයා, පොලිස් කාරයා, මාලු කාරයා, පත්තර කාරයා :D " ඒ විදියට බලපුවාම ඒක නොසලකා හැරිය හැකි දෙයක්.

මම මුලින්ම කිව්ව විදියට කංසා කියන්නෙ අපේ රට තුල නිති විරෝධි දෙයක්. කංසා භාවිතය, ලඟ තබා ගැනීම, වැවීම. ඔය කියන කොයි ආකාරයකින් මේ දේට සම්බන්ධ උණත් ඒ පුද්ගලයා අපේ රටේ නිතිය ඉදිරියෙ වරදකාරයෙක්...

සමහර විට මේක කියවන කෙනෙක් හිතාවි මම මේ ලිපිය මේ විදියට ලියන්නේ අනික් අයව ගංජා වලට නැඹුරු කරගන්න කියලා. ඇත්තටම මගේ අදහස ඒක නෙමෙ. මමත් මේ දේවල් පාවිච්චි කරලා නතර කල කෙනෙක්. මම මේ ලිපිය ලියන්නේ මේ සම්බන්ධව මම දකින ආකාරය විතරයි.

ඇරත් අද ගංජ ගැන ප්‍රසිද්ධියෙ කතා කරන අයට මඩ ගහන බහුතරයක් කෙනා කවදාවත් ගංජා ගහපු නැති අයත් නෙමෙයි. ඒකයි ලොකුම විහිලුව :D...

අපේ රටේ ගංජා නිති විරෝධි දෙයක් උනාට මත්පැන් කියන්නෙ නිතියෙන් තහනම් නොවු දෙයක්. වයස අවුරුදු 21න් ඉහල ශ්‍රී ලංකාවෙ ඔනෑම පුද්ගලයෙකුට මත්පැන් දුම්වැටි පාවිච්චියට නීතියෙන් අවසර තියෙනවා. එහෙම ඒ දේවල් වලට අවසර තියෙන්නෙත් අර මුලින් කීව #බදු නිසා. මත්පැන් වලින් විශාල බදු මුදලක් රජයට අය වෙනවා. 



මත්පැන් වලිනුත් රජයට බද්ධක් අය නොවුණානම් මත්පැන්ද ගංජා වගේ අපේ රට තුල තහනම් නිතිවිරෝධී දෙයක් වෙනවා.... :P

රටේ නිතියෙන් තහනම් මත්පැන් පානය කරලා. පදම වැඩිවෙලා අපේ රටේ කී දෙනක් මැරෙනවද ? 
#රිය අනතුරු කියන එක ඉන් ප්‍රධානයි. තව ගෙවල් වල අඩදබර.... තාත්තා බීලා ඇවිත් තමන්ගෙ ගෑණීටයි දරුවන්ටයි ගහනවා... ඒ නිතිගත දේ පාවිච්චි කරලා... ඒ උණාට කමක් නෑ මොකද ඒ දේ රටේ නිතියෙන් සම්මතයි.... ( රජයට බදු හම්බෙනව නම් අම්මව මරණ එකත් සම්මත කරනවා )

ඒත් නිති විරෝධී ලේබලේ යටතේ තියෙන ගංජා උගුරක් ඇදලා ඉන්න මනුස්සයා අතින් කවදාවක් රිය අනතුරක් වෙලා කෙනෙකුගේ ජීවිතය නැති වෙලා තියෙනවද ? ඒ කෙනා මූලීක වෙලා රණ්ඩු ගහමරා ගැනීම් ඇති වෙලා තියෙනවද ?

මම කියනවට නෙමෙ පොඩ්ඩක් ඉතිහාසෙ පත්තර ප්‍රවෘත්ති ගැන හොයලා බලන්න. මම දන්න තරමින් එහෙම දේවල් වෙලා නෑ....

අනික් දේ තමා ගංජා වැවීම..



ලංකාවෙ වැඩිපුරම ගංජා වවන්නේ #තණමල්විල  #ඇඹිලිපිටිය #මොණරාගල ප්‍රදේශවල. ඒ වවන ගංජා හේනක් පොලිස් අතඩංගුවට පත් උනොත් ප්‍රසිද්ධ කරන්නෙ අක්කර මෙච්චර ප්‍රමාණයක ගංජා හේනක් වැටලුව. එය සම්පුර්ණයෙන්ම ගිනි තමා විනාශ කරා කියලා.... 

