Apr 25, 2014

ජාතිවාදය සහ ජාතිකවාදය...... කටින් කියවීමට නොව නුවණින් විමසීමට !!

පෘථිවිය ගත්තාම රටවල් ගොඩාරියක් තියෙනවා...
ඒ රටවල් වලින් බහුතරයක් රටවල ඉන්නෙ කතෝලික, ක්‍රිස්තියානි උදවිය. මුස්ලිම් උදවියට අරාබිකරයම සහ අප්‍රිකාවෙ සමහර රටවල් අයිති වෙනවා.... දෙඅල උදවියට ඉන්දියාව ( දකුණු ඉන්දියාව ) තියෙනවා....
හිතලා බලපල්ලා මේ ලෝකෙ සිංහල බෞද්ධ කියන උන්ට වෙන කොහෙද තියෙන්නෙ ජීවත් වෙන්ඩ රටක් මේ ශ්‍රී ලංකාව කියන වර්ග කිලෝ මීටර 65,525 ක් තරං පුංචි රට ඇරෙන්ඩ.... වෙන කොහෙද තියෙන්නෙ.... මෙකෙ ඉන්න උගත්තු ඒ ප්‍රශ්ණේට උත්තරයක් දන්නවනම් මට කියන්න කරුණාකරලා......
අපේ මේ පුංචි රටේ අදට මහ ජාතිය සිංහලයො, ඊලඟට මුස්ලිම් අය ඉන්නවා... ඊට පස්සෙ දෙමළ, බර්ගර් ජාතින් ඉන්නවා.... අපි ඒ කාටවත් අපේ රටේ ඉන්ඩ එපා පලයල්ලා අපේ රටින් කියලා කියලා තියෙනවද ? එහෙම කියලා තියෙනවනම් ඒකටත් උදාහරණයක් දෙන්ඩ කියලා මෙකෙ ඉන්න උගතුන්ගෙන් මම ඉල්ලා සිටිනවා.....
තමන්ගෙ රටින් වෙනත් ආගමක් අදහන වෙනත් ජාතියක පිරිසක් එලවන්න හදන එකයි, වෙන ජාතියක් විසින් අපිට මේ ලෝකෙන්ම ජීවත් වෙන්ඩ තියෙන එකම රට අපිට නැති කරන්න හදන එක වලක්වන්න උත්සාහ දරන එකයි කියන්නෙ කාරණා දෙකක්...
හැබැයි ඒක ගොඩාක් උගත් කියලා හිතාගන්න පුහ්ඃ බූරුවන්ට තේරෙන්නෑ.... ඒක වෙන කාගෙවත් නෙමෙ සිංහලයගෙම කරුමෙ....
මේ ලංකාවෙ සාම්ප්‍රදායික මුස්ලිම්වරු දෙමළ අය ජීවත් වෙනවා.. ඒ අයගෙන් කාටවත් කරදරයක් නෑ... සිංහල දෙමළ මුස්ලිම් එකට ජීවත් වෙනවා සහයෝගෙන්.. ඒත් ඒ අස්සෙ හැංගිලා සිංහලයට කෙළ වන මුස්ලිම් අන්තවාදින්ට විරුද්ධව නම් සිංහලයා සටන් කරනවා... ඒ සටන් කරන එකෙ වරදක් තියෙනවනම් මෙකෙ ඉන්න උගත් අය ඒ වරදත් පෙන්නුම් කරලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා....
ඉස්සර ඉදන් එන කතවක් තියෙනවා අර කාන්තාරෙ කූඩාරමක් ගහගෙන ඉන්නකොට ඒ මනුස්සයා පව් කියලා ඔටුවට ඔලුව කූඩාරම ඇතුලට දාගෙන ඉන්න දුන්නා කියලා... ඒත් ටික ටික මොකද උනේ... ඒ ඔටුවා අර මනුස්සයට ගහලා එලවලා කූඩාරම උට තනියම අයිති කරගත්තා.... එතන ඒ මනුස්සයගෙ චරිතෙ රඟපාන්නෙ සිංහල අපි, ඒ ඔටුවගෙ චරිතෙ රඟපාන්නෙ අපේ රටට කෙලින්ඩ හඳන මුස්ලිම් අන්ත්වාදින්... ඔය ටික මේ උගතුන්ට තේරෙයිද කියන එකෙ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා... එහෙම තේරුන්නැත්තම් කරුණා කරලා අහන්න හොදේ.....
අනික් දේ තමා මේ උගත් පිරිස ජාතිවාදය සහ ජාතිකවාදය කියන දෙක පටලවාගෙන තියෙන්නෙ....
ජාතිවාදය කියන්නෙ එක ජාතියක් තව ජාතියකට විරුද්ධව සටන් කරලා එක ජාතියක් නැති කිරිමට උත්සාහ කිරිම....
ජාතිකවාදය කියන්නෙ තමන්ගෙ ජාතියට වෙන අසාධාරණකම් වලට විරුද්ධව තමන්ම සටන් කරලා තමන්ගෙ ජාතිය බේරා ගන්න එක....
අද සිංහලා කරන්නෙ ඒක.... කවුරු හරි කියනවනම් ඒම නෙමෙ කියලා උදාහරණ එක්ක ඔප්පු කරන්න.....
මුස්ලිම් කාරයා අපේ රටට ඇවිත් කොච්චර වි‍යාප්ත උණාද ? සිංහලයා මොකුත් කීවද කරාද ? නෑනේ... ඒත් දැන් උන් අපේ සිංහලයව ටික ටික නැති කරන්න උත්සාහ කරනවා... ඒකට විරුද්ධව කතා කරන්න පිට රටවල ඉදන් සුද්දො එන්නෑ... අපේ ජාතිය රැකගන්න පෙළගැහෙන්න ඔනෙ අපිමයි... ඒකයි අද මේ ජාතික සංවිධාන කරන්නෙ....
හැබැයි අවාසනාවකට ඒ දේවල් වලට වින කටින්නෙත් සිංහල තාත්තා කෙනෙකුට දාව සිංහල අම්මා කෙනෙකුගෙ බඩින් උපන් බුදු දහම අදහන සිංහල උන්මයි...
මේක ජාතියක් හැටියට අපේ අවාසනාව..... ඒ වගේ හරක් ඉන්නකං මේ වෑයම අසාර්ථයි....
මගේ රටට මගේ ජාතියට මගේ ආගමට ජය වේවා !!!
බුදු සරණයි...
මොලෙන් තේරුම් ගැනිමට හැකියවක් ඇති අයට කියවීමට පමණයි මේක දැම්මෙ !!

