May 14, 2012

පාසල් ජීවිතය.... උසස් පෙළ කෙලවීමෙන් පසු අවසන් වීම :/

පි කවුරුත් ඉස්කෝලේ යනවා..ඒ කාලේ කොහොමවත් අමතක වෙන්නේ නෑ....මට නම් එහෙමයි, අනිත් අයටත් එහෙම වෙන්න ඇති කියලා හිතනවා.....

මාත් ඉතිං ඔහොම ඉස්කෝලෙ ගියා. ඉස්සෙරලාම ඉස්කෝලෙ යන්න පටං ගත්තේ 1995 අවුරුද්දේ... ගියේ අපේ ටවුමේ තියෙන ප්‍රසිද්ධ මිශ්‍ර පාසලකට (කෙල්ලො කොල්ලො දෙකම ඉන්නවා ඈ :P)..

1 වසරෙ ඉදං උසස් පෙල කෙළවෙනකම්ම ගියේ ඔය ඉස්කෝලෙටම තමා.... ඒත් සමහරු.....අම්මේ..... ඔය අවුරුදු 13ට ඉස්කෝල 100ට විතර යනවා...වෙලාවට මට එහෙම ටොපියක් සැට් උනේ නෑ....

ගෙදර ඉදං ඉස්කෝලෙට විනාඩ් 10යි.... අපි ඉස්කෝලෙ යන්ඩ පටං ගත්තු කාලේ ඉස්කෝලෙ පටං ගත්තේ 8ට.. ගෙදරන් 7.40ට විතර එනවා.... අතුගාන්ඩ තියෙන දවසට ගෙදරින් එන්නේ 7.50ට විතර :D... පස්සෙ තමා මොකක්ද හින්දා ඉස්කෝලෙ 7.30ට පටං ගන්ඩ ගත්තේ....

තව එකක් කියන්ඩ ඔනේ, කමෙන්ට් වලින් අහන්ඩ එපා මම ශිෂ්‍යත්වේ පාස්ද පේල්ද කියලා ඈ.... මොකො කිව්වොත් සිරාවටම මට මතක නෑ මං පාස්ද පේල්ද කියලා...(දැන් උබලා හිතයි අනිවා මංපේල් ඇති කියලා.... ඉතිං හිතා ගනිල්ලා, ඒ හෙන කාලෙකට කලිංනේ... නැතතං දැං ඒක ලිව්වනං අනිවා පාස් හරිද..).. :P.

මුලින්ම කියන්නම් 1 වසරෙං වෙච්චි සීන් එකක්..(පිළිවෙලකට යන්ඩ එපැයෑ නේ)

පොඩිම කාලෙ සීන් නං ගොඩක් මතක නෑ අමතක නොවෙන එක සීන් එකක් තියෙනවා.. එක සැරයක් හෙන වැස්සෙ මායි තව එකෙකුයි අම්භානක තෙමිලා තෙමිලා (ඉන්ටර්වල් එකෙද කොහෙද) ක්ලාස් එකට ගිහිං ක්ලාස් ටීචර්ගෙන් තුවායක් නැද්ද ඇහුවා ඔලූව පිහ ගන්ඩ......:D... එදා තමා ගුටි කණ එක පටං ගත්තේ.....

ඊට පස්සෙ පන්ති වලිනුත් එක එක ටීචර්ලගෙන් අම්භානක ගුටි කෑව කියලනම් මතකයි ඒත් හරියටම මොන වගේ සීන් වලටද කියලා මතක නෑ.. :(

ආ...තව එකක්.... මං කාවදාවත් වාර විභාග වලිං පන්තියෙ පළවෙනියා වෙලා නෑ....මං ඒ ගැන අදටත් හෙන ආඩම්බර වෙනවා...මොකෑ මං එහෙම පලවෙනියා උනානං පව්නෙ අනිත් උන්, උන්ට ප්ලේස් නැති වෙනවනේ..... ඇත්තටම මම එහෙම කලේ අනුන්ගැන හිතලමයි....