කොහොමද අපිව අන්දන ඇන්දිල්ල. නාමිකව සම්පූරණ ගංජා හේනෙන් 5%ක් විතර ගිනි තියෙනවා ( පත්තරේට පොටො එක දාන්නයි, ටීවි එකෙ ප්‍රවෘත්ති වලට පෙන්නන්නයි ) අනික් ටිකට මොකද වෙන්නෙ....පොලිස් කාරයා මේකෙ අගේ දන්නවා.... උන් සම්පූරණයෙන් විනාශ නොකර අනික් ටික අතයටින් පන්නනවා....

එහෙම නැතුව ඔය විනාශ කරන විදියට අද අපේ රටේ ගංජා කියන දේ තියෙන්නෙ බෑ.... අපි උනත් සල්ලි දිලා ගන්නේ හොර රහසේ ඒ පන්නන බඩුම තමා.... රටේ නිතියෙන් තහනම් උණත් ඒ නිති විරෝධී දෙයින් හම්බ කරගන්නෙත් නිතිය කරන අයමයි :P... ඔන්න ඕකයි අද අපේ රටේ තත්වෙ....

සාමාන්‍ය ගංජා හේනක් අවම වශයෙන් මිලියන ගාණක් වටිනවා... ලංකාවෙ තහනම් උණාට කමක් නෑ. තව මේ තහනම ඉවත් කරපු සංවර්ධිත රටවල් කොච්චර මේ ලොකෙ තියෙනවද ? ඒ රටවල් වලට අපේ රටින් අල්ලපු ගංජා ටික අපනයනය කලා නම් විදේශ විනිමය කියක් ගන්න තිබුනද ?

මම මේ කීව දේවල් නිසා මට මඩ වදිවි. කමක් නෑ මම කිවෙ මට හිතෙන දේ මිසක්. කාවවත් මේ දෙවල් වලට පොළබවා ගන්න නෙමෙ.... !!

ස්තූතියි !!

ප/ලි - ප්‍රසිද්ධියෙ ගංජා වලට බනින අයගෙන් බහුතරයක් එක දවසක් හෝ ගංජා උගුරුක් උරපු අය බව කරුනාවෙන් සලකන්න..... දන්නා නමුත් නොදන්නා සේ සිටින්න .... :3....


13 comments:

  1. යෝ..යෝ....
    ඔය තියන්නේ එලට ආ...

    ReplyDelete
  2. හානේ.. උබ නැවැත්තුවාද ඈ!

    ReplyDelete
  3. මේ ලියන මා 2002 වසරේදී ගංජා වගාකර යුරෝපයට අපනයනය සදහා බලපත්‍ර යක් ලබගතතා නමුත් 2004 පැමිණි රජය එය තහනම් කලා

    ReplyDelete
  4. එල එකක් පොලා, එල කිරිවගේ වචන ටික ගැලපිලා තියෙනවා, මේක ලිවුවෙත් මොනාහරි පාවිච්චි කරල වගේ :D

    ReplyDelete
  5. #unknown - අම්මට උඩු එහෙමද
    #දුමියා - නෑ මචන් මොනවත් පාවිච්චි කරලා නෙමෙයි ලීවෙ.. !!

    ReplyDelete
  6. ඔව් මම ගනජා ගැහුවා. දැන් ගහන මෝඩයින්ට ඉදිර්යටත් මඩ ගහනවා. මන් පිලිගන්නවා මම මෝඩයෙක් වෙලා හිටියා කියලා.

    ReplyDelete
  7. එල පොස්ට් එක

    ReplyDelete
  8. නියමයි.. වැදගත් පෝස්ටුවක්.. ඇත්තටම සමහරක් දේවල් මම දැනන් හිටියේ නෑ..

    ReplyDelete
  9. hm.. math dakka kansa ho e ha samana shakayak concrete wala strength eka wadikirimata yodagannawa kiyala. concrete wala strength eka wadikarawanna puluwan sadakayak thiyenawa kiyala. Ireland walath danata wagakaranawa kiyala thibune.. :) onna karanawanam wada..

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...