Aug 30, 2011

ඒ මං අරන් දුන්න මිදි බං..........

ටික දවසකින් මොනවත් ලියන්නත් බැරි උණා. ඒක නිසා මොකක් හරි කුරුටු ගාලා යන්න ඔනේ කියලා හිතුණා..... :D

අද මම කියන්න යන්නෙ පොඩි කථාවක්, ඒක උනේ අපේ පන්තියෙ එකෙකුට.....හැබැයි මොනවා උනත් හෙණ නෝණ්ඩි සීන් එක.......

මම කියන්න යන මිනිහට අපි "ඉසුරු" කියමුකො.....

ඔය ඉසුරු කියන චරිතේ ඉන්නේ අපේ ක්ලාසේ එකේ.... මිනිහා අපේ ක්ලාස් එකේ ඉන්න කෙල්ලෙක්ට හෙනම ලයින්, ලයින් නෙමෙ මූ ඒකිට ලව්...... කෙල්ල හෙන චාටර් ඩයල් එකක්... කොටින්ම කිව්වොත් ඒකි බඩ්ඩක්... හරිය............

අනේ ඉතිං අර ඔටුවා (ඔටුවා කිවෙ ඉසුරුට ඈ..) මේකිගෙන් යාලු වෙන්න අහලා මේකි බෑ කිව්වාම අම්භානක අඩපු බොහෝම ලාමක. ඔක්කොම අපේ ක්ලාස් එකට නෝන්ඩි කරගෙන චාටර් උන චරිතයක්..අපි දවසක් දැදුරු ඔයේ සෙට් උන දවසෙත් උගේ නපුසක කම පෙන්නලා දීලා කොල්ලෙක් වගෙ හිටපන් කියලා, දෙන්න පුළුවන් උපදේස එහෙමත් ඔක්කෝම දුන්නා..... මූත් "ඕව් බං මට තේරෙනවා ඒකි හෙන බඩුවක් බං, මම ඒකිට රැවටුනා...ඕකිට හොදක් වෙන්නෙ නෑ" වගේ අනං මනං කථා ගොඩාක් කියලා අපිත් එක්ක හෙනටම ටෝක්ස්  දුන්නා (සමහරවිට බීලා හින්ඳද දන්නෑ :P)......

කොහොම හරි ඔය සිද්ධිය වෙලා සතියක් 2ක් 3ක් ගතවුණා... මූ අරකිගේ මූණවත් බලන්නෑ....අපි හිතිවෙ "ආ හරි මිනිහා දැන්නම් හැදිලා" කියලා....

ඔය අතරේ දවසක්............

අර කෙල්ල ක්ලාස් ආවෙ නෑ, අපේ ඉසුරවා ක්ලාස් එකේ ඉන්නව... එදා උදේ වරුවෙ මොකුත් ඉගැන්නුවෙත් නෑ....ඔය අතරේ අපේ එකෙක් එදා ටිකක් පරක්කු වෙලා ආවා...... මූ හෙන මිදි ගොඩාක් ගෙනල්ලා මුළු පන්තියටම බෙදුවා, ඉසුරුවටත් ගෙඩියක් දෙකක් දුන්නා......

ඉසුරුවා බැලුවා මිදි ගෙඩි ටික දිහා..... අර මිදි දුන්න එකාගෙන් ඇහුවා

ඉසුරු - ඒ උඹට කොහෙන්ද බං මේ මිදි ?

මිදි දුන්න එකා - මට මයුරි (කෙල්ලගෙ නම) බං දුන්නේ.....

ඉසුරු - අඩෝ......... ඒ මං අද උදේ ඒකිට කන්න අරං දුන්න මිදි බං.......

හිකිස් :D :D....අරූට අරකී දීලා අපි මේ කන්නේ අපේ ඉසුරුවා මයුරිට කන්න අරං දුන්න මිදී..... අනෙ අනිච්චං.....අරූ සල්ලි වියදම් කරලා අරකිට අරං දුන්න මිදි ටික අන්තිමට කෑවෙ අපි...හික්ස්........

තව ඉසුරුවා ඒකිට අරං දුන්න කීයක් නම් දේවල් මේකි ඔහොම විසික් කරන්න ඇද්ද ? ..... අරූ විහිං බයිට් වෙනවා......හික්ම තමා... :D

ප.ලි - වෙලාවට මිදි ටික පන්තියෙ එකෙකුටම දුන්නේ........ නැත්තං විසික් කරනවනේ. ඒතකොට කාටවත් නෑ...... ඒක නම් වෙලාව නේ... :D

16 comments:

  1. මිදි රසයි නෙහ්..
    අපරාදෙ බඩ යන්න මොකක් හරි අරන් දෙන්න තිබ්බෙ.
    සැහ් එතකොට බඩ දාන්නෙ උඹලනෙ

    ReplyDelete
  2. එළ කතාව මට ඔය පන්තියට එන්න බැරිවෙච්ච් එක ගැන දුකයි

    ReplyDelete
  3. හික් හික්
    එල සීන් එක!

    ඔන්න ලෝක පූජනීය මලියා කමන්ටුවක් දැම්මා! ^_*

    ReplyDelete
  4. අඩෝ මට මයුරිව සෙට් කරලා දියන් මන් උබට මිදී පෙට්ටියක්ම දෙන්නම් .....................
    එළ ආ....
    හැබැයි පච සීන් එක

    ReplyDelete
  5. ඔය වගේ වැඩවලට කියන්න වදන් නැහැ ......
    ගොන් බඳින කනුවක් ........

    ReplyDelete
  6. තෝ වගේමයි තෝලඟ හිටපු එවුණුත්!

    ReplyDelete
  7. ඒ මේ පට්ටා සීන් එක අයිසෙ.... හික්

    ReplyDelete
  8. බලු සීන් එක ඕයි..කුප්පයි..!

    ReplyDelete
  9. එතකොට පොලා, ඔය මයුරි කියන්නේ අර "බඩ්ඩද"?????

    මොනව උනත් එලම seeeeeen එක :) :) :)

    ReplyDelete
  10. සිරා....ඔන්න ෆලෝ පාරකුත් දැම්මා.පට්ට සින්දු ටික හොදේ..ලොල් ;)

    ReplyDelete
  11. මේක උබට වෙච්ච සිද්දියක් නේද..?

    ReplyDelete
  12. නෑ බං..ආයි පිස්සුවක් ඇතෑ...

    ReplyDelete
  13. ම‍චෝ මරැ බ්ගොග් එක.. මගේ සුබ පැතුම්

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...