Aug 3, 2011

මෙන්න බූට් නම් බූට්........මේස් 2ත් එක්ක........ :D

 ම මේ කියන්න හදන්නේ මට වුණ සිද්ධියක් ගැන. ඇත්තටම කිව්වොත් එක මහා එපා කරපු දෙයක්. ඒ කාලේ මම මේ ගැන හිතන්න තියා හිතෙනවටවත් කැමති උනේ නෑ. මොකද මේ සිද්ධිය ඒ දවස්වල මට ඒ තරමටම මට හිතට වද දුන්නා. ඒත් දැන් මට ඒ දේවල් මතක් වෙනකොටත් හිනා යනවා බකස් ගාලා.....හරි හරි කථා ඇති මෙන්න සීන් කෝන් එක....

මං මුකුත් නොකර නිකං ගෙදෙට්ට වෙලා ඉන්න කාලේ ( ඒ කාලේ මං හෙන පොඩි එකා හරී අහින්සකයි. බොරු නම් අපේ අම්මගෙන් අහලා බලන්නකෝ...හික්..)අම්මා කෑ ගහනවා "නිකමෙක් වගේ ගෙදරට වෙලා කකා බීබී ඉන්නෙ මොකක් හරි කෝස් එකක්වත් කොරලා රස්සාවක් හොය ගනින්" කියලා..අම්බෝ අපෙ අම්මගෙ කට 'බේං සයිස්'..

ඔනේ බම්බුවක්. මටත් බැනුම් අහන්න බැරි කමට ගියා කොම්පුටර් කෝස් එකක් කරන්න අපේ ටවුමේ තැනකට..මේක හෙන ලොකු ඉස්පොට් එකක්. කෝස් එක මාස 6යි. උදේ 8.00 හවස 4.00. දැන් ඉතින් අදිනවා. එපා වෙනවා. මං මේ ඇත්තමයි කියන්නේ ඔය කාලෙ වෙනකොට මට කෑල්ලක් හිටියෙ නෑ. උ.පේ කරන කාලෙ එකක් ටෝක් කලා, හිකිස්....ඒක ටෝක්ම විතරයි... :D.

කොහොමින් කොහොම හරි මම දැන් ක්ලාස් යනවා. ඔය ක්ලාස් එකේදි මට සෙට් උනා චරිතේ ඌ තමා මගේ අතීජාත මිත්තරයා අදටත්... ඌ නුවන්. මේකා මට වැඩිය අවුරුදු 2ක්ම වැඩිමල්. ඒත් මේ වෙනකං ම්ං මේකට අයියෙ කියලා නෑ...මීට පස්සෙ මම කියන මට උන හැම දේකටම මට සහෝදරයෙක් වගේ හිටියෙ මූ තමා..

වැල්වටාරම්ම තමා කීවෙනේ..මෙන්න ඉස්ටෝරිය...

මම දැන් ඔය කොම්පියුටර් ක්ලාස් යන කාලේ මම යන තැන තිබ්බෙ අපේ ක්ලාස් එක විතරක් නෙමේ. එතන තව තිබ්බා පුද්ගලික ලේකම් කියල කෝස් එකක්...හික්.. මේකේ තමා බූට් දුන්න එක්කෙනා හිටියේ :D, එයාට අපි නයෝමි කියමුකෝ (ඇත්ත නමත් ඒකම තමා...හික්..). ඒ ක්ලාස් එකත් පටන් ගත්තේ අපේ ක්ලාස් එක පටන් ගන්නකොටමයි. මමත් නයෝමිව ආපු පලවෙනි දවසෙම දැක්කා. බොරු කියන්න ඕනේ නෑ නෑ. සුපිරි කෙල්ල පට්ටා ලස්සනයි. මගේ හිතේ නයෝමිව දැක්ක දවසෙම පොඩි මෙව්වා එකක් ඇති උනා.මං නුවනටත් පෙන්නුවා 'ආං බලපන්කෝ බං කෑල්ල සුපිරි නේද' කියලා. ඌත් ගොනා වගේ ඔළුව වැනුවා.

