Aug 5, 2011

යෙහෙළියට පෙම් බැන්ඳා

කට්ටිය ඉතින් කොහොමද....මගෙ කලින් කථාවට..ඔව් ඔව් අර බූට් කථාව තමා...ඒකට සෑහෙන හොද ප්‍රතිචාර ලැබුණා. ඒක කියවපු අය මම ගැන එක එක විදියට හිතන්න ඇති, ඒක සාධාරණයයි....

මම අද කියන්න යන්නෙ ඒ කළින් කථාවෙ අන්තිමට කියලා තියෙන ශෙරීන් ගැන.......අම්මෝ මට මේක නම් මතක් වෙනකොටත් සෑහෙන්න දුකයි......

කමක් නෑ මෙන්න ස්ටෝරි එක....කියවලම බලන්න....

මට මේ සිද්ධිය උනෙත් අර කලින් සිද්ධිය උන තැනදිම තමා. ඒ කථාවෙ කථා නායිකාව ඒ කියන්නෙ ශෙරීන්, එයා හිටියෙ අපේ පන්තියෙ. අපේ පන්තියෙන් හිටියෙ ළමයි 25ක් විතර එතනින් කොල්ලෝ 4යි. මායි නුවනයි, මහේශ්ලා දෙන්නයි (නිකං මහේශ්, මාළු මහේශ්....හික්..).

ඔය ශෙරීන් කියන්නෙ ඒ හිටපු ගෑණූ ළමයි අතරේ මගෙ හොදම යාළුවා. මගෙ අර කළින් හුටපටේදී මගෙ ළඟින්ම ඉදගෙන මට ලොකූ අස්වැසිල්ලක් උනෙ මෙයා. මට ශෙරීන් ගැන ඒ දවස්වලත් හිතේ ආදරයක් නොතිබුණා නෙමෙ, ඒත් ඒ ආදරයට වඩා යාළුකම දැනෙන්න අරන් තිබුනේ..

ඔය අතරෙ තමයි ශෙරීන්ගෙන් එයාට නෑදෑවෙන අයියා කෙනෙක් යාළු වෙන්න ඇහැව්වෙ. ඒ හැමඳේකටමත් උදව් කලෙත් මම. කොටින්ම කිව්වොත් එයා ඒ කොල්ලව ඉස්සෙරලාම හම්බවෙන්න ගියෙත් මාත් එක්ක....එයා මට ෆුල් සප් එක මම එයාට ෆුල් සප් එක. ඔන්න ඔහොම තමා ඒ දවස්වල කාලය ගෙවිලා ගියේ...

කොහොමින් කොහොම හරි මගෙ අර හුටපටේ නැත්තටම නැති උණා. ඒ අතරේ ශෙරීන්ගෙ හුටපටෙත් අහවර වෙලා. එයාම තමා මට කිව්වෙ ඒ ඔක්කොම ඉවරයි කියලා. ඔය අතරේ අපි කර කර හිටිය කෝස් එකේ කාලේ ඉවර උණා. ඊට පස්සෙ තිබුනේ කොහෙ හරි තැනක මාස 6ක කාර්යස්ථ පුහුණුවක්. අපි කට්ටියම ඒකට තෝරා ගත්තේ කුලියාපිටියෙ තියෙන වයඹ විශ්වවිද්‍යාලය. ශෙරීන් ගියෙ කුලියාපිටියේ විදුලිබල මණ්ඩලේට.

ඔහොම මාස 2ක් 3ක් ගතවෙලා ගියා. මේ වෙනකොට මමත් තනිකඩයා ශෙරීනුත් තනිකඩයි. මගෙ හිතේ දැන් ශෙරීන් ගැන ලොකූ ආදරයක් ඇති වෙලා තිබුනේ. ඒත් මට ඒක එයාට කියන්න ගැලපෙන වෙලාවක් ලැබුනේ නෑ..මම ඔය ගැන අපේ කාටවත් කියලා තිබුනේත් නෑ, අඩු තරමෙ නුවන්ටවත් මම මේ ගැන කිව්වෙ නෑ..