අනෙ අර ගුටි කාපු සීන් එකෙන් පස්සෙ එහෙම ලොකුවට චාටර් උන සීන් එකක්වත් මට හරියටම මතක නෑ....

එක සැරයක් ඔපිස් එක ඉස්සරහ උදේ ඉදන් ඉස්කෝලෙ ඇරෙනකම්ම දණ ගහගෙන හිටියනම් මතකයි, ඒත් සීන් එක මොකක්ද කියලා හරියටම මතක නෑ...සිස්....

කොහොම හරි කාලෙ ගෙවිලා (අ)සාමන්‍ය පෙළ කරන කාලෙත් ආවා....හරියටම කියනවනං 2005 අවුරුද්දෙ තමා ඒකට සැට් උනේ.......(ආ දැං උබලා හිතනවා ඇති ඒකත් කෙලෝ ගත්තා කියලා..... රෙද්ද තමා හූ ඈ...)...

බොරු කියන්ඩ ඔනේ නෑනේ මට සුවර් එකක් තිබ්බෙත් නෑ විභාගෙ ගැන, ඒ කාලේ තමා ගහපු තරමක් ක්‍රිකට් ගැහුවෙ.... රිසාල්ට් දැගත්තෙත් අම්මගෙ මාර්ගෙන්.. ඒකාලේ ගෙවල් වල ඉන්ටර්නැට් තිබුනෙත් නෑ....අතේ පෝන් තිබුනෙත් නෑනේ....අම්මලගෙ ඔපිස් එකෙ ඉන්ටර්නැට් වලින් බලලා තමා මට කෝල් කරලා කීවෙ....
" ආ....උබ විභාගේ පාස් ඈ" කියලා.... සිරාවට අදටත් මට සුවර් නෑ ඕයි ඒක..... වැඩ 10ම සම්මානනේ... A-4, B-3, C-3....

හැබැයි මට කෙල උනෙත් ඔය විදියට සා.පේ හරියට පාස් උන එක තමා.... එහෙම පාස් උනේ නැත්තං මං උසස් පෙළට මැත්ස් තෝරා ගන්න එකක් නෑනේ..... ආට් කලානං අනිවා පාස් වෙනවා.....

අනික උබලට කියන්ඩ.. අපිට කෙල වෙන්න අනික් හේතුව තමා අපේ සා.පේ රිසාල්ට් එන්ඩ මාස 6ට වැඩිය ගියා (2005 සා.පේ කරපු උන්ට මතක ඇති).. ඒ කාලේ බුල කෙලින්ඩ සෙට් උන එකෙන් තමා ඉගෙන ගන්න තිබ්බ ආසාව නැත්තටම නැති වෙලා ගියේ.....

කොහොම හරි මැත්ස් කරන්ඩ තෝරගෙන ක්ලාසුත් ගියා (මුල් කාලේ :P) ඉස්කෝලෙ පටං ගන්නකං......

වෙන්ඩ තිබුණ විදියද දන්නෑ, වල බැස්ස තරමක් වල බැස්සෙ උසස් පෙළ කරන කාලේ...

ඒ කාලේ 7.30 වෙද්දි ඉස්කෝලෙට යනවා, ගිහින් 8.30 වෙද්දි ඉස්කෝලෙන් පයිනවා.... පැනලා මොකෙක්ගෙ හරි ගෙදර ගිහින් ෆිල්ම් බලනවා....බලලා ගෙදර යනවා..... සමහර දාට එහෙමත් නෑ කෙලින්ම ගෙදර එනවා..........අපේ ගෙදර දවල්ට කවුරුද් නෑ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා, ඒ දෙන්නම එන්නේ 5ට විතර... හැබැයි ඒත් ගෙදරට එන්න කලින් දැන ගන්නවා මං කලින් ආවා කියලා....(කට කැඩිච්ච ගෑණු ඉන්නවනෙ)....