අපේ ක්ලාස් එකට එහා පැත්තෙ තියෙන්නේ තරුණ සේවා සභාව, දවසක් ඕකේ දවල් වෙලාවෙ තිබුනා සංගීත සංදර්ශණයක්. අපේ කට්ටියන්ට ඒක යන්න චාන්ස් එකත් ලැබුනා. අපිත් ගියා නයෝමිලාගෙ ක්ලාස් එකත් ඇවිත් හිටියා. මං නයෝමි ඉන්නවා දැක්කා ටිකක් ඉස්සරහට වෙන්න. මං දිගට ඇහැ දාගෙනමයි හිටියේ.. කොහොම හරි සංගීත මෙව්වා එක ඉවර වෙනකොට 4ට විතර ඇති. එදා අපිට කලින් යන්න චාන්ස් එක. එදා තමා දවස. මායි නුවනයි ගේමට එන්ට්‍ර් උණා. අපි දැම්මා ෆලෝව් එක, අපිට දුන්නා ලයින් එක..අම්මේ දා ඉතින් වෙන මොකවත් ඔන්නෑ..කෑවෙත් නැද්ද මන්දා...

ඔහොම දවස් 3ක් 4ක් ඉවර උනා. මාත් ගානට ලයින් කරලා අහන්න ඔනෙ එක ඇහුවා. අද වගේ මතකයි ඇහුවෙ සිකුරාදා දවසක ටවුන් එකේ උමගෙදි :/ . මට කිව්වා එහෙම එක පාරට ඔය වගේ දෙයකට උත්තරයක් දෙන්න බෑ ටික දවසක් කල් දෙන්න කියලා. මම කිව්වා ටික දවසක් ඉන්න බෑ මට ලබන සදුදා උත්තරයක් දෙන්න කියලා. එහෙම කියලා මගෙ නම්බර් එකත් දීලා මාත් නම්බර් එක ඉල්ලා ගත්තා....හිකිස්..

කථා බහ කරපු විලාසෙට නම් මට එකෙන්ම තේරුණා කොල්ලා ගොඩ කියලා. ඔය අතරේ සෙනසුරාදා ඉරිදා මං SMS කර කර හිටියා. ගහන පමාව විතරයි ක්ශණික reply.

සදුදත් උනාය කියමුකෝ..පපුව නිකං කෝච්චියක් වගේ ගැහෙනවා එකෙන්ම. කොහොම හරි මට උදෙ නයෝමිව හම්බ උනත් මට කිසි දෙයක් අහ ගන්න උනේ නෑ, ඒත් හවස මට "මම ඔයාට කැමතියි" කියන දේ අහන්න ලැබුනා හික්... කවුද යකෝ දන්නේ මේ නොකියා කිව්වෙ "දෙන්නම් තොට හෙන පත බූට් එකක්" කියලා. :D

කොහොමින් කොහොම හරි ඉතින් දැන් ලව් එක නැගලා යනවා. හම්බවෙන්න නම් එහෙමටමයි කියලා චන්න්ස් එකක් නෑ උදෙටයි හවසටයි විතරයි... මුල් කාලෙනම් පැය 4, 5 එක දිගට ෆෝන් එකෙන් මල කඩනවා (ඒ කාලේ මල් ගැහුවෙ නෑ :D කැඩුවා විතරයි).

කොහොම හරි කාලයක් ගෙවිලා ගියා එන්න එන්න මගේ කෝල්ස් වලට ආන්සර් කරන එක අවු උනා. ආන්සර් කළත් පොඩි වැඩක්, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා වගේ එක එක කථන්දර කියලා කෝල් එක කට් කරනවා. අයියෝ මට ඇඩෙන්නෙ තනි ඇහැට ඒ දවස් වල.

