Oct 23, 2011

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ


ශ්‍රී ලංකාව අවුරුදු 30 පුරාවට තිබුණු යුද්ධය නිදහස් කරලා අපේ රටේ අහින්සක මිනිස්සුන්ගේ ජීවිත ලොකු අවදානමකින් නිදහස් කරගෙන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කර ගත්තා... ඒක තමා ලෝක බලවතා කියලා තමා විසින්ම කියා ගන්නා ඇමරිකාවට සහ ඇමරිකානු පාලකයන්ට තමන්ගේ පශ්චාත් ප්‍රදේශය බදු දීලා තියෙන එක්සත් ජාතින්ගේ මණ්ඩලෙයේ මහ ලේකම්ට අනුව මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් වෙන්නේ...

මුවම්මර් ගඩාෆි, සදාම් හුසේන් වගේ ලෝක නායකයින් මරා දමමින්, ඇෆ්ගනිස්තානය වගේ රටවල සිවිල් මිනිස්සුන්ට ගුවන් ප්‍රහාර එල්ල කරමින් අමු අමුවෙ මරා දාන එක මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් නෙමෙ.

ලෝකයෙ ඛණිජ තෙල් ආධිපත්‍ය අරගන්න ඇමරිකාවට තමන්ට ඔනෑ විදියට ඔනෑ දෙයක් කරන්න හැකියාව තියෙනවා. අපිට මිනිවරුවන්ගෙන් බේරෙන්න පොඩි දෙයක් කලත් ඒ ඈයොන්ට හරිම අමාරුයි....

මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ අපේ රටේ මිනිස්සු නෙමෙ පර සුද්දො, ඇමරිකන්කාරයෝ....මේවා මෙහෙම බ්ලොග් එකක ලිව්වා කියලා අපිට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒත් මෙහෙම මේ දේ ලිව්වෙ හිතේ අමාරුවට..

මෙව්වට තමා කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා.........

මේ කරන අපරාධ වලට මුන්ට ගහන්නේ වැහි නැති හෙණ...

ඒත් මෙව්වට අපිට කරන්න දෙයක් නෑ.... බලාගෙන ඉමු ඉස්සරහට මොකද වෙන්න කියලා....

6 comments:

  1. මොනව කරන්නද පොලා අපි ඉතින් මෙහෙමවත් මිනිස්සුන්ට කියල දෙමු ..

    ReplyDelete
  2. අනිවා මචන් අනිවා...

    ReplyDelete
  3. මම දියා...
    එල ඇ.

    ReplyDelete
  4. වැහි නැති හෙන නෙවෙයි බං ගහන්නෙ...
    …ගහන්න එකක් හොයන්න වෙනවා..

    …දැන් ලංකාවටත් ඇහැවැටිල ඇත්තෙ ඔවුන්ගෙ.

    ReplyDelete
  5. හැමෝගෙම හිතේ අමාරු අන්තර් ජන්ජාලයෙන් එළියට ඇවිත් හඬක් නගන්න පුලුවන්නම් ලාවට හරි දැනෙන්න ඕන එවුන්ට දැනෙයි!

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...