එත් එක දවසක් අපි උදේ බස් එකෙ එනකොට..(එදා හිටියෙ මායි සචිනි අක්කයි විතරයි). සචිනි අක්කා මගෙන් එකපාරටම ඇහුවා "මලීලී ඔයාගෙ හිතේ ශෙරීන් ගැන මොකක් හරි දෙයලක් තියෙනවා නේද ?" කියලා. මට එක පාරටම හිතා ගන්න බැරි උණා මෙයා කොහොමද මේක දැන ගත්තෙ කියලා. මම ඇහුවා කොහොමද ඇයි එහෙම කියන්නෙ කියලා. එයා කිව්වෙ "නෑ බං ඒක උබේ හැසිරීමෙන් මට කියන්න පුළුවන්" කියලා. මමත් බොරු කිව්වෙ නෑ...මාත් කිව්වා "ඔව් අක්කෙ එහෙම දෙයක් මගේ හිතේ තියෙනවා ඒත් මට ඒක එයාට කියා ගන්න බැරුවයි ඉන්නේ" කියලා.

එයා කිව්වා "කමක් නෑ ටිකක් ඉවසලා ඉන්න මමත් එයාට මේ ගැන කියන්නම්" කියලා....

දවසක් සචිනි අක්කා මම නැති වෙලාවක ශෙරීන්ට මම ගැන කියලා තියෙනවා. මම ඒක දන්නේ පස්සේ. ඒත් එදා ශෙරීන් ඒ ගැන කිසි දෙයක් කියලා නෑ. පස්සෙ දවසක අපිට කලින් එන්න චාන්ස් එක ලැබුනා. ඊට අපි ශෙරීන්ටත් කෝල් එකක් දීලා එන්න කියලා කට්ටියම කුලියාපිටියෙන් බස් එකට නැග්ගා. එදා මම ශෙරීන්ට මගෙ හිතේ තිබුණූ ඔක්කෝම දෙවල් එකක් නෑර කිව්වා. මම කුලියාපිටියෙ ඉදන් කුරූණෑගලටම එනකන් 40KM කථා කලා..එයා එ දේවල් ඔක්කෝම අහගෙන හිටියා මම අන්තිමට බස් එකෙන් බහින්න ලෑස්ති වෙලා ඇහුවා ඔයා මොකක්ද මේ ගැන කියන්නෙ කියලා. එයා කිව්වෙ "මට මේකට මෙහෙම උත්තරයක් දෙන්න බෑ, හොදට හිතලා බලන්න ඕනේ" කියලා විතරයි..

ඔය විදියට කාලේ ගෙවිල ගියා මට ශෙරීන්ගෙන් මේ ඒ වෙනකොටත් උත්තරයක් ලැබුණේ නෑ. හැමදාම හවසට හම්බෙනවා. ඒත් එයා වෙනදා වගේ හිනා වෙලා කෑ ගගහා නෙමෙ හිටියෙ. බොහෝම අහින්සක විදියට පැත්තට වෙලා කල්පනා කර කර තමා හිට්යේ. දවසක් මම හවස බස් එකෙ එනකොට එයා ලඟට ගිහින් ඇහුවා "ඔයා මොකද මම අහපුදේට කියන්නේ" කියලා... මගෙ මූණ දිහා ටිකක් වෙලා බලන ඉදලා කිව්වා "මට එහෙම සම්බන්ධයක් පටන් ගන්න බෑ..ඔයා මගේ හොදම යාළුවා මම කොහොමද ඔයා දිහා මගේ boy friend විදියට බලන්නේ, මට ඒක කරන්න බෑ කියලා".