ඔය විදියට මම කථා කරන්න ට්‍රිඑක දෙන කොට එක දවසක් මට වෙන නම්බර් එකකින් කෝල් එකක් ආවා.

මම - හෙලෝ

එහෙන් - ආ හෙලා මේ..මේ නම්බර් එකෙන් මෙන්න මේ 071________ නම්බර් එකට සෑහෙන්න කෝල්ස් අරන් තියෙනවා.

මම - ආ එහෙමද ?? (මම නිකන් දන්නෑ වගේ ඇහුවා)

එහෙන් - එහෙම තමා මම මේ නම්බර් එක මගේ නම්බර් එකට divert කරලා තියෙන්නෙ. ඔයා කවුද ආයෙ මේ නම්බර් එකට කෝල් අරන් තිබුනොත් බලා ගත්ත හැකියි.

අම්බෝ ඇස් දෙකටම ඇඩෙන්නෙ නැද්ද මේ උන දේට. මොකද උනේ කියලා හිතා ගන්න බෑ. මම නුවනටත් ඒ ක්ශණික කෝල් එකක් අරන් උන සිද්ධිය කිව්වා. ඌ කිව්වා 'මචන් කලබල නොවී හිටපන්කෝ, වෙන්නෙ මොක්ද කියලා බලමුකෝ ' කියලා.

ඔහොම ටික දවසක් ගියා කිසි වෙනසක් උනේ නෑ...පස්සෙ දවසක ක්ලාස් ඇරිලා යන කොට මට අර කොල්ලගෙ නම්බර් එකෙන් කෝල් එකක් ආවා (උගෙ නම තරිදු, ඌ හරි හොද එකා පස්සෙ මගෙත් එක්ක හොදටම ෆිට් උණා)
'මචන් උබ දැන්ම **** ලඟට වරෙන් මම නයෝමිත් එක්ක ඉන්නවා' කියලා. මමත් නුවනවත් ඇද ගෙන ගියා. ඇත්ත නේන්නම් මේ ඉන්නේ දෙන්නම්..හික්.. ඒ උනාට කෙල්ල යන්න හදනවා අරූට බනිනවා. මං ඇහුවා මොකක්ද සින් එක, මොකක්ද මෙතන වෙන්නේ කියලා. තරිදුවා කීවා මචන් මේ නයෝමි මහෙ කෑල්ල, මේකි උබට මේ කරන්නේ බොරුවක්ය කියලා. මට ඇඩුනා ඕයි සිරාවටම :D මං නයෝමිගෙන් ඇහුවා ඇත්තද මේ කියන්නෙ කියලා.
'මේ මෙයගෙ බොරු එහෙම දෙයක් නෑ' කියලා මේකි ගත් කටටම කියපි. ඊට පස්සෙ මං ඇහුවා එහෙනම් කියන්න අපි දෙන්නගෙන් කවුද ඔයා ඇත්තටම ආදරේ කරන්නේ කියන්න කියලා. ඒකී 'මට ඔය දෙන්නවම එපා' කියලා පාර පැනලා බස් එකේ නැගලා යන්න ගියා....

පස්සෙ තරිදුවා මට ඔක්කොම විතරේ කිව්වා...

ඌ කියපු විදියට ඌ ඒකිව බදින්න ඉන්නේ. ඒත් මේකි උට කැමති නෑ ඒ වගේම ඌ කිව්වා ඌ ඒකිගෙ 22 කොල්ලා කියලා ( ඒ කියන්නෙ මම 23...ආසයි නේ). කියලා උගෙ කථාව මට ඔක්කොම කියලා ඌ යන්න ගියා ඌ ඇත්තටම හිත හොද කොල්ලේක්...

