Jul 10, 2015

කාලය මැව් වෙනසක අරුමේ !!



හවස් යාමේ ගේ පිටිපස්සෙ වෙල් යාය දිහා බලාගෙන ඉන්නකොට හිතුණේ අපි පොඩි කාලේ ඒ වෙලාව වෙනකොට කොල්ලො කී දෙනෙක් වෙලේද ?... සරුංගල් අරින කාලේට හැම එකෙකුගෙම අතේ සරුංගලයක්... හැම සරුංගලේම හැදුවෙ එකෙක් උණාට තමන්ගේ අතට ගත්තට පස්සෙ ඒවා තම තමන්ගේ සරුංගල් වෙනවා... පස්සෙ අනිකගෙ සරුංගලේට වඩා තමන්ගේ සරුංගලේ උඩ යවාගන්ඩ දඟලනවා... එහෙට දුවනවා මෙහෙට දුවනවා එකම කාළගෝට්ටියයි... ඊට පස්සෙ ගොයම් කපපු කාලේට කට්ටියම එකතු වෙන්නෙ ක්‍රිකට් ගහන්න හරි එල්ලෙ ගහන්න හරි... උච්චි තෝල් කියලා කණ්ඩායම් තෝරගෙන දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙවි සෙල්ලං කරපු ඒ අතිතේ ගැන මතක් වෙද්දෙ ඇත්තටම හිතට දැනෙන්නෙ ලොකු දුකක්.. ආයේ ඒ ලස්සන සුන්දර ළමා කාලේ ආයේ එන්නෙ නෑනේ කියලා හිතෙනකොට ආයේ ඒ කාලෙට යන්න තිබ්බ නම් කියලා හිතෙන වාර ගාණ අනන්තයි අප්‍රමාණයි.... 


කාලය මැව් වෙනසක අරුමේ තමා.... අද ඉන්න පොඩි එවුන් සරුංගල් යවන්න තියා සරුංගලයක් හදාගන්නවත් දන්නෙ නෑ.... උදේට ඉස්කෝළේ යනවා හවසට එතනින්ම ක්ලාස් යනවා කළුවර වැටුණාම ගෙදර එනවා ඒ ආපු වෙලාවෙ ඉදන් ඉස්කෝලේ වැඩ ඒවා ඉවර වෙලා කාලා නිඳාගන්නවා... ආයේ පහුවදාටත් ඒ විදියටමයි... ටිකක් තරුණ වෙනකොට ගෙදර ඉන්නවනම් කොම්පියුටර් එක ඉස්සරහා... හැමදෙයක්ම සමාජ ජාල වෙබ් අඩවි වලට සීමා වෙලා.... අපිත් ඒ දේට එක්තරා විදියකට නැඹුරු වෙලා තියෙනවා නැත්තෙ නෑ... ඒත් අපි අපේ ළමා කාලේ සෙල්ලං කරන්ඩ තිබ්බ කාලේ ඒවා කලේ නෑ.. සමහර විට ඒ කාලේ අද තරං තාක්ෂණය නොදියුණු නිසා වෙන්න ඇති.. ෆේස්බුක් වයිබර් නොතිබුණ නිසා වෙන්න ඇති.. ඇත්තටම ඒ දේවල් ඒ කාලේ නොතිබුණ එකම හොඳයි.. ඒවා නොතිබ්බායින් අපි අපේ ළමා කාලේ හරිම විනෝදයෙන් යාලුවො එක්ක සෙල්ලම් කරලා ගත කරා.. ෆේස්බුක් වයිබර් වගේ දේවල් ඒ කාලේ ඉදන්ම තිබ්බනම් අපිත් ජීවත් වෙන්නේ අද ළමයි ජීවත් වෙන විදියටම වෙන්න තිබ්බා... 

තාක්ෂණය කොච්චර දියුණු උණත් ජීවිතේ ලබන්න ඔනේ හැම අත්දැකීමක්ම ලබා ගන්න නොලැබෙන එක එක්තරා විදියකට අද කාලේ දරු පරපුරේ අවසානවක්....

3 comments:

  1. ඔය ගැන නං කතා කරල වැඩක් නෑ
    මමත් ඔය අපි ගත්ත ආතල් ගැන වෙනම සීරිස් එකක් ලීව
    ස්මරණ කියල අන්තිමට මටම එපා වෙලා අතෑරල දැම්ම

    ReplyDelete
    Replies
    1. ඒ මොකො ? ඒක කියවන්න ලින්ක් එකක් දුන්නනම් :D..

      Delete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...