Sep 18, 2012

S.B බලුමැක්කා !!

අපිට වයස අවුරුදු 6 වෙනකොට අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිලා (සමහරු නම් හොටු පෙර පෙර අඩ අඩා :P) හා හා පුරා කියලා ඉස්කෝලෙ ගමන පටං ගන්නවා. ඇත්තටම ඒ කාලේ කිසිම තේරුමක් නෑ මොකක්ද මේ ඉස්කෝලේ කියන්නෙවත්, මොකටද ඉස්කෝලෙ යන්නෙ කියන්නෙවත් කියලා. ඒත් එහෙම නෙමෙ අපේ අම්මගෙයි තාත්තාගෙයි හිතේ තියෙන බලාපොරොත්තු, ඒ දවස ඒ දෙන්නගෙ ජීවිතේ වැදගත්ම දවස. ඒ දෙන්නා එයාලගේ හිතේ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන තමයි තමන්ගෙ ළමයව ඉස්කෝලෙට භාර දෙන්නෙ.

ඇත්තටම අපි එහෙම ඉස්කෝලෙ යන්න පටන්ගෙන අවුරුදු 13ක්ම ඉස්කෝලෙ යනවා කාලය ගත වෙනවා දන්නෙම නෑ. අවුරුදු 6න් කිසිම අදහසක් තේරුමක් නැතුව ඉස්කෝලෙ යන්න පටන් ගත්තු අපි ටික ටික අනාගතය ගැන හිතන්න පුරුදු වෙනවා. උනන්දුවෙන් හරි උනන්දුවක් නැතුව හරි ඉගෙන ගන්නවා. වෙන මොකටවත් නෙමෙ හොදට විභාග පාස් කරලා කැම්පස් ගිහින් හොද ජොබ් එකක් අරගෙන දෙමව්පියන්ටත් සලකගෙන ලස්සනට ජීවත් වෙන්න.

ඇත්තටම හැමෝටම කැම්පස් යන්න බැරි උනත් හැම ළයෙකුගෙම හීනෙ වෙන්න ඕක තමා.

එහෙම අවුරුදු 13ක් අමාරුවෙන් ඉගෙනගෙන කොහොමහරි කරලා කැම්පස් යන්නෙ හිතේ දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන. එහෙම බලාපොරොත්තු ඇති වෙන්න අපේ හිත්වල විතරක් නෙමෙ අපේ අම්මගෙයි තාත්තගෙයි හිතවලත් එහෙම ඇති වෙනවා. සමහර විට අපිට වඩා ඒ ගැන හිතලා සන්තෝස වෙන්නෙ ඒ දෙන්නා.

ඒත් අද,

අද කැම්පස් යනවා කියන්නෙ දෙමව්පියන්ගෙ හිත්වල ඇතිවෙන්නේ මහා ලොකු දුකක්. ඒකට වැරදි කාරයෝ කවුද ? ඇත්තටම කවුද ?

තමන්ගේ ළමයින්ව පිටරට විශ්වවිද්‍යාල වලට යවලා හොදට උගන්නගෙන මෙහෙ ළමයින්ට නිකන් දෙන අධ්‍යාපනය කඩාකප්පල් කරන්නෙ කවුද ?

අපේම ඡන්දවලින් පාර්ලිමේන්තු ගිය ඇමතිවරු කියාගන්නා මෝඩ තුප්පහියෝ නොමෙද ?

ඇත්තටම මෙ ළමයින් ගැන, මේ ළමයින්ගේ අනාගතේ ගැන ඕකුන්ට නිකමටවත් හිතෙන්නෙ නැද්ද ? ඌට උගේ ළමයි වගෙ තමා මේ දෙමව්පියට ඒ අයගෙ ළමයි.

