Aug 14, 2011

අතීතය සිහිනයක් පමණයි....

"අතීතය සිහිනයක් පමණයි සැබැ සුවඳක් නෑ"

ඒ.... කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ සින්දුව......ඇත්තටම ඒක 1000% හරි.....අපි මොන තරම් නම් අතීතයේ සිද්දවුණ දේවල් ගැන හිත හිතා ලත වෙනවද......

මමත් එහෙම කාළකන්ණියෙක් තමා....ඒත් දැන් නෙමෙ මීට කාලයකට ඉස්සර.........මමත් මට වැරදුන තැන්, ඇත්තටම මම විසින්ම වරද්දවා ගත්ත තැන්, දේවල් ගැන හිත හිතා ගොඩාක් දුක් උණ කෙනෙක්......

ඒත් මම පස්සෙ තේරුණා මම ඇයි සිද්ධවුණු දේවල් ගැන හිත හිතා ලතවෙන්නේ, හැමදේම වෙන්නෙ මනුස්සයට, වරදින්නෙත් මසුන්න්සයට හරි යන්නෙත් මනුස්සයට.... ඒක ලෝක ස්භාවය....... ඒක නිසා සුද්ධවුණු දේවල් ගැන හිත හිතා අපි අපේ අනාගතේ නැති කරගන්න උවමනා නෑ....කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා....අපිට දෙයක් වැරදුනාට කවදා හරි හරි යනවා....... වැරදි වැරදි ඉගෙන ගත්තොත් තමා කවදා හරි ඒ දේ 100%ක් හරියට කරන්න පුළුවන්....

ඒක නිසා වැරදුනු දේ ගැන නැති උණ දේ ගැන හිත හිතා කම්පා නෙවී, අනාගතේ ගැන හිතලා කටයුතු කරන එක තමා සාර්ථක මනුස්සයෙක් වෙන්න නම් අපි අනිවාරයයෙන්ම කරන්න ඔනේ.........

මම මේ දේවල් කිව්වෙ. මේ විදියට දුක් විදින අය ඉන්න නිසා...මම ඔය දේ කිව්වෙ නිකම්ම නෙමෙ අත්දැකීමෙන්....එහෙමයි කියලා මම කියන්නෑ මම සාර්ථක මිනිහෙක් කියලා......ඒත් පහුගිය දේවල් ගැන හිත හිතා කම්පා නොවී ඉන්න නිසා මගෙ හිතේ විශ්වාසයක් තියෙනවා මට කවදාහරි සාර්ථක මිනිහෙක් වෙන්න පුළුවන් කියලා......

මේක කියවන කෙනා කවුරු උණත් එයා මම කිව්ව දෙයින් මොකක් හරි වටිනා දෙයක් ඔළුවට දා ගත්තනම් මට ඇති....මම මනුස්සයෙක්..මම කැමතියි තව මනුස්සයෙක් ලස්සනට ජීවත් වෙනවා බලන්න........

කෙනෙකුට මේ post එක කිසි වැදගැම්මකට නැති දෙයක් වෙන්න පුළුවන්........ මම ලිව්වෙ මට හිතුණදේ කෙනෙකුට යහපතක් වෙයි කියලා හිතුණදේ.......

Boring උණානම් සමාවෙන්න ඔනේ..........

17 comments:

  1. එලා පොල් අයියේ මාගේ හදපිරි ස්තූතිය

    ReplyDelete
  2. ෆොලා... මමත් දැන් දවස් දෙකකට කලින් මගෙ මුලූ අතීතයම අමතක කරලා අලුත් මිනිහෙක් වගේ ජීවත් වෙනවා.... මතක් වෙන්න තිබ්බ හැම වස්තුවක්ම මම මගේ ඇස් දෙකන් අයින් කරා... මට දුක නෑ අතීතය ගැන.. මොකද මට අනාගතයක් තියනවා කියලා කෙනෙක් පැහැදිලි කලා.. ඉතින් හැම දෙයක්ම අමතක කරා...
    සමහරු මට ඉස්සරහට කියයි '''සික් මූට අපි කරපුවා මතක නෑ'"'කියලා.. ඒත් මට කරන්න දෙයක් නෑ... මම කිසිම දේකට ආයෙ වහල් වෙන්නේ.. කාව වත් විශ්වාස කරන්නෙත් නෑ....

