Nov 12, 2012

බස්සන වෙලාව

මං ඔය නිකමට වගේ අපේ ස්ටුඩියෝ එකක් තියෙන අයියා කෙනෙක් එක්ක වෙඩින් වලට යනවා පොටෝ ගන්ඩ.... මාත් ඉතින් එහෙන් මෙහෙම් පින්තූර ටිකක් ගන්නවා... මගේ ආසවනේ ඈ..

ඔහොම අපිත් එක්ක ගිය ඩයල් එක්කට මේ ලඟදි මරූ සීන් එකක් උනා... :D...

මේක හෙන සිරාම මඟුල් ගෙයක්. මනමාලිගේ තාත්තා නැකැත් එහෙම අකුරටම කරන්න ඔනෙ කිව්වා.. පොර ඒවා හෙණටම විශ්වාස කරන ඩයල් එකක්.

කොහොමත් ඉතින් මනමාලයා ආවම ඉස්සෙරලාම කරන්න තියෙන්නෙ පෝරුවෙ චාරිත්‍රනේ. හරි වෙලාවටම ජෝඩුව පෝරුවට නැග්ගුවා.... ඊට පස්සෙ අර අශ්ඨක කියන ලොක්කා මොනවදෝ මන්දා හෙණ හෑලි වගයක් කියෝගෙන කියෝගෙන ගියා...

කොහොම හරි ඒ වැඩ ඔක්කොම ඉවර උණාට ජෝඩුව පෝරුවෙන් බිමට බහින්ඩ අදහසක් නෑ. අපිටත් ඉතින් ඔතන හිටගෙන ඉන්ඩ බැරි නිසා පොඩ්ඩක් මෙහාට වෙලා ඉදගත්තා...

අපිට තේරුණ විදියට පෝරුවෙ චාරිත්‍ර ඉවර උණාට හරිටම පෝරුවෙන් බහින්ඩ තව පොඩි වෙලාවක් තියෙනවා. එක නිසා තමා ජෝඩුව බහින්නෙ නැත්තෙ... ඒත් කෝකටත් හරියටම වෙලාව දැනගන්න අපේ එකාට කීවා ගිහින් මනමාලයගෙන් බස්සන වෙලාව අහගෙන වරෙං කියලා... මූත් ගියා පැනගෙන..

අපි ඈත ඉදන් බලාගෙන, මූ මනමාලය ලඟට ගිහින් පොරගෙන් ඇහුවා බස්සන වෙලාව......

මනමාලයා මුගේ කණට ලංකරලා මොකක්දෝ දෙයක් කිවා......

ඊට පස්සෙ අන්න අරූ එනවා මූණත් එක්ක ඇඹුල් කරං..... අපි ඇහුවා මොකො කියලා.. අරූ මොනවද කණට කරලා කීවෙ කියලා...

මේ අපේ හරකත් ගිහින් හයියෙන් මනමාලිටත් ඇහෙන්නම මනමාලයගෙන් අහලා "අය්යේ බස්සන්නෙ කීයටද" කියලා...

මනමාලයට මල පැනලා අරූගේ කණට ලං කරලා කියලා "බස්සන්නේ රෑට දැන්ම බස්සන්න පුළුවන් කමක් තිබ්බනං බස්සනවා උබ මොකටද අහන්නෙ උබ බස්සන්ඩද ?" කියලා :D...

අරුට කට උත්තර නෑ...... නැට්ට පු* අස්සෙ ගහගත්ත බලු කුක්කා වගේ ඇවිත් ඉදෙගන හිටියා මුළු මඟුලම ඉවර වෙනකං.... :D

ප.ලි - එක එක අය එක එක ව්ඩිහියට තේරුම් ගනිවී....ඇත්ත සුදුවීමක් විහිළුවක් විදියට හැගුන නිසා කියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න...

6 comments:

  1. හුටා හැකාස්!! පට්ට ඔයි

    ReplyDelete
  2. ඉතිං ඇත්තනේ මනමාලයා කීලා තීන්නේ...

    ReplyDelete
  3. බස්සනවා කීවෙ?

    ReplyDelete
  4. එල එලලලලලලලලලලල

    ReplyDelete
  5. හරිනේ බන් ‍රැටනේ බස්සන්නෙ.(එල කතාවක්)

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...