අවුරුදු 5න් උපාධිය අරන් එළියට එන්න කැම්පස් යන කෙල්ලො කොල්ලො ඒ උපාධිය ගන්න අවුරුදු 10ක් බාලාගෙන ඉන්න ඔනේ. වැඩිය ඔන්නෑ මගේ හොදම යාළුවෙක් තුන්පාරක් A/L කලා කොහොම හරි කැම්පස් යාගන්න ඔනේ නිසා. ඌ කොහොමහරි තුන්වෙනි වතාවෙ ගොඩ ගියා, ඒ අම්මටයි තාත්තටයි ඊට වඩා දෙයක් නෑ. හිතේ තිබ්බෙ පුදුම සතුටක්. මොරටුවෙ Architecture වලටඌ තේරුණා. අවුරුදු 5ක් ඉන්න ඔනේ උපාධිය ගන්න.

ඒත් දැන්, ඌ A/L කරලා result එනකන් ගෙදර හිටිය කාලේට වඩා කාලයක් ඌ කැම්පස් ගියාට පස්සෙ ගෙදර. ඌ කැම්පස් ගිහින් අවුරුදු 2යිද කොහෙද, ඒ අවුරුදු දෙකෙන් අවුරුද්දකට වඩා ඌ හිටියෙ ගෙදර. මොකද කැම්පස් එක වහලා. ඌ ගෙදරටම නාකි වෙනවා. කවදද උපාධියක් අරං අධ්යාපන කටයුත් සම්පූර්ණ කරගෙන එලියට එන්නේ. ඒ කොල්ලගේ අනාගතේට මොකද වෙන්නේ ?

මේ පජාති දේශපාලන බලුමැක්කෝ සෙල්ලං කරන්නේ රටේ අනාගතේ භාරගන්න ඉන්න ළමයින්ගේ ජීවිතෙත් එක්ක නෙමේද ? ඇයි එවුන් එහෙම කරන්නේ ?

යකෝ ඇමතිතුමෝ, තෝ මේ කරන වැඩ නිසා නරක නාමේ ගෑවෙන්නෙ තොට විතරක් නෙමෙ. තොගේ ගෑණිට තොගේ දරුවන්ටත් එක්කයි ඔක්කොම වෙන්නේ. වෙන මොකුත් ඔන්නෑ තොගෙ අහින්සක අම්මා. ඒ අසරණ ගෑණි මොනතරම් බැනුම් අහනවා ඇද්ද ?

යකෝ ගොන් ඇමතියෝ, කැම්පස් ටික ඇරලා මේ ගෙවල්වල කාළකන්ණිවෙන ළමයින්ට ඉගෙන ගන්ඩ දීපිය. තෝ එහෙම කරා කියලා තොට පාඩුවක් වෙන්නෙ නෑනේ. තොට තොගෙ පඩිය ලැබෙනවා. තොට ලැබෙන දීමනා ලැබෙනවා.

ආයිත් කියන්නෙ කැම්පස් ටික ඇරපිය....

තෝ වගේ අසමජ්ජාතියො මැරෙන්නේ පණ පිටින් පණුවො ගහලා බල්ලෝ....!!

ප.ලි - පෞද්ගලික කෝන්තරයක් මත ලියන ලද්දක් නොවන බවත්. මාගේ මිතුරා ඇතුලු ගෙදරට කාළකන්ණි වන විශ්වවිද්‍යාල සිසුන්ට කරන උදව්වක් ලෙස සලකා ලියන ලද්දක් බව කරුණාවෙන් සළකන්න.

6 comments:

  1. මූ වගේ මීමෙක්ට ඔය ටික නොතේරෙන එකනේ දුක ...

    ReplyDelete
  2. වැඩක් නෑ බන් අපි කෑ ගහලා මේරට ආශ්චර්යමත් වෙලා ඉවරයි

    ReplyDelete
  3. මූ බීරියි බං....
    ඒ වගේම අන්ධයි...
    ඉතිං වැඩක් නෑ...

    ReplyDelete
  4. මට තරහ යනව ඈ..

    ReplyDelete
  5. තෝ වගේ අසමජ්ජාතියො මැරෙන්නේ පණ පිටින් පණුවො ගහලා බල්ලෝ....!!

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...