ඊට පස්සෙ උනේ මොනවද කියලවත් බස් එක කුරූණෑගලට එනවවත් මට මතක නෑ. මම ගොඩාක් ලොකු දුකක් දැනුනේ..

ඊට පස්සෙ කාලයක් මම ශෙරීන් ඒ හවසට යන බස් එකෙ ගියේ නෑ. මම ගියේ ඊට පස්සෙ යන බස් එකේ. මම තනියම නිසා නුවනත් මාත් එක්කම ආව හැමදාම. පස්සෙ මට සචිනි අක්කා කීවා මට එයාලත් එක්ක ඒ බස් එකේ යන්න එන්න කියලා, මම ඇයි එහෙම කියන්නෙ කියලා අහපුවාම එයා කිව්වෙ "නෑ මල්ලී ශෙරින් හැමදාම බස් එකට නැගපු ගමන් අහන්නේ කෝ ඔයා කියලා" එයත් ඉන්නෙ හරිම අප්සට් එකෙ කියලා. මම ඒක නිසාම ඒ බස් එකෙ යන්න ගත්තා. ඒත් වෙනදා වගේ කට්ටියත් එක්ක විහිලුවෙන් නෙමෙ. මම බස් එකට නැගලා ඉස්සරහටම ගිහින් වාඩි වෙලා යනවා. මේ කට්ටිය ඔක්කොම යන්නේ පිටිපස්සෙ සීට් එකේ..

මම හැම වෙලේම කල්පනා කලේ මට උනේ අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ වගේ වැඩක්ද කියලා. මට හිටිය හොදම යාලූවත් නෑ එයාගෙ ආදරයත් නෑ...ඒත් එහෙම උනේ නෑ දවසක් ශෙරීන් මගෙ ලගට ඇවිත් කිව්වා. මම ඔයාට බෑ කිව්වට ඔයා හැමදාමත් මගේ හොදම යාළුවා තමා කියලා.. ඒ වචනෙ නිසා මට මගේ හිත ටිකාක් හරි හදා ගන්න පුළුවන් උනා...

ඔය විදියට කාලය ගත වෙලා ගියා අපී එකට හිටිය මාස 6 ගතවෙලා ඉවර උනා. මට ඊට පස්සෙ එකම එක දවසක් ශෙරීන්ව හම්බ උණා. එයා එතකොටත් කා එක්කවත් යාලූවෙලා නෑ. ඒත් හිටියට වඩා ගොඩාක් ලස්සන වෙලා...

ඒ හම්බුනට පස්සෙ මම හදාගෙන හිටිය හිත ආයෙ කැඩුනා. මට ඇයි ශෙරීන්ගෙ ආදරය ලබා ගන්න බැරි කියලා. මම ආයෙ එක වතාවක් එයාගෙන් කලින්දේම ඇහුවා..ඒත් මට ලැබුනේ පරණ උත්තරයමයි...මොනව කරන්නද මේක මගේ ලැබීම වෙන්න ඇති.................

හරියමට මම මේ කථාව ලියන්න සතියකට දෙකකට විතර කළින් සචිනි අක්කා මට කෝල් කරලා කිව්වා "මල්ලී ශෙරීන් බදින්නලු යන්නෙ" කියලා....

අම්මෝ මට ඇත්තටම ඇඩෙන්න ආවා. ඇයි මටම මේ වගේ දේවල් වෙන්නේ. මම මේ තරමටම ඇයි පව්කාර කියලා ඒත් කරන්න දෙයක් නෑ මේ මගේ ලැබීම..

මම මගේ හොදම යාලුවට ආදරේ කලා. ඒත් එයාගෙන් මට ආදරේ ලබා ගන්න බැරි උනා, එයා දැන් කසාද බදින්නලු යන්නේ..කමක් නෑ ශෙරීන් ඔයාට හොදක් වෙනවනෙ කියලා හරි හිතලා හිත හදාගන්න මම උත්සාහ කරන්නම්. ඒත් තවමත් මගෙ හිතේ ඉන්නේ ඔයා විතරයි. ඒත් ඔයානම් ඒ ගැන දන්නෙ නැතුව ඇති. දැන ගත්තත් දැන් ඒකට පරක්කු වැඩියි....