මම පස්සෙ මේ හැම දෙයක්ම හිතින් අමතක කරන්න හිතුවා ඒත් ඒක කරන්න බෑ. මම මගේ ෆෝන් එකත් විකුනලා දැම්මා මේ දෙවල් අමතක කරන්න ඔනෙ නිසාම. කොහෙද මට ඒ නම්බර් එක කට පාඩම්..සිස්....

ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා. ඔය අතරෙ මගෙත් එක්ක සම්බන්දෙත් ටික ටික තිබුනා. දවසක් තරිදුවා මට කෝල් එකක් දීලා කිව්වා 'මචන් පුලුවන්නම් ටවුන් එකට වරෙන් එකෙක් මගෙන් ගේම ඉල්ලනවා' කියලා. මට ඒ වෙලේ යන්න ක්‍රමයක් තිබුනේ නෑ. පස්සෙ තරිදුවා ආයේ රෑ අපේ ගෙදරට කෝල් කරලා කිව්වා මචන් හෙට උදේ ටවුමට වරෙන් මට උඹට කියන්න ගොඩාක් දෙවල් තියෙනවාය කියලා.

මම පහුවදා උදේ ටවුන් එකට ගියා. මූ මට ඔක්කොම විස්තරේ කිව්වා..

නයෝමි කියන්නේ කර ගන්න පුලුවන් හැම දෙයක්ම කර ගත්තු කෙල්ලෙක් (මම නම් මොකුත් කලේ නෑ). තරිදුවත් කීව වතාවවක්ම එක එක තැන් වලට ඇද්දලු. ඒත් ඌ ඒකිට ලව් කරලා තියෙන්නෙ බදින්නමලු. ඒත් ඒකිගේ කරුමේ මේකි උටත් බූට් එක තියලා දැන් 24 වෙනි කොල්ලත් එක්ක රූම්ස් ගානෙ යනවලූ.....

මම නයෝමී එක්ක තරහක් නෑ, මොකද මට ජීවිතෙටම අමතක වෙන්නෙ නැති පාඩමක් කියලා දුන්නා.. ජීවිතේට මුහූන දෙන්නෙ කොහොමද කියලා කියලා දුන්නා. ආයෙ මම මේ වගේ මිනිස්සුන්ට අහුවෙන්නේ නෑ මීට පස්සෙ.

මට මේ උන හැම ප්‍රස්ණ්යකදිම නුවන් මගේම සහෝදරයෙක් වගේ මගේ ලගින්ම හිටියා.."මචන් උබට ගොඩාක් ස්තූතියි කරපු උදව් වලට"

ඒ වගේම මම මානසිකව වැටිලා හිටිය වෙලේ මාව ඒ තත්වයෙන් ගොඩ ගන්න ලොකූ ශක්තියක් උනු සචිනි අක්ක, ශෙරීන් දෙන්නාට ගොඩාක් පින්....(ශෙරීන් එක්කත් මගෙ හුටපටේ පස්සෙ දවසක කියන්නම්...;) )

මම හැමෝටම කියන්නේ. දෙයක් කරන්න කියන්න කලින් මිනිස්සු මොන වගේ අයද කියලා අදුනා ගන්න. තමන්ගෙ අම්මා ඇරෙන්න වෙන කිසිම ගෑණියෙක් 100% විශ්වාස කරන්න එපා.....

37 comments:

  1. අනෙ අම්මප මෙහෙමත් කෙල්ලො බන්...හරිම අසික්කිතයි නෙ...ඔහොම කියද්දි අපිටත් බයයි බන්...අපේ උනුත් ඔහොම උන් ද කියල! :පී ය

    ReplyDelete
  2. ක්ලාස් එක නයිටා ද බං? තරැණ සේව එකට එහා පැත්තේ නයිටා එක

    ReplyDelete
  3. හිකිස්...නයිටා එක තමා බොල....ඔක්කොම එක ව්අගේ නෑ බං..

    ReplyDelete
  4. පොලත් වෙඩ අල්ලලා..............

