Aug 9, 2011

෴මගේ ආදරේ෴

මම උසස් පෙළ කරන කාලේ කෙනෙකුට ආදරේ කළා, ඒත් මට එයාගේ ආදරේ ලබා ගන්න බැරි උනා. පස්සේ මට කෙනෙක් ආදරේ කරන්න පටන් ගත්තා, ඒත් මම පස්සෙයි දැන ගත්තේ ඒ ආදරය බොරුවක් මම රැවටිලා කියලා...

මම දුක් උනා......ගොඩාක් දුක් උනා...මම කෙල්ලන්ට වෛර කලා.....එත් මගේ හිත හැදුවෙ කෙල්ලෙක් නිසා මගේ හිතේ ඒ තිබුණ වෛරය නැති වෙලා ගියා....

පස්සෙ මම ඒ මගේ හිත හදපු එයාට ආදරේ කරන්න ගත්තා..එයා මගේ හොදම යෙහෙළිය..ඒත් මම එයාට ගොඩාක් ආදරේ කලා, ඒ යාළුවෙක් විදියට නෙමෙ....මම එයාගෙන් ආදරේ ඉල්ලුවා එක වතාවක් නෙමෙ දෙවතාවක් නෙමෙ තුන් වතාවක් මම එයාගෙන් ආදරේ ඉල්ලුවා......

ඒත්........එයාගේ හිතේ මට ඉඩ තිබුණේ නෑ, ඉඩ නොතිබුණා නෙමෙ. ඒ ඉඩ තිබුණේ එයාගෙ හොදම යාළුවා විදියට විතරයි...........ඒත් මම එයා ගැන යාළුවකුට වඩා එහායින් හිතුවා..එයා මා ලඟ හිටිය හැම තප්පරේකම මට දැනුනේ මගේ ජීවිතේ.... මගේ අනාගතේ මගේ ලඟ ඉන්නවා කියලා.....ඒත් මට මගේ ජීවීතේ මට මගේ ආනගතේ ලැබුනේ නෑ.........ඒ ඇයි ??
මම ඒ තරමටම පව්කාරද ? අවාසනාවන්තද ?


මට තේරෙන්නෑ ඇයි මට මෙහෙම උණේ කියලා.......අවංක ආදරේට ඇයි මෙහෙම වෙන්නේ ?..........




14 comments:

  1. එහෙම වෙන්නෙ ඇයි බං....මට විතරක්....

    ReplyDelete
  2. ඔයාට මේ ලෝකෙ කොහෙ හරි කොතන හරි කෙනෙක් ඇති... අපි කොච්චර අදරේ කලත් වැඩක් නෑ... වෙලාව එන්න ඕනෙ අපිට සදහටම අයිති කෙනා ලැබෙන්න. හම්බෙන්න.. මං හිතන්නෙ එහෙමයි... කාලයට ඉඩ දීලා බලන් ඉන්න...

    ReplyDelete
  3. yalukamath athanin ewarada....!

    ReplyDelete
  4. ඒ කථාව හරි වෙන්න පුළුවන්. ඒත් ඇයි මටම මෙහෙම වෙන්නෙ කියන එකයි මට තියෙන ප්‍රශ්ණේ..

    ReplyDelete
  5. @MYsudukolla - නෑ නෑ යාළුකම තියෙනවා ඒත් හිතට ඒ තරම් ෆිට් එකක් නෑ

    ReplyDelete
  6. ආඩරයක් නිසා නහින්න හඩන්න එපා බං පොලෝ.....

    ReplyDelete
  7. උබට විතරක් නෙමෙයි පොල් මෙහෙම උනේ මටත් මේ වගේම දෙයක් උනා................
    ඔවුවා ගැන වැඩිය හිතන්න එපා බං වෙලාව අවහම හැම දේම හරියයි ...........

    ReplyDelete
  8. @කිරි - නහින්නෑ බං, ඒත් හිතට හරිම දුකයි..
    @නුවන් - එහෙමතමා බං මමත් හිතාන ඉන්න හදන්නේ. ඒත් අමාරුයි..

    ReplyDelete
  9. ජිවිතයත් නෞව්කාව වගේ - පාවෙන්නේ ඔහේ හතර අතේ වරාය වන්නේ පවුල ඔබේ - සැම විට අම්මා තාත්තා සෙවනේ .............................. එහෙම හිතපං

    ReplyDelete
  10. @ගංජා - එහෙම තමා බං දැන් හිතන්න වෙලා තියෙන්නේ...

    ReplyDelete
  11. ඇත්තටම පොලා,මමත් ආදරේ කරපු කෙල්ලො දෙන්නම මාව රිදවනව.....එක්කෙනෙක්ගෙන් මට ආදරේද කියල අහන්න බැරි උනා.ඉතින් එයා වෙන කෙනෙක් එක්ක යාළු උනා......අහල යාලු උන කෙනා මාව තේරුම් ගන්නේ නෑ.....

    ReplyDelete
  12. ඔව් මචං..ඕවා වැඩිය හිතන්න එපා..මාත් මගේ හොඳ ම යාලුවට ආදරේ කළා.. ඒත් එයා මට ආදරේ කළේ ඒ විදියට නෙවෙයි.. ඒ වගේ ම එයා මට උදව් කළා මගේ හිත හදා ගන්න.ඒ හින්දා තාමත් එයා මගේ හොඳ ම යාළුවා..

    ReplyDelete
  13. ඒ කෙනා දවසක එවි. එතක්ම් ඉවසමු

    ReplyDelete
  14. පින්ක්May 16, 2012 at 10:14 AM

    කවුද ඒ කෙල්ල බන්..ශෙරින් ද...

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...