    උබේ පෝස්ට් එක බෝරින්ග් නෑ.. මොකද මනසින් බැලුවොත් ලොකු දෙයක් තියනවා ඇතුලේ... :) උබට ජය..!!!!

    ReplyDelete
  3. @දියා, ඉස්පංචියා - ටැංකූ වෙවා කමෙන්ට් වලට... :D

    ReplyDelete
  4. ඇත්ත කතාව පොලා...

    දේව්දාස්...

    ReplyDelete
  5. හිත හදාගන්න ඔහොමවත් කියපං!... අපි නොදන්නවෑ පොලා තාම රෑට අඬනව!

    ReplyDelete
  6. @දේව් - එල එල ටෑංක්ස්
    @නිකමා - මචන් මම මේ කියලා තියෙන්නෙ ඇත්ත. උඹ කරන්න ඇත්තෙ ජෝක් එකක් ඒකට අවුලක් නෑ....ඒත් මේ සහතික ඇත්ත හොදේ...

    ReplyDelete
  7. මචං කතාව නම් සිරාවට ඇත්ත ආ..
    ඒත් මචං මට අතීතය අමතක කරගන්න බැරුව දුක් විදිනවා.උඹ සීන් එක දන්නවනේ ඉතින්..
    උඹගෙ කතාව බෝරිං නෑ මචං..බොක්කටම වදින්න ලියලා තියෙනවා..
    මමත් අතීතය අමතක කරන්න උත්සහා කරනවා..
    උඹට ජය.. දිගටම ලියමු.. එල එල

    ReplyDelete
  8. බඩියෝ...කොහොම හරි අමතක කරන්න බලපන්, එහෙම කොලොත් ඒක උබටමයි හොඳ..

    ReplyDelete
  9. පට්ට සිංදුවක් !!!!
    මම් ආසම සිංදු අතරින් එකක්

    ReplyDelete
  10. එල එල.....ආයිත් අහපන් එහෙනම් :D

    ReplyDelete
  11. ඔයාට තියෙන්නේ මරු නමක් නේ..ඇත්තටම පොල් කඩන සමන් ද..

    හැමදේම වෙන්නේ මනුස්සයාට කියන එක ඇත්ත..අපි කොච්චර කරත් ජිවිතේ දෙන දේ බාරගන්න පුලුවන් නම් හොද හිතින් හිනා වෙලා ඉන්න පුලුවන් වෙවි හැමදාම.

    ReplyDelete
  12. නිම්ශා - හිකිස්..සොය ෆේක් නම ඈ.......
    ඔයාගෙ කථාව ඇත්ත, ඒකනේ ඔක්කෝම වෙන්නෙ හොදටයි කියලා කියන්නේ...

    ReplyDelete
  13. නියමයි පොල් අය්යේ.. මොන boringද.. මේ තියෙන්නේ ගන්න දේවල් ගොඩක්...

    '' කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවනේ '' හැබැයි අයියේ මේ කතාව නම් භයානකයි ඈ... මේ ලගදි කවුදෝ ඔහොම කතාවක් කියලත් රෙදිත් ගලව ගත්තනේ... හික් ..

    මගේ පලවෙනි කමෙන්‍ටුව.. ජය වේවා ..

    ReplyDelete
  14. @ලක්ශියත - එල එල.....ජය වේවා !!

    ReplyDelete
  15. පහුගිය දේවල් ගැන හිත හිතා කම්පා නොවී ඉන්න නිසා මගෙ හිතේ විශ්වාසයක් තියෙනවා මට කවදාහරි සාර්ථක මිනිහෙක් වෙන්න පුළුවන් කියලා....

    ඇත්ත කතාව මචෝ

    ReplyDelete
  16. අනිවා බං උඹට බැරි නෑ....එකෙන්ම පුළුවන්...

    ReplyDelete
  17. නියමයි පොල් මෙ වගෙ පොස්ට්ටුත් අතරින් පතර දාන්න, එක නියමයි!

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...