4 comments:

  1. පොල් සමන්,සිංහල බෞද්ධ කියන පදනමින් මිදිලා අපි මේක බෞද්ධ ශිෂ්ටාචාරයට එල්ලවන ගැටළු සහ සිංහල ජාතියට වෙන ගැටළු කියලා බලමු.මොකද ලංකාවේ සිංහල ක‍තෝලික පිරිසක් ඉන්නවා,දෙමළ බෞද්ධයෝ ඉන්නවා.කිසිම ආගමක් අදහන්නේ නැති එහෙම නැත්නම් බුදු දහමේ විවිධ නිකායන් අදහන යම් යම් සිංහල පිරිස් ඉන්නවා.
    ලංකාවේ නෙවෙයි ලෝකේ ගොඩක් රටවලත් සංක්‍රමනික ගැටළු තියෙනවා.ලංකාවේදී ඒක ලංකාවෙම ඉන්න මුස්ලිම්වරුන්ගේ බරපතල ව්‍යාප්තිවාදයක් එක්ක තමයි එන්නේ.ඇත්ත, ලංකාවේ මුස්ලිම්වරු බරපතල විදිහට ව්‍යාප්තිවාදයක් ගේනවා තමයි.ඒත් ඒකට විසඳුම් හොයන්න බජාර් එකේ චන්ඩි පාට් ඕන වෙලාවල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා.සිංහල බෞද්ධයින් වෙනුවෙන් අටවගත්තු කියන සමහර සංවිධාන පන්සල් ඉඩම් ගැටළු විසඳන්න නීතිය අතට ගන්න හදනවා.පුද්ගලික ස්ථාන වලට බලයෙන් කඩා පනිනවා.ජාතිකවාදය කියලා රටේ නීතිය අතට ගන්න හැදුවාම වෙන්නේ ඒ සංවිධාන වලයි ත්‍රස්තවාදී සංවිධානවලයි වෙනසක් නැති වෙන එක.

    ReplyDelete
  2. මෙහෙමයි මල්ලි ..
    දැන් ලෝකෙ ඔය කියන විදියට ආගම් පස්සෙ දුවපු ගල් යුගෙන් බොහොම ඈතට ගිහින්. දියුනු වෙන ලෝකෙදි ආගම කියන්නෙ තවත් එක පොඩි දෙයක් විතරයි. අද බලන්න ලංකාවෙන් ඉතාම පහත් පෙලේ කම්කරු වැඩට දකුනු කොරියාවට යන කම්කරුවෙකුට රුපියල් ලක්ෂ තුනක් රුපියල් වලින් ලැබෙනවා. එතකොට ඒ රටේ ලොක්කෙක් කොයි තරම් සල්ලියක් ලංකාවෙ මුදලින් ගන්නවා ඇද්ද?
    ඒත් එක්කම ඊට යාබද උතුරු කොරියාව පවතින ලෝකය හා මුසුවෙන්නෙ නැතිව සාම්ප්‍රදායිකව රැදිලා ඉන්නවා. එයාල අලුත් ලෝකෙට එකතු වෙන්නෙ නැහැ. පරණ විදියට ජීළුත් වෙනවා. ඒ රටේ දවසකට බඩගින්නෙ මැරෙන මිනිස්සු ගාන බොහොමයි. කන්න දෙයක් නැහැ මිනිස්සුන්ට. හැම අතින්ම තියෙන පස්න ආන්ඩුවෙන් ජාතිය ආගම කුල මල පෙන්වල අමතක කරල තිබෙනවා.