කමක් නෑ මොනවා කරන්නද මේක තමා ජීවීතේ කියන්නේ දුක සැප, ලැබීම් නොලෑබීම් දෙකම තියෙනවා. මේක මගේ නොලෑබීම..

ඔයා සතුටින් ඉදී කියලා මම විශ්වාස කරනවා..මට ඕනේත් එච්චරම තමා...

මට ආයේ මේ ගැන කියන්න දෙයයක් නෑ. මේ කථාව කියවපු ඔයගොල්ලොන්ට මොනවා හිත්නද මම දන්නෑ. ඔයගොල්ලන්ට හිතෙන දේ කමෙන්ට් එකක් විදියට දාලා යන්න....ඒකත් සමහර විට මට හිත හදාගන්න ලොකූ උදව්වක් වෙන්න පුළුවන්.......



27 comments:

  1. යකො මු හෙන කතුවරයා වෙලානේ. පලයන් පොල් කඩන්නේ මන් ද? ලොල් ඇ. මචො දැන් කියවන්නේ නම් නැ. අනිවා කියවනව. කියවලත් කොමෙන්ටුවක් දාන්නම් ඇ. පොඩ්ඩක් බිසි..

    ReplyDelete
  2. අම්මෝ දුකේ බෑ ඕයි...තනි ඇහැටැ ඇඩැනෙවා.. :( :( :(
    පොල් අයිය නම් කෙල්ලන්ගෙන් බහ විමසන්ට බය නෑ වගේ නේ..මා නම් හරි බයයි..ඊයෙ පෙරෙයිදත් කලිසම කීපවතාවක්ම තෙත් කරගත්ත මම :)

    ReplyDelete
  3. @පිස්සු පූසා - කිසි අවුලක් නෑ පූස්. පුළුවන් වෙලාවක කියවලම බලපන්
    @චාටර් කොල්ලා - බය වෙන්ඩ එපා මල්ලී. මං නං බය නෑ (ඒකනෙ දෙපාරක්ම කෙළො ගත්තේ....හික්)

    ReplyDelete
  4. අනේ මංඩ පොලෝ...... මං ඩන්නෑ... මට කිසිඩෙයක් ඩාන්න හිතෙන්නෑ......

    ReplyDelete
  5. @කිරී - අඩේ එහෙම කියන්ඩ එපා බොල. මුනා හරි දාපං ඈ...

    ReplyDelete
  6. පුත, පොල් හමන්,

    මට උබේ කතාංගය අසා දැඩි අප්සට්‌ එකක්‌ මෙව්වා උනා..
    මොනව කරන්නද.. නේ ද.? ඒත් මම හිතනවා කෙල්ල උබට කැමතියි.. ඒ ත් වෙන අප්සට්‌ එකක්‌ නිසා උබට සෙට්‌ උනේ නෑ කියලා.. ඒ කියන්නේ.. ගෙදර කීමකට කැමති වෙන්න උනාද දන්නේ නෑ නේ.. අනික, කෙල්ල උබට අකමැති නම්, දක්‌වන ප්‍රතිචාර වෙනස්‌.. මොනව උනත් ඔය කෙල්ල හිත යටින් උබට ලවු.. මට අම්බානක සුවර්..
    උබට මීට වල එලස්‌ එකක්‌ සෙට්‌ වෙනවා බාංස්‌.. හිත හදා ගනින්..

    ReplyDelete
  7. @නෙද්ද කිං - සිතූතියි මචන්...ගොඩාක් සිතූතියි....

