Oct 8, 2012

මූසලයෙකුට ලියමනක් !!!!!

කේ. පොල් සමන්, කුරුණෑගල. ගරු සරුවක් නැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති, අරලිය ගහ මන්දිරය, කොළඹ. රාජපක්ශ මහාතා වෙත, ඔබගේ මූසලකම සම්බන්ධව. රාජපක්ශ මහත්තයෝ, ඔබතුමා දන්නා විදියට ඊයේ කොළම කෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් මැච් එකක් තිබ්බා. ඒක විස්සයි විස්ස ලෝක කුසාලන තරඟාවලියේ අවසන් තරඟය. එකේ සෙල්ලම් කලේ අපේ ශ්‍රී ලංකා ටීම් එකයි බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම් දෙක අතර. ඒ මැච් එක අපේ කණ්ඩායම හොදටම පටන් ගත්තා. පලවෙනි ඕවර් 5ට ලකුණු 10ක්වත් දීලා තිබ්බෙ නෑ. පලවෙනි විකට් එක ගත්තෙ එක ලකුණක්වත් දෙන්නෙ නැතුව. ඒතරම් හොදට පටං ගත්ත මැච් එක බලාගෙන ඉන්නකොට චාටර් වෙන්න පටන් ගත්තේ කොදෙව්වන්ට අපි 14,15 ඕවර් දාන්න ගත්තාම. ඒ ඕවර් ටිකෙන් පස්සෙ උන් අපේ මාලින්ගට එහෙම පන්න පන්න ගහන්න ගත්තා. අනිවාර්යෙන්ම ඔයා ග්‍රවුන්ඩ් එකට එන්න ඇත්තෙ ඒ වෙලාවෙ වෙන්න ඔනේ. එහෙම නැත්තං කිසිම මූසල කමක් ග්‍රවුන්ඩ් එක පැත්ත පළාතෙවත් තිබ්බෙ නෑ. ඔයා ආවා කියන්නෙ පට්ටම මූසලයි කියන එකනේ.

2007 ලෝක කුසලානේ ෆයිනල් මැච් එක බලන්නත් ඔයා ගියා. ඒකත් කවදාවත් වැස්සෙ නැති වැස්සක් වැහැලා අපි පැරදුනා. ඊට පස්සෙත් විස්සයි විස්ස ෆයිනල් එකක් බලන්න ඔයා ගියා (අවුරුද්ද මතක නෑ) ඒකත් පරාද උනා.

මේක ගානට සෙල්ලං කරගෙන ආවා. ඒ වෙනකොට කප් එක අපෙ කොල්ලොන්ගේ අතේ තිබුනේ. ඒත් මහත්තයෝ ඔයා ආපු ගනම් ඔයාව ටීවී එකෙ පෙන්නුවා. ඒ මදිවට පෙරේතකමට මූසල කමට අතත් වැනුවා. එහෙම කලා විතරයි අපි බලාගෙන ඉන්නකොට මැච් එක පැරදුනා..

අපි දන්නවා ඔයා අපේ රටේ ජනාධිපති කියලා. ඒත් ඔයත් දන්නවා රටේ මිනිස්සුත් දන්නවා ඔයා ජනාධිපති උනෙ මිනිස්සු දුන්න ඡන්දවලින් නෙමෙයි කියලා. එහෙම එකෙ ඔයා ඔයාගේ ඔය මූසල අත වැනුවට කවුරුත් අත වනන්නේ නෑ...

අනේ රාජක්ෂ මහත්තයෝ මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. මේ ලෝකේ හැම රටමක ඉතිහාසෙ අරගෙන බැලුවත් ඔයා වගේ මූසල රාජ්‍ය නායකයෙක් ඉදලත් නෑ, ඉස්සරහට ඉන්න එහෙකුත් නෑ. දැන් ගිය දේවල් ගියා. ඒත් මං ඔයාට කියන්නේ ආයි කවදාවත් ක්‍රිකට් මැච් එකක් තියා ගමේ කොල්ලො වෙල් වල ගහන ඇට බෝල මැච් එකක්වත් බලන්න යන්න එපා. මොකද ඔයා ඒ තරමට මූසලයි.

ඔයා ඔය එක එක රැස්වීම් වලට ගියාපුවාම ලස්සන පොඩි එකෙක් දැක්කොත් වඩාගන්නවා නේද ? ආයි එහෙම කරන්න එපා. මොකද ඔයා එහෙම වඩාගත්ත පොඩි උන්ගේ අනාගතේ අදුරුවෙනවා ඔයාගෙ තියෙන මූසල කමට.

ඔයා මොනවා හිතුවත් ඔයා නිසා තමා අපිට කප් එක නැති උනේ. ඒක මුලු රටේම මිනිස්සු දන්නවා... ඔයාට කඩේ ගිහින් ඔයාගේ පස්ස පැත්ත ලෙවකන කීප දෙනක් විතරක් එහෙම නෙමෙයි කියලා කියයි. ඒත් ඒක තමා ඇත්ත තත්වෙ...

එහෙනම් දැනට මම නවතිනවා. පුලුවන්නම් තොයිලයක්වත් නටලා ඔය මූසල කම නැති කරගන්න බලන්න. ඒත් මං හිතන්නෑ ඒ වැඩේ හරි යයි කියලා, මොකද උපතින් එන මීසලකම් එහෙම අයින් කරන්න බෑ.....

හරි එහෙමන් මම නවතිනවා !!

ඔබතුමාට හෙණම ගහනවා !!!!
මකබෑවිලාම පල !!!


මීට,
ඔබතුමාගේ මූසලකම නිසා දුකට පත් ජනතාව වෙනුවෙන්
කේ. පොල් සමන්.....!!



ආයිත් කියන්නේ ඔයා මකබෑවිලාම යනවා ! ................... තූඃ......



ප.ලි - ඇත්තටම තරහෙන් ලියන ලද්දක් බවත්, නරක වචන ඉතාම අමාරුවෙන් නොකියා සිටි බව දැනුම් දෙමි !!!!