Aug 27, 2011

ඇතුගල්පුරවරය නොහොත් කුරුණෑගල෴


ද මම කියන්න කල්පනා කලේ මම ජීවත් වෙන නගරය ගැන පොඩි පොඩි විස්තර ටිකක්..........අවුලක් නෑනේ :D.............

මම ජීවත් වෙන්නේ කුරුණෑගල...... කුරුණෑගල කියන්නේ වයඹ පළාතේ අගනගරය. වයඹ පළාතේ අනිත් නගරය වෙන්නේ පුත්තලම......ඔය නගර දෙක අතර 90KM විතර දුර පරතරයක් තියෙනවා.......

කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවෙ ප්‍රධානම ගමන් සංධිස්ථානයක්.... ඒ A10 හා A6 මහා මාර්ග දෙකක් එකිනෙකට මාරු වෙන සිථානයක් වීම නිසා......කුරුණෑගල නගරයේ සිට ප්‍රධාන නගරයක් ගමනාන්තය වන මාර්ග පිහිටා තිනෙබවා (ඒ කියන්නේ එක බස් එකේ ගමන).........

ඒ නගර වෙන්නේ......
  • කොළඹ
  • මහනුවර
  • දඹුල්ල, ත්‍රිකුණාමලය
  • මීගමුව
  • පුත්තලම
  • අනුරාධපුර
කුරුණෑගල නගරයේ වැදගත්කම ගැන කථා කළොත්........

කුරුණගල නගරය ගොඩාක් ප්‍රසිද්ධ ඇතුගල නිසා....... ඇතුගල කිව්වොත් රටේ කොහෙ කෙනෙක් උනත් දන්න තරමට ඒක ප්‍රසිද්ධයි....... කුරුණෑගල තමා ශ්‍රී ලංකාවෙ ලොකුම පොල් නිශ්පාදකයා වෙන්නේ...... පොල් ත්‍රිකෝණයට අයත් වන හලාවත, කොළඹ, කුරුණෑගල නගර තුනෙන් වැඩියෙන්ම පොල් නිශ්පාදනය සිද්ධ වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ.......

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතීතය ඉතාමත් ඈතට දිවයන්නක්. පඩුවස්නුවර, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල යන අතීත ශ්‍රි ලංකාවෙ ප්‍රධානතම රාජධානි පිහිටීම මගින් පැහැදිලි වනවා......

කුරුණෑගල ක්‍රීඩා සම්බන්ධව......

කුරුණෑගල නගරයේ ඇති ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන්නේ වෙලගෙදර ක්‍රීඩාංගනයයි.......
ඊට අමතරව අන්තර් පළාත් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය පිට පිට තුන් වතාවක් ජයග්‍රහණය කල කණ්ඩායම වන්ණේද කුරුණෑගල ප්‍රමුඛ Wayamba Wolves කණ්ඩායමයි.........

අධ්‍යාපනය.....

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම අධ්‍යාපන ආයතනය වන්නේ වයඹ විශ්වවිද්‍යාලයයි......

15 comments:

  1. වටින විස්තරයක්. ලෝකේ උසම හිඳි බුද්ධ ප්‍රතිමාව හදන්නෙත් කුරුණෑගල කිට්ටුව නේද ???

    ReplyDelete
  2. ආහ් මට අමතක වුණා. කුරුණෑගල තිබුණු රාජධානිය ගැනත් මොනවා හරි කිව්වා නම් පංකාදුයි

    ReplyDelete
  3. හොදා හොදා...ලංකාවේ ප්‍රධාන ට්‍රාන්ස්සිට් නගරය කුරුණෑගල තව තවත් දියුණු වේවා...අර කසිප්පු කාරයගේ(ජොනී) බාර් ගොඩත් තියෙන්නේ කුරුණෑගල නේ...ඒක තමා අවුල...

    ReplyDelete
  4. ඇයි දෙයියනේ අපේ ඉස්කෝලෙ..මලියදේව විද්‍යාලය..තව අනික් ඉස්කෝල ටික ගැනත් කිව්වනං මොකද?

    ReplyDelete
  5. ඇයි කුරුණෑගල ඉන්න කෙල්ලෝ ගැනත් කියන්න ඕනනේ.. ලංකාවේ ඉන්න ජරාම කෙල්ලෝ ඉන්නෙත් කුරුණෑගල හා ඒ අවට නේද? අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
  6. කුරුනැගල ගැන තවත් කොයි තරම් දේවල් තියනවද සහෝ ලියන්න... පොස්ට් එක මේ තරම් කෙටි විම පිලිබදව අප්‍රසාදය ප්‍රකාශ කරමි... තව පාට් එකක්වත් නෙකතු කලොත් හොදා......

    ජය වේවා

    ReplyDelete
  7. @හසිත - මචන් ලොකේ උසම හිදි පිළිමය වගේම දිගම ශෛලමය බුද්ධ ප්‍රතිමාවත් තියෙන්නේ කුරුණෑගල
    @දේවා - මචන් මේක ලියාගෙන යනකොට පොඩි සිද්ධියක් උණා ඒකයි මේ post එක කෙටි ව්එන්න හේතුව උනේ....

    ReplyDelete
  8. ඔව්.. කුරුණෑගල ගැන මීට වඩා ලියන්න තිබ්බා.. තවත් විස්තර.. වටිනවා..

    ReplyDelete
  9. යකෝ කුරුනෑගල ඉදල පුත්තලමට දුර 83 කිලෝමීටර්ස්..බොරු කීන්ටෙපා..
    කුරුනෑගල කෙල්ලො ගැන කියල නෑ නෙ :පී
    කුරුනෑගල ලව් කරන පොට් / බොන පොට් / නාන පොට් මුකුත් නෑ..ඔන්න ඔව්වයි අපිට ඕන :)))

    ReplyDelete
  10. අඩෝ උඹ කුරුණෑගලද? කුරුණෑගල ගැන මෙච්චරද බං කියන්න තියෙන්නෙ. ඇයි බං ලංකාවෙ වැඩියෙන්ම වැව් තියෙන්නෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නෙ.

    ReplyDelete
  11. මු කුරුනැගලනම් ගමම ඉවරයි :P

    ReplyDelete
  12. ඇයි ලංකාවේ හොදම පාසල් වලින් සමහරක් තියෙන්නේ කුරුණෑගල [[maliyadewa boyz / girlz | st .anne 's / convent ]], අමතර පන්ති (ටියුෂන් ක්ලාස්) හොදම වගේම වැඩිම කුරුණෑගල , හොදම වෙළද සංකීර්ණය තියෙන්නෙත් කුරුණෑගල :ඩී ......... අයිඕ.... මදි මදි තව මේ පොස්ට් එක update කරන්න විස්තර ගොඩක් දාලා..... :ඩී :දිව

    ReplyDelete
  13. Tution class wadima gananak tiyenneth kurunagala.
    Kurunagala tiyena wadagathkama kiyanda ekkenekuta ba.
    Api danneth na kurunagala tiyena wadagath kama serama.
    Kattiyama ekathu wela kurunagala gana honda post1 hadamuda?
    :)

    ReplyDelete
  14. වැඩිම වී වගා බිම් ප්‍රමාණයක් තියෙන්නෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ.
    වැඩිම රජ මහා විහාර සංඛයාවක් පිහිටලා තියෙන්නෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ.
    වැඩිම පිරිසක් ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ වෙලා ඉන්නෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ.
    වැඩිම විදේශ රැකියා නියුක්තිකයන් ප්‍රමාණයක් ඉන්නෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ.

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...