Jul 15, 2015

වෛරය, උඩඟුකම, තරඟකාරිභව සහ සිංහල රැප්...

ගොඩක් දෙනෙක් කතා කරපු මම අද වෙනකං අදහස් නොදක්වපු
‪#‎සිංහල_රැප්‬ ගැන මට දැනෙන මම දකින මගේ අදහස කියන්නයි හදන්නේ ඈ..
ඇමරිකාවෙ එංගලන්තේ වගේ රට වල භාශාව උණ ඉංග්‍රීසියෙන් ඒ රටවල රැප් කරන අය රප් කරනවා. තමන්ගේ භාශාවෙන්. ඒ වගේම ඒ අය අතරින් සමහර දෙනෙක් ලෝක ප්‍රසිද්ධයි. උදාහරණයකට ‪#‎eminem‬‪#‎lil_wayne‬ වගේ අය කවුරුත් දන්නවා ඇතිනේ... ඒ වගේ ස්පාඤ්ඤ භාශාවෙන් රැප් කරන අය ඉන්නවා ඒ ඒ අයගේ භාශාව නිසා.. ඒ වගේම තම තමන්ගේ භාශාවෙන් රැප් කරන අය ලෝකේ ඕනේ තරම් ඉන්නවා...
ඒ වගේම දැන් ලංකාවටත් ඒ රැප් සංකෘතිය ඇවිල්ලා... ඇත්තටම මුල් කාලේ ලංකාවෙ අය කලෙත් ඉංග්‍රීසි රැප්. ඒත් අද සිංහල භාශාවෙන් රැප් කරනවා අපේ භාශාවට මුල් තැන දීලා..ඒකට ඇත්තටම රැප් වලට ආදරේ කරන අය ඒ වැඩේට ගෞරව කරන්න ඔනේ...
ඒත් මම දකින එක අඩුපාඩුවක් තමා මේ සිංහල රැප් කරන අයගෙන් බහුතරයකට ( ඔක්කොටොම නෙමෙ ඈ ) මූලග්ගින්න තියෙනවා.... කවුරු හරි කෙනෙක් සිංහල රැප් වල මොකක් හරි අඩුපාඩුවක් කීවොත් ආයේ ඒ මනුස්සයා වසලා හමාරයි... කුණුහරප විමානයයි... කොස්සෙන් වෙඩි තියන්න හදයි.. බුදු අම්මේ සෙල්ලං ගොඩයි... මට තියෙන්නෙ ඇයි මේ අය මේ තරම් මෝඩ කියන ප්‍රශ්ණෙ විතරයි.... කොයි දේ කරත් ඒ හැම දේකටම කවුරු හරි විවේචන එල්ල කරනවනේ... කරන්න ඔනේ ඒ විවේචන එල්ල කරන අයට කුණුහරපෙන් බැනලා රැප් කරන එක නෙමෙ.. ඒ එල්ල කරන විවේචන වල තමන් දෙයක් ගන්න තියෙනවනං අරගෙන නැත්තං තමන්ගේ පාඩුවෙ අර වගේ විවේචන ආයේ එල්ල නොවෙන්න කලින් කලාට වඩා හොදට තමන් කරන වැඩේ කරන එකනේ....
ඒත් ගොඩක් අය කරන්නේ නැට්ට පාගගෙන ඔහේ කෑ ගහනවා.. අද රැප් එකක් ඇහුවොත් ගොඩක් ඒවගේ කරලා තියෙන්නෙ රැපට බනින උන්ට බනින එක.. රැප් එකෙන් කරන්නෙ බනින එක... grin emoticon යකෝ බනිනකොට තාලෙට බනින්න ඔනේද බං... කෙලින්ම කියවලා දාපල්ලාකො.. එහෙම බැලුවොත් අපේ ගම් වල කසිප්පු ගහන උනුත් හෙණ රැපර්ස්ලා.. මොකො උනුත් බීපුවාම කියන්නෙම කුණුහරප විතරයි grin emoticon... අනිත් එක මේ කණට කරාඹුවක් දාගෙන හිප් හොප් කැප් එකක් දාගෙන බෙල්ලට මාල 25ක් 30 දාගෙන අතටත් මොනවද ඒවා දාගෙන ඇඟිලි දෙක උලුක් කරගෙන එහෙට මෙහෙට දැගලුවට රැපර් කෙනෙක් වෙන්ඩ බෑ... හැකියාවක් කියලා දෙයක් තියෙන්නත් ඔනේ... pacman emoticon..
එහෙම නෙමෙ දැන් මාත් එක්ක තරහා ගන්න එපා... රැප් කරන සෙට් එකක් ඉන්නවා ඒ වැඩේ එලටම කරනවා... තවත් සෙට් එකක් ඉන්නවා හොඳටම බැරි උණත් ඒ තැනට එන්න උත්සාහ කරගෙන වැඩේ කරනවා... තවත් සෙට් එකක් ඉන්නවා මෙලෝ හැකියාවක් නෑ ඔහේ කුණුහරප ටිකක් තාලෙට කියන්ඩ හදනවා... උන් නිසා හොඳට කරන උන්ගෙ නමත් චා වෙලා රැප් අහන එකත් එපා වෙනවා....
මම මේ මගෙ අදහස ප්‍රකාෂ කලා විතරයි.. කාටවත් පෞද්ගලිකව දෙයක් කීවා නෙමෙ... අවසානෙටත් කියන්නේ.. එල්ලවෙන යෝජනා වලින් ගන්න තියෙනවනම් දෙයක් අරගෙන චෝදනා වලට සැලෙන්නෙ නැතුව කුණුහරපම විතරක් නැතුව මනුස්සයෙකුට අහගෙන ඉන්න පුලුවන් එලකිරි වැඩක් කරපල්ලා... සිංහල රැප් කරන උන්ට ( හරියට කරන උන්ට ) ජය ඈ !!