අපිට ඒ කාලේ ගොඩක් වෙලාවට උදේම පීරියඩ් එකෙ තිබුනේ කම්බයින්ඩ් මැත්ස්..... උදේම ඉස්කෝලෙට ඇවිත් ගාථා කියලා ඉවර උන ගමන් බත් එකක් හරි දෙකක් හරි කනවා..එහෙම කනකොට සර් එනවා.... ඒ සර් හරි පව්.එයා කියනවා අදවත් පන්තියෙ ඉදලා මේ පීරියඩ් එකෙන් පස්සෙ ගෙදර පලයල්ලා කියලා.... සර් පව් හින්දා ඉන්නවා නැත්තං ඉන්නෑ.....

අපි ඒ කාලේ ඉස්කෝලෙන් පැන්නේ අපේ ක්ලාස් එකට එහා පැත්තෙන් තිබ්බ තාප්පෙන්.... එක සැරයක් නිවාඩු කාලෙ ඉවර වෙලා ඉස්කෝලෙ එනකොට ඒ තාප්පේ අඩි3ක් විතර අලුතෙන් උස ගිහින්....හෑ.. පයින්ඩම බෑ.....

අපි ට්‍රයි එක අත ඇරියේ නෑ.... උඹලා දනන්වනෙ ඉස්කෝල වල කුණු දාන තැන..අර තාප්පෙටම සැට් කරලා එලියෙන් ඇවිත් කුණු එකතු කර ගන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ..... අපි අන්තිමට අන්න එතනින් පයින්ඩ ගත්තා..... එතනින් පනින දාට බස් වලට අපිව ගන්නෑ......( ඒතරමට අපි ලග සුවද :P)

ඔය විදියට තමා ඉස්කෝලෙ කාලේ ගෙවුනේ....හෙණ පන්..මට උසස් පෙළට කෙල උණා බොරු කියන්ඩ ඔනෙ නෑනේ......උපරිමේටම කෙල උණා.....දුකක් නැතුව නෙමෙ.....(යකෝ මැත්ස් හෙන අමාරුයි...නැතත් මට සෙට් උනේම හෙන අමාරු පේපර් සැට් එකක්.....)

ප.ලි - කථාව බෝරිං උණානම් සමාව භාජනයකට දාන ලෙස ඉල්ලා සිටිනවා.....

10 comments:

  1. අපි වගේම තමයි ඈ

    ReplyDelete
  2. ආ එල ඈ..... ඒ උනාට කමක් නෑ විභාගෙ ඒම ගොඩ දාගනිං ඈ...

    ReplyDelete
  3. pol saman ge weerak kriya da meee :P

    ReplyDelete
  4. ඔය බොට්ටුවේ අපිත් ඉන්නවෝ

    ReplyDelete
  5. Ade apit ohoma tamai bn...
    O/l kale pissu kelinda patan gatta,khma hari O/l goda giya...

    A/L maths kora,e kale ambanekata pissu keliya...Kelawa gatta...

    Dan tawa parak karanawa,aniwa me yana widiyata giyot me para kalintat wada kela wenawa,aith dekak na...

    Phone eken apu nisai singlish walin type kore...
    Digatama awit yanda ennamko me pattata...

    ReplyDelete
  6. මටත් මැත් කෙල උණා ඕයි. හැබැයි ඒක කරයිං මං ගොඩක් හැදුණා. වෙන එකක් කරානං මං ඉවරට ඉවරයි. මේ කියන්නෙ, සා.පෙ කාලෙ ජඩ ඇත්දැකීම් නිසා
    (කාටවුනත් මල් දෙන්නෙම නෑ මල් මල් ටික ටික පැනලා අරන් දුවන මන්දෙ මන්)
    දැං මා එක්ක හිටි එවුං පැකට් රස බලති.

    ReplyDelete
  7. ඒනං ඒ කාලෙ අතේ හොදට සල්ලි ඒම තියෙන්න ඇති නේ :P

    ReplyDelete
  8. අපිත් එසේම විය ..!! අහෝ කොම්බයින් බන් ..!!

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...