    ReplyDelete
  8. අනේ මංඩ බං... උඹ ලියල තියන විඩිහට හෙනටම ඩුක හිතෙනව ඕයි...මොනව කරන්නඩ බං.. ඕහොම තමයි ජීවිතේ කියන්නෙ... ඒත් බං මොකටඩ කෙල්ලෙක් නිසා අපි ජීවිතෙන් අසුතැවෙන්නෙ.... ඒව හඩාගන්න පුලුවන් ඩේවල්.. මිනිස්සුන්ට වෙන්නෙ ඔය වගේ ඩේවල් නෙවෙයි පොලෝ.... ආයෙ කවඩාවත් හරිගස්ස ගන්න බැරි ඩේකල් සිඩ්ඩ වෙනව...ඒවගෙන් අපේ ජීවිත ගොඩක් ආපස්සට යනව... උඹලට නොකිව්වට මේ කිරි නිමලත් එහෙම කෙනෙක්.. ඒවගෙන් අපි අසුතැවෙන එක නෙවෙයි බං වෙන්න ඕනි... ඒවගෙන් ඩෛර්යමත් වෙන්න ඕනි...උඹ තාම පැරඩිලා නෑනෙ පොලෝ... උඹට ජය......

    ReplyDelete
  9. @කිරී - ටෑංක්ස් මචන් උබේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. ටෑංක්ස් මචන් ඔබේ අදහසට....

    ReplyDelete
  10. පොලා මේ කතාව ඇත්තද මං දන්නේ නෑ.. ඒත් උඔ මගේ දිහා හොරෙන් බලන් හිටියද කිලලා මට සැකයි... මොකද මේක මගේ කතාවමයි.... අවුලක් නෑ බන් හිමිකාරිය හම්බවේව්...

    ReplyDelete
  11. @පිටස්තරයා - මචන් මේ කථාව 1000% ක් මට උන සීන් එකක්. බොරුවක් නෙමෙ.....මොකක් උනත් අන්තිම වචෙනට පිං ඈ..

    ReplyDelete
  12. කිනා NoහොTh KingShanAugust 5, 2011 at 9:51 AM

    අප්පේ බං... උබනම් මහම මහ බූට් රජෙක්නේ..

    ReplyDelete
  13. අම්මට සිරි.. මං හිතුවේ මට විතරක් වුන වැඩක් කියලා බං.... අනේ මන්දා.. දුකයි තමයි ඒත ඉතින් මැරෙන්නද බං.....

    ReplyDelete
  14. @කිනා - යකෝ මේවට බූට් කියන්නෙ මාවතගම් පැත්තෙද බොල...
    @පිටස්තරයා - නෑ බං මේවා කාටත් පොදු දේවල්...

    ReplyDelete
  15. කිශිම ඩෙයක් කියන්න හිතෙන්නේ නෑ ෆොලා... ඇත්තටම දුකයි... :'(
    කෙල්ලො නිසා අපි මොන තරම් විඳවනවද....
    මගෙත් කෙල්ල දැන් දවස් 5 කට කලින් හරියටම මේ වගේ වෙලවක දාලා යන්නම ගියා.. :(
    හිත හදාගන්න ගොඩක් උදවු කරේ උබට ශෙරීන් වගේ මගේ යාලුවෙක්... එත මම තාම හිතින් අඬනවා උඩින් බොරුවට හිනා වෙලා සතුටින් හිටියට...
    උබට කවදාගරි හොද කෙල්ලෙක් ලැබෙයි... ඉවසලා ඉදිං.... අමතක කරන්න නම් යාලුවො එක්ක ඉදගන් නිතරම... කියවපන්, ලියපන් උබට ටිකක් හරි සහනයක් ලැබෙයි..
    අපි ගියා.. උබට ජය..!!!

    ReplyDelete
  16. උබට දැනුන දේ හිතා ගන්න පුලුවන්..
    කෙල්ලට ගෙදරින් අවුලක් ඇති.