    අපිට අද තියෙන පස්නෙ ඔය හනමිටි ආගම් ජාති අච්චර මෙච්චර පරණ ඉතිහාසෙ නෙමෙයි. අපි ලෝකෙන් ඈත්වීම සහ අපේ රටේ මිනිස්සු පත්වෙලා තිබෙන අයහපත් තැන. බලන්න බී බී සී නිවුස්..අර බුදු පිංතූරෙ අතේ පච්ච ගහගෙන ආපු ගෑනු කෙනා පොලිසියෙන් අල්ල ගෙන මිරිහානෙ රදවලා තියාගෙන. එහෙම තියාගෙන ඉද්දි අපේ පොලිස් කාරයො ඒ ගෑනිගෙන් සල්ලි ඉල්ලලා බෑග් මලු පවා අවුස්සනවලු.

    ආර්ථික පස්න නැතිබැරි කම් එක්ක මොන සදාචාරයක් වත් ආරක්ෂා කරන්න බැහැ. වැරදිකාරයෙක් ගෙන් පවා කීයක් හරි කඩාගන්න මට්ටමට පොලිසිය ඇවිත් තියෙන්නෙ මොකෝ? සල්ලි නැති නිසා..

    ඔය ආගම් බදාගෙන හිටපු ලෝකෙ කිසිම රටක් දියුනු වුනේ නැහැ. ආග්ම වලට ඉහලින් තාක්ෂණය, විද්‍යාව, නීතිය පිහිටවලා නිර්මාණශීලිත්වය දියුනු කරපු රටවල් හැමදාම ඉදිරියට ගියා. ඒරටවල හිටපු මිනිස්සු මිලියන ගානක් අර ආගම් මත්තෙ නැහුන රටවල් වලට වඩා ඉස්සරහට ආවා.

    මේකෙදි මැදපෙරදිග ගන්න බැහැ මොකද ඒක විසේශ තත්වයක්. සමස්ථ අප්‍රිකාවම අද වෙනකොට තාමත් නොදියුනු මට්ටමක තියෙන්නෙ ඔය ගෝත්‍රිකවාදී මති මතාන්තර තාමත් මිනිස්සු ගාව තියෙන නිසා. අපෙත් අච්චර මෙච්චර ලොකුයි කිව්වත් ඇත්තටම අපිට සුද්දෙක් එක්ක බැලුවොත් අපිට හැරෙන්නවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. අමිල මහත්තයා, දැන් අපි සිංහල බෞද්ධ පදනම අතහැරලා දාපුගමන් දියුණුව ළඟා වේවිද? දැන් එහෙම කලොත් බොහොම ඉක්මණින් මේක පකිස්ථානයක් හරි අරාබියේ කොටසක් හරි වෙනවා. ඊට පස්සේ වෙනදේ කියන්න ඕනි නැහැනේ. අපිට ඔක්කොම තේරෙනවා, බුද්ධිය පෙන්නන්න ඕනිනම් ආගම ජාතියට ගරහන්න ඕනි කියල හිතන එක අපේ රටේ යමක් උගතුන්ට තියෙන හීනමානයේ කොටසක් කියලයි මටනම් හිතෙන්නේ. ඔයතරම් දියුනුයි කියන ඇමරිකාවේ ඩොලර් නෝට්ටුවක් අරන් බලන්න ගහල තියෙනවා IN GOD WE TRUST කියලා. රටක් ජාතියක් ගොඩනගන්න නම් රටේ ඉගෙන ගත්ත එවුන් පිටකොන්ද කෙලින් තියාගෙන අනිත් එවුනුත් එකතු කරගෙන රට හදන්නයි උත්සහ කරන්න ඕනි. ඒකට සිංහල බෞද්ධ පදනම පන ගැන්වීම හොඳ ආකල්පයක් මිසක් තමන් තමන්ගේ ජාතියට ගරහමින් සිටීම සුදුසුදැයි සිත බැලීම ඔබට බාරයි.

      Delete
    2. Anonymous හොද පිළිතුරක් ලබා දුන්නෙ... ඒ පිලිතුර තේරුම් ගැනීමට හැකියාවක් ඇති ඔනෙම කෙනෙකුට සෑහෙනව !!

      Delete

කියෙව්වට පස්සෙ හිත ආපු දේ ලියලම ගියානං හොදයි නේ...