    ReplyDelete
  5. හෑ විලි ලෑජ්ජාවෙ සන්තොසෙ බෑ ඔයි,!

    ReplyDelete
  6. @දියා - යෑස් යෑස්
    @මුත්තා - ඒ මුකෑ ඒ...

    ReplyDelete
  7. ඉකේ.. සැහ් මේ කෙල්ලො ඔක්කොම එකයි.. නොඩකින් අවලන් ජාතියක්...
    අපි තමා මැරෙන්න ඕනේ.. :\

    ReplyDelete
  8. ඉස්පංචි සනාට තේරිලා තියෙනව....

    ReplyDelete
  9. ශෙරින් එක්ක හුටපටේ කියහන් ඉක්මනට

    ReplyDelete
  10. හනේ පොලෝ ෆස්ට් ලව් එකට උන දෙයක්...කමක් නෑ ,හොද කෙනෙක් හම්බ වෙයි. හැම කෙල්ලම ඒකිගේ මිම්මෙන් මනින්න එපා...(^_^)

    ReplyDelete
  11. කොහොම උනත් ඒ මර උගුලෙන් උඹට බේරෙන්න ලැබුන එක ගැන මං හුඟක් සන්තෝස වෙනවා සහෝදරයා.දැකල හිනාවුන පලියට අඳුරන්නේ නැති කෙල්ලොන්ට ආදරේ කරන්න යන්න එපා, මගෙත් ඔයි ටයිප් යාලුවෙක් ඉන්නවා, හදන්නම බෑ.උඹවත් මේ දේ අහල හැදියන්.. [බොන්න එපා කිවුවට නාහන එකා මේක අහවිය, අනේ මගේ කට!]

    ReplyDelete
  12. @ඉසුරු - ඒල එල අනිවා කියනවා. ඒක වෙනස්ම ෆෝමර්ට් එකෙ බූට් එකක්...හික්...

    ReplyDelete
  13. @දඩබ්බරයා - මං ඒකිගෙන් ගොඩාක් දෙවල් ඊවිතේ ගැන ඉගෙන ගත්තා බං. බොන්න එපා කියන එක ගැන සලකා බලන්නම් ඈ...

    ReplyDelete
  14. ade sirawatama maxa... (boot eke neme article eka)

    ReplyDelete
  15. @රත්ගමයා - මුකක්ද බං....සිස්....

    ReplyDelete
  16. අඩො පට්ට අහ්.. බොක්කෙන්ම සුබ පතනවා..... තව එකක් ලියපන්.. එන්ජොයිඩ් අ ලොට්...

    ReplyDelete
  17. ටෑංක්ස් ටෑංක්ස් බං. උඹේ නම ටමා චා ඇනනෝමස්....හිකිස්ස්...

    ReplyDelete
  18. පොලා පොලා වගේ හිටියට එලට ලියන්වනේ. සිරාකතාව මචන්. මාත් කියන්නේ ගැනුන්ව ශුවර් කරන්න නරකයි. මාත් අත්දැකිමෙන් කියන්නේ. එකකේ එක කතාවක් මන් මගේ බ්ලොග් එකේත් ලියන්ව.

    ReplyDelete
  19. @පූසා - ගෑණූ ජාතිය ජරා ජාතිය බොල......මියෑව්...

    ReplyDelete
  20. අනේ පොලෝ මේ උඹ ඩන්නව ඇතිනෙ මටත් උනේ ඔය වගේම ඩෙයක්... පොඩි වෙනසකට තියෙන්නෙ අර කොල්ලත් බූට් එක කාපු එක... එහෙම වුනාම බං හිතට එච්චර ඩුක නෑනෙ...කොහොම වුනත් බං ඔය කෙල්ලො කියන පාහර අවලං බලු හැත්ත ඉන්නව නේඩ අම්මප මෙතෙන්ට කුනුහරපයක් ඩාන්නෙතුව ඕකුන්ව විස්තර කරන්න අමාරැයි...නෑ එහෙම කිව්වොත් වැරඩී... අමාරැයි නෙවෙයි... බෑ... තවත් මේකෙ ලියල වැඩක් නෑ ඕයි..