    උඔට හිමි කෙනා කොහෙන් හරි හම්බවෙයි.
    මොනවා උනත් බලාපොරොත්තු නැති කර ගන්න එපා. බලාපොරොත්තු තමා අපිව ජීවත් කරන්නේ!

    ReplyDelete
  17. සූදූ කාරයාAugust 5, 2011 at 2:26 PM

    GIRL's LOVE
    1st Day:
    hi

    2nd day:
    how r u?

    3rd day:
    mama eka wachanayak kivvoth
    oyata taraha wenawada?

    4th day:
    i love u

    5th day:
    oya natuwa eka vinadiyakwath jeevath
    wenna baha..

    6th day:
    sorry ane oyawa 2 day
    balanna bariuna

    7th day:
    i'm really sorry mata manamalayek
    balalai tiyenne..bye...!

    8th day:
    Kauda oya?!!

    9th day:
    ok. u r my 1st lover.
    so i will keep ur name 4 my next child


    Finaly:
    Uncle ta tata kiyanna pute...!

    ජීවිතේ හැටි ඔහොම තමයි පොලා..
    ඔය වගේ දේවල් වලදී නොසැලී ඉන්න එක තමයි කරන්න ඕනෙ.

    ReplyDelete
  18. @ඉස්පන්චියා,තාරක, සූදූ කාරයා - උබලගේ අදහස් වලට ගොඩාක් ස්තූතියි මචන්ස්ලා.......

    ReplyDelete
  19. අඩේ පට්ට දුකයි බං.
    ආයිත් මේවා දාන්න එපා ඇ...
    මට හිප් හොප් ජිවීතේම ඉන්න දියං.
    ඇයි ලව් මල ඉලව් මට තෙරෙන් නෑ......
    ඇති යකෝ.....
    මගෙ පිස්සුව වැඩිවෙයි.

    ReplyDelete
  20. @දියා - අඩේ ඇයි බං එහෙම කියන්නෙ....

    ReplyDelete
  21. ඇත්තටම පොලා එයාට පොඩි වැරදීමක් උනා.....මොකද තමන්ගේ හොදම යාලුව එක්ක යාලු වෙනව කියන්නේ එයාලා වෙන් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි.....මොකඩ කෙනෙක් තමන්ගෙ හොදම යාලුව කරගන්නේ තමාව හොදට තෙරුම් ගත්ත කෙනෙක්,එහෙම එකේ එයාට තමන්ගේ පෙම්වතා/පෙම්වති විඩිහට බලන්න බැ කියනවනම්,,,එයාට තියෙන්නෙ වෙන මොකක් හරි අවුලක්...කමක් නෑ...සමහර විට ඔය හැමෝම උබේ ජීවිතෙන් අයින් කරන්නේ උබේ ජීවිතේට එන්න ඉන්න හොදම කෙනාව උබට ලබා දෙන්න...එක නිසා බය වෙන්න එපා ඔයගෙ කෙන ඉක්මනටම ලැබෙයි :D

    ReplyDelete
  22. දුකයි හොදේ.,.
    කියන්න දෙයක් හිතෙන්නෑ..... අනේ මන්දා
    මනමාලයට කේස් එක කියලා මාරුවක් දාගන්න

    ReplyDelete
  23. NiyMai bro..adai blog ekata awe...ekak naara kiyawanna ooni...

    ReplyDelete
  24. කතාවනන් සිරාවට හිත වෙන පැත්තකට ගෙනිච්චා බන්... සැහ් උඹ ගැන දුකයි පොලා. මන්නන් හිතන්නෙ වැරද්ද වුනෙ උඹ මුල් කාලෙම ඕක නොකියපු එකයිම් - මිස්ටර් කොත්තු

    ReplyDelete
  25. ඇඩුනා මචං ඇත්තටම දුකයි කෙල්ලන්ට අපිව කවදාකමවත් තේරැම්ගන්න බෑ බන්

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...