4 comments:

  1. කාලෙකින් ලියලා,, ///අද රැප් එකක් ඇහුවොත් ගොඩක් ඒවගේ කරලා තියෙන්නෙ රැපට බනින උන්ට බනින එක.. රැප් එකෙන් කරන්නෙ බනින එක///

    මං රැප් අහන්නේ අනිත් අයට බනින ඒවා අහන්න :D

    ReplyDelete
  2. කාලෙකට කලිං ජේමිස් බණ්ඩා (අසම්මතයාගේ සිතුවිලි) ලියල තිබ් රැප් ගැන. ඒක තමා මං කියවපු හොදම ලිපිය. රැප් කියන්නෙ කුණු හබ්බ අනුන්ට කරන අපහාස. එච්චරයි මට නං. ඒක එමිකෙම් කීවත් නිකි මිනාජ් කීවත් එච්චරයි
    F නැත්තං රැපුත් නෑ

    ReplyDelete
  3. ඔවු පොලා, ඒක ඇත්ත! මම දැනට කරලා තියෙන්නේ රැප් ගැන, මම ගැන, සමාජය ගැන රැප් විතරයි, කාටවත් බනින්න රැප් ගාවගන්නවට මම කැමැත්තක් නෑ, ඉඳලා හිටලා මල් සිංදු වලට බනිනවා, රැප් අහන්නැති උන්ට බනිනවා, ඒ ආතල් එකට, කිසිම තරහක් නෑ රැප් අහන්නැති උන් එක්ක! එක එක්කෙනාගේ රසාස්වාදය අනූව තමයි හැමදේම.

    #දුමියා

    ReplyDelete
  4. එහෙම කිව්වට පොල්,ඔය මනක්කල්පිත වගේ රැප් වල කුනුහරුප තිබ්බට ඒවායෙන් අදහස් කරන්නෙ හොද දෙයක්නේ..
    ඔය එමිනම් ලගෙ රැප් වලත් තියෙන්නෙ කුනු හරුප.rap god එකේ motherfucker,fuck me,spank වගේ කුනුහරුප විතරනේ තියෙන්නේ
    මගේ අදහස නං අහන්න ඕන වචන නෙවෙයි අදහස කියන එකයි.



    ReplyDelete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...