    ReplyDelete
  21. අනේ පව් පොලා!

    ReplyDelete
  22. ටෙරුනා බොල.. මටත් ඔය වගේම කෙලියනේ... තුහ්... :\

    ReplyDelete
  23. දුකායි........
    අයියා ඇත්තටම මුකුත්ම කලේ නැත්ද?
    පවු නේ!?

    කලාබර සිරාපොර සමීර!
    :ඩී

    ReplyDelete
  24. @කිරි - කියල වැඩක් නෑ ඕයි
    @කවීශ් - ටෑංක්ස් ඈ
    @ඉස්ප්ංචියා - ඇත්තටමද බං ඈ
    @සමීර - නෑ බං....

    ReplyDelete
  25. කිනා NoහොTh KingShanAugust 4, 2011 at 4:48 PM

    නයිටා එකේනම් ඉතිං කියල වැඩක් නෑ. ඒ අස්සේ තරැණ සේවා එකෙත් එලම තමා. මමත් නයිටාවෙ යන කාලෙ එතන තාප්පෙන් එහා පැත්තට පයිනවා තරැණ සේවා එකේ ටොයිලට් තියෙන තැනට.

    ReplyDelete
  26. @කිනා - එහෙමන් දන්නවා ඇතිනේ එතන කෑලී ගැන නේ......හික්..
    මේ උබ මොකෑ ඒකේ කොලේ ඈ...

    ReplyDelete
  27. අනේ පොලා..යකෝමගේ ගැනි ඔකොම කරානම් මම ඒකිගෙ දත් ඇන්දම ගලෝලා අතට දැනවා බැල්ලි බල බල ඉන්දපං කියලා......
    යකෝ 24 වෙනි කොල්ලා ඒකි බඩුවක්නෙ බං
    අපරාදෙ තෝ මොකුත් කරේ නැත්තෙ ශික් මට හම්බ උනා නම්...සැප කනේ කන සාක්කුවෙ.....මම නම් කියන්නෙ ඕකිගෙන් දිගට හරහට අලි ගනින් පොලෝ

    මේ මේ පැත්තටත් වර පොලෝ www.batmark.tk

    ReplyDelete
  28. pattai machan..niyama boot eka..lol
    awlak thiyenawa ban..umbage page eka bara wadi..oni nathi ewa ain karala dapan..nattam umbapatami padu..

    digatama liyapan

    ReplyDelete
  29. මගේ තියරියේ හිටපන් පොලො වෙනදේ වෙන්නේ හෙදටයි කියලා හිතාගේන ජිවිතය ගොඩනගා ගන්න...

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. පොල් උබ සිරානේ.......
    මන් හිතන්නේ නයොමි record තියන්න යන්නේ....
    විහිලුවට කිව්වේ ගනන් ගන්න එපා

    ReplyDelete
  32. කොල්ලො ඕන දෙකට ‍ෆිට් එකේ ඉන්නවා.. තරිදු වගේ...
    එ අතරේ කෙල්ලොන්ට අහු වෙලා කොල්ලොන්ම සාටර් කරන එවුනුත් ඉන්නවනේ

    හිරිකිතයි....

    ReplyDelete
  33. සිරා කතාව උබ විශ්වාස කරන එකක් නෑ මටත් ඔය හා සමන වැඩක් වෙල තියෙනව...

    ReplyDelete
  34. උඹ පවු බං.. මට ඇඩෙනව ඉහි.. ඉහි.. ( මොකවත් කොරගත්තෙ නැත්ද හැබෑටම???)

    ReplyDelete
  35. පට්ට පට්ට.... - මිස්ටර් කොත්තු

    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...