Aug 12, 2011

෴ජීවිතය෴

මට හිතෙන විදියට ජීවීතය යනූ............

ඇත්තටම ජීවිතය කියන්නෙ මොකක්ද ? මම දන්න විදියට නම් ඒක සැහෙන දෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්ණයක්......මොකක්ද මේ ජීවිතය කියන්නේ......??

Martin H. Fischer ට අනුව ජීවීතය කියන්නේ "Life is a ticket to the greatest show on earth". ඒත් ඒක එහෙමමද ?

සමහර අයට එය එහෙම වෙන්න පුළුවන්....ඒත් සමහර අයට ජීවිතය කියන ඒක ඔය කියන විදියට පෘතිවිය මත තියෙන ශ්‍රේෂ්ඨතම සංදර්ශණයට යන්න ලැබුන ටිකට් පතක් නොවෙන්න පුළුවන්...ඒක සමාජ යථාර්තය....

අපි කවුරුත් දන්න කියමනක් තමා "ජීවීතය කියන්නෙ විඳින්න තියෙන දෙයක් මිස විඳවන්න තියෙන දෙයක් නෙමේ" කියන එක.......

ඒත් ඒක එහෙමමද ?.................ටිකකට තමන් ගැන හිතලා බලන්න ? ඔයා ජීවිතය වින්ඳද? විඳෙව්වද?.......

සමහර විට ඔබ ජීවිතය වින්ඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒක එහෙම උනානම් ඇත්තටම සතුටුයි, ඇත්තටම ඔබ වාසනාවන්තයේක්.......මෙතනදී මම ආත්මාර්ථකාමී වෙනවා වෙන්න පුලුවන්. මොකද මම ජීවීතය විඳවපු කෙනෙක්....

මම මගේ ජීවිතෙන් තවම මහ කාලයක් ජීවත් වෙලා නෑ. මම මේ ජීවිතෙන් 1/4 විතරයි ගත කරලා තියෙන්නෙ.
සමහර විට මේක කියවන කෙනෙක් හිතයි ඇයි මම මෙහෙම කියන්නේ මට අම්මා තාත්තා නැද්ද කියලා...ඇත්තටම මට ඒ දෙන්නම ඉන්නවා, ඒ දෙන්නා නිසා තමා මම සැනසීමක් ලබන්නේ.....

ඒ දෙන්නා මට ජීවිතේ ලබා දුන්නා....අදටත් මට කන්න බොන්න දීලා මාව ජීවත් කරවනවා.... ඒහෙනම් කවුද මට ජීවිතය එපා කෙරෙව්වේ ?....

ඒත් තව මනුස්ස පරාණයක්ම තමා.....අපි ඔක්කොම මිනිස්සු......ඇයි තව මනුස්සයෙක් තවත් මනුස්සයෙකුගේ ජීවීතය සෙල්ලමකට ගන්නේ ? ඇයි තව කෙනෙකුගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්නේ ?

මේකට පිළිතුරක් හොයාගෙන ඒක මේ ලෝකේ ඉන්න හැම කෙනාම ඒ පිළිතුර දැන ගත්ත දාට මේ ඔක්කොම නැතිවෙයි......ඒත් එහෙම වෙයිද ?

මේක තමා සමාජ යථාර්තය කියලා සද්ද නැතුව ඉන්න අයත් ඔනේ තරම් ඇති... ඒත් එහෙම සද්ද නැතුව හිටියාම තව අහින්සකයන් කී දෙනෙකුගේ ජීවිත නැති වෙයිද ?

මිනිස්සු ඇයි මිනිස්සුන්ටම මෙහෙම කරන්නේ ????

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ" කියලා මොහිදීන් බෙග් මහත්තයගෙ සින්දුවකත් තියෙනවනේ....

සමහර විට අපි ඔක්කොම මිනිස්සු එක වෙන්න ඇති හේතුව......

මම මේ කියපු දේ කාට හරි කෙනෙකුට කිසි තේරුමක් නැති දෙයක් වෙන්න පුළුවන්....ඒත් මම මෙහෙම දෙයක් ලියන්න හිතුවෙ මම ජීවීතය විඳවපු කෙනෙක් නිසා....

මම කැමති නෑ වෙන කිසි කෙනෙකුට එහෙම වෙනවට.......

මම අන්තිමට කියන්නෙ.......හිතන්න තමන්ගේ ජීවිතය ගැන.......ඒ වගේම අනුන්ගෙ ජීවිතය ගැනත් හිතන්න........

දකින්න තමාගෙ විතරක් නෙමෙ අනුන්ගෙ ජීවිතයත්.......එතකොට හැමෝටම ජීවිතය විඳවන්න නෙමෙ විඳින්න පුළුවන් වෙයි !!!

9 comments:

  1. "හිතන්න තමන්ගේ ජීවිතය ගැන, ඒ වගේම අනුන්ගෙ ජීවිතය ගැනත් හිතන්න.."

    ඒ අදහස හුඟක් වටිනවා.එත් කිසිම දෙකින් පසුතැවෙන්න එපා.ගඟක් උනත් ගලද්දී බාධක තියෙනවනේ."අපිටත් දවසක හඳ පායනවා - එදාට අපි මල් පැණියෙන් නානවා" කියල හිතාගෙන ජීවිතේට මුණ දෙන්න..

    ReplyDelete
  2. අනිවා රංගී....එහෙම තමා වෙන්න ඕනේ....

    ReplyDelete
  3. මේ ඕයි උඹටත් ඉඳල හිටල එල එල අදහස් එනව නෙහ්... පට්ටා ඈ...

    ReplyDelete
  4. ජීවිතය දැකලා.....

    ReplyDelete
  5. පොලා... මමයි පොලයි අතරේ තියෙන්නේ එක වගේ අද්දැකීම් වගේ... හ්ම්ම්... මොනවා උනත් කියල තියෙන්නේ නම් සම්පූර්ණ ඇත්ත... අද ඉඳං මමත් මේ පැත්තේ එනවා ඔන්න...

    දේව්දාස්...

    ReplyDelete
  6. එළ කිරි පොලා......මන් හිතන්නෙ ගොඩාක් මිනිස්සු ජීවිතේ විදිනවට වඩා විදවනව බන්..... අර රංගි කිව්ව වගේ "අපිටත් දවසක හඳ පායනවා - එදාට අපි මල් පැණියෙන් නානවා" කියන්න තමා තියෙන්නේ :)

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...